ඔබේ වාහන සිහිනය බොඳ කරගන්න එපා...
මෙන්න හෙට පත්තරේ...
දැන් (edited) නිව්ස් එක. "ජනාධිපතිතුමත් වාහන ගණන් අඩු කරනව කිව්ව කියන්නෙ, කවද අඩු වෙයිද කීයකින් අඩු වෙයිද දන්නෙ නෑ නෙහ්"
ටික දවසක් ගියාම.. 600cc වලට අඩු වාහන මිල අඩු වෙයි. අනෙකුත් වාහන වලට
බදු සංශෝධනයක්.
ඇත්තtama wela tiyenne 600cc වලට අඩු වාහන (හෙවත් ඉන්දියන්, චයිනීස් වැනි ඉස්තරම් සුඛෝපභෝගී ඉතා ආරක්ශිත ) වලට රුපියල් 50000ක් විතර අඩුවක් කරලා, අනික් හොඳ ජපන් වාහන වලට aluth ඒකකයක් අනුව අළුත් බද්දක් දාලා. නැති නම් වක්රව බදු වැඩි කරලා.
මම දන්න උන් වගයක් ඉන්නවා. උන් වාහනයක් ගන්න ඉන්නෙ 2000 විතර ඉඳලා. හැමදාම ඉන්නේ ගණන් අඩු වෙනකම් එකක් ගන්නම් කිය කිය. හැමදාම හූල්ලන්නේ අනේ අපි අසවල් කාලේ වාහනයක් ගත්ත නම් අද වටිනාකම දෙගුණ තෙගුණ වෙලානේ කිය කිය. ඒත් තාම ඉන්නේ ගණන් අඩු වෙනකම් වාහනේ ගන්න.
ජපන් වාහනයක් ලංකාවේ ගණන් අඩු වුනා (අඩු වුන ගාණ මාස 5ක් වත් තිබ්බා) කියලා මට නම් ජීවිතේට එකම ආරන්චියක්වත් ඇහුන කියලා මතකයක් නෑ. වාහන ගණන් අඩු වෙනකම් හිටි බොහොමයක් උන් හැමදාම ඉන්නේ හූල්ල හූල්ල අනික් එකෙක් වාහනයක් ගන්නවටත් ඉරිසියාවෙන්. සදා බස් වල කෝච්චි වල තමා..
