පොඩි_වාහන_මිළටත්_වෙන්න_යනදේ_මෙන්න

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    පොඩි_වාහන_මිළටත්_වෙන්න_යනදේ_මෙන්න

    එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහන මිල වැඩිවීමක් සිදුනොවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබුණද, එම වාහන සඳහා මෙතෙක් කල් පැවැති කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,250/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද මෙවර කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,500/- දක්වා වැඩි කිරීමෙන් එම වාහනවල මිලෙහිද අනිවාර්ය ඉහළ යෑමක් සිදුවනු ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.
    1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, පනතේ 3 වැනි වගන්තිය යටතේ පනවන ලද 2015.11.20 වැනි දිනැති අංක 1941/29 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියමයන්හි දක්වා ඇති භාණ්ඩ සඳහා නව නිෂ්පාදන බදු අනුප්‍රමාණයන් 2016.05.27 වැනි දින සිට ගෙවිය යුතු බවට වූ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

    මෙම ගැසට් නිවේදනයට අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහනවල මිලෙහි සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සිදුකළ වෙළෙඳ පොළ සොයාබැලීම්වලදී මෙම කරුණු අනාවරණය විය. එමෙන්ම, මෙම සංශෝධනයෙන් එන්ජින් ධාරිතාවයේ කියුබික් සෙන්ටිමීටර් 01 ක් වෙනුවෙන් අය කරනු ලබන මිලෙහි වැඩිවීමක් හැර, පසුගිය අයවැයෙහි සිට ක්‍රියාත්මක වූ CIF මිල මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්‍රමවේදයත්, එන්ජින් ධාරිතාව මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්‍රමවේදයත් යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීම තවදුරටත් ක්‍රියාත්මක වන බවද අනාවරණය විය.
    එහිදී, උදාහණයක් ලෙස 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,250/- ක් ලෙස රු.10,00,000/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දක් මීට පෙර ගෙවීමට සිදුවිය. නමුත්, නව සංශෝධනය සමග 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,500/- ක් ලෙස රු.12,00,000/- ක නිෂ්පාදන බද්දක් ගෙවීමට සිදුවෙයි. ඒ අනුව, මේ දෙකෙහි වෙනස බැලීමේදී දැන් 800cc වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට රු.200,000/- ක පමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත. එනම්, 800cc මෝටර් රථයක මිල රු.200,000/- කින් පමණ වැඩි වනු ඇත.
    එසේම, ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා කිලෝ වොට් 01 කට අය කරනු ලබන ඒකක බද්ද වශයෙන් යම් නිශ්චිත (ලීෆ් ආදී මෝටර් රථ අයත් වන කි.වො.80 වාහනයක කි.වො. 01කට ඒකක බද්ද රු.25,000/- කි.) මුදලක් අලුතින් හඳුන්වා දී තිබුණත්, එම වාහන සඳහා ඒජන්තවරුන් ගෙන්වන CIF මිල අනුව 50% දැනටත් නිෂ්පාදන බදු ලෙස රේගුවට ගෙවිය යුතුය.

    ඒ අනුව, මෙම 50% ක නිෂ්පාදන බද්ද, කිලෝ වොට් 01 කට අය කරනු ලබන ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද සඳහා වූ රුපියල් ගණන සමග සැසඳීමේදී එම 50% නිෂ්පාදන බද්ද වැඩි නිසා ඒ වැඩි බදු මුදල අයවන ක්‍රමවේදයට අනුව රේගුව බදු අයකර ගනියි. ඒ නිසා, සැබෑ CIF මිලත් සමග ගැනීමේදී තවමත් ඉලෙක්ට්‍රික් වාහන සඳහා 50% නිෂ්පාදන බද්ද ගෙවීමට සිදුවන බැවින්, එම වාහනවල මිල අඩුවීමක් සිදුවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල කියවුණත්, ඉලෙක්ට්‍රික් වාහනවල මිලෙහිද වෙනසක් සිදුනොවනු ඇති බව වෙළෙඳ පොළ ආංචි මාර්ග පවසයි.
    උදාහරණයක් ලෙස නිෂ්පාදකයාගෙන් ලබාගන්නා CIF මිල රු.3,000/- ක් නම්, ඒ රු.3,000/- ට 50% ක් නිෂ්පාදන බදු වශයෙන් ගෙවිය යුතුය. එනම්, නිෂ්පාදන බද්ද රු.1,500/- කි. එහිදී, කිලෝවොට් 80 ක වාහනයක් නම්, කිලෝවොට් 01 කට රු.10/- ක ඒකක බද්දක් ගෙවීමට සිදුවුවහොත්, ඒ මත පදනම්ව රු.800/- ක නිෂ්පාදන බද්දක් ගෙවිය යුතුය. අවසානයේදී, සැබෑ CIF මිලත් සමග සසඳා බැලීමේදී නිෂ්පාදන බද්ද (රු.1,500/-) වැඩි නිසා, රු.800/- ක් වූ ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද වෙනුවට ඒ රු.1,500/- ක් වූ CIF මිල මත පදනම් වූ නිෂ්පාදන බද්ද ගෙවීමට සිදුවීමෙන් ඉලෙක්ට්‍රික් වාහනවල මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව වැඩිදුරටත් පැහැදිලි වෙයි.
    මෙම නව සංශෝධනය සමග ප්‍රියස් හයිබ්‍රිඩ් රථයක මිල රු.ලක්ෂ 32කින් පමණත්, එක්ස්ට්‍රේල් රථයක මිල රු.ලක්ෂ 36කින් පමණත් වැඩිවිය හැකිය. එමෙන්ම, මරුටි, ඇල්ටෝ 800cc රථයක මිල රු.200,000/- කින් පමණත්, 1,000cc ඉන්දියානු මෝටර් රථයක මිල රු.100,000/- ක් හෝ ඊට වඩා වැඩි මුදලකින්ද වැඩිවිය හැකිය. මීට අමතරව, ත්‍රීරෝද රථයක මිෙලහිද සැලකිය යුතු වැඩිවීමක් මෙම නව සංශෝධනය සමග සිදුවිය හැකි බවත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

    මෙම බදු ගණනය කෙරෙන ආකාරය අප සැකෙවින් සලකා බැලුවොත්, බ්‍රෑන්ඩ් නිව්, එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහනයක් ගෙන්වන ඒජන්තවරු ජපානයේ නිෂ්පාදකයාගෙන් ලබාගන්නා මිලක් පවතී. එහිදී, මෝටර් රථය ලබාගන්නා ඉන්වොයිසියෙහි ඇති %මිල, රක්ෂණ, ගැල්කුලී^ යන CIF මිලට තවත් 15% ක් එකතු කිරීමක් මෙරටදී සිදුවෙයි.
    මෙරට ඒජන්තවරු 15% ක ලාභයක් තබාගෙන එය විකුණන බව උපකල්පනය කරමින් මෙසේ 15% ක් CIF මිලට එකතු කිරීමක් සිදුවෙයි. ඒ අනුව, වාහනයේ CIF මිලට, තවත් 15% ක් එකතු කිරීමක් මෙරටදී සිදුවෙයි. උදාහරණයක් ලෙස ජපානයෙන් ලබාගත් CIF මිල රු.100/- ක් නම්, ඊට තවත් රු.15/- ක් එකතු වෙයි. එනම්, සමස්තයක් ලෙස රු.115/- ක් සඳහාම CIF මිල පදනම්ව නිෂ්පාදන බදු ලෙස 150% ක් රේගුව වෙත ගෙවීමට සිදුවෙයි. මේ ආකාරයෙන් CIF මිල පදනම් කරගෙන නිෂ්පාදන බදු ලබාගැනීමේ ක්‍රමවේදයද පසුගිය අයවැය දක්වාම සිදුවිය.
    එසේම, එන්ජින් ධාරිතාව අනුව නිෂ්පාදන බද්ද ලෙස කියුබික් සෙන්ටිමීටරයකට යම් නිශ්චිත මුදලක් අය කෙරෙන ඒකක බදු ක්‍රමයක්ද පසුගිය අයවැයේදී හඳුන්වාදෙනු ලැබීය. එහිදී, 1,000cc වලට වඩා අඩු වාහනයක සිලින්ඩර් ධාරිතාව කියුබික් සෙන්ටිමීටර් 01ක් සඳහා රු.1,250/- ක් අය කිරීමට නියම විය. ඒ අනුව, මේ රු.1,250/- ක මුදල, උදාහරණ ලෙස සිලින්ඩර් ධාරිතාව 1,000cc වාහනයක් සඳහා 1,000 න් වැඩිකළ විට (එන්ජින් ධාරිතාව 800cc වාහනයක් නම් 800 න් වැඩි කළ යුතුය.) ලැබෙන නිෂ්පාදන බද්දත්, කලින් සඳහන් කළ CIF මිලට තවත් 15% ක් එකතු කර එය 150% න් වැඩි කළ විට ලැබෙන නිෂ්පාදන බද්දත් සසඳා බැලීමෙන් පසුව, මේ ක්‍රමවේදයන් දෙකෙන් වැඩි බදු මුදල ලැබෙන ක්‍රමවේදයට රේගුව වාහන සඳහා නිෂ්පාදන බදු අය කිරීමක් සිදුකරයි.
    කෙසේ වෙතත්, මෙම නව සංශෝධනයෙන් සිදුව තිබෙන්නේ, ඩොලරයේ සහ ජපන් යෙන් විනියම අනුපාත වැඩිවීම හේතුවෙන් CIF මිලට 15% ක් එකතු කිරීමෙන් පසුව රේගුව ලබාගන්නා නිෂ්පාදන බද්දත්, ගියවර හඳුන්වා දුන් ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දත් සමාන වීම නිසා, ඒකක බද්දෙහි සිලින්ඩර ධාරිතා ඒකකයක් වෙනුවෙන් අය කරන අගයන් වැඩි කිරීමට කටයුතු කිරීමකි. උදාහරණයක් ලෙස කලින් 1,000cc වලට වඩා අඩු වාහනයක සිලින්ඩර් ධාරිතාව කියුබික් සෙන්ටිමීටර් 01කට අය කළ රු.1,250/- ක මුදල, රු.1,500/- දක්වා වැඩි කිරීම දැක්විය හැකිය.
    එහිදී, රීකන්ඩිෂන් වාහන ගැන කතා කිරීමේදී, එම රීකන්ඩිෂන් ගෙන්වන සෑම වාහනයක්ම පාහේ අදාළ වාහන ගෙන්වන ඒජන්තවරුන් වෙත ගොස් මිල තක්සේරුවක් (Valuation) ලබාගැනීමේ ක්‍රමවේදයක් පැවතුණි. එහිදී අදාළ වාහනයට ඒජනත්වරු විසින් මිලක් ලබාදීමක් සිදුවුවත්, ඒ ක්‍රමවේදයේ අක්‍රමිකතා පවතින බව පවසමින්, මෙම මිල තක්සේරුව ලබාදීමේ ක්‍රමවේදය පසුව රේගුව විසින්ම සිදුකිරීම ඇරඹුණි. නමුත්, ඒ ක්‍රමවේදයද සාර්ථක නොවූ අතර, එහිදීද යම් යම් අක්‍රමිකතා සිදුවන බව කියවුණි. ඒ අනුව, වාහන සම්බන්ධයෙන් වූ මිල තක්සේරු ප්‍රශ්නය මුල් කරගෙන වාහනයේ එන්ජින් ධාරිතාව අනුව ඒකක බද්ද පදනම් කරගත් නිෂ්පාදන බදු ක්‍රමවේදය හඳුන්වා දෙන්නට විය.
    එහිදී, මිල තක්සේරු ප්‍රශ්නයට විසඳුමක් ලෙස රජයට පහසුවෙන් වැඩි බදු ආදායමක් උපයාගත හැකි ඒකක බද්ද පදනම් වූ නිෂ්පාදන බද්ද හෝ CIF මිල පදනම් වූ නිෂ්පාදන බද්ද යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීමට තීරණය කෙරිණි. ඒ අනුව, අවසානයේදී සිදුව ඇත්තේ එක් පුද්ගලයෙකු යම් සොරකමක් සිදුකළ විට, අනෙක් සියලුම දෙනාම හොරුන් යැයි උපකල්පනය කරමින් සියලු දෙනාටම බලපාන ආකාරයේ දැඩි තීන්දුවක් වෙත ගමන් කිරීමක් බවත්, මෙය ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳ පොළට මෙන්ම, වාහනයක් මිලදී ගැනීමේ සිහිනයෙන් පසුවූ ජනතාවටද එල්ල වූ මරු පහරක් බවත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.


    උපුටා ගැනීමකි
    http://www.liveat8.lk/2016/05/30/26695/
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රවීගේ මොලේ තමා මොලේ...

    මු මෝඩ UNP හරකකු අන්දනවා ලෙසටම :D
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    රවීගේ මොලේ තමා මොලේ...

    මු මෝඩ UNP හරකකු අන්දනවා ලෙසටම :D

    සිරාවට මචන්
    හීන් නුලෙන් ගේම දෙන්නේ මේකා :angry::angry::angry::angry:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,927
    4,515
    113
    ඉන්දියානු මෝටර් රථ මිල පහළට
    biz.adaderana Top News May 30th, 2016 0 Comments 817 views


    පසුගිය දා සිදුකරන ලද නවතම මෝටර් රථ තීරු බදු ගාස්තු සංශෝධනයට අනුව 800cc හා 1,000cc වාහනවල ඒකක බදු පහළ යාම නිසා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන කුඩා මෝටර් රථ වර්ගවල මිල ගණන් පහළ යනු ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරනු ලබයි.

    Business Standard වාර්තාවකට අනුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නව ගැසට් නිවේදනයෙහි සඳහන් පරිදි 800cc හා 1,000cc මෝටර් රථවල පහළ ඒකක බද්දකට යටත් වීම නිසා එම කාණ්ඩයේ බහුතර මෝටර් රථ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බැවින් Maruti Wagon-R වැනි මෝටර් රථ මිලෙහි පහළ යාමක් බලාපොරොත්තු වේ. වාහන ආනයනකරුවන් සඳහන් කරන පරිදි එම කාණ්ඩයේ වාහන බදු රු. මිලියන 1.5-1.6 සීමාවේ සිට රු. මිලියන 1.35 දක්වා අඩු වී තිබේ.

    කෙසේ වෙතත් ත්‍රී රෝද රථ ඒකක බදු ඉහළ දැමීම හේතුවෙන් ඒවායේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් බලාපොරොත්තු වන බව එම වාර්තා වැඩිදුරටත් කියා
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    ඉන්දියානු මෝටර් රථ මිල පහළට
    biz.adaderana Top News May 30th, 2016 0 Comments 817 views



    මට පෙන්නේ මෙතන පොඩි ජිල්මාට් එකක් යන්නේ බන්
    අඩුවෙලා වගේ පෙන්න ඔක්කොම වැඩි කරලා තියෙන්නේ
    කවුරුත් හරියට දන්නේ නැ
    දන්නා කෙනෙක් පැහැදිලි කලොත් හොදයි වගේ
    මේ මම දාපු එකේ ගොඩක් හොදට පැහැදිලි කරලා තියන නිසයි මම දැම්මේ
     

    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    මට පෙන්නේ මෙතන පොඩි ජිල්මාට් එකක් යන්නේ බන්
    අඩුවෙලා වගේ පෙන්න ඔක්කොම වැඩි කරලා තියෙන්නේ
    කවුරුත් හරියට දන්නේ නැ
    දන්නා කෙනෙක් පැහැදිලි කලොත් හොදයි වගේ
    මේ මම දාපු එකේ ගොඩක් හොදට පැහැදිලි කරලා තියන නිසයි මම දැම්මේ

    ow bn. rawateemak yanne methana.
     

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    තවත් ගෙනහල්ලකො ඉන්දියන් හුචක්කු...ගොඩක් මේ හුචක්කු එලවන එවුන් හිතාගෙන යන්නෙ එක්කො හර්ස් එකක යනවා කියල නැත්නම් ෆරාරි එකක් එලවනවා කියල.. තව සමහර එවුන් යන්නෙ වැලකාපු බල්ලො වගේ... තවත් ගෙනහල්ලකො ඉන්දියන් හුචක්කු... අවුරුදු 5කින් කෙලින්ම වාහනේ වගේ ගානක් යනවා කැඩුනු පාර්ට්ස් හදාගන්න..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එතකොට දැන් රජයේ කරගෙන යන්නෙ බදු ආදායමින් විතරක්ද? ජනතාවට එලොව තරැ පෙන්නන ගමන් අගමැතිට ලක්ෂ 600 ක වාහන?. ගංවතුර සහන දෙන්නෙත් රජයේ සේවකයන්ගෙ දිනක වැටුපට පින් සිද්දවෙන්න.. නොදොමකිං හෙමෙහ ආණුඩු
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    තවත් ගෙනහල්ලකො ඉන්දියන් හුචක්කු...ගොඩක් මේ හුචක්කු එලවන එවුන් හිතාගෙන යන්නෙ එක්කො හර්ස් එකක යනවා කියල නැත්නම් ෆරාරි එකක් එලවනවා කියල.. තව සමහර එවුන් යන්නෙ වැලකාපු බල්ලො වගේ... තවත් ගෙනහල්ලකො ඉන්දියන් හුචක්කු... අවුරුදු 5කින් කෙලින්ම වාහනේ වගේ ගානක් යනවා කැඩුනු පාර්ට්ස් හදාගන්න..

    lassanata copy karagena comment eka:rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මෝටර් රථ මිල ඉහළ දැමීමට සිදුවූයේ අනවශ්‍ය පුද්ගලයන් භාවිත කරන නිසාවෙන් සහ රට තුළ මෝටර් රථ වැඩිවීමෙන් නිසා බවත්, ත්‍රිරෝද රථ මිල ඉහළ දමා ඇත්තේ රට තුළ ත්‍රිරෝද රථ වැඩිවීම මෙන්ම එම සංගම්වල ඉල්ලීම් අනුව බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
    ඒ මහතා එසේ පැවසුවේ. අද( 30දා) ගලේවෙල වහකෝට්ටේ කිතුණු පල්ලියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
    මෝටර් රථ භාවිත කළ යුත්තේ ඉහළ රැකියාවක් කරන හා යම් පැලැන්තියක පිරිසක් බවත්, මේ වනවිට මෝටර් රථ මිලදී ගැනීම රැල්ලකට ගොස් ඇති අතර, එකිනෙකාගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    එසේ මෝටර් රථ මිලදී ගත යුත්තේ නියමාකාර සුදුස්සා තමාට ප්‍රකාශ කිරීමට නොහැකි බවත්, වාහනවල ඉහළ ගිය මිල ගණන් ගැසට් පත්‍රය පිටවන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවද හෙතෙම පැවසීය.
    “සුඛෝපභෝගි කාර් තමයි ගන්න බැරි එක කමක් නැහැ. සල්ලි තියන මිනිස්සු ගෙවලා ගනියි. සාමාන්‍ය කාර් ඒ තරම් වැඩිවීමක් දකින්න නැහැ. වාහන මිල වැඩි වුණාට කමක් නැහැ. මොකද දැන් ලංකාවේ කාර් වැඩියි. කොළඹ කුරුණෑගල යන්න බැහැ. වාහන ප්‍රමාණය වැඩියි. අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවා. එක සමාජයේ තරගයක් බවට පත්වෙලා. කාර් එකක් ගන්න ඕනේ රැකියාවේ හැටියට. සමාජයේ අවශ්‍යතාව අනුව ගත යුතුයි. හරියටම ඒ පිළිබඳව විස්තර කරන්න අමාරුයි.
    මගේ අවශ්‍යතාව නෙවෙයි තව කෙනෙකුට තියෙන්නේ. මට පෙනෙන හැටියට විශාල වාහන තොගයක් මේ රටට ගෙන්වලා තියෙනවා. පාරක යන්න බැහැ ඒ තරමට ත්‍රිරෝද රථ වැඩියි. සමහර වෙලාවට ඒ සංගම්වලින්ම ඉල්ලීම් කරනවා ත්‍රිරෝද රථ ගෙන්වුවා ඇති හයර් නැහැ කියනවා. ඉතිං ගෙන්වන ඒක අපිට නතර කරන්න බැහැ. උපක්‍රමශීලීව අපි ගාණ වැඩි කළා. එතකොට ඒවා ගන්න සංඛ්‍යාව සීමා වෙයි කියලා හිතනවා.’’ යැයි පවසා සිටියේය.

    - See more at: link
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,263
    8,364
    113
    රූකඩ රාජ්ජේ
    මෝටර් රථ මිල ඉහළ දැමීමට සිදුවූයේ අනවශ්‍ය පුද්ගලයන් භාවිත කරන නිසාවෙන් සහ රට තුළ මෝටර් රථ වැඩිවීමෙන් නිසා බවත්, ත්‍රිරෝද රථ මිල ඉහළ දමා ඇත්තේ රට තුළ ත්‍රිරෝද රථ වැඩිවීම මෙන්ම එම සංගම්වල ඉල්ලීම් අනුව බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
    ඒ මහතා එසේ පැවසුවේ. අද( 30දා) ගලේවෙල වහකෝට්ටේ කිතුණු පල්ලියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
    මෝටර් රථ භාවිත කළ යුත්තේ ඉහළ රැකියාවක් කරන හා යම් පැලැන්තියක පිරිසක් බවත්, මේ වනවිට මෝටර් රථ මිලදී ගැනීම රැල්ලකට ගොස් ඇති අතර, එකිනෙකාගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    එසේ මෝටර් රථ මිලදී ගත යුත්තේ නියමාකාර සුදුස්සා තමාට ප්‍රකාශ කිරීමට නොහැකි බවත්, වාහනවල ඉහළ ගිය මිල ගණන් ගැසට් පත්‍රය පිටවන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවද හෙතෙම පැවසීය.
    “සුඛෝපභෝගි කාර් තමයි ගන්න බැරි එක කමක් නැහැ. සල්ලි තියන මිනිස්සු ගෙවලා ගනියි. සාමාන්‍ය කාර් ඒ තරම් වැඩිවීමක් දකින්න නැහැ. වාහන මිල වැඩි වුණාට කමක් නැහැ. මොකද දැන් ලංකාවේ කාර් වැඩියි. කොළඹ කුරුණෑගල යන්න බැහැ. වාහන ප්‍රමාණය වැඩියි. අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවා. එක සමාජයේ තරගයක් බවට පත්වෙලා. කාර් එකක් ගන්න ඕනේ රැකියාවේ හැටියට. සමාජයේ අවශ්‍යතාව අනුව ගත යුතුයි. හරියටම ඒ පිළිබඳව විස්තර කරන්න අමාරුයි.
    මගේ අවශ්‍යතාව නෙවෙයි තව කෙනෙකුට තියෙන්නේ. මට පෙනෙන හැටියට විශාල වාහන තොගයක් මේ රටට ගෙන්වලා තියෙනවා. පාරක යන්න බැහැ ඒ තරමට ත්‍රිරෝද රථ වැඩියි. සමහර වෙලාවට ඒ සංගම්වලින්ම ඉල්ලීම් කරනවා ත්‍රිරෝද රථ ගෙන්වුවා ඇති හයර් නැහැ කියනවා. ඉතිං ගෙන්වන ඒක අපිට නතර කරන්න බැහැ. උපක්‍රමශීලීව අපි ගාණ වැඩි කළා. එතකොට ඒවා ගන්න සංඛ්‍යාව සීමා වෙයි කියලා හිතනවා.’’ යැයි පවසා සිටියේය.

    - See more at:

    පිස්සු හුට්ටෙක් ....

    :angry::angry::angry::angry: