මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් මෙම පරම සත්‍යය හෙලිකලේ ධර්මාවබෝධය පිණිස ඇති අවශ්‍යතාවය නිසා මිස වෙනත් කිසිම ආකාරයේ පටු අරමුණක් උදෙසා නොවේ. උන්වහන්සේට එවැනි ලෞකික අරමුණු කිසිත් නොමැති නිසා එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවයක්ද නොමැත. ධර්මාවබෝධය පිණිස බුදුන්ට සම්බන්ධ ප්‍රධාන ස්තාන හතරෙන් එකක් හෝ දැක සිත පහදවා ගැනීම අත්‍යාවශ්‍ය කාරනයක් බව අද බොහෝ දෙනා නොදන්නා දෙයක් වුවද බුදුරජානන් වහන්සේ ඒ බව පැහැදිලිව දේශනා කර තිබේ.
අනෙක් කරුණ නම් බුදුන් වහන්සේ හෙළබිමේ උපත ලැබූ බව පලමුවෙන්ම ප්‍රකාශ කලේද ධම්මාලංකාර හිමියන් නොවේ. ඊට පෙර මූකලන්ගමුවේ පඥ්ඥානන්ද හිමි, ජයරත්න පතිරාරච්චි මහතා, ගණේගම ධම්මවිශුද්ධි හිමි, පී එස් ටී චූලවන්ශ මහතා වැනි ගිහි පැවිදි විද්වතුන්ද රාවණා සොහොයුරෝ වැනි ගවෙශකයින්ද විසින් ඉතා ගැඹුරු ලෙස අධ්‍යයයනය කර බුදුන් හෙළබිමේ උපන් බව නිසැක වශයෙන් ප්‍රකාශ කර තිබේ.නමුත් බුදුන්ට සම්බන්ධ ස්තාන හතර නිවැරදිව තම නුවණෛන් දැක ලෝකයාට හෙලිකලේ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසිනි.
ධර්මය මතුවීමට විරිද්ධව නොයෙකුත් වැරදි ප්‍රචාරයන් ගෙනයන කණ්ඩාය වලට නොරැවටී උන්වහන්සේගේ ධර්මදේශනා සිහි නුවනඉන් ශ්‍රවනය කර තම ණැන නුවනින්ම විමසා බලා ඒ ගැන තීරනය කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමි