ශ්‍රී ලංකාව සුපිරි අධිවේගී 100G-Plus සමුද්‍රීය ර#

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ශ්‍රී ලංකාව සුපිරි අධිවේගී 100G-Plus සමුද්‍රීය ර#

    Dialog ආයෝජනයෙන් ශ්‍රී ලංකාව සුපිරි අධිවේගී 100G-Plus සමුද්‍රීය රැහැනට සම්බන්ධ වේ

    BBG සමගින් ශ්‍රී ලංකාව හා එක්‌ වන
    සුවිශාලතම ගෝලීය බෑන්ඩ්විත් පරාසය


    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු වන ඩයලොග් සමාගම 100G-PLUS Bay of Bengal Gateway ෆයිබර් ඔප්ටික්‌ සමුද්‍රීය රැහැන (BBG) සමුද්‍රීය රැහැන හා ශ්‍රී ලංකාව සම්බන්ධ කෙරුණු බව ප්‍රකාශයට පත් කරන ලදී.

    ඩයලොග් සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන ගල්කිස්‌සේ ස්‌ථාපනය කර ඇති BBG සමුද්‍රීය රැහැන් සම්බන්ධීකරණ පර්යන්තය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ විදුලි සංදේශන හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30වැනිදා) උත්කර්ෂවත්ව විවෘත කෙරිණි.

    BBG සමුද්‍රීය රැහැන සමගින් දැන් ශ්‍රී ලාංකිකයන්ට ලොව විශිෂ්ටතම තාක්‌ෂණයෙන් යුත් රැහැන් පද්ධතියක්‌ සමග සම්බන්ධවීමට හැකියාව ලැබෙන අතර මෙය ශ්‍රී ලංකාව හා එක්‌ වන සුවිශාලතම ගෝලීය බෑන්ඩ්විත් පරාසය වේ.

    BBG සමුද්‍රීය රැහැන් ව්‍යාපෘතිය සඳහා ඩයලොග් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 34.5 (රුපියල් බිලියන 5) ක මුදලක්‌ ආයෝජනය කර තිබේ. ඩයලොග් සමාගම සිය පාරිභෝගිකයන් වෙත වේගවත්ම සහ උසස්‌ම සම්බන්ධකතා තාක්‌ෂණය පිරිනැමීමේ අරමුණ මෙම ආයෝජනය මගින් වඩාත් හොඳින් තහවුරු වේ.

    ඩයලොග් සමාගමේ දැක්‌ම වන්නේ සියලු ශ්‍රී ලාංකිකයන් වෙත ලොව නවීනතම සහ උසස්‌තම තාක්‌ෂණය ලාභදායී මිලට පහසුවෙන් ලබාගැනීමට අවකාශ සලසා දීමයි. එමගින් රටේ ආර්ථික හා සාමාජයීය සංවර්ධනය සඳහා උපරිම දායකත්වයක්‌ ලැබේ.

    මෙම BBG සමුද්‍රීය රැහැන් පද්ධතිය මගින් ශ්‍රී ලංකාවට තත්පරයට ටෙරා බයිට්‌ 6.4 ක ජාත්‍යන්තර බෑන්ඩ්විත් පරාසයක්‌ හිමි වන අතර එමගින් දැනට පවතින අන්තර්ජාල සම්බන්ධතාවන්හි වේගය සැලකිය යුතු පරිදි වර්ධනය වේ. මේ සමගින් පාරිභෝගිකයන්ටත් ව්‍යාපාරික ප්‍රජාවටත් අසමසම වූ අධිවේගී අන්තර්ජාල සහ සම්බන්ධතා පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබේ.

    ජාත්‍යන්තර බෑන්ඩ්විත් පරාසයක්‌ තුළින් ශ්‍රී ලංකාවට සම්බන්ධතාවය ලබාදීමට අමතරව මෙම BBG සමුද්‍රීය රැහැන හරහා ඩයලොග් සමාගම විසින් පිරිනමනු ලබන අතිනවීන 3G HSPA + 4G සහ µයිබර් ඔප්ටික්‌ ජාලයන්හි වේගය සහ ධාරිතාව තවදුරටත් ඉහළ නංවනු ලබයි. ජාත්‍යන්තර ප්‍රවේශ සේවා පිරිනැමීම සම්බන්ධයෙන් ක්‌ෂේත්‍රයේ පුරෝගාමියෙකු වශයෙන් කටයුතු කරන ඩයලොග් BBG සමුද්‍රීය රැහැන් සම්බන්ධීකරණ පර්යන්තය හරහා ශ්‍රී ලංකාවේ සෙසු විදුලි සංදේශන සේවා සැපයුම්කරුවන්ටද අධිවේගී අන්තර්ජාල බෑන්ඩ්විත් පරාසයක ප්‍රතිලාභ අත්කර ගැනීමට අවස්‌ථාව උදා කරදී තිබේ.

    ශ්‍රී ලංකාව ප්‍රථම වරට තත්පරයට ගිගාබයිට්‌ 100කට වැඩි ධාරිතාවකින් යුත් සමුද්‍රීය රැහැන් පද්ධතියක්‌ සමග සම්බන්ධ කිරීමට හැකියාව ලැබීම පිළිබඳව ඩයලොග් සමාගම ඉතාමත් ආඩම්බරයට පත් වෙනවා. එය ශ්‍රී ලංකාව සමග එක්‌ වන විශාලතම බෑන්ඩ්විත් පරාසයයි. BBG සමුද්‍රීය රැහැන් පද්ධතිය මගින් ආසියා පැසිµsක්‌ කලාපය, යුරෝපය සහ ඉන් ඔබ්බට තවත් රටවල් ගණනාවකට සම්බන්ධකතා පහසුකම් මෙන්ම, සහතික වශයෙන්ම වාසි රැසක්‌ සලසනු ලබනවා. ශ්‍රී ලංකාවේ තාක්‌ෂණික වශයෙන් විශාල ඉදිරි ගමනක්‌ ඇති මෙවැනි කාලයක, සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මෙවැනි සන්නිවේදන තාක්‌ෂණයක්‌ සහ සම්බන්ධකතාවයක්‌ පිරිනැමීමට හැකියාව ලැබීම පිළිබඳව අපි සැබැවින්ම සතුටට පත් වෙනවා යනුවෙන් ඩයලොග් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි අස්‌වාන් ඛාන් මහතා පැවසීය.

    Dialog Axiata සමාගමට අමතරව ලොව ප්‍රමුඛ පෙලේ විදුලි සංදේශන මෙහෙයුම්කරුවන් වන Vodafone, Reliance Jio Infocomm, Telekom Malaysia, Etisalat Group හා Omantel විසින් මෙම Bay Of Bengal Gateway රැහැනේ හිමිකාරිත්වය දරනු ලබති.

    ශ්‍රී ලාංකික ජනතාවට ව්‍යාපාරිකයන්ට මෙන්ම ව්‍යවසායකයන්ට විශිෂ්ටතම සම්බන්ධකතාවක්‌ පිරිනැමීම සඳහා වන ඩයලොග් සමාගමේ පොරොන්දුව Bay of bengal Gataeway ව්‍යාපෘතිය මගින් යළිත් වරක්‌ තහවුරු වේ. සමාගම මෑතකදී ව්‍යාපාරික ක්‌ලවුඩ් සේවා එකතුවක්‌ වන Cumulus හඳුන්වාදුන් අතර, Bay of Bengal Gateway මගින් එය තවදුරටත් ශක්‌තිමත් වේ.​

    source : Divaina

    ඔන්න කට්ටියට බලන්න විතරයි දැම්මේ... හොද නරකක් මා නොදනී.
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොන රෙද්දට කනෙක්ට් උනත් සොච්චං ඩේට ප්‍රමාණයක්නෙ අපි ගෙවන මුදලට ලැඛෙන්නෙ. ;)