මොස්කව් විජයග්‍රාහී පෙළපාලිය - 2016

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මොස්කව් විජයග්‍රාහී පෙළපාලිය - 2016

    50NamKx.jpg

    වාර්ෂිකව පැවැත්වෙන රුසියාවේ විජයග්‍රාහී පෙළපාලියේ අරමුණ දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය පැරදවීම සැමරීමයි.නමුත් මෙහිදී රුසියාව සතු යුද ශක්තිය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කෙරේ.එසේම ඔවුන්ගේ නවතම අවි නිරාවරණය කිරීමට මෙය අවස්ථාවක් කරගනියි.හොඳම උදාහරණය 2015 වසරේ පැවති පෙළපාලියේදී රුසියාවේ නවතම යුද ටැංකිය වන T-14 Armata ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමයි.මෙවර විජයග්‍රාහී පෙළපාලිය 2016 වසරේ මැයි 9 වනදා පැවැත්වූයේ නාසි පාලනය පරදා වසර 71ක් ගෙවීම නිමිත්තෙන්ය.වෙනදා මෙන් මෙම පෙළපාලියේ මුලසුන ගත්තේ රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන්ය.සුපුරුදු පරිදි යුද ටැංකි,ගුවන් යානා,බැලස්ටික් මිසයිල ආදී අවි මෙවර විජයග්‍රාහී පෙළපාලියට ඇතුලත්ව තිබිණි.මොස්කව් නගරයේ රතු චතුරස්‍රයේ පැවැත්වූ මෙම උත්සවයේදී පසුගිය වසර කිහිපය තිස්සේ රුසියාව සිය හමුදාවේ සිදුකල නවීකරණ ක්‍රියාවලිය කැපී පෙනිනි.


    රුසියානු MiG-29 SMT ප්‍රහාරක යානා රතු චතුරස්‍රයට ඉහළින් පියාසර කරන අයුරු

    q2aduIB.jpg





    රුසියානු හමුදා සෙබලුන් පෙලපාලියේ ගමන් කරන අයුරු

    j6Sdknt.jpg




    රුසියානු Mi-28N හමුදා හෙලිකොප්ටර් රතු චතුරස්‍රයට ඉහළ අහසේ ගමන් කරන අයුරු​

    IKjaZxo.jpg





    රුසියානු සෙබලුන් T-14 Armata යුද ටැංකිවල නැගී යන අයුරු

    HcGbv9Q.jpg





    විජයග්‍රාහී පෙළපාලියට එක්වූ රුසියානු T-90A යුද ටැංකි පෙළ

    d4pfA9j.jpg





    S-400 Triumph මධ්‍යම දුර සහ දිගු දුර මිසයිල පද්ධති පෙළපාලියේ ගමන් කරන අයුරු

    2xGg1QD.jpg





    රුසියානු Buk-M2 මිසයිල පද්ධති විජයග්‍රාහී පෙළපාලියේ රැගෙන යන අයුරු

    8N0cbe7.jpg





    රුසියානු Buk-M2 මිසයිල පද්ධති විජයග්‍රාහී පෙළපාලියේ රැගෙන යන අයුරු

    SQ9Cjiq.jpg





    රුසියාවේ An-124-100 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් විජයග්‍රාහී පෙළපාලිය නියෝජනය කල අයුරු

    sS37PGx.jpg





    MiG-29 සහ Su-27 ජෙට් ප්‍රහාරක යානා රතු චතුරස්‍රයට ඉහළ අහසේ ගමන් කල අයුරු

    ENk5BfG.jpg





    දෙවන ලෝක යුද්ධයේදී දිවි පිදූ සෙබල සෙබලියන්ගේ ඡායාරූප රැගත් ඔවුන්ගේ ඥාතී හිතවතුන්

    pADinMe.jpg





    හමුදා සෙබලෙක් වූ සිය පියාගේ ඡායාරූපයක් රැගෙන පෙළපාලියට සහභාගී වූ රුසියානු ජනපති

    iVlPSL8.jpg





    පෙළපාලිය නියෝජනය කල රුසියානු සෙබලුන්

    f7ySPbe.jpg





    පෙළපාලිය නියෝජනය කල රුසියානු සෙබලුන්

    hHtTunw.jpg





    පෙළපාලිය නියෝජනය කල රුසියානු සෙබලුන්

    6x6arWN.jpg





    පෙලපාලියට එක්වූ රුසියානු සෙබලියෝ

    Trlj1aS.jpg







    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,062
    113
    පට්ටයි....:cool:
    You must spread some Reputation around before giving
    it to HarshaLulzSec again.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සෙබලියෝ කොට ගවුම් ඇඳන් ඉන්න එක අපේ රටෙත් ක්‍රියාත්මක කරන්නට ඕනේ වහාම - ජෝන් අමරතුංග :baffled:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජර්මන් ජාතිකයන් සමඟ සංහිඳියාවට මේක බාධාවක් නෙමෙයිද බන්?

    මමනම් හිතන්නෙ වහාම මේ වාගේ ම්ලේච්ච යුධවාදී සංදර්ශණ තහනම් කරන්න ඕනි.