ඔව් ඒකනෙ බන් මාත් බැලුවෙ අවුරුදු 7ක් එක්ස්පීරියන්ස්!!

apply කරලා කිසිම තේරුමක් නෑ. මෑන් පවර් එකේ ස්ට්රයික් ටික නිසා ඒ අයව ඇතුලට ගන්න වෙන සීන් එකක් තියෙනවා.. ඔක්කොම නෙවේ.. කීප දෙනෙක් හරි. ඒකට SLT එකෙං දාපු මිනුම් දන්ඩ තමා NVQ 4 lvl එක. මෑන්පවර් අවුරුදු දහය දොලහ පරණ උනත් ගොඩක් අයට ඒක නෑ. ඉතිං ටෙලිකොම් එකට ෆිල්ටර් කරලා ටික දෙනෙක්ව ඇතුලට ගන්න කරපු වැඩක් තමා මේක. කොහොම උනත් මං දැක්කා මෑන් පවර් අයට මැසේජ් ඇවිත් තිබ්බා යූනියන් වලිං.. මේකට ඇප්ලයි කරන්න එපා, සටන දිගටම කරන් යන්න කියලා. මෑන් පවර් අයගේ යුනිටි එක කඩන්න ගහපු හොදම මොලකාර ප්ලෑන් එකක් කියලා තමා මේකට කියන්නේ.
අවුරුදු ගානක් HCS එකේ වැඩ කරලා බේසික් එක 30-35 වෙච්ච මිනිස්සු කොච්චර උනත් ආයේ හිතලා බලනවා නේ තමංගේ බේසික් එක 17කට අඩු වෙන රස්සාවකට යන්න ගියාම. ටෙලිකොම් එකේම උනත්.. (ඉතුරු 17 කියන්නේ දීමනා)
කොහොම උනත්... අළුතෙන් ටෙලිකොම් එකට යන්න ට්රයි කරන අයට..මේකෙන් ගොඩ යන්න පුලුවං... තමන්ට NVQ 4 හෝ ඊට වැඩි එකක් තියෙනවා නං සහ.. ආන්ඩුවේ ප්රභල තැන් දෙක්ක තුනක් ලගින් ම අදුරනවා නං..

රියදුරු සහ කා.කා.ස නම් මං හිතන්නේ බොරුවට දාපු ඇඩ්. ඒවාට ඇතුලෙන්ම අය ගනි.. ටෙක්නීෂියන් යන්න පුලුවං නං පලයල්ලා
