සංගක්කාරගේ නිවසත් ලොව හොඳම නිවාස දහය අතර&#3495

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    සංගක්කාරගේ නිවසත් ලොව හොඳම නිවාස දහය අතර&#3495

    40d680e13f2ae54fb8aa300e73a4fed4.jpeg


    ලොව සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් හොඳම නිවාස 10 හිමි ක්‍රිකට් තරු අතර කුමාර සංගක්කාර ද සිටිනවා. Cricketer සඟරාවට අනුව හොඳම නිවාස 10 හිමි ක්‍රිකට් තරු සහ ඔවුන්ගේ නිවාස පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙනවා.

    ක්‍රිස් ගේල්

    මොහුගේ නිවස පිහිටා ඇත්තේ ජැමෙයිකාවේ කඳු ගැටයක් මතයි. ඇමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා මහල් 3කින් සමන්විත වන මෙම නිවස තුළ නාන තටාකයක්, කිංග්ස්ටන් නගරය දිස්වන සේ සැකසූ තට්ටුවක්, රංග ශාලාවක්, නර්තනයන් සඳහා වෙන්වූ කොටසක් සහ බිලියඩ් ක්‍රීඩා කිරීම සඳහා සැකසූ කාමරයක්ද තිබෙනවා.

    kr.jpg


    ශේන් වෝන්

    බ්‍රයිටන් හි මෙම සුපිරි මන්දිරය පිහිටා තිබෙනවා. නිදන කාමර 4ක් සහිත මෙම නිවස සතුව ටෙනිස් ක්‍රීඩා කිරීම සඳහා ඉඩකඩ මෙන්ම නාන තටාකයක්ද, වාහන 10ක් නවතා තැබිය හැකි භූගත ගරාජයක් ද ඇති බවයි පැවසෙන්නේ.ඔහුගේ නාන තටාකයේ අංක 23 දිස්වන සේ සකසා ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඔහුගේ අංකය 23 වන නිසායි.

    wa.jpg


    සචින් ටෙන්ඩුල්කාර්

    මුම්බායි හි පිහිටා ඇති සචින් ටෙන්ඩුල්කාර් ගේ සුපිරි නිවස මහල් පහකින් සමන්විතයි. එයින් පහළම මහල ටෙන්ඩුල්කාර් ගේ වාහන සඳහා වෙන්වී ඇති අතර අනෙක් මහල ඔහුගේ කුසලාන හා දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතයට ගැනෙනවා.

    sa.jpg


    බ්‍රෙට් ලී

    බ්‍රෙට් ලී ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා නිවස අතහැර සිඩ්නි වරාය අසල මිලියන 4ක් වටිනා නිවසක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම සුපිරි නිවෙස සතුව නාන තටාකයක්, සම්භාහන මධ්‍යස්ථානයක් හා කායවර්ධන මධ්‍යස්ථානයක්ද පවතිනවා.

    br.jpg


    ඩේවිඩ් වෝනර්

    තම දියණිය හා බිරිය සමඟ ඇ.ඩො. මිලියන 6.25ක් වටිනා නිවෙසක ජීවත් වන ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ නිවස පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ගෝර්ඩ්න් බොක්ක අසලයි.තට්ටු හතරකින් සමන්විත මෙම නිවසේ නිදන කාමර 5ක් හා නාන කාමර 5ක් තිබෙනවා.

    de.jpg


    කුමාර් සංගක්කාර

    සංගාගේ නිවස හොඳම නිවාස කිහිපය අතරට එක්වී තිබීම ශ්‍රී ලාංකික අපට ඉමහත් ආඩම්බරයක්. Engeltine Cottage යනු සංගක්කාරගේ බංගලාවේ මුල් අයිතිකරුවන් එයට යොදා ඇති නාමයයි.

    මීට වසර 81ට පෙර සංගක්කාරලා විසින් මෙම නිවෙස මිලදී ගෙන තිබෙනවා. ඉපැරැණි වලව්වක් වන මෙම නිවස අදටත් එදා මෙන්ම සුදු හුණු වලින් පිරියම් වී තිබෙනවා.

    හොඳින් නඩත්තු වන මල් හා පලතුරු වලින් සපිරි වත්ත හා වාහන ගමන් කිරීමට සකසා ඇති මාර්ගය මෙම නිවසට අලංකාරය ගෙන දෙනවා.

    කලා නිර්මාණ හා පැරැණි ලී බඩු වලින් සපිරි මෙම නිවස තුළින් සංගක්කාරගේ වැදගත් මහත්මා පෞරුෂය මැනවින් විදහාපාන බවයි පැවසෙන්නේ.

    සංගක්කාර ඉපදුණු දිනයේ පටන් අදටත් තම පවුලේ සාමාජිකයන් සමඟ ජීවත් වන මෙම නිවෙස පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කය තුළයි.

    ddd.jpg


    මයිකල් ක්ලාක්

    ඕස්ට්‍රේලියාවේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති හිටපු ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් ගේ නිවස ඇ.ඩො. මිලියන 8.5ක් තරම් මිලෙන් අධිකයි. නිදන කාමර 5කින් සමන්විත මෙම නිවසෙහි පිටුපස කොටස ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තරම් ඉඩ පහසුකම් වලින් යුක්ත වනවා.

    cl.jpg


    ශේන් වොට්සන්

    ශේන් වොට්සන් බ්‍රොන්ටේ හි පිහිටා ඇති අති සුඛෝපභෝගි නූතන නිවෙසකට හිමිකම් කියනවා. නාන තටාකයක් සහිත මෙම නිවෙස මනා නිමාවකින් යුක්තයි.

    wat.jpg


    සෞරව් ගංගුලි

    කල්කටාවේ කුමාරයා ලෙස සැලකෙන ගංගුලිගේ නිවෙසේ ඇති කාමර ගණන 48ක් වන අතර ගෙදර මැද ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි තණතීරුවක්ද තිබෙනවා.

    නිවෙස වටේටම ඇති විවිධ මල් වර්ග හා වැල් වර්ග මෙම නිවෙසට ලස්සනක් එක් කරනවා. නිවසේ ඇති තේජාන්විත බව වැඩි කරන තවත් ප්‍රබල සාධකයක් වන්නේ එම නිවසේ ඇති පැරැණි ලී බඩු ය.

    පෞරාණික වටිනාකමින් යුත් ගෘහභාණ්ඩ රාශියක් මෙම සුවිසල් නිවෙස තුළ දක්නට ලැබෙන බව පැවසෙනවා. ගංගුලිගේ පවුල කල්කටාවේ පොහොසත්ම පවුල් වලින් එකක් වීම මෙසේ විශාල නිවසකට හිමිකම් කීමට එක් හේතුවක්.

    ga.jpg


    රිකී පොන්ටින්

    ඇ.ඩො. මිලියන 10 වටිනා අති සුඛෝපභෝගි නිවෙසක් ඕස්ට්‍රේලියානු හිටපු නායක පොන්ටින් සතුව ඇති අතර එම නිවෙසේ නිදන කාමර 7ක් ඇති බවයි පැවසෙන්නේ.

    එහි බිලියඩ් ක්‍රීඩා කිරීම සඳහා වෙනම කාමරයක් ඇති අතර පුස්තකාලයක්, නාට්‍ය ශාලාවක්, නාන තටාකයක් හා මුහුදු වෙරළට ගමන් කළ හැකි පෞද්ගලික පාරකින්ද මෙම සුපිරි නිවෙස සමන්විත වනවා.

    po.jpg



    Source -
    Code:
    [URL="http://www.elakiri.lk/forum/7"]dlvr.it/LXp18V
    [/URL]