Ammatakudu Vipaksha Nayakayage Gedara

IXXX

Member
Dec 2, 2015
825
63
0
13407142_753748714768237_256790142390655109_n.jpg

13415612_753748731434902_5712810217425650993_o.jpg

13428488_753748741434901_8232887912982443664_n.jpg

13428527_753748754768233_1302208587789955086_n.jpg

ලංකාවේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගැන කොතෙකුත් කතා අපි අසා ඇත්තෙමු, දැක ද ඇත්තෙමු. මේ, නිරන්තරයෙන් එලෙස අසන්නාවූ ද දකින්නාවූ ද කතාන්තර වලට වඩා වෙනස් වූ කතාවකි.

අද (2016.06.14) සවස් වරුවේ තරිඳුත් Tharindu Uduwaragedara මමත් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා කොළඹ වාසය කරන නිවස සොයා යන්නේ සම්මුඛ සාකච්ඡාවකට වෙන් කරගත් වේලාවට ඔහු හමුවීමේ අපේක්ෂාවෙනි. විපක්ෂ නායකවරයා සිටින තට්ටු නිවාස සංකීර්ණය පිහිටි මාවතේම ඔහු සිටින නිවාස සංකීර්ණය අනුමාන කළ නොහැකිව ත්‍රී රෝද රථයෙන් අපි වට කීපයක් ගියෙමු. පසුව මඟදී හමු වුණ ආරක්ෂක නිලධාරීන් පිරිසකගෙන් විමසුවෙමු. "ඔය කියන අංක තියන ගෙවල් නම් තියෙන්නේ අර කෙලවරේ, කාගෙ ගෙදර ද හොයන්නේ?" ඔවුන් විමසයි. "ආර්. සම්පන්දන් ගෙ" අපි පිළිතුරු දීමු. " ආ.. ඒ හරියෙ බලන්න.පහළ තට්ටුවෙ ගෙයක් වෙන්න ඕන" ඒ පිළිතුරෙන් අපි ඔවුන් කී ස්ථානයේ පිහිටි නිවාස සංකීර්ණයක් වෙත ගියෙමු. එහි ඉහළ මාලයේ සිට පහළට පැමිණෙන ආරක්ෂක නිලධාරියෙකු අපේ නෙතට හසුවන්නේ විපක්ෂ නායකයාගේ නිවස කුමක් දැයි සිතා ගත නොහැකිව වට පිට බලද්දීම ය. සම්පන්දන් මහතා සිටින නිවස තිබෙන්නේ එහි ඉහළ මහලේ බව අප දැනගන්නේ ඔහුගෙනි.

අපි පඩි පෙල් කීපයක් පසු කරමින් තෙවන මහළ දක්වාම ගොස් ඔහුගේ කුඩා, ඉතාම සරළ වූ නිවසට ඇතුළු වුණෙමු. ඒ වන විටත් දුටු දසුන් හේතුවෙන් සිතට නැගුණු පැනයන් රැසක් අභිබවා නැගුණු පළමු පැනය නිවසේ සිටි ආරක්ෂක නිලධාරියෙකුගෙන් විමසුවෙමු. "ගෙදරට එන්න ලිෆ්ට් එකක් තියද? වයෝවෘද්ධ අයෙකුට එවන් මහල් නිවාස සංකීර්ණයක ඉහළම මහළට පඩිපෙළ හරහා ඉහළ පහළ යාම පහසු කටයුත්තක් නොවන බව අප දනිමු. ඊටත් වඩා ලංකාව වැනි සොඳුරු දේශයක දේශපාලන නායකයෙකු එවන් දුෂ්කරත්වයන්ට මැදි වේ යයි අප පහසුවෙන් නොඅදහන්නෙමු. "ලිෆ්ට් එකක් තියනවා. අන්න අර ඈතින් පේන බිල්ඩිං එකේ" ඒ ඔහුගේ සිනා මුසු කවට පිළිතුරයි. ඉතා කුඩා එම නිවසේ ඇතුළු වූ ස්ථානයේම තිබෙන කුඩා ආලින්දයේ අපි විපක්ෂ නායකවරයා අපේක්ෂාවෙන් සිටියෙමු. ඔහුත් පවුලේ සාමාජිකයන් ද සේවකයින් දෙදෙනා ද ඇතුළුව හය දෙනෙකු සඳහාම නිවසේ තිබෙනුයේ කාමර දෙකක් පමණක් බව ආරක්ෂක නිලධාරීන්ගෙන් අපි දැන ගතිමු. ඒ කාමර ද තිබෙනුයේ කුඩා නිවස මැද තවත් පඩිපෙළකින් යා යුතු ලෙසට ය.

අපේ රටේ පාර්ලිමේන්තු මැති ඇමතිවරු ජීවත්වන නිවාස ගැන අප අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් තවමත් නිල නිවාස හිමි වූ බවක් හෝ ඒ පිළිබඳ විමසන බවක් පෙනෙන්නට නොමැති විපක්ෂනායකවරයා පිළිබඳවත්, ඔහු කොළඹ නගරයේ ජීවත් වන නිවසත් ඔහුගේ අල්පේච්ඡ වූ ජීවන රටාවත් ගැන අපි යමක් කිව යුතුම ය. එමෙන්ම දේශපාලන ලොව තුළ යම් යම් පුද්ගලයින් පිළිබඳ මවා තිබෙන්නා වූ ප්‍රතිරූපයන්ගෙන් එපිටින් තිබෙන බොහෝ දේ නොදුටු සේ කටයුතු කිරීමට තරම් සමාජය කුහක බවට පත්ව ඇත. සම්පන්දන් මහතා හමුවීමට එම නිවසට පා තැබූ පළමු මාධ්‍යවේදීන් අප නොවන බව ද අපි අදහන්නෙමු.

ඉන්දුනිල් ගෙන් උපුටාගත්තා
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මටසිරි. මෙතුමා සෑහෙන රටේ ජනතාව වෙනුවෙන් කැපවෙන පාටයි. ඊ ළඟ ජනපති කරමුද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අම්මටසිරි. මෙතුමා සෑහෙන රටේ ජනතාව වෙනුවෙන් කැපවෙන පාටයි. ඊ ළඟ ජනපති කරමුද?

    :yes::yes:

    සරල පාටයිනෙ හිටන්...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අපේ රටේ පාර්ලිමේන්තු මැති ඇමතිවරු ජීවත්වන නිවාස ගැන අප අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් තවමත් නිල නිවාස හිමි වූ බවක් හෝ ඒ පිළිබඳ විමසන බවක් පෙනෙන්නට නොමැති විපක්ෂනායකවරයා පිළිබඳවත්, ඔහු කොළඹ නගරයේ ජීවත් වන නිවසත් ඔහුගේ අල්පේච්ඡ වූ ජීවන රටාවත් ගැන අපි යමක් කිව යුතුම ය. එමෙන්ම දේශපාලන ලොව තුළ යම් යම් පුද්ගලයින් පිළිබඳ මවා තිබෙන්නා වූ ප්‍රතිරූපයන්ගෙන් එපිටින් තිබෙන බොහෝ දේ නොදුටු සේ කටයුතු කිරීමට තරම් සමාජය කුහක බවට පත්ව ඇත.
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ඇයි බන් උඹලා උගේ හොඳ වැඩ අගයකරන්නේ නැත්තේ? දේශපාලන මතය ෆුල්ම අබ්ලික් වෙන්න පුළුවන්. එත් බලපන් කොච්චර සරලව ඉන්නවද කියලා. ලංකාවේ වෙන කවුද බන් එහෙම ඉන්නේ? බොරු මාධ්‍ය ෂෝ කාරයෝ මිසක් මෙහෙම ඉන්න එකෙක් මම දැක්කමයි. අඩුම ගානේ මම සරලයි මම සරලයි කියලා කිය කිය යන්නේ නැති සරල මිනිහෙක්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සරලව ජීවත් වෙනවා කියන්නේ මෙහෙමයි.ඔය අනිත් සරල කාරයො ඔක්කොම බොරුව කරන්නේ.
     
    bambu naluva neda
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    prabakaran ge unath honda thiyenawanan honda agaya karanda onalu neda
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සරලව ජීවත් වෙනවා කියන්නේ මෙහෙමයි.ඔය අනිත් සරල කාරයො ඔක්කොම බොරුව කරන්නේ.
    saralama miniha balala lankawe janadipathi karaama me rate prashna serama iwara wenawa neda.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බන් උඹලා උගේ හොඳ වැඩ අගයකරන්නේ නැත්තේ? දේශපාලන මතය ෆුල්ම අබ්ලික් වෙන්න පුළුවන්. එත් බලපන් කොච්චර සරලව ඉන්නවද කියලා. ලංකාවේ වෙන කවුද බන් එහෙම ඉන්නේ? බොරු මාධ්‍ය ෂෝ කාරයෝ මිසක් මෙහෙම ඉන්න එකෙක් මම දැක්කමයි. අඩුම ගානේ මම සරලයි මම සරලයි කියලා කිය කිය යන්නේ නැති සරල මිනිහෙක්

    මා අසා ඇති හා ලබා ඇති අත් දැකීම් මත කිවහැක්කේ සිංහළයා සටනින් පරාජය කල නොහැකිමුත් ගොනාට අන්දා වරක් දෙවරක් නොව සියක් වතාවක් වුවද පරාජය කල හැකි බවයි.
    දැන් මෙතුමාගේ අල්පේච්ච ජිවිතේට හිතගිහින් මෙතුමාව iiඊලග ජනාදිපති කරන්න හිතුනු අය කමෙන්ට් එකක් දාන්න බලන්න.

    Ps
    දෙමල්ලු බහුතරය ඔහොම හඩුවට තමයි ඉන්නේ. උන්ට ඕන අමුඩේ ගහන් හරි ඉදලා මේකත් තමිල්නාඩුව කරන්න:angry::angry:
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    මා අසා ඇති හා ලබා ඇති අත් දැකීම් මත කිවහැක්කේ සිංහළයා සටනින් පරාජය කල නොහැකිමුත් ගොනාට අන්දා වරක් දෙවරක් නොව සියක් වතාවක් වුවද පරාජය කල හැකි බවයි.
    දැන් මෙතුමාගේ අල්පේච්ච ජිවිතේට හිතගිහින් මෙතුමාව iiඊලග ජනාදිපති කරන්න හිතුනු අය කමෙන්ට් එකක් දාන්න බලන්න.

    Ps
    දෙමල්ලු බහුතරය ඔහොම හඩුවට තමයි ඉන්නේ. උන්ට ඕන අමුඩේ ගහන් හරි ඉදලා මේකත් තමිල්නාඩුව කරන්න:angry::angry:

    දේශපාලන මතය ෆුල්ම අබ්ලික් වෙන්න පුළුවන්. එක හින්දා ජනාධිපති කරන්න දගලන්න ඕනේ නෑ. සරලබාවය අගය කරනවා කියන්නේයි දේශපාලන මතයට එකග වෙනවයි කියන්නේ 2ක්.