රඹුටන්_වාරේ ඇවිත් යාලුවනේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    රඹුටන්_වාරේ ඇවිත් යාලුවනේ

    13428650_295655124100741_3414494002245489192_n.jpg


    13466239_295655317434055_1544211560155567755_n.jpg


    13510981_295655220767398_2221402806367442652_n.jpg


    13450782_295655270767393_5643110733911637352_n.jpg


    13508937_295655310767389_1677871943289932944_n.jpg


    අප රට නිජ බිම නොවුවත් අප රටට ආවේණික වී ඇති, කුඩා ඔබ සැමට මෙන්ම අප සැමට ඇසූ පමණින් කටට කෙළ උණන රඹුටන් කුරුල්ලන්ගේ හා ලේනුන්ගේ ද පි‍්‍රයතම පලතුරකි. රඹුටන් පිළිබඳව කතා කිරීමේදී නිතැතින් සිහියට නැගෙනුයේ මල්වානේ රඹුටන් පිළිබඳවයි. විදේශීය රටවලින් පැමිණෙන සංචාරකයින්ගේ මනදොළ පිනවන රසවත්ම පලතුරක් ලෙස ජනපි‍්‍රය වී ඇත.

    මලයාව නිජබිම කරගත් නිවර්තන කලාපයට අයත් මෙම ශාකය සපින්ඩාසේ (Sapidaceae) කුලයට අයත් වන අතර උද්භිද විද්‍යාවට අනුව නේපලියුම් ලැප්සියාම් (Nephelium Lappaceum) ලතින් බසින් ද හඳුන්වනු ලබයි. මෙසේ විවිධ අයුරින් හඳුන්වනු ලබන මෙම ශාකය කූඩයක් දිග හැරියාක් මෙන් දර්ශනීය ලෙස පහතට නැමී ඇත.

    මුහුදු මට්ටමේ සිට මීටර් 675 න් පහළ ප‍්‍රදේශවල ඉතා සාර්ථකව වැඩෙන අතර මීටර් 13 ක් පමණ උසට වැඩෙන මෙම ශාකයේ ව්‍යාප්තිය බීජ මගින් සිදුවේ. ප‍්‍රරෝහන කාලය සති දෙකක් පමණ වන අතර බීජ පැළ සකස් කර ගැනීමේදී පුරවන ලද පෝර පස් අඩංගු පොලිතින් මළුවල බීජ සිටවා පැළ කර ගැනීමෙන් හෝ වලවල් කපා ඇට සිටවීමෙන් වගා කිරීමට හැකිවේ. එතෙක් නවීන තාක්‍ෂණය මගින් පැළ බද්ධ කිරීම තුළින් වැඩි ඵලදාවක් ලබා ගැනීමට හා කෙටි කාලයක් තුළ ඵලදාව හට ගැනීම සිදුවේ.

    සාමාන්‍ය වශයෙන් වසර 4 - 5 ක් පමණ රඹුටන් ගසක ඵලදාව හටගැනීමට ගතවේ. මෙම ශාකයේ පෙබරවාරි මාර්තු මාසවල මල් හටගෙන අපේ‍්‍රල් මැයි මාසවල ගෙඩි මෝරා වැඩෙන අතර ජූනි මස වන විට ඵලදාව නෙළීමට හැකිවේ. විශේෂයෙන් වියළි දේශගුණයක් අවශ්‍ය වන අතර රඹුටන් වල පැණි රස ගතිය වැඩිවේ. ප‍්‍රථම ඵලදාවේදී රඹුටන් ගෙඩි 100 - 200 ක් හටගන්නා අතර ගසේ වර්ධනය වැඩි වීමත් සමඟ ඵලදාව ද වැඩි වේ.

    මලයාවේ රඹුටන් වර්ග 14 ක් පමණ ඇති මුත් අප රටේ ඇත්තේ කිහිප වර්ගයකි. රඹුටන් ගෙඩි වටකුරු මෙන්ම අංඩාකාරයෙන් යුතු වනවා මෙන්ම කොළ පාටින් යුක්ත වූ ගෙඩි ඉදුණු පසු රතු පාටින් හා කහ පාටින් යුක්ත වේ. රඹුටන් එක් රිකිල්ලක ගෙඩි 20 - 30 ක් පමණ හටගන්නා අතර රඹුටන් ගෙඩිය කෙඳි වර්ගයක් මගින් ගෙඩියට අවශ්‍ය ආරක්‍ෂාව සලසන බැවින් ගෙඩි බිමට කැඩීමේදී හානියක් සිදු නොවන අතර මලයාලි භාෂාවෙන් රම්ඹුට් යන වචනය සිංහල භාෂාවෙන් රඹුටන් වී ඇත.

    මෙහිදී හොඳින් ගැලවෙන රඹුටන් ලොව අනර්ඝතම රඹුටන් ලෙස පිළිගැනේ. රඹුටන් ඉදෙන විට කුරුල්ලන් ගෙන් හා ලේනුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවේ. දිවා කාලයේදී මෙන්ම රාතී‍්‍ර කාලයේදී වවුලන්ගෙන් බේරා ගැනීමට ද සිදුවේ. අප රටේ කළුතර දිස්ති‍්‍රක්කය හා කොළඹ දිස්ති‍්‍රක්කයේ ආර්ථික භෝගයක් වශයෙන් වගා කරන අතර ලෝකයේ සිංගප්පූරුව, ජාවා, බුරුමය, මැඩගස්කරය, මුරුසිය යන රටවල ආර්ථික භෝගයක් ලෙස වගා කෙරේ. සාමාන්‍ය වශයෙන් අක්කරයක් සඳහා රඹුටන් පැළ 35 ක් පමණ නිර්දේශ කර ඇත


    8dded61fc5f6df51c2b8eeb6a2e374b7.jpg
     
    • Like
    Reactions: ShreddeR

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ela 6+ added

    රඹුටන් ඉදෙන විට කුරුල්ලන් ගෙන් හා ලේනුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවේ.

    ayi waduro
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ වත්තෙ ගස් 3ක් තියනවා.....
    මේ පාර තියනවා වෙනද සේ ම අතු බිම ගෑවෙන්න ම......
    වැඩියෙන් කන්නෙ නම් අපි නෙවෙයි, ලේන්නු, වවුල්ලු, කුරුල්ලෝ, මීයො එහෙම.....
    උනුත් ජීවත් වෙන්න එපායැ බං.
     

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    මගේ වත්තෙ ගස් 3ක් තියනවා.....
    මේ පාර තියනවා වෙනද සේ ම අතු බිම ගෑවෙන්න ම......
    වැඩියෙන් කන්නෙ නම් අපි නෙවෙයි, ලේන්නු, වවුල්ලු, කුරුල්ලෝ, මීයො එහෙම.....
    උනුත් ජීවත් වෙන්න එපායැ බං.
    address eka diyan :rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    මගේ වත්තෙ ගස් 3ක් තියනවා.....
    මේ පාර තියනවා වෙනද සේ ම අතු බිම ගෑවෙන්න ම......
    වැඩියෙන් කන්නෙ නම් අපි නෙවෙයි, ලේන්නු, වවුල්ලු, කුරුල්ලෝ, මීයො එහෙම.....
    උනුත් ජීවත් වෙන්න එපායැ බං.

    4 වෙනිදාට කන්න පුලුවන් වෙයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    මරුසිරා;20306384 said:

    ela 6+ added

    :):)

    ayi waduro

    :yes:


    මගේ වත්තෙ ගස් 3ක් තියනවා.....
    මේ පාර තියනවා වෙනද සේ ම අතු බිම ගෑවෙන්න ම......
    වැඩියෙන් කන්නෙ නම් අපි නෙවෙයි, ලේන්නු, වවුල්ලු, කුරුල්ලෝ, මීයො එහෙම.....
    උනුත් ජීවත් වෙන්න එපායැ බං.

    :D:cool:

    address eka diyan :rolleyes:

    :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    4 වෙනිදාට කන්න පුලුවන් වෙයි
    4 වෙනං තියෙයිද දන්නේ නෑ!

    ඔය ගස් යට තමා මේකේ චිර ප්‍රසිද්ධ රඹුටං ගස් පල්ලේ සෙටමෝල එහෙම පැවැත්වෙන්නේ.........:P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    4 වෙනං තියෙයිද දන්නේ නෑ!

    ඔය ගස් යට තමා මේකේ චිර ප්‍රසිද්ධ රඹුටං ගස් පල්ලේ සෙටමෝල එහෙම පැවැත්වෙන්නේ.........:P

    අවුලක් නෑ මාමි
    ගිය සතියෙ ගෙදර ගිහින් හිත පිරෙන්න කාලා ආවා:P
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අපේ ගෙදරත් ගස් 2 ක් තියෙනවා යන්තම් ඉටි කවර දාල ටිකක් තියගෙන ඉන්නවා. :P:P90% ලේන්නු තමා උන් රඹුටන් වාරේ එනකොට ගහේ පදින්චියට එනවා.:lol::lol:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    අපේ ගෙදරත් ගස් 2 ක් තියෙනවා යන්තම් ඉටි කවර දාල ටිකක් තියගෙන ඉන්නවා. :P:P90% ලේන්නු තමා උන් රඹුටන් වාරේ එනකොට ගහේ පදින්චියට එනවා.:lol::lol:

    math net ekak danna hithan inne bun. Iti kola dala bera ganna puluwan da? Thadi wanduroi, lennui thama case eka :growl::growl::growl::angry::angry:
     

    Similar threads