මම නම් High Pressure Washer එකක් අරගෙන දැන් අවුරුදු 2 ක් වෙනවා. ඒ දවස්වල 20,000 න් අඩුවට ඕවා තිබුණේ නැහැ. ඒත් දැන් තියනවා. මට මේ මොහොතේ ඕකක් ගන්න choice එකක් දුන්නොත්, මම නම් යන්නේ Black & Decker එකට. හැබැයි ඒකට shampoo feeder එකක් attach කරන්න පුළුවන් නම් විතරයි. Black & Decker washer එක විකුණන පිටකොටුවේ Mod Spot Electronics නම් දැන් අවුරුදු 50 ක් විතර පරණ ආයතනයක්. ඉස්සර ඒගොල්ලන්ට හොඳ reputation එකක් තිබුණා. දැනුත් එහෙම ඇති. Black & Decker එකේ ගාණත් හොඳයි: Rs. 14,000/=. Arpico showrooms වල මේක ම විකුණන්නේ 22,000 ට. කාර් එක හෝදන්න නම් lance එකට attach කරන shampoo feeder එකක් අවශ්‍යමයි. නැත්නම් මහ කරදරේ. ඔයාට brand එක එච්චර වැදගත් නැත්නම් දිනපාලලාගේ "Clear" එකට යන්න. ලොකු, ලොකු කොම්පැනිවලින් ගෙන්නන ඒවා repair එකට දුන්නාම උන් ඒකෙන් හොඳ ගාණක් කපා ගන්නවා. ඕකයි කේස් එක.