මං කරපු අසික්කිතම වැඩේ මචං තාම මගේ හිතේ අප්සැට් ගහනව ඒ තමයි අපේ අල්ලපු ගෙදර අක්ක කෙනෙක් හිටිය හෙන ලස්සන කෑල්ල ඒ කාලේ මාත් එක්කමයි හැමදාම එකට තමයි අපි දෙන්න දවසක් දෙන්න එකතු වෙලා කුකුලු පැටව් හතරක් ගත්ත හුරතලේට ඇති කරන්න මට දෙකයි අක්කට දෙකයි හැමදාම දෙන්න කුකුලු පැටව් එක්ක සෙල්ලම් කරල අපේ කුඩු වල දානව මන් මගේ කූඩුවේ එයා එයගේ කූඩුවේ දවසක් බලනව මගේ කුකුලු පැටියෙක් මැරිලා මට දුක හිතුනා අන්න ඒ වෙලාවේ තමයි මගේ හිතේ මේ කැත වැඩේ මතක් උනේ මං දන්නව ඒ ටයිම් එකේ අක්ක නිදි කියල ඒකි දවල් ට සාමාන්‍යයෙන් දොයි මන් මගේ මැරිච්ච කුකුලු පැටියව එයාගේ කූඩුවේ දාල එයාගේ එකෙක් ව උස්සගෙන ඇවිත් මගේ කූඩුවේ තියා ගත්තා අනිත් දවසේ ඒකි අඬ අඬ කුකුල් පැටියව වල දැම්මා මට ඒකි ගැන දුක හිතුනා ඒත් මම ඇත්ත කියුවේ නෑ තාම










