ගොඩක් අය මගෙන් අහනවා බල්ලන්ගේ ෆර්(මයිල්,ලෝම) එක යන එකට මොකද කරන්න ඕන කියලා.
මේකයි සීන් එක.
මුලින්ම මම පටන් ගන්නම් ඇයි ෆර් එක යන්නේ කියන හේතු ටික විදහා දක්වලා.
මම දකින විදියට බල්ලන්ගේ ෆර් එක යන්නේ මෙන්න මේ හේතු නිසයි ප්‍රධානවම.
අලුත් ෆර් එක එන්න ඕන නිසා පරන ඒවා යනවා.
ඇගේ මැක්කෝ,කිනිතුල්ලෝ සහ වෙනත් සත්තු ඉන්න නිසා.
චර්ම රෝගයක් නිසා.(හමේ රෝග.)
හීට් එකට ෆර් එක යනවා.
(ලන්කාව කියන්නේ ගොඩක් පැති වලට වසරේ බොහෝ මාස ගණනක් රස්නේ සහිත දේශගුණයක් තියන රටක්.)
ටික් ෆීවර් වලට ෆර් එක යනවා බල්ලගේ ඇගේ ප්‍රතිශක්තිය දුර්වල වෙන නිසා.
(මැක්කෝ,කිනිතුල්ලෝ නිසා තමා මේක හැදෙන්නේ.
ටික් ෆීවර් තියන සතෙක්ගේ ඇගේ ඉන්න ටික් කෙනෙක් සුලග හරහා හෝ වෙන දෙයක් නිසා ටික් ෆීවර් නැති සතෙක්ගේ ඇගට ඇවිත් ලේ බිව්වොතින් ඒ සතාට ටික් ෆීවර් හැදෙන්න පුලුවන්.
මේ ලෙඩේ ලක්ශන සතා නිතරම මහන්සියෙන් සිටීම,කෑම නොකා සිටීම,කෙට්ටු වීම,මොලෝ රහක් නෑ වගේ හැසිරීම.
සතා දවස් 2 කෑම නොකා හිටියොත් අනිවා කිසි කතාවක් නෑ වෙට් ලගට නම් ගෙනියපන් පුතේ මොන වැඩේ දාලා හරි.
ටික් ෆීවර් වලට මුල් කාලේම බෙහෙත් කරන්න ගත්තේ නැත්තම් සතාට විදවන්න වෙනවා ආයි ලොවෙත් නැති වෙන්න.)
බල්ලට ඇලජික් වෙන කෑම නිසා වෙන්න පුලුවන් ෆර් එක යන එක.
(ඒක තමන් විසින්ම නෝට් කරගන්න ඕන මොකද බල්ලට දෙන කෑම එක මම දන්නේ නෑ නේ.)
මගේ එක බල්ලෙක්ට ලෝම යන්න ගත්තා දැල්ලෝ කන්න දීලා,ඒත් අනිත් උන්ට එහෙම උනේ නෑ දැල්ලෝ කෑවා කියලා.
ඒ වගේ සතාගෙන් සතාට ඇලජික් වෙන කෑම වෙනස්.
(අනිවා ඇලජික් වෙන කෑම කියලා ජාති නෑ මිනිහෙක්ට උනත්.)
ජර්මන් ශෙපර්ඩ් එකයි,කොමන් බ්‍රීඩ්ස් එවුන් පහක් ඉන්නවා මගේ ගාව.
අලුත් ෆර් එන නිසා යනවා කියන එකට අපිට මුකුත්ම කරන්න බෑ මොකද ඒ ස්වභාවික ප්‍රොසෙස් එකක්.
ටික් ෆීවර් හැදුනට පස්සේ අපිට මුකුත් කරන්න බෑ වෙට් ලගට ගෙනියන්නේ නැතුව.
හීට් එකට යන ෆර් එක අපිට කනට්‍රෝල් කරන්නත් බෑ.
ඉර ඕෆ් කරන්න බෑනේ රස්නේ නැති කරන්න.
(විකල්පයක් විදියට බල්ලව ඒ.සි එකේ තියන්න පුලුවන් එසේ කර හැකි නම්.)
--------------------------------------------------------------------------------------
ඇගේ මැක්කෝ,කිනිතුල්ලෝ සහ වෙනත් සත්තු ඉන්න නිසා.
චර්ම රෝගයක් නිසා.(හමේ රෝග.)
--------------------------------------------------------------------------------------
ඔන්න ඔය ඉහත සදහන් කරන ලද හේතු වලට නම් අපිට ලොවෙත් නැති වෙන්න ප්‍රතිකර්ම යොදන්න පුලුවන්.
ඔක්කෝටම කලින් කියන්න ඕන , කරන දෙයක් සතාට ආදරෙන්,ඉවසීමෙන් කරන්න ඕන.
එහෙනම් වැඩේ පටන් ගමු.
අනිවා දවස් හතරෙන් හතරට බල්ලව නාවන්න ඕන.
නාවන්න හොදම වෙලාව තමා උදේ 7-10 අතර වෙලාවක.
නාවනකොට මම නම් නාවන්නේ නාන කාමරේට දාලා දොර වහලා,ශවර් එකෙන්.
දගලන බල්ලෙක් උනත් එහෙම නාවන්න ලේසියි ඌට දුවන්න තැනක් නැති නිසා.
නාවනකොට බල්ලට ගාන්න ඕන ලයිෆ් බෝයි රතු පාට සබන් කැටේ හෝ ලයිෆ් බෝයි ශැම්පු.
වෙන ඩෝග් ශැම්පු අරවා මේවා ගාන්න යන්න එපා.
ෆර් එක ගොඩක් වැඩි බල්ලෙක් නම් සබන් ගාන්න ගියාම එපා වෙනවා.
ඒ නිසා ලයිෆ් බෝයි ශැම්පු ගෑවා නම් හරි.
සතාගේ ලෝම අනුව තමුන් තීරනය කරන්න කොච්චර ගානවද කියලා.
මගේ එකා ලොකු ඇන්ඩ් ෆර් එක ගොඩක් තියන නිසා ලයිෆ් බෝයි ශැම්පු පැකට් 10 ගානවා මම නාවනකොට.
ලොකු බෝතල් ගන්න ඕන නෑ.
නාවන දවසට කලින් දවසේ හෝ නාවන දවසේ කඩෙන් ලයිෆ් බෝයි ශැම්පු පැකට් හෝ ලයිෆ් බෝයි සබන් කෑල්ලක් ගත්තානම් හරි.
නාවලා ඉවර වෙලා සතාව පිහිදන්නේ නැතුව පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට කොන්ඩිස් ටිකක් දිය කරලා බල්ලගේ ඇගට ඒ වතුර එක දාලා ඒ වතුර එකෙන් බල්ලව නාවන්න.
සමහර බල්ලන්ගේ ෆර් එක පොලිතින් වගේ වෙන්න පුලුවන් වතුර හිටින්නේ නැති.
එහෙම එකෙක්නම් අතට ශොපින් බෑග් එකක් දාගෙන කොන්ඩිස් වතුර එක ඇගට ගාන්න හොදට.
ඒ කරලා පිහිදන්න යන්න එපා.
ඌට නිදහසේ ඉන්න දෙන්න.
කොන්ඩි ලෙව කෑවට කිසිම අව්ලක් වෙන්නේ නෑ.
ඒ බය තියාගන්න එපා.
මෙන්න මේ බෙහෙත් දෙකෙන් එකක් ගන්න ෆාමසි එකෙන්.
රු.380 වගේ වෙන්නේ.
ඒක අරන් නාවපු දවසට පහුවදාට බල්ලගේ ඇගේ ගාන්න උදේ වරුවක.
ඒක භාවිතා කරන විදිය සහ සකස් කරන විදිය ගහලා තියනවා ඒ බෙහෙත් එකේ.
අතට ශොපින් බෑග් එකක් දාගෙන බල්ලගේ මුලු ඇගේම ගාන්න.
මේක ගාන්නේ මැක්කෝ,කිනිතුල්ලෝ නැති වෙන්න ඇන්ඩ් එන එක වලක්වන්න.
ගොඩක් මැක්කේ , කිනිතුල්ලෝ ඉන්න බල්ලෙක්ට නම් දවසක් ඇර දවසක් ඔය බෙහෙත් එක ගාන්න ඕන ඇන්ඩ් ගෙදර හැමතැනටම ස්ප්‍රේ කරන්න ගෙදර මැක්කෝ , කිනිතුල්ලෝ හැමතැනම ඉන්නවානම්.
පොඩි ස්ප්‍රේ බෝතලයක් අරන් ඒ වැඩේ කරන්න.
කන ඇතුලේ මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකකට බෙහෙත් එක පොගවලා කන ඇතුලට දාලා ඉන්න මැක්කන්ගේ උඩින් ගාන්න හොදට.
වැඩිය මැක්කෝ , කිනිතුල්ලෝ නැති බල්ලෙක්ටනම් දවස් දොලහෙන් දොලහට ගෑවා නම් ඇති.
ඕක ගාලා බල්ලව විනාඩි 15 විතර ලෙවකන්න නොදි තියන්න.
http://www.ebay.com/sch/i.html?clk_...ing mask&rt=nc&LH_FS=1&_trksid=p2045573.m1684
ලෙවකන්න නොදි තියන්න අමාරු නම් මෙන්න මේ වගේ මාස්ක් එකක් ගන්න ඊබේ එකෙන් හෝ තමන්ගේ වෙට්ගෙන් අහලා ගන්න හොද තැනකින්.
ඒකක් අරන් බෙහෙත් ගාලා විනාඩි පහලොවක් බල්ලට දාලා තියන්න.
ගොඩක් තද කරලා දාන්න එපා .
ගානට දාන්න සතාට අපහසුතාවක් නොවෙන විදියට.
ඔය බෙහෙත් එක ලෙවකෑවොත් සතාට සිහි මද ගතිය,වමනේ යාම වගේ ලක්ශන එනවා.
ගොඩක් ලෙවකෑවොතින් මැරෙන්න උනත් පුලුවන් පොඩි බ්‍රීඩ් එකක බල්ලෙක් නම් පොමනේරියන් වගේ.
නාවලා ඉවර වෙලා,බෙහෙත් දාලා ඉවර වෙලා සතාව ගැටගහන්න එපා,ඌගේ ආතල් එකේ ඌට ඉන්න දෙන්න තනියම ගසාගෙන , කරගෙන.
ඇග පිහිදන්න යන්නත් එපා නාවලා,බෙහෙත් ගාලා.
බෙහෙත් ගාපු දවසේ හවසට මෙන්න මේ පවුඩර් එක ෆාමසි එකෙන් අරන් සතාගේ ඇගට දාලා ෆර් එක පීරන්න අපි ඔලුව පීරන පොඩි දැති,ලොකු දැති පනාවක් අරන්.
(මේකේ ගාන නම් මතක නෑ මට ඒත් ලොකු ගානක් නම් නෙවෙයි.)
පවුඩර් එක දාලා ඉස්සෙල්ලාම පොඩි දැති පැත්තෙන් පීරන්න හොදට.
ෆර් එක ගැට ගැහිලා තියන ඒවා පවා එතකොට එනවා ගැලවිලා.
හොදට පීරලා ලොකු දැති පැත්තෙන් පීරන්න පටන් ගන්න.
ඇස් වලට වැටෙන්න දෙන්න එපා පවුඩර් එක.
ලෙවකෑවට අව්ලක් වෙන්නේ නෑ සතා.
බෙහෙත් ගාපු දවසේ විතරක් හවසට ඔය පවුඩර් එක දාලා ඊට පස්සේ දවස් වල ඉදන් උදේ හෝ දවල් වරුවකට ඔය පව්ඩර් එක දාලා බල්ලගේ ෆර් එක පීරන්න.
වෙන වෙලාවල් වල කරත් අව්ලක් නෑ ඒත් ගොඩක් හොදයි උදේ හෝ දවල් කරා නම්.
රෑ කරත් අව්ලක් නෑ.
එක්කෝ සතාව බිම හාන්සි කරවලා හෝ වාඩි කරවලා ෆර් එක පීරන්න හෙමීට , ලස්සනට , පිලිවෙලකට.
ගූ ගොඩේ බිස්කට් වගේ පීරන්න නම් එපා එලොවටත්,මෙලොවටත් නැති විදියට තැනින් තැන .
කෙල්ලෙක් කොන්ඩේ පීරනවා වගේ කලාවකට පීරන්න.
හැමදාම හෝ දවස් දෙකෙන් දෙකට ඕක දාලා පීරන්න.
ඕවා කරද්දි මාස දෙකක්,තුනක් යද්දි හොද ප්‍රොසෙස් එකක් දකින්න පුලුවන්.
ෆර් යන එක අඩු නොවි එන්න එන්නම වැඩි වෙන්න ගන්නවානම් අනිවා වෙට් ලගට එක්කන් යන්න සතාව මොකද කිව්වොත් වෙන වෙන ලෙඩ නිසා උනත් ෆර් එක යන්න පුලුවන් ඇන්ඩ් පවර්ෆුල් හීට් රෑශ් එකක් හෝ වෙන කිසියම් වූ රෑශ් එකක් තියන බල්ලෙක්ගෙන් සුලග හරහා හෝ වෙන මොකක් හෝ හරහා තමාගේ සතාට බෝ උනොතින් ඒත් ෆර් එක යන එක දවසින් දවස වැඩි වෙන්න පුලුවන්.
ඔන්න ඔහොමයි කතන්දරේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
මම කියන දේවල් වලට මම 100% වගකීම ගන්නවා.
මොනාහරි තියනවානම් අහපන් ඕන දෙයක්.
දන්නවා නම් අනිවා උදව් කරනවා උපරිමෙන්ම.
සතාට ආදරේ කරපන්,බලාගනින් බල්ලෙක් විදියට නැතුව යාලුවෙක් විදියට.
කවදාවත් වරදින්නේ නෑ.
මේ ඉන්නේ මගේ බල්ලා,යාලුවා,සහෝදරයා,ආරක්ශකයා.
මෙයාගේ කතාව බලන්න මේ ත්‍රේඩ් එකට යන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1747894








