Coming soon! smartphone display that only you can see

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,422
    16,113
    113
    තමන්ටම විතරක් ෆෝන් එකේ තිරය පේන අපූරු ගැජට් එකක්

    අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට ලොකු ප්‍රශ්ණයක්. ඒත් මේ වෙනකොට ටර්කි රටේ 42 හැවිරිදි Celal Göger නම් පුද්ගලයා මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයාගෙන.

    ජංගම දුරකථනයේ භාවිත කරන කෙනාට විතරක් ජංගම දුරකථනයේ තිරයේ ඇති දේවල් දිස්වෙන ආකාරයේ අපූරු ගැජට් එකක් මේ පුද්ගලයා නිර්මාණය කරලා. ඔහු කියන විදියට එයා බස් එකේ යද්දි තමන්ගේ ඊමේල් පණිවිඩ බලන අතරේ වටේ ඉන්න අය තමන්ගේ තිරය දිහා බලාගෙන ඉන්න විදිය දැකපු ඔහු මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයන්න පටන් අරගෙන. ඉතින් වෘත්තියෙන් ජංගම දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙක් වූ ඔහු තමන්ගේ අලුත්වැඩියා මධ්‍යස්ථානයට ගිහින් මේ නිර්මාණය කරන්න පටන් අරගෙන.

    1-1462878043.jpg

    ඒ අනුව ඕනෑම ජංගම දුරකථනයක්, ටැබ්ලට් උපකරණයක් හෝ ලැප්ටොප් පරිගණක තිරයක් සම්පූර්ණයෙන්ම සුදු පැහැ කර විශේෂ ඇස්කණ්නාඩ් යුගල පැළඳ ඇති පුද්ගලයාට පමණක් එම තිරයේ ඇති දේ නැරඹීමට හැකියාව ලැබෙනවා. ඔහු විසින්ම ක්‍රමලේඛගත කර ඇති විශේෂ චිපයක් ජංගම දුරකථනයට සම්බන්ධ කිරීමෙන් තිරය සුදුපැහැ බවට පත්කරන අතර බ්ලූටූත් හරහා ජංගම දුරකථනය සමඟ සන්නිවේදනය කරන ඇස්කණ්නාඩි යුගලට සම්බන්ධ කර ඇති තවත් චිපයක් මඟින් තිරයේ මත ඇති දේ නැවත නිවැරදි තත්වයට පරිවර්ථනය කරනු ලබයි.

    මේ අපූරු ගැජට් එක සඳහා $10කටත් අඩු මුදලක් පමණක් වැයවන අතර කුඩා තිරයක සිට රූපවාහිනී තිරයක් දක්වා ඕනෑම තිරයක් සඳහා සඳහා සහාය දක්වයි. මේ වන විට ඔහු සිය නව නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන අතර නුදුරේදීම මහා පරිමාණයෙන් නිෂ්පාදනය සඳහා නිකුත් කෙරෙනු ඇත.


    gdl4ggxslyib05q1uh5j.jpeg






    SOURCE:TECHGURU.LK
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    ඔන්න බලපන් දැන් ලංකාවෙ උන් ඕක දාගෙන ප්‍රසිද්දියේ වැල බලයි ඉතින් :rolleyes::rolleyes::rolleyes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේකේ මචන්ලා තනිකරම ප්‍රෝඩාවක් යන්නේ. ඔය වැඩේට චිප් එකක් වත් මොනවත් ඕනේ වෙන්නේ නෑ. ෆෝන්වල LCD ඩිස්ප්ලේ වල (AMOLED නෙමෙයි) ඩිස්ප්ලේ එක ලේයර් කීපයකින් තියෙන්නේ.
    LCD_Panal_(Layer_model)_E.PNG

    ෆෝන්වල ඔය රූපෙ CCFL වෙනුවට LED තියෙන්නේ ඒවා ගැන හිතන්න එපා.
    ඩිස්ප්ලේ එකේ උඩම තියනවා විනිවිද පේන කොලයක් අලවලා ඒකට කියන්නෙ පොලරයිසර් ලේයර් කියලා. (Polarizer) මේ කොලය ගැලවුනාම lcd එකක් සුදු පාටට විතරයි පේන්නෙ. ඉතින් අපි ඒ කොලයක් අරන් සාමාන්‍යය අව් කන්නඩියකට අලව ගත්තොත් ඒ කන්නඩියෙන් බලද්දි විතරයි දුරකථනයේ තිරය පේන්නෙ. මේ මනුස්සය කියනවා වගේ විශේෂයෙන් චිප් එකක් දාන්න අවශ්‍ය නෑ.

    මේක ඕනෙම LCD එකකට හරි යනවා. ඔරලෝසුවක කළු සුදු තීරයකට පවා. ඔය මනුස්සය අතේ තියෙන ෆෝන් එක කොහොමත් කන්නාඩිය නැතුව ස්ක්‍රීන් එක ඔන් කරලා පෙන්නන්නේ නැහැනේ. අනික ඔය Polarizer කොළ ගන්න තියෙනවා ebay
    http://www.ebay.com/itm/Internal-LC...larizer-Film-For-Apple-iPhone-6-/291433907088
    ඕනෙනම් අරන් බලන්න.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එලකිරි.... බස් එකේ යන ගමන් වැලක් බැලුව හැකි .... :cool: