නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට
කළුතර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කිරීමේ චෝදනා මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට පත් නියෝජ්‍ය අමාත්‍යවරයා මතුගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉහත කී චෝදනා යටතේ අඟහරුවාදා උදය වරුවේ අත්අඩංගුවට ගැනුණු මව්වරුන් නව දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
ඉන් අනතුරුව මතුගම පොලිස් ස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත කී මව්වරුන් නිදහස් කොට තමා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ.
එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත් පොලිසිය ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් පසුගියදා උපවාසයක් ආරම්භ කොට තිබුණේ ද සිසුන් පිරිසක් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.
bbc


