ඒක තමා මම කියන්නේ කොම්පැනි කාරයො පෝසත් කරන්නෙ නැතුව ගෙවන මිලට උපරිම වටිනාකමක් ගනින් කියලා. AMW එකට අකුලෝල ගියත් අපිට පාන්ද? අපි වියදම් කරන ගාණට අපට යමක් ලැබෙන්න ඕන. ලක්ෂ හය හතක් වටින ලබ්බකට ලක්ෂ 22ක් දීල උන්ව පෝසත් කරන්න එපා. රජය බදු ගහනවනම් ගහපුදෙන්. උන්ට හම්බ කරගන්න අපි දුක් මහන්සියෙන් හම්බ කරන ඒවා අනවශ්‍ය විදියට පූජා කරන්න ඕන නෑ.
උඹ කියන විදියට කරන්න පුළුවන් ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මිළ ස්ථාවරව තියනවා නම් විතරයි. ආණ්ඩුව කෙළවෙලාම පලයන් කියලා බදු ගහන කොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ කාර් වලත් මිළත් ඒ විදියටම ඉහළ යනවා. වෙන රටවල නම් අවුරුදු 15 ක් පරණ කාර්වල වටිනාකම බින්දුවයි. එතකොට අපි ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් ගත්තම ඒකෙන් අපි ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන්නේ නෑ. බැරි වෙලාවත් තව අවුරුදු 2 කින් විතර රවි වාහන බදු අඩු කළොත් අපි ගත්තු සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකට මොකද වෙන්නේ?


