මී ළඟ ජනාධිපතිවරණය...

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    මී ළඟ ජනාධිපතිවරණය...

    මම මේ වගේ නූලක් දාන්න හිතුවෙ පහුගිය දවස්වල කතා බහට මෙන්ම හාස්‍යයට ලක් වුන සිදුවීමක් හින්දා.

    ඒ තමයි 'ඒකාබද්ධ විපක්ෂය' කියල කියා ගන්න කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරපු 'ඡායා කැබිනෙට්ටුව' යන ලැයිස්තුව. රටක ඡායා කැබිනෙට්ටුවක් ඉදිරිපත් කරන එක අසාමාන්‍ය දෙයක් නොවෙන්න පුලුවන්, ඒත් මේ ඡායා කැබිනෙට්ටුව දිහා බැලුවම මට පුද්ගලිකව හිතුන වැදගත් කාරණයක් තියෙනවා.

    ඒ කාරණය තමයි ලංකාවේ වර්තමාන ක්‍රමය අනුව ආණ්ඩු පත් විමේදී 'තට්ටු මාරු' ක්‍රමය දිගටම පැවතුනොත් රටට කිසිම සුගතියක් වෙන්න නැහැ කියන එක. මොකද, දැනට ආණ්ඩුවේ කැබිනට් එකේ වැඩි හරියක් ඉන්නෙ නීල හොරු සහ අමනයො සෙට් එකක් වගේම මේ 'ඡායා කැබිනෙට්ටුවේ' ඉන්නෙත් ඒ හා සමාන (හෝ ඊට වැඩි ) හොරු සහ අමනයො රැළක් කියන එක හැමෝටම පේන දෙයක්.

    මේ නිසා මගේ පුද්ගලික මතය අනුව ලංකාවේ මී ළඟ ජනාධිපතිවරණය රටේ අනාගත ගමන් මාර්ගයේඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වගේම හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න පුලුවන්. එහෙම වෙන්න නම් රට ඉස්සරහට අරගෙන යන්න පුලුවන් ශක්තිමත් නායකයෙක් ඉදිරියට එන්න ඕන. ඒ එක්කම ඒ නායකයා රටේ සුබ සාධනය ඇතිවෙන විදියට ඒකාධිපති පාලනයක් ගෙන යන කෙනෙක් වෙන්න ඕන (සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වගේ). ඒ කියන්නෙ ආණ්ඩුවේ පිස්සු කෙළින මැති ඇමතියන් ගෙදර යවන්න ආත්ම ශක්තියක් සහ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන.

    දැන් කවුද මේ පුද්ගලයා?

    දැනට පවතින ව්‍යවස්ථාව අනුව (19 සංශෝධනයෙන් පසු) පවතින ජනාධිපති ධුරයට පත්විය හැකි වාර දෙකේ සීමාව නිසා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට නැවත ඉදිරිපත් වීමට හැකියාවක් නොමැත.වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත ඉදිරිපත් නොවන බව පවසා තිබේ (එය එසේම වේවා කියා ප්‍රාර්ථනා කරමු).

    මේ තත්වය යටතේ මී ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නෝ කවුරුන්ද?

    එක් අපේක්ෂකයෙකු නම් අවුරුදු ගණනාවක සිට ජනාධිපති සිහිනයෙන්සහ හීනමානයෙන් පෙළෙන වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව මගේ අදහසයි. අප විසින් අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ අනිත් අපේක්ෂකයා කවුරුන්ද යන වගයි.

    මාගේ පෞද්ගලික මතය අනුව මේ අපේක්ෂකයා විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවය.

    මා මෙසේ පවසන්නේ දැනට ඉතාමත්ම අවුල් සහහත සහ අගාධයක වැටී සිටින ශ්‍රී ලාංකික සමාජයේ විනය, ආණ්ඩු ක්‍රමය සහ ක්‍රියාපටිපාටියන් විධිමත් කොට කිසියම් සංයමයක් ඇති කිරීමට අවශ්‍ය ජවය සහ දෘෂ්ටිය ඒ මහතා සතුව තිබෙන බැවින්ය. ඔහු ඒකාධිපති ගති ලක්ෂණවලින් යුතු පුද්ගලයෙකු වේ. ලංකාව වැනි රටක් පාලනය කිරීමට එවැනි තැනැත්තෙකු පවතින වාතාවරණය යටතේ අවශ්‍ය දෙයකි. ගෝඨාභය රාජපක්ෂ මහතා සර්ව සම්පූර්ණ මිනිසෙකු නොවේ. ඔහුගේ ක්‍රියාකලාපයේ ප්‍රබල මෙන්ම දුබල පැතිකඩවල්ද තිබේ (strengths & weaknesses). අපි කිසිවෙකු සර්ව සම්පූර්ණ මිනිසුන් නොවේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා තරඟ බිමට පිවිසියහොත් ඉතා තියුණු තරඟයකින් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි මම විශ්වාස කරමි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ජනාධිපති ධුරයට පත් වුවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව මාගේ අදහසයි. මහින්ද රාජපක්ෂ මහතා ඔහුගෙන් වියයුතු සේවය දැන් ඉටු කොට හමාරය. කෙනෙකු එක දිගට බලයේ සිටීම ආණ්ඩු ක්‍රම ක්‍රියා දාමයට එතරම් යෝග්‍ය නොවේ.

    (පසු සටහන: ගෝඨාභය රාජපක්ෂ මහතා මා පුද්ගලිකව දන්නා හඳුනන කෙනෙකු නොවේ. මා මෙසේ කියා සිටින්නේ අතීතයේ ඔහුගේ පැවැත්ම සහ කටයුතු කල ආකාරය ගැන සිතා බැලීමෙන් පසුවය).
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    එක් අපේක්ෂකයෙකු නම් අවුරුදු ගණනාවක සිට ජනාධිපති සිහිනයෙන්සහ හීනමානයෙන් පෙළෙන වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව මගේ අදහසයි.

    Amused-Chuckle-Funny-Haha--Ha-Ha-Hahaha-Laugh-LOL-Robert-De-Niro-GIF.gif
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    Gota da enda amarui ban..
    uge pawula athulema kachal ithin koheda

    ඉස්සරහට ඒව හරියන්න පුලුවන්. මට හිතෙන විදියට ලංකාව වගේ රටක් පාලනය කරන්න ඕන ගැම්ම මෙයාට තියෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල් ගොයියා තමා එන්නෙ. මොකෝ ගෝටා ආවොත් දෙමල මුස්ලිම් කවුරුවත් චන්දෙ දෙන්නේ නෑ. සිංහල චන්ද 55-45 වගේ බෙදුනත්, අනිත් චන්ද වලින් රනිල් දිනනව :dull:
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    ඉස්සරහට ඒව හරියන්න පුලුවන්. මට හිතෙන විදියට ලංකාව වගේ රටක් පාලනය කරන්න ඕන ගැම්ම මෙයාට තියෙනවා

    oita kalin uw hirey ban
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්න සිරා ඉල්ලන්නේ නෑ කිව්වට අනිවාර්යයෙන් චන්දෙ ලන් උනාම මොකක් හරි ගේමක් දීලා ආයෙත් ඉල්ලන්න බලනවා ඒත් යු ඈන්පී එකේ උන් කවදාවත් ඌට ආයෙත් ඉල්ලන්න දෙන්නේ නෑ රනිල්ව දානවා, කොස් ඈට බාගන්න බලලෙක් උන පබ සිරා නිකන්ම කුජීත වෙලා යනවා.. ජනාදිපති වෙනස් වෙනවා එක්කෝ රනිල් නෑත්තන් ගෝටා, බොහෝදුරට ගෝටා, මේ වෙනසෙන් මිනිස්සු හොද පාරමක් ඉගෙනගත්තා යු ඈන් පී ආන්ඩුවක් ගෑන. විශේශයෙන්ම තරුනයෝ, මීට කලින් යු ඈන් පී ආන්ඩුවක් එක්ස්පීරියන්ස් කරපු නෑති උන්.. ටික කාලෙකින් සිරාව මිනිස්සුන්ට අමතක වෙනවා. කිසිම පර්සනලිටි එකක් නෑති පට්ටමක් විතරක් තියෙන මිනිහෙක් නිසා පට්ටම ගෑලවුන ගමන් කවුරුත් පොරව ගනන් ගන්නෑඅ නෑතිව යනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    දැන් උබ කියන්නේ ශ්‍රීලනිපයයි එජාපයයි දෙකෙන්ම ගෝඨාභය මහත්තයව ඉදිරිපත් කරන්න කියලද? :rolleyes::rolleyes:

    පක්ෂ දෙකේම නායකයොයි කියාගන්නා දැන් ඉන්න නාකියෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම නම් කැමතියි පක්ෂ දෙකෙන්ම දුෂනයට එරෙහි 60 පැනපු නැති නායකයෝ දෙන්නෙක් ඉදිරිපත් වෙනවට. සුදුස්සා දිනයි.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රනිල් ගොයියා තමා එන්නෙ. මොකෝ ගෝටා ආවොත් දෙමල මුස්ලිම් කවුරුවත් චන්දෙ දෙන්නේ නෑ. සිංහල චන්ද 55-45 වගේ බෙදුනත්, අනිත් චන්ද වලින් රනිල් දිනනව :dull:
    ඈයි එහෙම නොදෙන්නේ... දෑන් රටේ පාලකයෝ තීරනය කරන්නේ සුලු ජාතියද? ඒ කියන්නේ මහ ජාතිය නටන්න ඕන සුලු ජාතියේ පදේට ද? රටක් ජාතියක් ගෑන කෑක්කුමක් තියෙන කොන්දක් තියෙන නියම සින්හල පිරිමියෙක්ට රටේ නායක කමට එන්න බෑරි තත්වයක්ද දෑන් මේ රටේ තියෙන්නේ?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    පොන්න සිරා ඉල්ලන්නේ නෑ කිව්වට අනිවාර්යයෙන් චන්දෙ ලන් උනාම මොකක් හරි ගේමක් දීලා ආයෙත් ඉල්ලන්න බලනවා ඒත් යු ඈන්පී එකේ උන් කවදාවත් ඌට ආයෙත් ඉල්ලන්න දෙන්නේ නෑ රනිල්ව දානවා, කොස් ඈට බාගන්න බලලෙක් උන පබ සිරා නිකන්ම කුජීත වෙලා යනවා.. ජනාදිපති වෙනස් වෙනවා එක්කෝ රනිල් නෑත්තන් ගෝටා, බොහෝදුරට ගෝටා, මේ වෙනසෙන් මිනිස්සු හොද පාරමක් ඉගෙනගත්තා යු ඈන් පී ආන්ඩුවක් ගෑන. විශේශයෙන්ම තරුනයෝ, මීට කලින් යු ඈන් පී ආන්ඩුවක් එක්ස්පීරියන්ස් කරපු නෑති උන්.. ටික කාලෙකින් සිරාව මිනිස්සුන්ට අමතක වෙනවා. කිසිම පර්සනලිටි එකක් නෑති පට්ටමක් විතරක් තියෙන මිනිහෙක් නිසා පට්ටම ගෑලවුන ගමන් කවුරුත් පොරව ගනන් ගන්නෑඅ නෑතිව යනවා.

    පක්ෂ පාට අමතක කරලා රට ඉස්සරහට අරගෙන යන්න පුලුවන් කෙනෙක් හැටියට මට නම් හිතා ගන්න පුලුවන් ගෝඨාභය විතරයි (දැනට ඉන්න කට්ටියගෙන්)
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    දැන් උබ කියන්නේ ශ්‍රීලනිපයයි එජාපයයි දෙකෙන්ම ගෝඨාභය මහත්තයව ඉදිරිපත් කරන්න කියලද? :rolleyes::rolleyes:

    පක්ෂ දෙකේම නායකයොයි කියාගන්නා දැන් ඉන්න නාකියෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම නම් කැමතියි පක්ෂ දෙකෙන්ම දුෂනයට එරෙහි 60 පැනපු නැති නායකයෝ දෙන්නෙක් ඉදිරිපත් වෙනවට. සුදුස්සා දිනයි.

    උඹේ කතාව හරි. තියෙන ප්‍රශ්නෙ එහෙම කෙනෙක් ඉන්නවද, නැත්නම් ඉස්සරහට එයිද කියන් එක.

    නැහැ. රනිල් යූඑන්පී එකෙන් එයි. ගෝටා එන්න ඕන ඊට විරුද්ධ බලවේගයකින්. ඒකෙ දැන් ඉන්න හොරු රැළ හිටියත් කමක් නෑ. ගෝටා උන්ට නියමෙට වැඩේ දෙයි වෙලාවට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඈයි එහෙම නොදෙන්නේ... දෑන් රටේ පාලකයෝ තීරනය කරන්නේ සුලු ජාතියද? ඒ කියන්නේ මහ ජාතිය නටන්න ඕන සුලු ජාතියේ පදේට ද? රටක් ජාතියක් ගෑන කෑක්කුමක් තියෙන කොන්දක් තියෙන නියම සින්හල පිරිමියෙක්ට රටේ නායක කමට එන්න බෑරි තත්වයක්ද දෑන් මේ රටේ තියෙන්නේ?
    ඉතින් බන් ගිය පාර එහෙමනෙ උනේ, 2020ත් ඕක තමා වෙන්නේ. UNP අය කොහොමත් රනිල්ට දෙනව, එකට මුස්ලිම් දෙමල චන්ද 90% විතර වැටුනම 50% හරි, ගෝටට වැටෙන්නේ සිංහල චන්ද විතරයි නෙ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    ඉතින් බන් ගිය පාර එහෙමනෙ උනේ, 2020ත් ඕක තමා වෙන්නේ. UNP අය කොහොමත් රනිල්ට දෙනව, එකට මුස්ලිම් දෙමල චන්ද 90% විතර වැටුනම 50% හරි, ගෝටට වැටෙන්නේ සිංහල චන්ද විතරයි නෙ.

    අන්න ඒ සිංහල චන්ද වැඩි කර ගන්න දැන් ඉඳලම වැඩ පිළිවෙලක් කරන්න ඕන. 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුව නම් මේක අමාරු වෙන්න විදියක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    උඹේ කතාව හරි. තියෙන ප්‍රශ්නෙ එහෙම කෙනෙක් ඉන්නවද, නැත්නම් ඉස්සරහට එයිද කියන් එක.

    නැහැ. රනිල් යූඑන්පී එකෙන් එයි. ගෝටා එන්න ඕන ඊට විරුද්ධ බලවේගයකින්. ඒකෙ දැන් ඉන්න හොරු රැළ හිටියත් කමක් නෑ. ගෝටා උන්ට නියමෙට වැඩේ දෙයි වෙලාවට.

    එජාපයෙන් රනිල් ආවොත් ඒක ඒ පක්ෂයටත් රටටත් වෙන ලොකු පාඩුවක්.

    මහින්ද මහත්තයට සාපේක්ෂව යම් යම් පැති වලින් ගෝඨා ටිකක් හරි හොඳයි කියන්න පුළුවන්. ඒත් අපේ රටේ හැමදාම නායකයා වෙලා හිටියේ 60 පැනපු මැන්ටල් ඩයල්. දැන් ගෝඨාට 67යි. 2020දි, 71යි, අවුරුදු 5ක් කරනව නම් 76යි. "විනාස කාලේන විපරීත බුද්ධි" කියලා කියන්නේ නිකන් නෙවෙයිනේ. පක්ෂ පාට බේදයකින් තොරව හැම පක්ෂයේම වයසක ඩයල් පිස්සු කෙලිනවා වැඩියි. ඒක අපිට ඇහැට පේන්න තියෙන දෙයක්නේ. අපි ඉදා ඉඳන් කරේ ඕක හැත්තෑ ගනන් කෙනෙක්ට රටක් පාලනය කරන්න දෙන එකනේ. පක්ෂ දෙකේම හොඳ නායකයෝ හැංගිලා ඉන්නවා ඇති. අපි කවදාවත් 45-55 අතර කෙනෙක්ට අවස්ථාවක් දීලා නෑ. මේ යන විදිහට අවස්ථාවක් දෙන්නෙත් නැති සීන් එකක් තියෙන්නේ. වතුරේ නෙළුම් පිපෙයි මතුපිට අයිසි බැඳිලා නැත්නම්. පක්ෂ පාට ඇත ඇරලා ටිකක් හරි තරුණ නායකයෙක්ට උඩට එන්න ඉඩ දෙමු. ආවොත් සපෝර්ට් කරමු.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    පක්ෂ පාට අමතක කරලා රට ඉස්සරහට අරගෙන යන්න පුලුවන් කෙනෙක් හැටියට මට නම් හිතා ගන්න පුලුවන් ගෝඨාභය විතරයි (දැනට ඉන්න කට්ටියගෙන්)

    :yes::yes:

    GOTA Illuwoth machan behalama wada karanawa ban mama nan.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    එජාපයෙන් රනිල් ආවොත් ඒක ඒ පක්ෂයටත් රටටත් වෙන ලොකු පාඩුවක්.

    මහින්ද මහත්තයට සාපේක්ෂව යම් යම් පැති වලින් ගෝඨා ටිකක් හරි හොඳයි කියන්න පුළුවන්. ඒත් අපේ රටේ හැමදාම නායකයා වෙලා හිටියේ 60 පැනපු මැන්ටල් ඩයල්. දැන් ගෝඨාට 67යි. 2020දි, 71යි, අවුරුදු 5ක් කරනව නම් 76යි. "විනාස කාලේන විපරීත බුද්ධි" කියලා කියන්නේ නිකන් නෙවෙයිනේ. පක්ෂ පාට බේදයකින් තොරව හැම පක්ෂයේම වයසක ඩයල් පිස්සු කෙලිනවා වැඩියි. ඒක අපිට ඇහැට පේන්න තියෙන දෙයක්නේ. අපි ඉදා ඉඳන් කරේ ඕක හැත්තෑ ගනන් කෙනෙක්ට රටක් පාලනය කරන්න දෙන එකනේ. පක්ෂ දෙකේම හොඳ නායකයෝ හැංගිලා ඉන්නවා ඇති. අපි කවදාවත් 45-55 අතර කෙනෙක්ට අවස්ථාවක් දීලා නෑ. මේ යන විදිහට අවස්ථාවක් දෙන්නෙත් නැති සීන් එකක් තියෙන්නේ. වතුරේ නෙළුම් පිපෙයි මතුපිට අයිසි බැඳිලා නැත්නම්. පක්ෂ පාට ඇත ඇරලා ටිකක් හරි තරුණ නායකයෙක්ට උඩට එන්න ඉඩ දෙමු. ආවොත් සපෝර්ට් කරමු.

    කතාව ඇත්ත. එහෙම තරුණ කෙනෙක් එනව නම් අපි ඔක්කොම කැමතියි. ඒත් එහෙම එන ලකුණු පේන්න නම් නෑ. දැන් ඉන්න තරුණ ඒවුනුත් පිස්සුනෙ කෙළින්නෙ