පොකිමෑන් එකේ තියෙන්නේ පොකි කියන සත්තුන්ව දඩයම් කරන්නයි බන්, තව උන්ව යොදාගෙන උබලට අනෙක් උන් එක්ක ගහගනත් පුලුවන් කියනවා (වෙන එකෙක් එක්ක). මම ගේම් එක ගහල නෑ නමුත් මේක ගැන පොඩ්ඩක් කියෙව්වා. මේකට ගූගුල් මෑප් එක, GPS වගේ ඕනේ, තව ඉන්ටර්නෙට් එකත් ඕනේ. මේක ලෝකේ ගොඩක් ජනප්රිය ගේම් එකක්. මේ ගේම් එකේ අරමුණ තමයි ගේම් ගගහා කාමර අස්සේ ඉන්න උන්ව එළියට අරගෙන, පොඩ්ඩක් ඇවිද්දන එකයි, මිනිස්සුන්ව එකට මුණ ගස්වලා සමාජශීලි කරවන එකයි. එහෙම බලනකොට මේ ගේම් එක ගොඩක් හොදයි. මම දැක්කා සමහර උන් දාලා තියෙන උන් කිලෝමිටර් ගණන් ඇවිදලා තියෙනවා කියලත්. මේකත් හරියට දැලි පිහිය වගේ තමයි, හරියට යූස් කරේ නැත්නම් ඉවරයි තමයි, නමුත් ලංකාව වගේ රටවලට ගැලපෙයිද කියලයි ෂූවර් නැත්තේ. ලංකාවේ ත්රීවිල් කාරයෝ එහෙන් දානවා, මෙහෙන් දානවා, මිනිස්සු පෙරලගෙන යන්න දගලනවා, හොරු ඉන්නවා, මිනිස්සුන්ට යන්න තියෙන පේමන්ට් එකේ බිස්නස් කාරයෝ කඩ හදාගෙන ඒක නිසා මිනිස්සුන්ට යන්න වෙලා තියෙන්නේ පාරේ. කොහොම උනත් උබලා කොම්පියුටර් වලට ඇබ්බැහිවෙලා, කාමර අස්සේම ලැගගෙන ඉදගෙන ගේම් ගහනවා නම් මේක හොද ගේම් එකක්. අර වල්තරයා වගේ උන්ට නම් මේක නියමෙට ගැලපෙනවා.