රේඩාර් තිරයට නොපෙනී එන සටන්කරුවා-5

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රේඩාර් තිරයට නොපෙනී එන සටන්කරුවා-5

    NZYz6ul.png

    එෆ්-35 පවුලේ සාමාජිකයින් තිදෙනෙක් සිටියි.ඒ තිදෙනාම තනි අසුනේ ජෙට් යානාය.එෆ්-35ඒ සහ එෆ්-35සී යානා සාම්ප්‍රදායික අයුරින්(තිරස්ව)ගුවන් ගතවීම සහ ගොඩබෑම සිදුකරයි.එෆ්-35බී යානයට සිරස්ව ගුවන් ගත වීමේ සහ ගොඩබෑමේ හැකියාව තිබේ.මෙම යානා තුන් වර්ගය සමාන ලක්ෂණ සහිතය.වෙනස් වන්නේ ඒවා ගුවන් ගතවන සහ ගොඩබසින ආකාරයෙන්ගෙන්ය.මෙම වෙනස්කම් වලට හේතුව විවිධ තත්ත්ව යටතේ මෙහෙයුම් කිරීමට ඒවා විශේෂයෙන් සැලසුම් කර තිබීමයි.

    එෆ්-35 පවුල





    එෆ්-35ඒ යානය - F-35A

    JmSEGdJ.jpg

    මෙම යානයට ගුවන් ගත වීමට සහ ගොඩබෑමට සාමාන්‍යය ගුවන් යානයක් මෙන් දිගු ගුවන් පථයක් අවශ්‍ය වේ.තවද අභ්‍යන්තර අවිය/මැෂින් තුවක්කුවක් රැගෙන යන එකම එෆ්-35 සංස්කරණය වන්නේ මෙයයි.එෆ්-35 පවුලේ වඩාත් සුලභම සංස්කරණය එෆ්-35ඒ යානයයි.තුන්වන සහ හතරවන පරම්පරාවල ප්‍රහාරක ජෙට් යානා වෙනුවට මෙම එෆ්-35ඒ යානය ඉදිරියේදී භාවිතා කරනු ඇති.




    එෆ්-35බී - F-35B

    r3bEXNB.jpg

    හෙලිකොප්ටරයක් මෙන් සිරස් අතට ගුවන් ගත කිරීම/ගොඩබෑම කල හැකි මෙම යානයට එෆ්-35ඒ යානයට මෙන් දිගු ධාවන පථයක් අවශ්‍ය නොවේ.මෙවැනි යානයක තිබෙන වාසිය සංග්‍රාමයකදී ඉදිරි පෙරමුණ ආසන්නයේ ,ගුවන් යානා බොඩබෑමට හැකි නෞකාවල,ධාවන පථයක් රහිත රළු භූමි ආදියේ සිට මෙහෙයුම් සිදුකල හැකිවීමයි.නමුත් මෙයට සාමාන්‍ය ගුවන් යානයක් මෙන් දිගු ධාවන පථ ඔස්සේ ගුවන් ගතවීම/ගොඩබෑම කල හැකිය.




    එෆ්-35සී - F-35C

    P0Usq83.jpg

    ප්‍රථම වරට එක්සත් ජනපද නාවික-ගුවන් ඉතිහාසයේ රේඩාර් මඟහැර යා හැකි ස්ටෙල්ත් හැකියාව සහිත ගුවන් යානයක් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත පැමිණියේ එෆ්-35 වැඩසටහන යටතේය.එය එෆ්-35සී යානයයි.නාවික හමුදාවේ ප්‍රථම ස්ටෙල්ත් ප්‍රහාරක යානය සහ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිට මෙහෙයුම් සිදුකල හැකි ලොව ප්‍රථම පස්වන පරම්පරාවේ ගුවන් යානය වන්නේ මෙයයි.


    g0YvOel.jpg

    එෆ්-35 පවුලේ සංස්කරණ තුන කැලිෆෝනියාහි එඩ්වර්ඩ් ගුවන් හමුදා කඳවුරු භූමියේ



    ලොක්හීඩ් මාටින් සමාගමේ නිෂ්පාදනාගාරයේ තිබෙන එෆ්-35 යානයක්.එකලස් කිරීමෙන් පසුව මෙම ජෙට් යානය ලා කොළ පාටින් දිස්වේ.ඉන්පසු එය අතිශය රහසිගත "රේඩාර් උරාගන්නා සංයුතියක් සහිත තීන්ත වර්ගයකින්" පින්තාරු කරනු ලැබේ.​

    OAU8AgW.jpg




    එෆ්-35 පවුලේ සැහැල්ලුම යානය වන්නේ එෆ්-35ඒ යානයයි.එහි බර රාත්තල් 29,300කි.උස අඩි 14කි.

    W80GkSW.jpg




    එෆ්-35බී යනු පවුලේ මද්දුමයාය.බරින් රාත්තල් 32,300ක් වන මෙම යානය අඩි 14.3ක් උසය.

    YQ27CVV.jpg




    එෆ්-35සී යනු මෙම පවුලේ උසින් සහ බරින් වැඩිම යානයයි.එය රාත්තල් 34,800ක් බරින්ද අඩි 14.7 උසකින්ද යුක්ත වේ.

    cuSaX7o.jpg




    එෆ්-35ඒ සහ එෆ්-35බී යානා සතුව සමාන දිගක් සහ පළලක් තිබේ.යානා දෙකම අඩි 35ක් පළලින්ද,අඩි 51ක් දිගකින්ද යුක්ත වේ.

    q22Zldt.jpg



    නාවික හමුදාව වෙනුවෙන් නිර්මාණය කල එෆ්-35සී යානය සතුව දිගු පියාපත් තිබෙන්නේ ඒවා ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට පහසුවෙන් ගොඩබෑමට හැකිවීම පිණිසය.එෆ්-35සී යානයේ පළල අඩි 43කි.පියාපත්වල වර්ගඵලය වර්ග අඩි 208ක් වන අතර එය එෆ්-35ඒ සහ එෆ්-35බී යානාවලට වඩා වැඩිය.​

    21fjgGV.jpg




    එෆ්-35සී යානයේ පියාපත් විශේෂිතය.මන්ද එම යානා ප්‍රවාහනය කරන්නේ ගුවන් යානා ප්‍රවාහන නෞකා තුල වීම නිසාය.එෆ්-35සී යානාවල පියාපත් දිගු නිසා ඉඩඇහිරීම වළක්වාලනු පිණිස පියාපත් දෙකෙළවරින් ඇකිළිය හැකි අයුරින් නිමවා ඇත.

    0IZpTZs.jpg




    සාමාන්‍ය ගුවන් ගතවීමකදී එෆ්-35සී යානයක් අඩි 310 දුරක්,කැටපෝලයේ සහායද සහිතව ධාවනය වීමෙන් 0 සිට පැයට සැතපුම් 150ක වේගයක් ලබා ගන්නා බව කියවේ.

    mTwkK1I.jpg




    එෆ්-35ඒ යානය සතුව පමණක් අභ්‍යන්තර අවියක් තිබේ.එය යානයේ දකුණුපසින් ස්ථානගත කර තිබේ.

    1rZySG6.jpg




    රේඩාර්වලට හසුනොවීමට අවශ්‍ය හැඩයක් සතු එෆ්-35 යානාවල රේඩාර් තරංග උරාගත හැකි විශේෂිත ආලේපනයක් ගල්වා තිබේ.යානා තුන්වර්ගයම එක් නියමුවෙක් සඳහා නිර්මාණය කර තිබේ.නාසයට පහලින් තිබෙන වීදුරු ජනේල සහිත කොටසේ ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ ඉලක්ක කිරීමේ පද්ධතිය ස්ථානගත කර තිබේ.යානයේ ගෙන යන බෝම්බ සහ මිසයිලවලට අවශ්‍ය ඉලක්ක ලබාගැනීම මෙහි කාර්යයයි.

    TcDKD8I.jpg




    එෆ්-35 යානයකට රාත්තල් 18,000කට වැඩි අවි ගෙන යා හැකිය.එෆ්-22 ස්ටෙල්ත් ප්‍රහාරක යානයට මෙන්ම එෆ්-35 යානාවලටද අභ්‍යන්තරව අවි රැගෙන යාමේ හැකියාව තිබේ.

    CljcjOH.jpg




    එෆ්-35 යානාවලට රාත්තල් 350ක ගුවනේ සිට ගුවනට එල්ල කරන මිසයිල දෙකක් සිය අභ්‍යන්තර අවි ගබඩාවේ රැගෙන යා හැකිය.එෆ්-35ඒ සහ එෆ්-35සී යානාවලට රාත්තල් 2000ක බෝම්බ දෙකක් සහ එෆ්-35බී යානයකට රාත්තල් 1000 බෝම්බ දෙකක් රැගෙන යා හැකිය.

    xMocLb0.jpg




    එෆ්-35 යානාවන්හි පියාපත් වල ගුවනේ සිට ගොඩබිමට සහ ගුවනේ සිට ගුවනට එල්ල කල හැකි රාත්තල් 2500ක් බර මිසයිල මිසයිල රැදවුම් ස්ථාන 2ක්,රාත්තල් 5000ක් බර ගුවනේ සිට ගුවනට සහ ගුවනේ සිට ගොඩබිමට එල්ල කල හැකි මිසයිල රැඳවුම් ස්ථාන 2ක් සහ රාත්තල් 300ක් බර සෑම් මිසයිල දෙකක් ගෙන යා හැකි රැඳවුම් ස්ථාන දෙකක් පිහිටුවා තිබේ.

    84263Mx.jpg




    එෆ්-35සී යානය රාත්තල් 19,750ක් බර ඉන්ධන රැගෙන යයි.එෆ්-35 මොඩල තුන අතරින් වැඩිම ඉන්ධන ධාරිතාවය ඇත්තේ එෆ්-35සී යානයටයි.යානා මොඩල තුනම ගුවනේදී ඉන්ධන ලබාගත හැකි අයුරින් නිර්මාණය කර තිබේ.එෆ්-35බී සහ එෆ්-35සී යානා පහත දැක්වෙන පරිදි ගුවනේදී ඉන්ධන පුරවාගනු ලැබේ.

    3R1mznX.jpg




    නමුත් එෆ්-35 යානය ගුවනේදී ඉන්ධන පුරාගන්නේ වෙනස් ස්ථානයක් භාවිතයෙනි.එෆ්-35ඒ යානයේ ඉන්ධන ධාරිතාවය රාත්තල් 18,250කි.

    RHynROP.jpg




    එෆ්-35 යානාවල ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ ඉලක්ක ගත කිරීමේ පද්ධතිය

    HqIhYc9.jpg




    එෆ්-35 යනු පෙන්ටගනයේ විශාලතම ව්‍යාපෘතියකි.දැනට ඒ සඳහා ඇ.ඩො.බිලියන 391කට වඩා වියදම් කර තිබේ.2019 වන විට එෆ්-35 යානයක වියදම ඩො.මිලියන 80 වනු ඇතිබව කියවේ.

    EMkpNkR.jpg




    නාවික හමුදාවට අනුව එෆ්-35සී යානයේ මුහුදු ආශ්‍රිත අත්හදා බැලීමේ ගුවන් ගමන් මේවන විට සම්පුර්ණ කර තිබේ.

    g4FVfgK.jpg




    ජාතීන් 9ක් එෆ්-35 යානා මේවන විට ඇනවුම් කර තිබේ.නෝර්වේ රාජ්‍යයේ ප්‍රථම එෆ්-35 යානය ප්‍රථම වරට ප්‍රදර්ශනය කලේ 2015 සැප්තැම්බර් මාසයේදීය.

    wlnSBkc.jpg





    එෆ්-35 යානාවල අවි

    AfahEou.jpg

    එෆ්-35 යානයකට රේඩාර්වලට හසුනොවී රාත්තල් 3500කට වැඩි අවි ගෙන යා හැකිය.ස්ටෙල්ත් හැකියාව නොමැතිව ගෙන යා හැකි අවිවල බර රාත්තල් 18,000 ඉක්මවන බව සඳහන්ය.

    eRB0VR4.jpg
    එෆ්-35 යානයක ගෙන යා හැකි මිසයිල සහ බෝම්බවල එකතුවක්​

    එෆ්-35ඒ යානය පමණක් සතු අභ්‍යන්තර අවිය එහි ස්ටෙල්ත් හැකියාවට හානියක් නොවන අයුරින් ස්ථානගත කර තිබේ.මෙය ගැට්ලින් අවියකි.එහි සැබෑ නාමය වන්නේ ජීඒයූ-22/ඒ ය.ඊට මි.මී.25හි උණ්ඩ 3,300ක් මිනිත්තුවකදී නිකුත් කල හැකිබව කියවේ.නමුත් මෙම මැෂින් තුවක්කුව තවමත් හරි හැටි සංග්‍රාමයකදී භාවිතා කල නොහැකි බව සඳහන්ය.මන්ද එම අවිය පාලනය කිරීමට අවශ්‍ය මෘදුකාංගයේ වැඩකටයුතු තවමත් අවසන් කරන නොමැති නිසාවෙනි.

    Lr78cWU.jpg
    එෆ්-35ඒ යානය සතු අභ්‍යන්තර මැෂින් තුවක්කුව​

    zhzfethikm4qiuxtnei1.gif

    එෆ්-35ඒ යානය සතු අභ්‍යන්තර මැෂින් තුවක්කුව අත්හදා බලන අවස්ථාවක්

    එෆ්-35බී සහ එෆ්-35සී යානාවල මෙම අවිය සවිකර තිබෙන්නේ යානයේ පිටතින් යටි පැත්තේ මධ්‍යයට වන්නටය.බැරල් 4කින් යුක්ත මෙම මැෂින් තුවක්කුවේ උණ්ඩ තත්ත්පර 4ක් වැනි කාලයකදී අවසන් වන බව කියවේ.මෙම අවිය එෆ්-35 වැඩසටහන ප්‍රමාද වීමට හේතුවක් ලෙසද දක්වා තිබේ.

    g7MSxnc.jpg
    එෆ්-35බී සහ එෆ්-35සී යානවල මෙම මැෂින් තුවක්කුව යානාවල යටි පැත්තේ ස්ථානගත කර තිබේ​

    pKX5dLK.jpg
    ඉදිරිපසින් බැලූ විට අවිය පෙනෙන අයුරු​


    එෆ්-35 යානයේ මැෂින් තුවක්කුව අත්හදා බැලීම සහ තවත් තොරතුරු




    එෆ්-35බී යානයක් සියලු බාහිර අවි රැදවුම් ස්ථාන වල අවි සහිතව සිරස්ව ගුවන් ගතවන අයුරු/ගොඩබසින අයුරු

    T9EF2gV.jpg




    එෆ්-35ඒ යානයක් බාහිර අවි රැඳවුම් ස්ථාන සියල්ල මිසයිලවලින් සම්පුර්ණ කරගෙන පියාසර කරන අයුරු

    DE3QWri.jpg




    එෆ්-35 යානයක් සිය අභ්‍යන්තර අවි ගබඩාවේ දොරවල් විවෘත කර ඇති අවස්ථාවක්

    cmlhBkk.jpg





    හයවන කොටසින් හමුවෙමු​




    Source:businessinsider.com

    -HarshaLulzSec-
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,094
    20,324
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    වෙනදා වගේම අදත් හොද ත්‍රේඩ් එකක්
    T F S ! මචං
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    එල භාණ්ඩයක්නේ. ඩිසයින් එක,වෙපන් සිස්ටම් අතින් සුපිරි. :cool::cool::yes::yes: TFS Machan! :yes::yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    11.gif
    11.gif
    11.gif

    වෙනදා වගේම අදත් හොද ත්‍රේඩ් එකක්
    T F S ! මචං
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

    Thanks

    එල භාණ්ඩයක්නේ. ඩිසයින් එක,වෙපන් සිස්ටම් අතින් සුපිරි. :cool::cool::yes::yes: TFS Machan! :yes::yes:
    Thanks
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    පට්ට විස්තරේ මචෝ
    බට් මන් PAK T50 ට තමා කැමති ඕකට වඩා :love::love::love:
    රේප් කොරන්න බෑලු :baffled:
    :baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වෙනද වගේම ඉතින් පට්ට ත්‍රෙඩ් එකක්..
    11.gif

    හෙන ආසාවෙන් කියවන් ගියා..:yes:
    අර පයිලට් ඉන්න තැනට පිටි පස්සෙන් පෙත්තක් වගේ එකක් ඉස්සෙන්නෙ මොකද්ද බං..:eek:
    +Rep

     
    • Like
    Reactions: HarshaLulzSec

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,809
    764
    113
    Patta machan. Rep denna behene.You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    nice thread
    + rep
    Thanks

    Thanks

    rated excellent :cool:
    Thanks

    පට්ට විස්තරේ මචෝ
    බට් මන් PAK T50 ට තමා කැමති ඕකට වඩා :love::love::love:
    රේප් කොරන්න බෑලු :baffled:
    :baffled:
    Thanks

    ela mchn..
    ++++
    Thanks

    වෙනද වගේම ඉතින් පට්ට ත්‍රෙඩ් එකක්..
    11.gif

    හෙන ආසාවෙන් කියවන් ගියා..:yes:
    අර පයිලට් ඉන්න තැනට පිටි පස්සෙන් පෙත්තක් වගේ එකක් ඉස්සෙන්නෙ මොකද්ද බං..:eek:
    +Rep

    Thanks

    BFnp7Zw.jpg


    LtG9A2W.jpg


    Patta machan. Rep denna behene.You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    Similar threads