ඔය කියපු ඔක්කොම විස්වාසය නිසා අදහන දේවල් මිසක් ඇත්ත නැත්ත හොයන්න පුළුවන් දේවල් නෙවේ නෙ. එකයි ප්‍රශ්නෙ. කුරානේ තියෙන්නේ පරම සත්‍ය කියල මුස්ලිම් අය විස්වාස කරනව, බුදුහාමුදුරුවෝ කිවේ පරම සත්‍ය කියල බෞද්ධයෝ විස්වාස කරනව. ඔය දෙකෙන් කෝකද හරි ?
උදාහරනයකට බුදුවරයෙක් මව්කුස තුල ඉද්දි මවට ගර්බාශයේ හැදෙන දරුවව පෙනෙනවා කියල කියනව. ඕක අස්වාභාවිකයි, ක්‍රිස්තියානි අය කියනව ජේසු උපන්නේ කන්‍යාවකට දාව කියල. ඒකත් අස්වාභාවිකයි. එතකොට මේක විස්වාස කරන්නයි අරක අවිස්වාස නොකරන්නයි හේතුවක් තියෙන්න ඕනි නෙ. මට පේන එකම හේතුව ශ්‍රද්ධාව නිසා තමන්ගේ එක හරි කියල ඒ ඒ ආගමේ අයට තියෙන විස්වාසය විතරයි. වෙන තර්කානුකුල උත්තරයක් නෑ නෙ. මම වගේ අයට ඕව පිළිගන්න බැරි හේතුව ඕකයි. අනික් කාරණාත් ඒ වගේ තමයි.
ත්‍රිපිටකයේ කියල තිබීම කියන දේ නං එකම හේතුව ඕව විස්වාස කරන්න, කුරානේ තියෙන නිසා ඒවා හරි කියන අයගෙයි, බයිබලේ කියල තියෙන නිසා ඒවත් හරි කියන අයගෙයි වෙනසක් මට පෙන්නේ නෑ.