ළමා අපචාර, දූෂණ කේස් හරියට කිකිළී සහා බිත්තරය වගේ. පිරිමියෙක් ගෑණියෙක්ව හෝ ළමයෙක්ව දූෂණය කරන්නේ ලිංගික තෘප්තිය ගන්න නෙවෙයි, ලිංගිකත්වය ආයුධයක් කරගෙන ඒකෙන් කාටහරි රිද්දන්නයි. මේ දූෂකයන්ගේ අතීතය දීහා බැලුවොත් කැපිලා පේන දෙයක් තමයි උන්ගේ ළමා කාලය හරිම කටුකයි, පොඩි කාලේ කවුරු හරි අතින් අතවරයකට ලක් වෙලා තියෙනවා, නිතරම වගේ මානසික පීඩනයට පත් වෙලා තියෙනවා, ගෙදරින් සමාජයෙන් නිසි ආදරයක් රැකවරණයක් ලැබිලා නෑ, නිතරම වගේ මානසික හෝ ශාරිරික වද බන්දයකට ලක් වෙලා තියෙනවා එහෙම වැඩෙන උන් ලොකු උනාම කරන්නේ ඒ තරහා මිනිස්සුන්ගේ පිටින් යවන එකයි. මේ ඔක්කොම වෙන්න ඕනේ නෑ, සමහරක් අයට නම් එකක් දෙකක් උනත් ඇති ජීවිතයම කඩාගෙන වැටෙන්න. ගෑණුන්ට රිද්දවන්න උනාම උන් කරන්නේ රේප් කරන එකයි මොකද ඒක තමයි ගෑණියෙක්ට රිද්දන්න පුලුවන් හොදම ක්‍රමය, ළමයින්ටත් ඒකමයි, තවත් ඒ වගේම පිරිමියෙක්ට රිද්දන්න උන් කරන්නේ නිකම් රන්ඩුවට පටලැන එකයි, කුණුහරුප කියාගෙන කෑ ගහන එකයි,සමහර උන් පිරිමින්වත් රේප් කරනවා හිරේදි වගේ. පොඩි දේටත් තරහා අරගෙන ඇගට ගොඩ වෙන්න හදන එකයි. ඊට පස්සේ උන්ගෙන් රේප් වෙන පොඩි උනුත් අර වගේම වෙනවා, ඊට පස්සේ මේක දිගට දිගට යනවා. හැමෝම නරක පැත්තට යන්නේ නෑ, සමහර උන් මානසිකව වැටෙනවා වැටිලා ලොකු උනාම හරි පෞරුෂත්වයක් ගොඩ නගා ගන්න අසමත් වෙනවා, විභාග වලින් ෆේල් වෙනවා, ජොබ් එකක් හරියට කරගන්න බැරුව දගලනවා. එතකොට මේක නවත්වන්න නම් දූෂකයෝ ඔක්කොම අල්ලගත්තට විතරක් මදි, උන් ඒ තත්වයට පත්වෙන මූලය නැති කරන්නත් ඕනේ. හැමෝම හිතන්නේ දූෂකයා කියන්නේ පිරිමියටයි, ඒකට ලක් වෙන්නේ ගෑණුයි, ළමයිනුයි විතරයි කියලයි නමුත් ඒක නෙවෙයි ඇත්ව තත්වේ, ඇත්ත තත්වේ තමයි දූෂකයා ගෑණු වෙන්නත් පුලුවන්, පිරිමි වෙන්නත් පුලුවන්. පොලිසිය ඉදලා හිටලා ගෑණියෙක්ව ඇරෙස්ට් කරාට ගොඩක් වෙලාවලදි එහෙම වෙන්නේ නෑ, සමාජය උනත් ගෑණියෙක් අතින් දූෂණයට ලක් වෙච්ච ළමයි දිහා බලන්නේ ලක් කාරයෝ හැටියටයි, ඒක නිසා උන්ට එළියට ඇවිත් මේක ගැන පැමිණිලි කරන්නවත් බෑ මොකද හැමෝම වගේ හිනාවෙන නිසා. නමුත් එතන හානියක් තියෙනවා, ප්‍රශ්ණයක් තියෙනවා, එහෙම වැඩෙන ළමයින්ට පිළිසරණක් නෑ, ඉතින් උන් පස්සේ කාලෙක මේ තරහා පිට කරන්නෙත් උන්ට ඒ දේ උන විදියටමයි.