kohomda gamnanpilage athal eka
පා ගමනට පැමිණි සෙනඟ පිලිබඳ විවිධ මත කියනවා. සමහරුන්ට 2000යි. දුම්න්ද දිසානායක මැතිතුමා 20,000 මහින්ද අමරවීර මැතිතුමා 25,000යි. මේ සියළු දෙනාට එක්කෝ ගණිතය බෑ. නැතිනම් අවාසියා දෘෂ්ටියාබාධා කියන භයානක රෝගය වැළදිලා. ඒ කියන්නේ අවාසි දේවල් පමණක් පේන්නේ නෑ තමන්ට වාසි දේවල් පමණයි පෙන්නේ. ඒ නිසා ගණිතය දන්න කෙනෙකු හැටියට මගේ යුතුකමක් තිබෙනවා යම් විද්යාත්මක ගණනය කිරීමක් කරන්න. මෙහෙම ප්රශ්නයක් වෙයි කියලා අපි හිතුවේ නෑ. Miracle SKY Vision කියන වෙබ් අඩවියේ අහසින් විඩියෝ සහ ඡයාරුප ලබා දෙන ව්යාපාරික ආයතනයක්. ඔවුන්ගේ වෙබ් අඩවියේ එම ඡයාරුප හා විඩියෝ ඇතුලත් කරලා තියෙනවා. ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් සෙනඟ හිටියද නැද්ද කියලා. මේක හදේ කරපු පා ගමනක් නෙවෙයි නේ සෙනග හිටියද නැද්ද අහන්න මහ පොළවේ සිද්ධ වුණේ නුවර සිට කොළඹ දක්වා නුවර පාර දෙපස ඉන්න පිරිසගෙන් ඇහුවනම් කියයි කොච්චර සෙගන හිටියද, කොච්චර දුරට තිබුණුද කියලා. බොරු කියලා සැගවිලා ඉන්න බෑ. ආණ්ඩුවේ ඉන්නේ බොරුකාරයෝ කියලා ජනතාවට දැන ගැනිමට හැකිවේලා තියෙනවා එච්චරයි වේලා තියෙන්නේ. මගේ අවශ්යතාවයකට ඒකාබද්ධ විපක්ෂයේ මාධ්ය සම්බන්ධිකාරක වන ෂෙරෝන් සමරනායක මහතාට මම පා ගමන යන ගමන් කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්රිතුමා එහෙට මෙහෙට යන්න පාවිච්ච් කරපු මෝටර් සයිකලයෙන් මුල සිට අගට ගිහින් බලන්න කොච්චර දුර තියෙනවාද කියලා. මම මේක කිව්වේ පා ගමන මහරත් කිරිබත්ගොඩත් අතර එද්දි. ඔහු ගිහින් ඇවිත් මට කිව්වා කඩවත නගරය පහුවෙනකන් පෝලිම තියෙනවා කිලෝමීටර් 4.8ක් දිගයි කියලා.
ගමන් ගත් පුද්ගලයා ෂෙරෝන් සමරනායක
යොදා ගත් මෝටර් සයිකලය සීපී යූසී 0045
දිනය 2016 ජූලි 31 (සිව්වන දිනය)
දිග මනින ලද ස්ථානය
පා ගමනේ මුලමහර සහ කිරිබත්ගොඩ අතර තිබිය දී පා ගමනේ අගකඩවත නගරයට මදක් ඈතින්
නිට්ටඹුව සහ කිරිබත්ගොඩ අතර දුර කිලෝ මීටර 29
ගත වූ කාලය පැය 11
පාද යාත්රාවේ සාමාන්ය වේගය පැයට කිලෝ මීටර 2.6
මෝටර් සයිකලයට පා ගමන පසු කිරීමට ගත වුණු කාලය විනාඩි 15
මෝටර් සයිකලය දුර මනින අතරේ පෙරහැර ගිය දුර 0.7
පා ගමනේ මැන ගත් දිග කිලෝ මීටර 4.8
පා ගමනේ සැබෑ දිග කිලෝ මීටර 5.5
පා ගමනේ තිබුණු ප්රදර්ශන රථ වල දිග කිලෝ මීටර 0.1
පා ගමනේ සෙනඟ පමණක් දිග කිලෝ මීටර 5.4
පලලට සිටි මිනිසුන් ගණන (මං තීරුදෙකක) 20
මීටරයක් තුල පිටුපසට එක්පෙලක සිටි මිනිසුන් ගණන 3
මීටරයක් දිගට සිටි සම්පූර්ණ ගණන 60
කිලෝ මීටරයක් තුල සිටි මිනිසුන් ගණන 60,000
මනින අවස්ථාවේ පා ගමනේ සිටි සෙනඟ 324,000