කුඩ්ඩෙක් ලංකාබෙල් රවුටරේ උස්සලා

ලංකා බෙල් වලට ගෙදර සිග්නල් මදි කම නිසා පහුගිය දවස් වල වින්දේ අපමණ දුකකි. දිනක් ජනේලය අසලින් රවුටරේ තබා බැලුවෙමි. මෙන්න බොලේ ඉන්ටර්නෙට් පට්ට ස්පීඩ් ය. ඉතින් දිගටම රවුටරේ එසේ තැබුවෙමි.
අද උදේ පාන්දර 5 ට පමණ සුපුරුදු පරිදි ඇවිදීමට ගියෙමි. කරුමෙට ජනේලය වැසීමට අමතක විය. ගෙදර පැමිණ ලැප් ටොප් එක ඔන් කලවිට කතිරයක් දිස්වුනි. පසුව රවුටරේ රිස්ටර්ට් කිරීමට ජනේලය අසලට ගිය විට රවුටරේ නැත. ජනේලයෙන් එලියටවත් වැටි ඇද්දැයි බැලීමට පාර පැත්තෙන් ගොස් බැලුවෙමි. රවුටරේ පෙනෙන්නට නොමැත.
පසුව අසල ගෙදරක සිටින පොඩි එකෙකු ඇවිත් කියනවා කවුද අංකල් කෙනෙක් ගලවන් යනවා දැක්කා කියලා. එයා පාලම ළඟ ගෙදර ඉන්න කුඩු අංකල් වගේ එක්කෙන් වගේ ලු.
වැඩේ පැහැදිලිය. කුඩ්ඩෙක් රවුටරේ ගලවන් ගොසින්ය. හිතේ දුකින් ඔෆිස් එකට පැමිණියෙමි. දැන් කෝ රෑට ඉන්ටර්නෙට් .
දැන් ලංකාබෙල් එකට ගෙවන්න වෙයි ද රවුටරයක් ගන්න.?

Last edited: