සින්න ලෙබ්බේ ඔයා.... පුදුමයි...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    සින්න ලෙබ්බේ ඔයා.... පුදුමයි...

    [FONT=&quot]සින්න ලෙබ්බේ ඔයා.... පුදුමයි...[/FONT]

    [FONT=&quot]අපේ ඉතිහාසය වැළෙලමින් පවතිනවා නොව[/FONT], [FONT=&quot]එක් පරපුරක් විසින් ඒ ඉතිහාසය වැළලීමට තැත් කරමින් සිටියි... වර්තමාන දේශපාලන ඇම්බට්ටයින් අනාගතය දෙස බලනුයේ ඉතිහාසයට පයින් ගසාය... එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉතිහාසයක් නැති ජාතියක් ලෙස ලෝකයෙන් වඳව යාමේ තර්ජනයකට සිංහලයා මුහුණ දී සිටින බව ද නොරහසකි. අපි අද ජාතික ධජය ලෙස ඔසවනුයේ චිරාත් කාලයක් අපට උරුමව තිබූ සිංහලේ ධජය නොව කෑලි එල්ලන ලද වෙනස්ම වූ එකකි... [/FONT]”[FONT=&quot]සිංහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම - [/FONT]01” [FONT=&quot]මීට කලින් මා විසින් ඉදිරිපත් කර ඇත... මේ එතනින් එහා කතාවයි... මේ ඔබ දන්නවා යැයි සිතන කතාවක නොදන්නා ඇතුල් පැත්තයි....[/FONT]

    1947[FONT=&quot] දී සුද්දා නොදී බැරිකමට අපට ඊනියා නිදහසක් දුන්නේය.... උන්න විදියට මලා මොකෝ යැයි කියන්නා සේ එම නිදහස සැබෑ නිදහසකට පාර පෙන්වන ආරම්භයක් විය... අපිටම කියා ජාතික කොඩියක්[/FONT], [FONT=&quot]ජාතික ගීයක් හා රාජ්‍ය ලාංඡුනයක අවශ්‍යතාවය තදින්ම දැනුණි.. මෙහිදී ජාතික කොඩිය ගැන වාද විවාද ඇති විය...
    [/FONT]


    [FONT=&quot]සුද්දාට දොහොත් මුදුන් දී වන්දනා කළ කලූ සුද්දෝ කිවේ ජාතික කොඩිය විය යුත්තේ බි‍්‍රතාන්‍ය කොඩිය බවකි... ඒත් නියම දේශ හිතෛෂීන්ගේ අදහස වූයේ සිංහලේ කොඩිය ජාතික කොඩිය ලෙස පිළිගත යුතු බවකි... ඒ අතර තුර ආක‍්‍රමණිකයාත්[/FONT], [FONT=&quot]බෙදුම්වාදියාත් තැටිය රත් වූ වෙලාවේ රොටිය පුච්චා ගැනීමට සිතන්නා සේ [/FONT][FONT=&quot]අමුතු කොඩියක්[/FONT][FONT=&quot]එළිදක්වන්නට මාන බැලූ බව පෙනෙන්නට තිබේ...[/FONT]

    [FONT=&quot]සිංහලේ කොඩිය ලංකාවේ ජාතික කොඩිය විය යුතු යැයි තදින්ම විශ්වාස කළ අයෙකු වූයේ [/FONT][FONT=&quot]JR[/FONT][FONT=&quot] ය... [/FONT][FONT=&quot]JR[/FONT][FONT=&quot] ගේ වර්තමාන පුරුක් දිහා බලනකොට මේක ටිකක් පුදුමය උපදවන කරුණක් වුවත් කතාව ඇත්තය...[/FONT]

    1945[FONT=&quot] දී [/FONT][FONT=&quot]JR [/FONT][FONT=&quot]සිංහලේ කොඩිය ගැන මෙලෙස අදහස් ප‍්‍රකාශ කර ඇත. [/FONT][FONT=&quot]රුහුණු[/FONT], [FONT=&quot]රජරට[/FONT], [FONT=&quot]මායා රට යන තුන් සිංහලයම මේ කොඩියේ අණසකට යටත් විය. එය මධ්‍යයෙහි සිංහයෙකු සහිත වූ කහ පැහැති එකකි. ඔබ ඉන්දියාවේ සාංචි ස්ථූපය වෙත ගියහොත් අශෝක බෞද්ධ රාජයාණන් විසින් තනවන ලද එම සෑයේ මනහර සැරසිලි අතර විජය කුමරු ලංකාවට ගොඩබට ආකාරය ගලක කොටා තිබෙන අලංකාර පින්තූරය ද ඔබට නැරඹිය හැකියි. විජය කුමරාගේ පිරිසෙන් එකකු සිංහ කොඩිය රැුගෙන සිටිනු ඔබට දක්නට ලැබෙනු ඇත.[/FONT] [FONT=&quot]යනුවෙන් ඔහු සිංහලේ කොඩියේ ඇති ඉතිහාසගත වාර්තාවක් අපූරුවට පෙන්වා දෙන ලදි. [/FONT]

    [FONT=&quot]JR[/FONT][FONT=&quot] යනු උපතින්ම දේශපාලන ඇට්ටරයෙකි... ආසියාවේ එතෙක් මෙතෙක් සිටි කපටිම දේශපාලකයා වනුයේ [/FONT][FONT=&quot]JR[/FONT][FONT=&quot] ය... ඔහුට ඒ චරිත සහතිකය ලැබුණේ නිකන්ම නොව ඔහු කළ කී දෑ අනුවය... ඔහුගේ ශූර කපටිකම සිංහලේ කොඩිය ජාතික කොඩිය කිරීමට ඔහු ගත් උත්සහායෙන් මනාව පෙනේ...[/FONT]

    [FONT=&quot]ඒ [/FONT]1948[FONT=&quot] ජනවාරි [/FONT]16[FONT=&quot] වැනිදාය.... දිවා ආහාරයෙන් පසුව දහවල් [/FONT]1.30[FONT=&quot] ට පාර්ලිමේන්තුව රැස් විය.... ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ අත්පොළසන් මැද මඩකලපුව මන්තී‍්‍ර ඒ. සින්න ලෙබ්බේ මහතානැගී සිටියේ ය.... නැගිට ඔහු අපූරු යෝජනාවක් කරන ලදි... [/FONT]‘‘[FONT=&quot]දකුණින් කඩුවක් අල්ලාගත් සිංහයකු රතුපාට පසු බිමක කහපාටින් පිළිඹිබු වන පරිදි සකස්ව තිබී [/FONT]1815[FONT=&quot] සම්මුතියෙන් පසුව එංගලන්තයට ගෙන යන ලද ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ගේ රාජකීය ධජය යළිත් නිදහස් ලංකාවේ නිල කොඩිය වශයෙන් පිළිගත යුතු යැයි මේ සභාවට මම යෝජනා කරමි[/FONT] [FONT=&quot]සභා ගර්භයේ සිටි සෑම කෙනෙකුටම මේක පුදුමය උපදවන කතාවක් විය... මුලූ සභාවම අත්පොලසන් හඩින් ගිගුම් දුන්නේය.... මුස්ලිම් ජාතිකයෙක් නැගිට සිට සිංහලේ කොඩිය ලංකාවේ ජාතික කොඩිය විය යුතු යැයි පැවසීම අදහගත නොහැකි කරුණකි.... අද සිංහලේ වෙනුවෙන් පෙනී සිටින එකාත්[/FONT], [FONT=&quot]එකම ලේ[/FONT][FONT=&quot] සදහා පෙනී සිටින එකාත් මේ අපූරු කතන්දරය දන්නවා දැයි ඇත්තේ සැකයකි.... මෙම යෝජනාව ස්ථිර කරන ලද්දේ කම්කරු පක්‍ෂයේ නායක ඒ. ඊ. ගුණසිංහ මහතාය.[/FONT]

    image.jpg



    [FONT=&quot]සින්න ලෙබ්බේ ගේ මෙම යෝජනාව ගැන එකල සමාජයේ විවිධ කතා පැතිරෙන්නට විය... ඒ අතරින් ප‍්‍රධාන කටකතාව වූයේ [/FONT][FONT=&quot]JR[/FONT][FONT=&quot] මෙම යෝජනාව ලියා සින්න ලෙබ්බේ ලවා කියවූ බවය... මෙහි ඇත්ත නැත්ත විමසා මාධ්‍යවේදී උපාලි රූපසිංහ මහතා [/FONT]1994[FONT=&quot] දී [/FONT][FONT=&quot]JR[/FONT][FONT=&quot] වෙත ලිපියක් යවන ලද අතර ඊට [/FONT][FONT=&quot]JR [/FONT][FONT=&quot]එවපු පිළිතුරු ලිපියෙන් ඒ කට කතාව ඇත්තක් බව ඔප්පු විය.... මාගේ හිතවතෙකු වූ උපාලි රූපසිංහ මහතා ඒ ලිපිය දැනට වසර කීපයකට පෙර මා වෙත පෙන්නූ අතර එය මා විසින් ඒ අවස්ථාවේම [/FONT][FONT=&quot]Scan [/FONT][FONT=&quot]කර ගතිමි... එය පහත දැක්වේ...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    1.jpg

    [FONT=&quot]JR[/FONT][FONT=&quot] කර ඇත්තේ බළලූන් ලවා කොස් ඇට බෑවීම වැනි කරුණකි.... සිංහලයෙක් මේ යෝජනාව ගෙන ආවේ නම් මුස්ලිම් හා දෙමළ මන්තී‍්‍රවරුන් අරගල කරන බව [/FONT][FONT=&quot]JR[/FONT][FONT=&quot] දැන සිටි අතර[/FONT], [FONT=&quot]ඒ[/FONT][FONT=&quot]නිස ඔහු සින්න ලෙබ්බේව මේ සදහා යොදා ගෙන ඇත... වර්තමානයේ පාර්ලිමේන්තුවේ බහුතර නියෝජිතයින්ට එවැනි හැකියාවක් නැති බව සහතික කර පැවසිය හැකිය... දැන් බොහෝ විට සිදුවන්නේ ඒකේ අනෙක් පැත්තය... එනම් බළලූන් වී ඇත්තේ සිංහලයා ය....[/FONT]

    [FONT=&quot]හැබැයි දෙමළ මන්තී‍්‍රවරුන් මේ යෝජනාවට කොක්ක දැම්මේය... වහා නැගිට සිටි කන්කසන්තුරේ මන්තී‍්‍ර [/FONT][FONT=&quot]ඇස්. ජේ. වී. චෙල්වනායගම් ගෙන ආවේ අපූරු යෝජනාවකි. සිංහලයන්ගේ සිංහ කොඩිය ද[/FONT], [FONT=&quot]ද්‍රවිඩයන්ගේ නන්දි කොඩිය ද[/FONT], [FONT=&quot]මුස්ලිම්වරුන්ගේ අඩ සද සහ තරුව ද එකතු කරපු කොඩියක් නිර්මාණය කළ යුතු බව ඔහු යෝජනා කළේ ය....[/FONT][FONT=&quot] (ටිකක් හිතින් මවාගන්න... එහෙම කොඩියක් ජාතික කොඩියක් වුණානම් කොහොමට තියේවිද...[/FONT]???) [FONT=&quot]වඩුක්කොඩෙයි මන්ත‍්‍රී කේ. කනගරත්නම් මහතා චෙල්වනායගම් මහතාගේ යෝජනාව ස්ථිර කරන ලදි.[/FONT]

    [FONT=&quot]ජේ. ආර්. ජයවර්ධන මහතා වහා ම නැගී සිටිමින් සංශෝධන යෝජනාවට විරුද්ධත්වය පළකොට එය රීති විරෝධි යැයි පැවසී ය. [/FONT][FONT=&quot]මේ සංශෝධනයෙන් කියවෙන්නේ කොඩියේ සැලසුම එහෙම්පිටින් ම වෙනස් කිරීම යි. මුල් යෝජනාවේ සඳහන් වන්නේ ශ‍්‍රි වික‍්‍රම රාජසිංහ රජු ගේ කොඩිය ගැනයි. එම සංශෝධන යෝජනාව මුල් යෝජනාවේ අරමුණ වෙනස් කරනවා[/FONT][FONT=&quot]යයි ඔහු ප‍්‍රකාශ කළේ ය. [/FONT]

    [FONT=&quot]කෙසේ වෙතත් යෝජනා දෙකක් තිබෙන බැවින් සුදුසු කොඩියක් තෝරා ගැනීමට කමිටුවක් පත් කළ අතර මන්තී‍්‍රවරුන් එම කමිටුවට විවිධ යෝජනා ඉදිරිපත් කලා... ඒකට ඉදිරිපත් වුණු යෝජනා දැක්කම පිස්සු හැදෙනවා.... බොහෝ විට මේ යෝජනා ගෙන එන ලද්දේ දෙමළ මන්තී‍්‍රවරුන්.... (පුරුදු විදියටම මොහොමඞ්ලා හොර ගල් අහුලන්න ඇති...[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]යාපනේ මන්ත‍්‍රී ජී. ජී. පොන්නම්බලම්ගේ ද සහයෝගය ඇතිව කෝපායි මන්ත‍්‍රී සී. වන්නියසිංහම් ඉදිරිපත් කරන ලද යෝජනාවෙන් කියවුණේ සිංහ කොඩියේ රතු පාට පසුබිමට පඩුකහ[/FONT], [FONT=&quot]සුදු සහ රතු පාට පටි යෙදිය යුතු බවකි.[/FONT][FONT=&quot]චාවකච්චේරි මන්ත‍්‍රි වේලූපිල්ලේ කුමාරස්වාමි මහතා එය ස්ථීර කළේ ය.[/FONT]

    [FONT=&quot]වාණිජ හා වෙළඳ ඇමති පදවිය දැරූ සී. සුන්දරලිංගම් මහතා තවත් සංශෝධනයක් ඉදිරිපත් කළේ ය. සිංහ කොඩියේ රතු පසුබිමේ හරි අඩකට කහ පාට[/FONT], [FONT=&quot]සුදු පාට තීරු යෙදිය යුතු බව[/FONT][FONT=&quot] කියවෙන එම සංශෝධන යෝජනාව බණ්ඩාරවෙල මන්ත‍්‍රී කේ. වී. නඩරාජා මහතා ස්ථීර කළේ ය... [/FONT]

    [FONT=&quot]අවසානයේ එවකට අග‍්‍රාමාත්‍ය ඞී. එස්. සේනානායක මහතා තමන්ගේ අදහස් පළ කරන ලදි. [/FONT][FONT=&quot]මා සිංහ කොඩිය ඔසොවන්නට කියන්නේ පහත සදහන් හේතු නිසා ය. අපට අපේ රට නැති වී ගිය විට[/FONT], [FONT=&quot]අපේ ජනතාවට එංගලන්තයේ රජු තමන්ගේ රජු ලෙස තෝරාගත් විට අප රටින් පහත හෙළන ලද්දේ මහනුවර රාජ්‍යයෙන් දුරු කරන ලද රජුගේ මේ කොඩියයි..... එහෙත් දැන් එංගලන්තය මේ රටේ ජනතාවට ස්වරාජ්‍ය පාලන ක‍්‍රමය පවරන හෙයින්[/FONT], [FONT=&quot]එංගලන්තය අපට ප‍්‍රදානය කරන ස්වාධිපත්‍යයත් සමග අපගේ කොඩියට නිසි තැනක් දිය යුතු බවත් මම පවසමි. නිදහස් මහ උළෙල මේ කොඩිය ඉහළට එසැවීමට අප අදිටන් කොටගෙන සිටින්නේ අන්න ඒ නිසා ය..... නිදහස් දිනයේ දී ධජයක් අප ඔසවන්නේ නම් එය අත්‍යවශයෙන් ම මෙම ධජය විනා වෙන ධජයක් විය නොහැකි ය.....[/FONT] [FONT=&quot]ඒ කතාව අහන කොට හිතෙන්නේ මෙහෙම අගමැතිලා ඉන්න රටේ එහෙම අගමැතිලත් හිටිය නේද කියලයි.... [/FONT]

    [FONT=&quot]මෙම වාද විවාදවල ප‍්‍රතිඵලයක් විදියට [/FONT]1948[FONT=&quot] ජනවාරි [/FONT]27[FONT=&quot] වැනිදි නිල ජාතික කොඩියක් තෝරා ගැනීමට [/FONT]”[FONT=&quot]ජාතික ධජ කමිටුවක්[/FONT]” [FONT=&quot]පත් කරන ලදි. එහි සාමාජිකයන් පහත පරිදිය...[/FONT]
    x [FONT=&quot]එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරණායක ( සභාපති[/FONT][FONT=&quot])[/FONT]
    x [FONT=&quot]ශ‍්‍රිමත් ජෝන් ලයනල් කොතලාවල මහතා[/FONT]
    x [FONT=&quot]ජේ. ආර්. ජයවර්ධන මහතා [/FONT]
    x [FONT=&quot]ටී. බී. ජයා මහතා[/FONT]
    x [FONT=&quot]ශී‍්‍රමත් ලලිත් අභය රාජපක්ෂ මහතා[/FONT]
    x [FONT=&quot]පී. ජී. පොන්නම්බලම් මහතා[/FONT]
    x [FONT=&quot]සෙනෙට් සභික ඇස්. නඬේසන් මහතා[/FONT]

    [FONT=&quot]මෙම කමිටු සාමාජිකයින් පත් කරන ලද්දේ එවකට අග‍්‍රාමාත්‍ය ඞී. එස්. සේනානායක මහතායි... [/FONT]”[FONT=&quot]මෙම කොමිටියට පුද්ගලයන් නම් කිරීමේ දී අනුගමනය කළ ප‍්‍රතිපත්තිය කුමක් දැ[/FONT]” [FONT=&quot]ය ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ඇසු ප‍්‍රශ්නයට පිළිතුරු දුන් අග‍්‍රාමාත්‍ය ඞී. එස්. සේනානායක මහතා දුන් ක්‍ෂණික පිළිතුර වූයේ [/FONT]‘ [FONT=&quot]මගේ විනිශ්චය උඩ... මම හිතනවා මේ කාරණය ගැන මට උපදෙස් දීමට මේ පිරිස සුදුසුයි[/FONT]” [FONT=&quot]කියාය.... [/FONT]

    [FONT=&quot]තව දවස් කීපයකින් එළඹෙනුයේ [/FONT]1948[FONT=&quot] පෙබරවාරි [/FONT]04[FONT=&quot] වනදායි... එදිනට නිදහස සමරමින් කොඩියක් එසවිය යුතුව තිබිණි.... නමුත් ඒ වන විටත් එසවිය යුත්තේ මොන කොඩියදැයි තවමත් ඇත්තේ වාදයක් පමණකි.... [/FONT]

    [FONT=&quot]මේ ලැබෙන නිදහස පූර්ණ නිදහසක් නොව සුදු අධිරාජ්‍යවාදීන් හා මෙරට සිටින ඔවුන්ගේ කළු කංකානම්වරුන් අතර ඇති කර ගත් සුහද ගිවිසුමක් බව වාමාංශික පක්ෂ කියා සිටි අතර පෙබරවාරි [/FONT]04[FONT=&quot] වනදා කළු කොඩි ඔසවන ලෙස එදා ඇතැම් පාර්ශව විශේෂයෙන්ම වාමාංශික පාක්ෂිකයෝ මහජනයාගෙන් ඉල්ලා සිටියා....[/FONT]

    [FONT=&quot]ද්‍රවිඩ ජාතික පාක්ෂිකයෝ එදාට උතුරු නැගෙනහිර පළාත් දෙකේ නන්දි කොඩිය එසවීමට විධිවිධාන යොදා තිබුණා...[/FONT]

    [FONT=&quot]අග‍්‍රාමාත්‍ය ඞී. ඇස්. සේනානායක[/FONT], [FONT=&quot]සභා නායක ඇස් ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක සහ[/FONT], [FONT=&quot]මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන යන මහත්වරුන්ට අවශ්‍ය වූයේ කවර තත්ත්වයක් යටතේ වුව පෙබරවාරි [/FONT]04[FONT=&quot] වැනි දා ට සිංහලේ කොඩිය එසවීමට ය.[/FONT][FONT=&quot] ඒ අනුව පෙබරවාරි [/FONT]02[FONT=&quot] වැනි දා රජය නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් විය. [/FONT]

    [FONT=&quot]රටේ කිසිම තැනක නන්දි කොඩිය එසවීම තහනම් ය. සිංහ කොඩිය කිසියම් පළාතක එසවීම නුසුදුසු යැයි කියන්නේ නම් එබදු තැන් වල ඉංග‍්‍රීසි කොඩිය පමණක් ඔසවා තැබිය යුතුය. කොඩිගස් දෙකක් සහිත ආණ්ඩුවේ ගොඩනැගිලිවල එකක් ඉංග‍්‍රිසි කොඩිය ද අනෙක් කොඩි ගසේ සිංහ කොඩිය ද එදිනට ඔසවා තැබිය යුතු ය.[/FONT]

    [FONT=&quot]මෙවැනි ප‍්‍රකාශයක් නිකුත් කිරීමට තරම් එදා සිටි දේශපාලනඥයින්ගේ කොන්දේ පණ තිබිණි.... අද සේනානායක[/FONT], [FONT=&quot]බණ්ඩාරනායක[/FONT], [FONT=&quot]ජයවර්ධන ගැන ආඩම්බරයෙන් කතා කරන දේශපාලන අම්බරුවන්ට එවැනි කොන්දක් නැති බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත.... නිදහස් දිනයදාත් එතනින් පස්සෙ කතාවත් ලිපියකින් දැන ගනිමු....[/FONT]

    [FONT=&quot]බම්ප් එකක්වත් දාලා පලයව් සිහලූනේ.... මේවා දන්න එවුන්ට වඩා නොදන්න එවුන් වැඩියි....[/FONT]
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,432
    985
    113
    අතරමග
    ඔන්න Bump!
    කොංඤ'ඤං කොංඤ'ඤං අහලා තියෙනවා මේ කතාව. හැබැයි හරියට විස්තර ඇතුව දැනගත්තේ අදයි.
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    මේවා කියවන්න ඔනේ ලංකාවේ හැම පොඩි එකේක්ම බන්. උන් දන්නේ නෑ ඇත්ත