Internet of things/ What the Fuck is this ?

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Internet-of-Things-01.png

    Internet of things එහෙමත් නැත්නම් IOT, දැන් තාක්ෂණික ලෝකයේ නවතම රැල්ලක් වෙලා තියෙනවා. දැනටම ලෝකයේ මේ කාරණාව භාවිතා වෙමින් තියෙනවා, හැමදාම පරීක්ෂණ, සොයාගැනීම් සිද්ද වෙනවා.

    සරලවම කියනවනම් IOT කියන්නේ වස්තුන් අතර අන්තර් සහ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එකයි. එකිනෙකට ස්වාධීන වස්තුන් තම තමන්ගේ විස්තර අන් වස්තුන් වෙත ලබා දීමත්, අන් වස්තුන් වල විස්තර තමන් වෙත ලබා ගැනීමත් IOT වල අර්ථය ලෙස හඳුන්වන්න පුළුවන්

    (උදාහරණයක් විදියට ගෙදරින් පිට ඉන්න කෙනෙකුට තමාගේ ගෙදර ශීතකරණය, රුපවාහිනිය, ගෙදර දොර ජනේල ආදිය වෙනත් තැනක සිට පාලනය කිරීම, ඒවා පිලිබඳ විස්තර දැනගැනීම වගේ සරල දෙයක් දෙන්න පුළුවන්)

    මේ වගේ සරල උදාහරණයක් දුන්නට IOT මිට වැඩ විශාල ක්ෂේත්‍ර ගණනාවක විහිදිලා තියෙනවා.
    සෞඛය, ප්‍රවාහනය, වෙළඳාම, බලශක්ති කළමනාකරණය, ආපදා කළමනාකරණය වගේ ගොඩක් ක්ෂේත්‍ර වල මේ කාරණාව දැනටම භාවිතයේ යෙදෙනවා. තව කියනවනම්, තමන්ගේ දුරකතනය, ලැප්ටොප් එක ගොඩක් දෙනෙක් ඒකට සම්බන්ද කරගෙන නේද ඉන්නේ... මේකත් එකම තමයි :shocked::shocked:

    හොඳයි, දැන් අපි බලමු කොහොමද මේ කියන කාරණාව ලෝකෙට ආවේ කියල....

    IOT වල මූලික පදනම වෙන්නේ Smart Devices වල නෙට්වර්ක් එකක් කියන එක.
    මේ devices, නෙට්වර්ක් එකක් මගින් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ සංකල්පය කථාබහ වෙන්නේ 1982දි Carnegie Mellon University එකෙන් කරපු අලුත් කොකාකෝලා machine එක නිසයි. මේ යන්ත්‍රයට හැකියාව තිබෙනවා තමන් විසින්ම මේ යන්ත්‍රය තුල තිබෙන භාණ්ඩ ප්‍රමාණය, සහ ඒවායේ සිතල තත්වය වාර්ථා කිරීමට.
    Internet of things කියන වචනය මුලින්ම එලියට එන්නේ 1999දි Kevin Ashton කියන පුද්ගලයා නිසා. මෙයා ගැන මෙතන කියන්නේ නෑ මොකද මේක මෙයා තනියම කරපු දෙයක් නොවන නිසා සහ IOT ඉතිහාසය හරියටම මෙතනින් පටන් ගත්තා කියල කියන්න බැරි නිසා..

    IOT ගැන කතාකරද්දී නැතුවම බැරි දෙයක් තමයි RFID කියන්නේ. RFID එකකින් කරන්නේ ඉලෙක්ට්‍රොනිකව දත්ත ගබඩා කරගැනීමට. මේවා මගින් තමයි යම් වස්තුවක දත්ත ගබඩා කරගන්නේ සහ ඒවා තවත් දෙයක් වෙත ලබා දෙන්නේ. මේ සියල්ලම සිද්ධ වෙන්නේ නෙට්වර්ක් එකක් හරහා. ඕනෑම උපකරණයක් RFID එකක් මගින් Smart Device එකක් කරන්න පුළුවනි. මේ උපකරණය ඉලෙක්ට්‍රොනික දෙයක්ම වෙන්න ඕනේ නෑ, එකයි things(වස්තුන්) කියන්නේ.

    හරි දැන් මේක ගැන දල අදහසක් තිනවනේ ????:frown::frown::frown:
    නැත්නම් ඉතින් මෙතනින් එහාට කියවන්න එපා. අපරාදේ වෙලාව
    :P:P:P:P

    මොකටද IOT

    මන් දන්නේ නැ. කව්රුහරි හොයාගත්ත, දැන් පාවිච්චි වෙනවා. මාත් ඔහේ කියවනවා :rofl::rofl::rofl:

    ඇත්තටම මොකටද කියන එක ගැන කියන්න ගියොත් වෙනවා නුලක් කොටන්න වෙනවා. ඒ කියන්නේ තව දවසක් ඉවරයි. ඒ නිසා සරල උදාහරණයකින් වැඩේ ක්ලෝස් කරන්නම්

    උදාහරණයක් විදියට අපි හිතමු දොස්තර කෙනෙක්
    canstock7698832.jpg
    මේකා නෙමෙයි.

    Doctor කෙනෙකුට හැම වෙලාවේම ලෙඩෙක් ලඟට යන්නේ නැතුව ලෙඩාගේ තත්වය දැනගන්න පුලුවන්නම්

    1. දොස්තරගේ කාලය ඉතුරු වෙනවා.
    2. කාලය === සල්ලි(ලු) ඉතුරු වෙනවා.
    3. ශ්‍රමය ඉතුරු වෙනවා.
    4. ලෙඩා පිලිබඳ අවධානම අඩු වෙනවා.

    මේ වගේ තව ගොඩක් වාසි තියෙනවා.

    දැන් බලමු කොහොමද දොස්තර ලෙඩාගේ විස්තර දැනගන්නේ කියලා

    දුන්න කෝල් එකක් නර්ස්ට. :lol::lol::lol:

    එකත් එකක් :rofl::rofl::rofl:

    අනික් එක තමයි, ලෙඩාට හයි කරනවා මොකක් හරි ගැජට් එකක්. එකෙන් ලෙඩාගේ සිනි, පිටි, තේ කොළ, කොලෙස්ටරෝල්, පෙසර් ඔක්කොම නිරික්සනය කරනවා. මේවගේ වෙනස්කම් යම් ස්ථානයකට (මොකක් හරි සිස්ටම් එකකට කියමු) නිරතුරුවම යවනවා. දොස්තරටත් ලෙඩාගේ මේ කරනවල වෙනස්කම් නිතරම ලැබෙනවා (ෆෝන් එක, ටැබ් එක, ඔරලෝසුව වගේ ඕනෑම උපකරණයකට)

    තේරුනාද ...?

    මේක තමයි සරලවම Internet of things කියන්නේ.

    මේකේ හොඳම හරිය කරන්නේ (ඉරාගන්නේ) Developer ලා + ඉන්ජිනේරුවෝ.
    එයාල තමයි මෙව්වා කරන්න සොෆ්ට්වෙයාර් + device හදන්නේ.

    giphy.gif

    ගහන්න එයාලට අප්පුඩියක් පින්වතුනි

    මෙව්වා කොරන කස්ටිය කියනවා 2020 වෙද්දී උපකරණ බිලියන 20ක් එකිනෙක සම්බන්ධ වෙයි කියල..
    බොරුනම් බලන්න මේ..

    IoT-Growth1.png

    මේ කාරණාව මිට වැඩ වැඩි දියුණු කරලා කරපු මීලග සංකල්පය තමයි Internet of Everything කියන්නේ. මේක ගැන කැමති අය සොයලා බලන්න

    20140102_051507_ssjm1228things90_500.jpg

    මේ සම්බන්දව ඉතාම සරලව තේරුම් ගන්න පුළුවන් ගොඩක් ප්‍රසිද්ද චිත්‍රපටියක් තමයි Transcendence. මේක බැලුවම තේරේවි IOT/Internet of Everything කියන්නේ මොකද්ද කියල.

    Transcendence2014Poster.jpg

    මේකෙදි Will Caster කියන පුද්ගලයාගේ මනස සුපිරි පරිගණකයක් සමග සම්බන්ධ කරනවා. පසුව will විසින් සියලු වස්තුන් එක් ස්ථානයක් වෙත(තමන්) සම්බන්ධ කරගන්නවා. මේක Internet of Everything වල උපරිම අවස්ථාවක් කියන්න පුළුවන්.

    මේකෙන් Internet of things සම්බන්දව හොඳ සහ නරක දෙකම දැනගන්න පුළුවන්.

    හොඳයි, මේ කලේ IOT පිලිබඳ ඉතාම සරල හැඳින්වීමක් හරිය :P:P
    මේක මිට වඩා ගැඹුරට තියෙන සංකල්පයක්.


    හරි ඉවරයි...,
    කිරියට ඇවිත් අවුරුද්දක් වෙන්නත් එනවා. අවුරුද්දටම වැදගත් දෙයක් දැම්මමද කොහෙද :P:P:P
    ගොඩක් දේවල් දැනගත්ත, කස්ටිය අදුනගත්ත ගොඩක් වටිනා තැනක් වුනා.
    තවත් අවුරුද්දක් ඉන්න ලැබේවා කියා පතනවා

    එහෙනම් තව නිදහස් දවසක් ලැබුනම දන්නා දෙයක් දාන්නම්

    අද මැච් එක දිනන්න ලැබේවා.....!!!!

     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,472
    113
    වයබ පාලාතේ
    උබ බැලුවද discovery channel එකෙ programs එකක් ගියා එකක ඔක හදලා තිබුනා ඔක්කොම වගෙ කරන්නෙ Tab එකෙන් හරකුන්ට කන්න දාන්නෙත් tab එකෙන් රොබොලා වගෙ එවා එකට conect කරලා

    :D

    rep +
     
    • Like
    Reactions: RSmith

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උබ බැලුවද discovery channel එකෙ programs එකක් ගියා එකක ඔක හදලා තිබුනා ඔක්කොම වගෙ කරන්නෙ Tab එකෙන් හරකුන්ට කන්න දාන්නෙත් tab එකෙන් රොබොලා වගෙ එවා එකට conect කරලා

    :D

    rep +

    :):)
    Dell eken karapu project ekane ?

    http://www.livemint.com/Industry/hjoLviUthjjynOj8jCvMWL/Chitale-Dairy-Taking-cows-to-the-cloud-IoT.html
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කවුරුහරි දැක්කනම් අලුතෙන් ආපු Cisco Packet Tracer 7.0 එක. අන්න එකෙත් ඔය IoT ලබ්බවල් රිංගලා නොසෑහෙන්න
     
    • Like
    Reactions: RSmith

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    පොඩි වීඩියෝ එකක් හම්බුනා, FW: Thinking චැනල් එකේ තිබිල
    තාස්සනෙට කැමති අයට සබ්ස්ක්‍රයිබ් කරගන්න හොද චැනල් එකක්