ආවර්තිතා වගුව The Periodic Table
ඇත්තටම මේක දාන ප්‍රධාන හේතුව තමයි අපේ කෙමිස්ට්‍රි කරන මල්ලිලාට තියෙන විෂය පිළිබද නීරස බාවය. මම දාන මේ ක්‍රම ගොඩක් අය අනුමත නොකරන්න පුලුවන්. සමහර කියන්න පුලුවන් මම උඹලට ගිරවා දාන්න පුරුදු කරනවා කියලා. ඒත් පැය ගාණක් අපි ට්‍රයි එකක් දීලා පාඩම් කරන ආවර්තිතා වගුව විනාඩි ගාණකින් මේකෙන් පාඩම් කරගන්න පුලුවන්. ඒ වගේම කාණ්ඩ පිළිවෙලට වගේම ආවර්ත පිළිවෙලටත් මේක මතක තියාගන්න කියලා කියනවා.
මල්ලිලා පළවෙනි කාණ්ඩය ලෙසටම මතක තියාගන්න. මම මේ කියන ක්‍රම වලට පළවෙනි එක මතක තියාගන්න එපා. ඕන වෙලාවක මොනවත් මතක් නොකර පළවෙනි කාණ්ඩය ලියන්න පුලුවන් හැකියාවක් හදාගන්න. ඒක මේ ක්‍රම වලට ගොඩක් වටිනවා. ඒ වගේම 7 කාණ්ඩය හා 8 වෙනි කාණ්ඩයත් කලින් කිව්වා වගේ හොදටම මතකේ තියාගන්න.
මුලින්ම මම කිව්වා වගේ පළවෙනි කාණ්ඩේ හොදට මතක තියාගන්න. ඊට පස්සේ අපි දෙවෙනි ආවර්තය ඉදන් මේ විදිහට මතක තියගන්න ඉගෙනගමු.
දෙවන අාවර්තය. (2S 2P කාක්ෂික පමණක් මෙහිදී පිරවේ.)
ලීනා (ලිතියම්) බෙහෙත් (බෙරලියම්) බීලා (බෝරෝන්) කබල් (කාබන්) නයිටිය (නයිට්රජන්) ඔතාගෙන (ඔක්සිජන්) ප්‍රවේසමෙන් (ෆ්ලෝරීන්) නිදි (නියෝන්)
ඕක ඉගෙනගත්තේ ප්‍රසන්න බද්දෙවිතාන සර්ගෙන්.

3 වන ආවර්තය (3S 3P කාක්ෂික පමණක් මෙහිදී පිරේ.)
නංගී (නයිට්රජන්) මගේ (මැග්නීසියම්) අල්ල (ඇලුමිනියම්) සිප (සිලිකන් හා පොස්පරස්) සැනසෙන් (සල්ෆර්) කෙල්ලේ (ක්ලෝරීන්) ආදරෙන් (ආගන්)
ඕකත් බද්දේවිතාන සර්ගෙන්.
4 වන ආවර්තය (4S 3D 4P කාක්ෂීක පමණක් පිරේ)
කලු (පොටෑසියම්) කෑරලා (කැල්සියම්) ගහේ (ගැලේනියම්) ගෙඩි (ජර්මේනියම්) අස්සේ (ආසනික් හා සෙලේනියම්) බය (බ්‍රෝමියම්) කරනවා (ක්‍රෝමියම්)
5 වන ආවර්තය (5S 4D 5P කාක්ෂික පමණක් පිරේ)
RoBb (Rb) StaRk (Sr) told INdian (In) SoNs (Sn) SoBbing (Sb) TEars (Te) In (I) XcEss (Xe)
කාණ්ඩ.
2වන කාණ්ඩය.
බෙම් (බෙරලියම් හා මැග්නීසියම්) කැස් (කැල්සියම් හා ෂොන්රියම්) බරා (බේරියම් හා රේඩියම්)
ඕක ඉගෙනගත්තේ චරිත දිසානායක සර්ගෙන්
13 වන කාණ්ඩය.
B (බෝරෝන්) A (ඇලුමිනියම්) G (ගැලියම්) I (ඉන්ඩියම්) T (ටැලේනියම්)!
14 වන කාණ්ඩය.
නැව් (නයිට්රජන්) පාරේ (පොස්පරස්) ආ (ආසනික්) ඇන්ටි (ඇන්ටිමනි) බිම (බිස්මක්)
16 වන කාණ්ඩය.
Oliver (O) Smith (S) Sells (Se) Tea (Te) Pots (Po)
17 වන කාණ්ඩේ හැමෝම දන්නවනේ. ඒ වගේ දන්න ඒවා මෙහෙම පාඩම් කරන්න යන්න එපා.
18 වන කාණ්ඩය.
හෙන (හීලියම් හා නියෝන්) ඇක්ෂන් (ආගන්, ක්‍රිප්ටන්, සෙනෝන් හා රේඩන්)
D ගොණුව.
Scary (Sc) Tiny (Ti) Vicious (V) Creatures (Cr) are Mean (Mn) ; Females (Fe) Come (Co) Nightly (Ni) to Club (Cu)
Z (zn)
නිල් පාටින් ලකුණු කර ඇත්තේ ආන්තරික මූලද්‍රව්‍ය වේ.
දෙවන පේළිය.
Yes (Y) Sir (z) Niobi (Nb) and Most (Mo) Technicians (Tc) Rub (Ru) Rhonda (Rh) Padilla's (Pd) Silver (Ag) Cadillac (Cd) විද්‍යුත් රිණතාවය.
Fluorine > Oxygen > Nitrogen >Clorine > Bromine > Iodine > Sulphur > Carbon > Hydrogen ≥ Phosphorus
(F)irst (O)ff, (Cl)ean (N)ow; (Br)ing (I)n (S)ome (C)aps, (H)alters, and (P)ants.
ඉංග්‍රීසි නම් ටික හොයාගත්තේ https://en.wikipedia.org/wiki/List_of_chemistry_mnemonics මේකේ මම දුන්නට වැඩිය ගොඩක් තොරතුරු තියෙනවා. අනිවාරෙන්ම ගිහින් බලන්න. ජය ශ්‍රී!
මේ ක්‍රමත් හොඳයි වගේ +5 
