විෂය කරුණු මතක තබා ගන්නේ කොහොම ද?

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විෂය කරුණු මතක තබා ගන්නේ කොහොම ද?

    මේක මචන්ලා මොකක්ද පත්තර ස‍යිට් එකකින් (විදුසර වෙන්න ඕනෑ)හම්බවෙලා මට එකෙක් එවපු e-mailඑකක්. A/l examවලට පාඩම් කරන set එකට වැඩක් වෙ‍යි කි‍යලා හිතනවා. repost නම් sorry. credit එක ‍යන්න ඕනෑ මේක ලි‍යපු පින්වතාට..

    විෂය කරුණු මතක තබා ගන්නේ කොහොම ද?

    අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට ඇත්තේ ඉතා කෙටි කාලයකි. අනාගතය තීරණය කරන ප්‍රබල කඩඉමක්‌ වන මේ විභාගයේ දී බොහෝ විට ඔබ ගේ මතකය මැන බැලේ. තාර්කික බුද්ධිය ද ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සඳහා අවශ්‍ය ය. එහෙත් මතකය නොමැති නම් ඇතැම් තර්ක ගොඩනඟා ගැනීම ද අපහසු ය. එහෙයින් විභාගයට සැරසෙන ඔබ මතකය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය ය. විභාගයකට මුහුණ දෙන හෝ දුන් බොහෝ දෙනා පවසන දෙයක්‌ වන්නේ "පාඩම් කරනවා, ඒත් මතක නැහැ" කියා ය. මේ ලිපියෙහි මූලික අරමුණ වන්නේ විභාගයට සැරසෙන ඔබට මතකය දියුණු කරගෙන ප්‍රශ්න පත්‍රයට හොඳින් පිළිතුරු ලියන්නේ කෙලෙස ද යන්න ගැන ඉඟි කීපයක්‌ දීම ය.

    1. ආත්ම විශ්වාසය දියුණු කරගන්න

    පළමුවෙන් ම කළ යුතු වන්නේ ආත්ම විශ්වාසය දියුණු කර ගැනීමයි. ඔබට ඇත්තට ම පාඩම් කරන කිසි ම දෙයක්‌ මතක නැතිවා වෙන්නට පුළුවන. එහෙත් "අනේ මට මතක හිටින්නේ නැහැ නේ" කියා දුක්‌ වෙමින් සිටින්නට එපා. "මට හොඳ මතකයක්‌ තිබෙනවා, මට මතක හිටිනවා, මං විභාගය පාස්‌ වෙනවා"යි ඔබට ම කියා ගන්න. හැබැයි එසේ කියා ගනිමින් පාඩම් නො කර සිටියොත් කිසිදු ඵලයක්‌ අත් වන්නේ නැත. සිතට මේ දේ කියා ගන්නා ගමන් ම වැඩි වැඩියෙන් පාඩම් කරන්න. සිසු දරු දැරියන් මුහුණ පාන ගැටලුවක්‌ වන්නේ මාපියන් හෝ වැඩිහිටියන් හෝ දරුවන් ගේ ආත්ම විශ්වාසය (පාඩම් කිරීමට අදාළ) බිඳ දැමීමයි. "ඔයාට නම් පාඩම් කරන්න බැහැ. ඔයා ගේ මතකය සවුත්තුයි. ඔයා අසමත් වෙයි" කියා පවසන වැඩිහිටියෝ සිටිති. ඇතැම් විට ගුරුවරු ද මේ දේ කරති. මේ වැඩිහිටියන් මෙවැනි දේ කියන්නේ දරුවාට අවැඩක්‌ කිරීමේ අටියෙන් නො විය හැකි ය. එහෙත් ඉන් අවැඩක්‌ වේ. කවුරුන් ඔබට ඔබ ගේ මතකය හෝ බුද්ධිය ගැන චෝදනා නැඟුවත් ඉන් අධෛර්ය වන්න එපා. ඒ කරුණ ද සැලකිල්ලට ගෙන වඩාත් හොඳින් වඩාත් වැඩිපුර පාඩම් කරන්න. තමන් මෝඩයකු යෑයි තමන්ට සිතෙන්නට ඉඩ දෙන්න එපා. සමහර විට ගිය වසරේ දී ඔබ පංතියේ අන්තිමයා විය හැකියි. එහෙත් මෙවර ඔබට පළමු වැනියා දෙවැනියා වන්නට බැරිකමක්‌ නැත.

    2. බොහෝ දරුවන් නගන මැසිවිල්ලක්‌ වන්නේ "පාඩම් කරනව කරනවා මතක නැහැ. කොච්චර පාඩම් කළත් ඵලයක්‌ නැහැ" යන්නයි. අප පාඩම් කරන දේ අපට අමතක වන්නේ ඇයි? එක්‌කෝ එය පාඩම් කරන ක්‍රමවේදයේ වරදක්‌ විය හැකියි. සමහර විට ඔබ අදාළ කරුණු නිවැරරැදිව වටහා නො ගෙන පාඩම් කරනවා විය හැකියි. එවිට කට පාඩම් කළ දේ මතක තිබුණත් ප්‍රශ්නයක්‌ වෙනත් විදිහකට ඇසුවොත් උත්තර දෙන්නට බැරි වේ. එනිසා හැකිතාක්‌ දුරට නිරවද්‍යව කරුණු වටහාගෙන පාඩම් කරන්න.

    3. කෙටි සටහන් පිළියෙල කරගන්න

    ඔබ පාසලේ හෝ පෞද්ගලික පංතියේ ලබා ගන්නා සටහන් බොහෝ විට ඉතා දිගු ය. ඒවායේ ඇත්තේ දිගු වාක්‍යයන් ය. සමහර විට වාක්‍ය පහක්‌ හයක්‌ මගින් ද කියෑවෙන්නේ එක්‌ වැදගත් කරුණකි. එනිසා මේ පාඩම් කියවා සාරාංශ කරගෙන කෙටි සටහන් පිළියෙල කරගන්න. කෙටි සටහන කොපමණ දිගු විය යුතු ද යන්න ගැන නිශ්චිත නියමයක්‌ නැත. අවශ්‍ය ම කරුණු ඇතුළත් වන පරිදි ඔබට පහසු විදිහට එය කරන්න. නිදසුනක්‌ දක්‌වත හොත් අයනීකරණ ශක්‌තිය ගැන විස්‌තර කෙරෙන පාඩම පිටු පහක්‌ පුරා දිවෙන්නට ඉඩ ඇත. හැකි නම් එය තනි පිටුවකට ගොනු කරගන්න. මූලද්‍රව්‍යවල තාපාංකය පරමාණුක ක්‍රමාංකය අනුව වෙනස්‌ වීම ගැන උසස්‌පෙළ දී මෙන්ම සාමාන්‍ය පෙළ දීත් හදාරන්නට සිදු වේ. පරමාණුක ක්‍රමාංකය ඉහළ යැමේ දී Li, Be, B, C, N අතරෙන් ඉහළ ම තාපාංකය පෙන්වන්නේ කාබන් ය. මේ දිගු වාක්‍යය "කා-තාපා වැඩියි" ලෙස කෙටි කරගන්නට පුළුවන. නැතිනම් තවත් කෙටි කර "කතා වැඩි" යනුවෙන් කෙටි කරගන්න. කෙටි සටහන් තමන්ට තේරුම් ගත හැකි පරිදි තමා ම පිළියෙල කර ගන්නවා නම් වඩා හොඳයි. එයට යම් කාලයක්‌ ගත වනවා. ඔබට පෙර විභාගය කළ අයියා කෙනකු, අක්‌කා කෙනකු සැකසූ කෙටි සටහන් ඉල්ලා ගැනීම ද කළ හැකියි.

    3. නිර්මාණශීලී මතකය වර්ධනය කරගන්න

    කලින් සාකච්ඡා කළ තාපාංක දත්ත මතක තබා ගැනීමේ පවා සුළු නිර්මාණශීලී බවක්‌a ඇත. කාබන් මෙන්ම සිලිකන්වල ද තාපාංකය ඉතා ඉහළ ය. ඒ වාක්‍ය දෙක ම එක්‌ කොට "කා-සිතා" යනුවෙන් කෙටි කර ගන්නට ද පුළුවන. එසේ ම ආවර්තිතා වගුව සක්‍රියතා ශ්‍රෝණිය ආදිය සඳහා කවි තිබේ. බොහෝ දෙනකු අද ද සක්‍රියතා ශ්‍රේණිය ලියන්නේ මීට දශක ගණනාවකට පෙර නිර්මාණශීලී පුද්ගලයකු බිහි කළ කවියක්‌ උදව් කර ගනිමිනි. අවශ්‍ය නම් ඔබට ද මෙවැනි කරුණු සඳහා කවි නිර්මාණය කළ හැකි ය. කවි පමණක්‌ නො ව සිංදු ද නිර්මාණය කළ හැකි ය. අපට විශ්වවිද්‍යාලයයේ සත්ත්ව විද්‍යාව ඉගැන්වූ එක්‌ ආචාර්යවරයකු පක්‌ෂීන් ගේ සංකීර්ණ ලක්‌ෂණ මෙන්ම මානව ජීව විද්‍යාවට අදාළ කරුණු මතක තබා ගැනීමට ගී කියා දුන් අතර ඒවා දිගු කලක්‌ මතකයේ තිබිණි. ඔබ කලා විෂයය හදාරන සිසුවකු නම් ඔබට පහසුවෙන් මේ දේ කළ හැකි ය. අනෙක්‌ අතට මේ කවි නිර්මාණය සඳහා විශාල සාහිත්‍ය දැනුමක්‌ ද අවශ්‍ය නො වේ. අද, මේ දැන් ම මේ ලිපිය කියවීමෙන් පසු අසීරු තොරතුරු ගොන්නක්‌ කවියකට පෙරළා ලියා පාඩම් කරන්න. ඔබ අනිවාර්යයෙන් ම සාර්ථක වනු ඇත.

    4. අමතක වන දේ නැවත නැවත පාඩම් කරන්න. Repetition Learning යනු එයයි. අප නිතර ම දකින දේ අපට වැඩියෙන් මතක සිටී. ඔබට යම් වගුවක්‌ හෝ සමීකරණයක්‌ හෝ අමතක වනවා යෑයි සිතන්න. එය නැවත නැවත ලියන්න. රූපවාහිනි දැන්වීම් ඔබට පාඩම් නො කර ම කටපාඩම් වන්නේ ඒවා නැවත නැවත දකින නිසයි.

    5. අමතක වන දේ ලොකුවට සටහන් කරගෙන කාමරයේ හෝ ඔබ නිතර යන එන තැනක තබන්න. ඔබට ආවර්තිතා වගුව අමතක නම් පාඩම් කරන කාමරයේ ලොකු ආවර්තිතා වගුවක්‌ එල්ලා ගන්න. වෙනත් වගු සටහන් ආදිය ලොකු අකුරෙන් සටහන් කරගෙන ඒ තැන්වල තබන්න. ඔබ ගැහැනු ළමයකු නම් ඔබ නිතර ම අම්මලාට උදව් වීමට කුස්‌සියට යනු ඇත. කුස්‌සියේ ඔබ වැඩ කරන තැන ඉහළින් ද මේ රූප තබාගත හැකියි.

    6. තම ගෙදර සාමාජිකයන් ගේ හා ඥාති මිත්‍රාදීන් ගේ උදව් ලබා ගන්න. මතක තබාගත යුතු එහෙත් මතක නැති කරුණු මතකයට ගන්නට පිටස්‌තර උදව් ලබා ගැනීමේ වරදක්‌ නැත. ඔබ එක්‌කෝ පාඩම් පොත මවට/පියාට සහෝදරයාට දී එය මතකයෙන් කියවන්න.

    අවධානය

    මතකය වර්ධනයට අත්‍යවශ්‍ය දෙයක්‌ වන්නේ අවධානයයි. ඔබ යම් කරුණක්‌ ඉගෙන ගන්නා විට එය පූර්ණ අවධානයෙන් කරන්න. එවිට එය ග්‍රහණය පහසු වේ. පසුව පාඩම් කරන විට ද අවධානයෙන් කරන්න. අවධානයට බාධා එන දේ ඉවත් කරන්න, හෝ ඔබ ඉන් ඉවත් වන්න. ඔබ සාලයේ පාඩම් කරන විට මල්ලී රූපවාහිනිය දමන්නේ නම් කාමරයට ගොස්‌ පාඩම් කරන්න. සමහරුන්ට රූපවාහිනි නරඹමින් වුව ද පාඩම් කරන්නට පුළුවන. ගණන් හැදීම වැනි දෙයට මෙමගින් බාධාවක්‌ නැති වුව ද ගැඹුරු මතකයක්‌ වර්ධනයට බාධාවකි.

    මැරතන් දිවීමෙන් වළකින්න

    සමහරුන් පාඩම් කිරීම අරඹන්නේ විභාගයට සතියක්‌ තිබිය දී ය. එය හරියට ම මැරතන් දිවීමක්‌ බඳු ය. මැරතන් දිවීමෙන් සාර්ථක වන්නෝ ද සිටිති. එහෙත් මෙය අවදානමක්‌ සහිත දෙයකි. අවදානමක්‌ ගන්නේ කුමකට ද? එදිනෙදා වැඩ එදිනෙදා කරන්න.

    කාලය කළමනාකරණය කරගන්න

    එක්‌ එක්‌ විෂයයට කාලය බෙදා ගන්න. විභාගය ළං වූ විට විෂය බාහිර කටයුතුවලින් හැකිතාක්‌ ඈත් වන්න. බසයේ පැසලට යන කාලය තුළ පවා පාඩමේ යෙදෙන්න. බසයේ යන එන කාලය, බස්‌ නැවතුමේ රැඳී සිටින කාලය වැනි කෙටි කාල සිල්ලර කාලය ලෙස හැඳින්වේ. මේ සිල්ලර කාලයෙන් ප්‍රයෝජන ගන්න. කුඩා කාඩ්පත්වල සූත්‍ර හා වැදගත් දත්ත ලියා තබාගෙන ඒවා පාඩම් කිරීම මේ කාලවල දී කළ හැකියි.

    උගන්වන්න

    තමාට මතක තබාගන්නට තරමක්‌ අමාරු කරුණු මතක තබා ගැනීමේ හොඳ ම ක්‍රමය වන්නේ එය උගන්වන්නට උත්සාහ දැරීමයි. හැබැයි මේ කරුණු නිවැරැදිව අවබෝධ කරගෙන තිබීම අත්‍යවශ්‍යයි. මෙය නිල ඉගැන්වීමක්‌ නො වෙයි. එක්‌කෝ මිතුරකට ඇසෙන්නට පාඩම් කියවිය හැකියි. නැතිනම් තනි ව ම දේශනයක්‌ පැවැත්විය හැකියි. කරුණු හඬනඟා කීමේ දී මතක තබා ගැනීම පහසුයි.

    පාඩම් පටිගත කරන්න

    අමතක වන දෑ මතක තබා ගන්නට සුදුසු ක්‍රමයක්‌ ලෙස පටිගත කිරීම හැඳින්විය හැකියි. අමතක වන විෂය කරුණු ඔබේ හඬින් රෙකෝඩ් කර ඊට නැවත නැවත සවන් දෙන්න. ඔබේ හඬ නැතුව ඔබ ප්‍රිය කරන වෙනත් හඬකින් මෙය පටිගත කර ගන්නට ද පුළුවන. ඇතැම් විෂයයන් සඳහා CD යනාදිය නිකුත් වී ඇති අතර ඔබට පහසුකම් ඇති නම් ඒවා පාවිච්චි කරන්න.

    පාඩම කරන තැන/ඉරියව්ව ගැන හිතන්න

    ඔබ පාඩම් කරන තැන පවා මතකය කෙරෙහි බලපායි. ඔබට පහසු සුදුසු තැනක පාඩම් කරන්න. දන් ඔබ පාඩම් කරන දේ මතක සිටින්නේ නැත්නම් නිකමට මෙන් පාඩම් කරන තැන වෙනස්‌ කර බලන්න.

    විභාගයට අවශ්‍ය ම දේ සොයාගන්න

    ඇතැම් ළමයි එක විෂයක්‌ සඳහා පෞද්ගලික පංති දෙක තුනකට ම සහභාගි වෙති. එවිට පාසලේ ඉගැන්වීමත් සැලකූ කල එක ම තොරතුර සම්බන්ධයෙන් දිශානති හතරකින් පමණ කරුණු ගලා එයි. මෙය එක්‌ අතකින් හොඳ ය. මන්ද යත් දැනුම වැඩි වන බැවිනි එහෙත් ඇතැම් විට මෙසේ එක ම දේ ගැන විවිධ අය කියන දේ අසන්නට යැමෙන් ගැටලු ද මතු වේ. ඇතැම් පෞද්ගලික පංතිවල විෂය නිර්දේශයට ඔබ්බෙන් වූ (විශ්වවිද්‍යාල මට්‌ටමේ දේ පවා) උගන්වන්නට ඉඩ තිබේ. ඒවා පාඩම් කරගන්නට යැම කාලය නාස්‌ති කිරීමකි. එහෙයින් අවශ්‍ය ම දේ පමණක්‌ දැනගෙන පාඩම් කරන්න.

    පැරණි ප්‍රශ්න පත්‍ර උත්තර හා ලකුණු දීමේ ක්‍රම සොයා ගන්න

    අවුරුදු 8ක පමණ ප්‍රශ්න පත්‍ර සොයාගන්න. මේවා බැලීමෙන් ඔබට උත්තර පමණක්‌ නො ව ලකුණු දීමේ ක්‍රම ගැන ද අදහස්‌ ලද හැකි ය. ප්‍රශ්නෝත්තර පොත්වල බෙහෝ විට ලකුණු දීමේ ක්‍රමය සඳහන් වේ. පොත් මිල දී ගැනීමේ දී ලකුණු දීම ගැන ද විස්‌තර ඇතුළත් ප්‍රශ්නෝත්තර කෘති සොයාගන්න. පැරැණි ප්‍රශ්න පත්‍ර බැලීමේ දී ඔබට අදාළ ප්‍රශ්න පමණක්‌ තෝරාගන්න. ඒ සඳහා ඔබට විෂය නිර්දේශය ගැන දැනුමක්‌ අවශ්‍ය වේ. ඔබ ළඟ විෂය නිර්දේශයක්‌ නැති නම් විෂය නිර්දේශයක්‌ වහා ම සොයා ගන්න. විභාගයට අවශ්‍ය දේ හා පාඩම් කළ යුතු කොටස්‌ ගැන අදහසක්‌ ඔබට එමගින් ලද හැකි ය. ලකුණු දීමේ ක්‍රමය ගැන විමසීමෙන් ද ඔබ පාඩම් කළ යුතු තරම ගැන යම් අදහසක්‌ ලද හැකි ය.

    මතකය පිරික්‌සීමට පරීක්‌ෂාවක්‌ කරන්න.

    ඔබ ඕනෑ ම විෂය ධාරාවක්‌ හැදෑරුව ද නිරතුරු මතකය පිරික්‌සීමේ අභ්‍යාසවල යෙදෙන්න. උසස්‌ පෙළ දී දැන් මාසික පරීක්‌ෂණ ක්‍රමයක්‌ ක්‍රියාත්මක නැතැයි සිතමි. වෙනත් රටවල මාසික පරීක්‌ෂණ මෙන්ම සති අන්ත පරීක්‌ෂණ ද ඇත. එමගින් වරින් වර තම දැනුම පිරික්‌සන්නට දරුවන්ට ඉඩ ලැබේ. විෂය කොටසක්‌ අවසානයේ හෝ මෙවැනි අභ්‍යාසවල යෙදිය යුතු ය. පාසලේ විෂයභාර ගුරුතුමා ඇතැම් විට ඒකකයක්‌ අවසානයේ ඔබට ඊට අදාළ ප්‍රශ්න දෙන්නට ඉඩ තිබේ. එසේ දෙන්නේ නම් ඒ සැම ප්‍රශ්නයකට ම පිළිතුරු සොයන්න. ඔබට එවැනි අභ්‍යාස පාසලෙන් නො ලැබේ නම් ඒකකයේ කරුණු ප්‍රශ්න බවට පෙරළා ඔබ ම විමසන්න. උදාහරණයක්‌ ලෙස ජෛවවිද්‍යාව විෂයයේ ජීවීන් ගේ විවිධත්වය යටතේ එකයිනොඩර්මෙටා වංශය ගැන ඉගෙන ගැනීමට ඇතැයි සිතමු. ඒ යටතේ ඔබට ම මෙවැනි ප්‍රශ්න සකසාගත හැකි ය.

    1. එකයිනොඩර්මෙටා වංශයේ ප්‍රධාන ලක්‌ෂණ මොනවා ද?

    2. එම වංශයේ ප්‍රධාන වර්ග මොනවා ද?

    3. එම එක්‌ එක්‌ වර්ගයේ ලක්‌ෂණ විස්‌තර කරන්න.

    ඉන් පසුව අවශ්‍ය නම් එම වංශය වෙනත් වංශයක්‌ හා සන්සන්දනාත්මකව අධ්‍යයනය කරන්නට ද පුළුවන. මතකය පිරික්‌සීමේ ස්‌වයං අභ්‍යාස සඳහා පසුගිය ප්‍රශ්න පත්‍ර ද යොදාගත හැකි ය.

    අමතක වීමට හේතු

    මතකය දියුණු කර ගැනීමට නම් ඔබ අමතක වීම් ගැන ද දැනගත යුතු ය. අපට අමතක වීමට හේතු රැසක්‌ තිබේ. ඒවායින් වැදගත් ම හේතු පහත දැක්‌වේ.

    1. තොරතුරු/දැනුම පාවිච්චියට නො ගැනීම.

    2. පැටලිලිසහගත තොරතුරු ද පහසුවෙන් අමතක වේ.

    3. අපේ විශ්වාසයන්ට පටහැනි දේ ද ඉක්‌මනින් අමතක වේ.

    4. අපට මතක තබා ගන්නට ඕනෑ නැතැයි මොළයෙන් උපදෙස්‌ ලැබෙන දේ ද ඉක්‌මනින් අමතක වේ.

    ප්‍රශ්නවලට උත්තර ලිවීම මතකය වර්ධනය කරන ක්‍රමයකි.

    ඇතැම් දරුවෝ සිතෙන් පමණක්‌ ප්‍රශ්නවලට උත්තර මතක්‌ කරති. වඩාත් ම හොඳ ක්‍රමය ප්‍රශ්නවලට උත්තර ලිවීමයි. උත්තර ලිවීමත් හිතීමත් යනු එකක්‌ නො ව දෙකකි. එනිසා හැම විට ම උත්තර ලිවීමට පුරුදු වන්න. මෙය ලේඛනය වර්ධනය කරගන්නට ද ඔබට උපකාර වන්නකි. සමහර විට ලේඛන දුබලතා නිසා ම (මතකය හොඳින් තිබුණත්) ඔබ විභාගය අසමත් වන්නට ඉඩ තිබේ. විශේෂයෙන් ම පැහැදිලිව ලස්‌සනට අකුරු ලියන්න. හැකිතාත් නිරවද්‍ය අක්‌ෂර වින්‍යාසය භාවිත කරන්න.

    මතකය වැඩෙන්නට ගත යුතු ආහාර

    ඔබ ගන්නා ආහාර ද හොඳ මතකයක්‌ සඳහා අනිවාර්යයෙන් ම බලපෑම් ඇති කරයි. විවිධ හේතු නිසා අප ගේ උසස්‌ පෙළ හදාරන දරු දැරියෝ බහුතරයක්‌ සමතුලිත ආහාර වේලකට උරුමකම් නො කියති. විශේෂයෙන් ම උදේට ප්‍රමාද වී ආහාර ගැනීමත් පෝෂණය රහිත කෙටි කෑම ගැනීමත් පොදුවේ ශරීර සෞඛ්‍යයට මෙන්ම මතකය වර්ධනට ද හානිකර ය. එනිසා හැම විට ම හොඳ සමතුලිත ආහාර වේලක්‌ ලබාගන්න. මතකය වර්ධනයට ඔමෙගා 3 හා ප්‍රතිඔක්‌සිකාරක ඉතා වැදගත් ය. ඔමෙගා 3 මදි වීම මතකය අඩු වීමට බලපාන බව කැලිෆොaනියා විශ්වවිද්‍යාලයයේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් කරන ලද අධ්‍යයනයක දී හෙළි ව ඇත. ඔමෙගා 3 බහුලව ම ඇත්තේ මාළුවල ය.

    ඡායාරූපමය මතකය - Photographic memory

    ඡායාරූපමය මතකය ලෙස හැඳින්වෙන්නේ ප්‍රතිබිම්බ, ශබ්ද හා ද්‍රව්‍ය අතිශය නිරවද්‍ය ලෙස විශාල ධාරිතාවකින් මතක තබා ගැනීමේ හැකියාවයි. මේ මතකයේ ප්‍රමාණය පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස්‌ වේ. එසේ ම එහි තරම අදාළ ප්‍රතිබිම්බය දකින හෝ ශබ්දය අසන කාලය මත රඳා පවතී. මේ ඡායාරූපමය මතකය ඉහළ අයට පුද්ගලයා ගේ රුව පමණක්‌ නො ව ඔහු සිටි තැන, ඇඳ සිටි දේ ආදිය ද මතක ය. මෙහි දී කෙරෙනුයේ ද්‍රව්‍ය සියල්ල පිංතූරයක්‌ ලෙස මතකයට නැඟීSමයි. චිත්‍ර ශිල්පීන්ට හා ඩ්‍රාෆ්ට්‌ස්‌මන්ලාට මේ ඡායාරූපමය මතකය අත්‍යවශ්‍ය ය. උපතින් ම මේ හැකියාව පිහිටන්නේ ඉතා සුළු ප්‍රතිශතයකට ය. ඔවුහු ඉතා දක්‌ෂ මතක තබා ගන්නෝ වෙති. එහෙත් ඉන් ඇඟවෙන්නේ ඔබට මෙය පුහුණු කළ නොහැකි බව නො වේ. ඔබ එදිනෙදා පාසලේ දී හෝ කාර්යාලයේ දී හෝ ඇතැම් විට බස්‌ රථයේ දී දකින අය ගේ මුහුණ ඔබට හොඳට මතක ය. ඔවුන් ගේ මුහුණේ හැඩරුව පමණක්‌ නො ව උපන් ලප, කැපුම් ආදිය ද ඔබට මතක ය. මෙලෙස ම විෂයයන්ට අදාළ රූප ද නිරතුරු බැලීමෙන් ඔබට මතක තබාගත හැකි ය. විශේෂයෙන් ම වගු, චක්‍ර (නයිට්‍රජන් චක්‍රය) රූප ලෙස මතකයේ තබාගත හැකි ය. මෙවැනි රූපයක්‌ දෙස බලා (තත්පර 30ක්‌ පමණ) රූපය ඉවත් කොට ඇස්‌ වසා ගන්න. ඉන්පසු ඒ රූපය මතකයෙන් අඳින්න. ඡායාරූපමය මතකයේ තව කොටසක්‌ වන්නේ විෂය ගැන දන්නා (ලිඛිත) තොරතුරු පවා රූපයට නංවාගෙන මතක තබා ගැනීමයි. A simple picture can convey what thousand
    words cannot යන්න ඔබ අසා ඇති. ඔබට අවශ්‍ය නම් සත්ත්ව වංශයක තොරතුරු රූපයකට පෙරළා මතක තබාගත හැකි ය.

    පසුබිම් සංගීතය

    Memory නමැති ග්‍රන්ථයේ කතුවරයා වන Greg Frost මතකය වර්ධනය කර ගත හැකි නවතම ක්‍රමයක්‌ ගැන මෙසේ විස්‌තර කරයි. "ඔබට මතක තබා ගන්නට ම අමාරු විෂය කරුණක්‌ මතක තබා ගැනීම සඳහා සුදුසු ක්‍රමයක්‌ මා කියන්නම්. ඔබ ආසා කරන සංගීත ඛණ්‌ඩයක්‌ පසුබිමෙන් සෙමෙන් වාදනය වන්නට සලස්‌වා ඔබ මතක තබා ගත යුතු දේ පාඩම් කරන්න. එය සාර්ථක ක්‍රමයකි. පසු දිනක මේ කරුණු අමතක වූවා යෑයි සිතන්න. එවිට ඔබට ඔබ ප්‍රිය කළ සංගීත ඛණ්‌ඩය ඔස්‌සේ අමතක වූ දේ මතක්‌ කරගත හැකියි.

    ශීඝ්‍ර කියවීම - Rapid Reading

    ශීඝ්‍ර කියවීම යනු යම් පෙළක්‌ (වාක්‍ය කිහිපයක්‌) ඉතා වේගයෙන් කියවා අවබෝධ කර ගැනීමේ හැකියාවයි. 1950 දශකයේ දී එව්ලින් වුඩ් නමැති පාසල් ගුරුවරිය විසින් හඳුන්වා දෙන ලද මේ ක්‍රමයෙන් අපේක්‌ෂා කරන්නේ පෙළක්‌ ඉතා ඉක්‌මනින් කියවීමට පුහුණු කිරීමයි. මෙහි දී ඇය යෝජනා කළ ප්‍රධාන ක්‍රියාවක්‌ වූයේ "මතුපිටින් කියවීම" (Skimming) ය. එසේ ම (තමාට ඇසෙන සේ) "ඇතුළාන්තයෙන් කියවීම" (Sub Vocalization) සීමා කළ යුතු බව ද ඇය කීවා ය.

    කෙසේ වෙතත් ඔබ විභාගයට ඉතා ආසන්න ව සිටිනවා නම් ශීඝ්‍ර කියවීම පුහුණු වන්නට නො යා යුතු බව මගේ අදහසයි. එසේ ම මෙය වඩාත් ම සුදුසු වන්නේ අලුතෙන් ම පාඩම් කරන ඒකකයක්‌ සඳහා නො ව කලින් උගත් පාඩමක්‌ යළි වේගයෙන් මතක්‌ කර ගැනීම සඳහා ය.

    ඔබ කියවූ පිටු ගණන පිළිබඳ සටහනක්‌ තබා ගන්න.

    පොත වසන්න.

    ඔබ කියවූ දෙය ඔබට කෙතරම් මතක දැයි බලන්න.

    වේගය කෙතරම් ඉහළක තිබුණ ද කියවූ දේ මතක නැති නම් ප්‍රයෝජනයක්‌ නැත. ඒ බව සිහියේ තබාගෙන ඊළඟ වතාවේ ද මේ ක්‍රියාකාරකම කරන්න.

    දැඩි අවධානය මේ සඳහා අවශ්‍යයි. වෙන දේ හිත හිතා පොත කියවීමෙන් වැඩක්‌ නැත.

    හැම දිනක ම මෙසේ වේගවත් කියවීමක යෙදෙන්න. පාඩම් පොතක්‌, ප්‍රශ්න විසඳීමට අදාළ පෙළක්‌ වැනි දෙයක්‌ කියවිය හැකි උපරිම වේගය දළ වශයෙන් තත්පරයට වචන 300-4000ක්‌ අතර වේ. සමහරු මීට වඩා වේගයෙන් පාඩම් කියවා අවබෝධ කරගනිති.

    ශීඝ්‍ර කියවීම කරන්නේ කොහොම ද?

    ශීඝ්‍ර කියවීම පුහුණු වීමේ දී බොහෝ විට උපදෙස්‌ දෙනු ලබන්නේ පළමුවෙන් සරල නවකතාවක්‌ කෙටි කතාවක්‌ වැනි දෙයක්‌ කියවන්නට කියා ය. එහෙත් ඔබ විභාගයට ආසන්න ව සිටී නම් එවැනි දෙයක්‌ වෙනුවට විෂය මාලාවට ම අයත් දෙයක්‌ කියවීමෙන් වැඩි ප්‍රයෝජනයක්‌ ලද හැකි ය. ඔබ සිංහල සාහිත්‍යය, ලලිත කලා, සන්නිවේදනය හදාරන්නකු නම් ඊට අදාළ ප්‍රබන්ධයක්‌ කියවීමට පුළුවන.

    ඔබ විද්‍යාව හදාරන්නකු නම් විද්‍යාවේ රසවත් ඒකකයක්‌ තෝරාගෙන මෙය අත්හදා බලන්න.

    එලාම් ඔරලෝසුවක්‌ ගෙන මිනිත්තු 15කින් එලාම් එක වදින සේ සකසන්න.

    දැන් ඔබ තෝරා ගත් දේ කියවීම අරඹන්න.

    එලාම් එක වදින තුරු හැකි තරම් වේගයෙන් පොත කියවන්න.