මාතර දිස්ත්‍රික්කයේ පැණි හකුරු කර්මාන්තය නංවන්න රුපියල් 1,950,000 ක්
දිස්ත්‍රික්කයේ පැණි හකුරු කර්මාන්තය නැවත නගා සිටුවීමේ අරමුණින් මාතර දිස්ත්‍රික්කයේ කිතුල් සංවර්ධන ව්‍යාපෘතිය මගින් ඒ සඳහා රුපියල් 1,950,000 ක මුදලක් වෙන් කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ පැණි හකුරු කර්මාන්තය බිඳ වැටීමකට ලක් වූ බැවින් එම කර්මාන්තයේ නියුතු වූවන් වෙනත් විවිධ රැකියා අවස්ථාවන් සඳහා යොමු වී ඇත. එහෙයින් පැණි හකුරු කර්මාන්තය නගා සිටුවීම සඳහා පිටබැද්දර හා පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල රොටුඹ නැගෙනහිර හා බටහිර, නාපත් ඇල්ල, පනාකඩුව, ගල්කැටි කන්ද, දෙන්කන්දලිය, කැටවල, කැකුන්දෙණිය, බෙරලපනාතර, බටාඳුර නැගෙනහිර හා උතුර, පට්ටිගල, පාතවිට, අබේවෙල හා විජයගම ආදී ගම්මාන කේන්ද්‍රකර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.
මේ වන විට අදාළ ගම්මානයන්හි කිතුල් කර්මාන්තයේ නියුතු වූවන් සහ අලුතින් ඒ සඳහා එකතු වීමට කැමති පුද්ගලයින් 129 දෙනෙකු හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට නවීන ක්‍රම උපයෝගීකර ගන්නා ආකාරය පිළිබඳව තාක්ෂණික පුහුණුව ලබා දී තිබේ. පැණි හකුරු කර්මාන්තයේ නියැලීම සඳහා පුහුණුව ලද කර්මාන්ත කරුවන් වෙනුවෙන් අවශ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා අදාළ ප්‍රතිපාදන යොදා ගැනේ.
මාතර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අංශයේ මැදිහත්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
Reporter Dot Lk