සිරියාව තුල වසරක්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාව තුල වසරක්

    anE0uBX.jpg

    සිරියාවේ බෂාර් අල් අෂාඩ්ගේ සහාය පිණිස නිල වශයෙන් රුසියාව මැදිහත්වූයේ 2015 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ අගදීය.ඒ ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී ඇතුලු සිරියානු රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ට එරෙහිව ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමෙන්ය.රුසියානු මැදිහත්වීම හමුවේ සිරියානු හමුදාවන් සැලකිය යුතු ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගැනීමට සමත්ව තිබේ.පසුගිය මාස 12ක කාලය තුල රුසියානු හමුදා සිරියාව තුල අන්තවාදී සටන්කරුවන්,ඔවුන් සොරාගත් තෙල් ප්‍රවාහන ට්‍රක් රථ,හමුදා අණදෙන මූලස්ථාන විනාශ කිරීම සහ මානුෂීය ආධාර සැපයීමේදී සිරියානු අරාබි හමුදාවට සහාය ලබාදුන්හ.



    රුසියාවට සිරියාව වැදගත් වන්නේ ඇයි?

    1.සෝවියට් දේශයෙන් පිටත රුසියාව සතුව තිබෙන එකම නාවික කඳවුර තිබෙන්නේ සිරියාවේ වීම.​
    2.සිරියාව යනු රුසියාවේ පැරණිතම මිත්‍රයෙකි.

    3.රුසියාව සිරියාව වැනි රටකට අන්තර්ජාතික මැදිහත්වීම් සිදුවීමට එකඟ නොවේ.එවැන්නක් රුසියාවට කරන තර්ජනයක් ලෙස පුටීන් දකියි.

    4.සිරියාව විශාල වශයෙන් රුසියානු අවි මත යැපේ.අෂාඩ් පාලනය පෙරළී ගිය හොත් බිහිවන බටහිර ගැති පාලනයක් හමුවේ සිරියාව තුල රුසියාවට පැවැත්මක් නැත.


    8Kyp9iv.gif
    සිරියාවේ බටහිර වෙරළේ පිහිටා තිබෙන රුසියානු නාවුක කඳවුර-ටාර්ටස් නගරය​

    මොස්කව් පාලනය ඉස්ලාමීය ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සිරියාව තුල ඇරඹුවේ 2015 සැප්තැම්බර් මස 30 දාය.ඊට පෙර සිරියානු රජයේ කිසිදු අවසරයකින් තොරව එක්සත් ජනපදය ප්‍රංශය ආදී රටවල් එක්ව දියත් කල ත්‍රස්තවිරෝධී ගුවන් ප්‍රහාර මෙන් නොව රුසියානු මැදිහත්වීම අෂාඩ් රජයේ පුර්ණ අවසරය සහිතව සහ සිරියානු අරාබි හමුදාවේ සහායෙන් සිදුකරනු ලැබේ.

    අරාබි වසන්තය නමින් අරාබි රටවල් කේන්ද්‍රකරගෙන දියත් වූ ඒකාධිපති පාලකයින් පළවා හැරීමේ අරගලයන් නිසා ලිබියාව,සිරියාව ආදී රටවල ජනයා පෙර සිටියාටත් වඩා ඛේදජනක ඉරණමකට මුහුණදී සිටියි.සමහරුන් අද ජීවතුන් අතරත් නැත.සිරියානු ජනයාගේ ආයු අපේක්ෂාවද වසර කිහිපයකින් පහළ බැස තිබෙන බවද පසුගියදා ප්‍රසිද්ධ කල වාර්තාවකින් කිය වුණි.

    71CQm7G.jpg
    සිරියානු අරාබි හමුදාවේ නිලධාරියෙක්​

    රුසියානු ගුවන් මෙහෙයුම් සිරියානුවන්ට ජීවිතය සහ ආරක්ෂාව සම්බන්ධව අලුත් බලාපොරොත්තු ඇති කරන ලදි.රුසියානු මැදිහත්වීමත් සමග ලැටකියා ප්‍රදේශයේ පමණක් ගම්මාන ගණනාවක් මාස කිහිපයක් තුලදී මුදාගැනීමට සිරියානු හමුදාව සමත්විය.දහස්ගණන් ජනයා යළි සිය ගම්බිම් බලා පැමිණියහ.සිරියානු අරාබි හමුදාව උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන සියගණනක් යළි අත්පත් කරගැනීමටද සමත් විය.

    ලැටකියා පළාතේ රුසියානු ගුවන් හමුදා කණ්ඩායම් සම්බන්ධීකරණය කරන සිරියානු අරාබි හමුදාවේ ඒකකයක සිරියානු ලුතිනන් කෙනෙක් කියා සිටියේ සිරියානු යුද්ධයට දැවැන්ත බලපෑමක් කරන්නට රුසියානු මැදිහත්වීම හේතු වූ බවයි.ඔහුගේ ප්‍රකාශය 100%ක් සත්‍යයකි.රුසියාව ඔවුන් සතු නවතම සහ හොඳම ප්‍රහාරක ගුවන් යානා සිරියාවට එවා තිබේ.මෙම යුද ගුවන් යානා යොදාගන්නා විශ්මිත ඉලක්ක කිරීමේ පද්ධතිය රුසියානු ගුවන් ප්‍රහාර පෙර නොවූ විරූ තරම් සාර්ථක කරන්නට සමත්ව තිබේ.ඒ සම්බන්ධව වෙනත් ලිපියකින් කතා කරමු.

    OfNgzpm.jpg
    රුසියා-ඇමෙරිකා එකඟතාවයෙන් ඇතිකල සිරියානු සටන් විරාමය සැප්.22 අවසන් විය​

    සිරියානු හමුදාවන්ට එතෙක් කාලයක් ඉදිරියට යා නොහැකිව සිටි ප්‍රදේශ යළි අත්පත් කරගැනීමට හේතුවූයේ රුසියානු ගුවන් ප්‍රහාරක සහායයි.ලැටකියා,ඉඩිබ් සහ ඇලැපෝ යන පළාත්වල පිහිටුවා තිබූ කැරලිකරුවන්ගේ බලකොටු විනාශ කිරීමට රුසියානු නියමුවෝ සමත්විය.ඒ නිසා සිරියානු හමුදාවේ ඉදිරිගමන ලෙහෙසි එකක් විය.

    ලැටාකියා වනාන්තර තුල සැඟව සිටි ත්‍රස්තවාදීන් විනාශ කිරීමට ඉතා පහළින් පියාසර කරන රුසියානු හෙලිකොප්ටර්වල මැෂින් තුවක්කුය.එවැනි ක්‍රියාමාර්ගයක් හෙලිකොප්ටර් වලින් ත්‍රස්තවාදීන් බලාපොරොත්තු නොවීය.

    ELz9UW3.jpg
    ඇලැපෝ නගරයට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් මියගිය ත්‍රස්ත ප්‍රධානියෙක් වූ මුහම්මඩ් අල් අඩ්නානි​

    සිරියාව තුල රුසියා-සිරියා හමුදා මෙහෙයුම්වල සාර්ථකත්වයට එක් හේතුවක් වන්නේ සම්බන්ධීකරණය සහ බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමයි.සිරියානු අරාබි හමුදාව නිතරම ත්‍රස්තවාදීන්ගේ භූගෝලීය පිහිටුම් සහ ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ග රුසියානු ගුවන් හමුදාව සමග හුවමාරු කරගත්තේය.ඩැමැස්කස් රජයේ හමුදා සිය සංචලන සම්බන්ධව තොරතුරු නිරන්තරයෙන් රුසියාව සමග බෙදාගත් අතර ඒ හරහා පාබල හමුදාවලට අවශ්‍ය ගුවන් ප්‍රහාරක සහාය නිවැරදිව ලබාදෙන්නට රුසියානු නියමුවෝ වග බලා ගත්හ.

    t0oIaou.jpg
    පැල්මයිරා ඓතිහාසික නගරයේ බෝම්බ් ඉවත් කරන සෙබලෙක්​

    ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්ත සංවිධානය,අල් නුස් රා පෙරමුණ ආදී ත්‍රස්ත සංවිධාන,කණ්ඩායම් වල නායකයින් මුලිනුපුටා දැමීම සම්බන්ධව රුසියානු ගුවන් හමුදාව සිරියානු හමුදාවේ ලුතිනන්වරයාගේ පැසසුමට ලක්විය.පැල්මයිරා නගරය මුදා ගැනීමේදී රුසියානු ගුවන් හමුදාව ප්‍රබල සහායක් ලබාදුන්නේය.නගරයේ වලදමා තිබූ බිම්බෝම්බ ඇතුලු මර උගුල් ඉවත් කිරීමට රුසියාව බෝම්බ නිෂ්ක්‍රීය අංශයක් සිරියාවට යවන ලදි.මෙම පෞරාණික නගරයේ වටිනා ස්මාරකවලට හානියක් නොවන අයුරින් එම කටයුතු නිමකිරීමට එම කණ්ඩායම සමත්විය.කාලයක් රාජ්‍ය විරෝධී කැරැල්ල හමුවේ අන්ත පරාජයක් කරා යමින් සිටි අෂාඩ් රජයේ හමුදාව සටන්කාමීන්,ආක්‍රමණකාරී ස්වභාවයක් දක්වා ගෙන ඒමට රුසියාව මැදිහත්වීම හේතුවිය.




    Source:sputniknews.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ යුද්දේ අවසානයක් තියෙයිද කියලා විශ්වාස කරන්න පුලුවන්ද? රුසියාව අෂාඩ්ව අතහරිද?

    This war not going to end soon & there will be no united Syria. Everyone is fighting for their own share.


    SAA still full of shit. They are not brave enough to fight against rebels even they got best equipment. Look at recent rebel offensive in HAMA. Rebels captured large part of hama & lot of tanks & APC are left behind by SAA. Only effective force is Tiger force & now everybody request Tiger force since they have brave man to fight against rebels or isis.
    Now Tiger force is separate in to few parts. One part remains in Aleppo & other part in HAMA. SAA now largely depends on Tiger force & that's too bad since if Tiger force loose just one battle, it will be huge moral damage.


    SAA should kill all the commanders who are not brave enough to fight & replace with good ones.

    Just like Sun Tzu said

    One of the more well-known stories about Sun Tzu, taken from Sima Qian, illustrates Sun Tzu's temperament as follows: Before hiring Sun Tzu, the King of Wu tested Sun Tzu's skills by commanding him to train a harem of 180 concubines into soldiers. Sun Tzu divided them into two companies, appointing the two concubines most favored by the king as the company commanders. When Sun Tzu first ordered the concubines to face right, they giggled. In response, Sun Tzu said that the general, in this case himself, was responsible for ensuring that soldiers understood the commands given to them. Then, he reiterated the command, and again the concubines giggled. Sun Tzu then ordered the execution of the king's two favored concubines, to the king's protests. He explained that if the general's soldiers understood their commands but did not obey, it was the fault of the officers. Sun Tzu also said that, once a general was appointed, it was his duty to carry out his mission, even if the king protested. After both concubines were killed, new officers were chosen to replace them. Afterwards, both companies, now well aware of the costs of further frivolity, performed their maneuvers flawlessly.



    I blame Russia for lack of CAS in Syria. I never heard good CAS in Syria except Palmyra against ISIS. It is understandable because of MANPADs. CAS is game changer. Recent reports suggest that Russia brings SU25 again with anti air defence update.
     
    Last edited: