'පොර්ට් සිටි' මුහුදූ වැලි ඇදිල්ල ඇරඹේ !
කොළඹ 'පොර්ට් සිටි' නගරය නිර්මානය කිරීමේදී වැලි ඉවත් කිරීමට භාවිතා කෙරෙන යාත්‍රාව කොළඹට සේන්දු වී ඇත.
වැලි ඉවත් ඉවත් කිරීමට අවශ්‍ය බලපත්‍රය, භූ විද්‍යා සහ පතල් කැනීමේ කාර්යාංශය විසින් තම සමාගම වෙත ලබා දී ඇතැයි China Harbour Engineering Company (CHEC) සමාගම පවසයි.
වැලි ඉවත් කෙරන කාලය තුළදී ධීවර යාත්‍රා වලට මෙම මුහුදූ කළාපයට ඇතුල්වීමට ඉඩ නොලැබේ.
මීටර් පහළොවක් තරම් ගැඹුරට මුහුදූ වැලි ඉවත් කෙරෙන අතර මේ මගින් පරිසරයට සිදුවෙන බලපෑම නිරීක්ෂණය කිරීමට විධි විධාන යොදා ඇති බව චීන සමාගම ප්‍රකාශ කරයි.
පරිසර අයිතිය :
හෙක්ටයාර් 269 ක භුමි ප්‍රමණයක නව වරාය නගරය ඉදිවෙන අතර මේ මගින් 1981 අංක 57දරන වෙරළ සංරක්‍ෂණ පනත උල්ලංගණය වන බව 'සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ' රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දෙයි.
මුහුදු වැලි උකහා ගැනීමේ දී සිදුකරන ජලය කැලතීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නොගැඹුරු සාගරයේ විශාල කලාපයක රොන්මඩ ව්‍යාප්ත වන අතර මෙම ක්‍රියාවලිය අඛණ්ඩව වසර 3 ක් පමණ කාලයක් සිදුකිරීමට නියමිතය.
එහිදී ව්‍යාප්ත වන රොන්මඩ හේතුවෙන් නොගැඹුරු සාගරයේ ජීවීන් බෝ වන සුවිශේෂී පරිසර පද්ධතිවලට ලැබෙන සූර්යාලෝක ප්‍රමාණය අඩු වන අතර රොන්මඩ අධිකව පැතිරීමෙන් ජීවි විශේෂවල පැවැත්මට ද බලපෑම් එල්ල වෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
- http://www.sinhala.srilankamirror.com/news/item/16860-sand