ස්වීඩනයේ පදිංචියට යන්න කැමතිද?

Oct 3, 2008
1,723
437
0
ස්වීඩනයේ පදිංචියට යන්න කැමතිද?

ස්වීඩනය කිවුවම අපි කාගේත් හිතේ මැවෙන්නේ මොනවගේ රූපයක්ද ? යුරෝපා මහාද්වීපයේ උතුරු කොනට වෙන්න පිහිටලා තියෙන ස්වීඩනය ඉතාමත් සාමකාමී මානව සංවර්ධන දර්ශකයේ ඉහලින්ම තියෙන ජීවත්වෙන්නට ඉතා සුදුසු රටක් විදියට තමයි පිළිගැනෙන්නේ .

sweden.jpg


ලංකාවෙන් බැහැරවෙලා අධ්‍යාපන අවස්ථාවලට පිටරට යන එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්නේ. ඔන්න අපි තීරණය කරා ස්වීඩනයේ තියෙන අධ්‍යාපන අවස්ථා ගැන ඔබව දැනුවත් කරන්න. සාමන්යෙන් අධ්‍යාපනය සඳහා පිටරට යනවා කිවුවම අපිට මතක් වෙන්නේ ඔස්ට්‍රේලියාව නවසීලන්තය එංගලන්තය වගේ රටවලනේ. හැබැයි මෑතකාලීනව ස්වීඩනය , ෆින්ලන්තය , නොර්වේ වගේ ස්කැන්ඩිනෙවියානු රටවලටත් යොමුවෙන ප්‍රමාණය විශාල ලෙස ඉහල ගිහිල්ල තියෙනවා ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ විශ්ව විද්යාල වල ඉංග්‍රීසි මාධ්‍ය පාටමාලා ඕනෙතරම් තියෙන නිසා .
අධ්‍යාපනයට විදේශගත වෙනවා කිවුවම ඉස්සෙල්ලම හිතට එන ප්‍රශ්නේ සුදුසුකම්වල පිලිගනීමනේ.කිලෝමීටර දහස් ගණනක් දුරින් තියෙන රටක අධ්‍යාපනය ලැබුවම ඒ සුදුසුකම් ලෝකේ පිළිගන්නවද ? ඔන්න ඔය ප්‍රශ්නේ හැමෝගෙම ඔලුවට එන්න පුළුවන් .
ස්වීඩනය කියන්නේ The U21 දර්ශකයට අනුව ස්වීඩනය කියන්නේ ලෝකයේ දෙවෙනි හොඳම උසස් අධ්‍යාපන ක්‍රමය හිමි රට . දැනුම පොත්වලින් උගන්නනවට වඩා බොහෝවිට ඒ දැනුම ප්‍රායෝගික ලෝකේ පාවිච්චි වෙන්නේ කොහොමද කියල උගන්නන ක්‍රමයක් මේ කලාපයේ රටවල තියෙන බව ගොඩක් අය විශ්වාස කරනවා . ලෝකේ හොඳම විශ්ව විද්‍යාල 200 දිහා බැලුවොත් ඕනෙම ප්‍රසිද්ධ දර්ශකයක ස්වීඩන්වල විශ්ව විද්‍යාල ගණනාවක් තියෙනවාමයි. ලෝකේ හොඳම විශ්වවිද්‍යාල ලෙස පිළිගන්න Karolinska institute ,Uppsala University ,Lund University,Stockholm University වගේ ඒවා මේ අතරින් ප්‍රධානයි..
ගණන් එහෙම කොහොමද ?
0gn3p63.jpg


මධ්‍ය ආදායම් ලබන අපි වගේ රටකින් ගිහිල්ල ඔය වගේ රටක ඉගෙනගන්න කොච්චර වියදම් වෙනවද කියන ප්‍රශ්නෙත් අපේ ඔලුවේ තියෙනවනේ. ඉතාම සුළු ප්‍රමානෙකට හැරෙන්න ගොඩක් අයට විදේශ අධ්‍යාපනය ලබන එක ටිකක් අමාරු වැඩක් . හැබැයි ස්වීඩනයේ විශ්වවිද්‍යාල වල ගාස්තු ඒ හා සමාන මට්ටමේ ඕස්ට්‍රේලියානු හෝ එංගලන්ත විශ්ව විද්‍යාලයක් එක්ක බැලුවොත් ගොඩක් වෙලාවට අඩුයි . උදාහරණයක් විදියට ඕස්ට්‍රේලියාවේ ඉහළ මට්ටමේ විශ්ව විද්‍යාලයක කළමනාකරණය ගැන අවුරුද්දක පාටමාලවල් අවම ලක්ෂ 30 ක් වත් වෙද්දී ස්වීඩනයේ Uppsala ,KTH වගේ ඉහල මට්ටමේ විශ්ව විද්‍යාලයක වුනත් ගාස්තුව වෙන්නේ ලක්ෂ 15 නැත්නම් ඕස්ට්‍රේලියාවේ ගාස්තුවලින් හරියටම භාගෙකට අඩු ගානක්.
මීට අමතරව ප්‍රධානම දේ මේ කාලපයම එහෙම නැත්නම් ස්වීඩනය , නොර්වේ , ෆින්ලන්තය වගේ රටවල්වලින් දියුණු වෙන රටවල් වල ළමයින්ට සෑහෙන ප්‍රමාණයක් ශිෂ්‍යත්ව ලබාදෙනවා . ඉතින් මුදල් අතින් අමාරුකම් තියෙන කෙනෙක්ට පුළුවන් මොනවද මේ අවස්ථා කියන එක ගැන අන්තර්ජාලයෙන් බලල ඍජුවම අයදුම් කරන්න.



මොනවද අවශය සුදුසුකම් ?
KiRsPIf.jpg


යන්න ඕනේ උනාට නිකම්ම යන්නත් බැහැනේ . අවශ්‍ය සුදුසුකම් ගැන ස්වීඩනයේ උසස් අධ්‍යාපනය සඳහා ඔවුන් ඍජුවම කියල තියෙනවා . ප්‍රථම උපාධියකට යනවනම් අවම වශයෙන් උසස්පෙළ විෂයන් 3 ක් සාමාන්‍ය සාමාර්ථ එක්ක හෝ සමත් විය යුතුමයි .පශ්වාත් උපාධියකටනම් පිළිගත් විශ්වවිද්යාලයකින් උපාධියක් තිබිය යුතුයි. ඔබට විශ්ව විද්‍යාල වල තියෙන ඇඩ්මිෂන් දෙපාර්තමේන්තුවලින් අදාළ සුදුසුකම් ගැන දැනගන්න පුළුවන්. මීට අමතරව ප්‍රථම උපාධියකටනම් IELTS 5.5 වගේ ඉංග්‍රීසි ප්‍රවීණතා සුදුසුකමකුත් තිබිය යුතුමයි. ඒ රටේ ජීවත් වීමට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය නිසා තමයි මේ සුදුසුකම් බලන්නේ. හැබැයි පශ්වාත් උපාධියකට යනවනම් ප්‍රථම උපාධිය ඉංග්‍රීසි වලින් තියෙනවනම් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ.
මට විතරද යන්න පුළුවන් ?

gphlhVz.jpg



සාමාන්‍යෙන් දැන් දැන් කසාද බැඳලා ළමයි ඉද්දිත් විදේශගත වෙනවනේ අධ්‍යාපන කටයුතු වලට. ස්වීඩනයත් ඒ වගේ ශිෂ්‍යයාට අමතරව ඔහුගේ කාලාත්‍රයා සහ ළමයින්ට රටට එන්න දෙනවා . බොහෝවිට කාලත්‍රයාට රස්සාවක් කරන්න අයිතියකුත් තියෙනවා. ස්වීඩනයේ තියෙන ලොකුම පහසුකමක් තමයි අවුරුද්දකට වැඩි කාලයක් ඉන්න එන හැමෝටම පුරවසියෙක්ට සමාන පහසුකම් ලබාදෙන .ඒ කියන්නේ ඔබට පුළුවන් ස්වීඩන් භාශාව ඉගෙනගන්න අවශ්‍යනම් ඒක නොමිලේ කරන්න , ඔවුන්ගේ රජයේ වයිධ්‍ය රක්ෂණයක් ලබාගන්න , ළමයින්ට පාසලක් ලබාගන්න ඒ විතරක් නෙවෙයි අවුරුදු 18 වෙනකම් ළමයෙක්ට මාසෙකට සුළු දීමනාවක් ලබාගන්නත් පුළුවන්.ඒ පැත්තෙන් බලනකොට ස්වීඩනය කියන්නේ පවුලකට ජීවත්වෙන්න සුදුසු ඉතාම සුන්දර රටක් ..
රස්සාවක් එහෙම හොයාගන්න පුලුවන්ද ?
FRiEQXz.jpg


මේ ප්‍රශ්නෙට ඔව් නෑ බෑ උත්තරයක් දෙන්න බැහැ . ස්වීඩන් නෙවේ ලෝකේ කොහේ ගියත් රස්සාවක් හොයාගන්න එක පුද්ගලානුබද්ධ කාරණයක් . මිනිස්සුන්ට කතාකරලා ලෙහෙසියෙන් සම්බන්ධතා හදාගන්න පුළුවන් කෙනෙක් නම් සමහරවිට ගිය ගමන්ම හොයාගන්න පුලුවන්වෙයි . හැබැයි අපේ අදහස නම් අවම තරමෙන් පලවෙනි මාස 6 ටවත් ජීවත් වෙන්න පුළුවන් සල්ලි ප්‍රමාණයක් අරගෙන යන්න කියන එක . එහෙම වුනොත් සල්ලි නැතිව අමාරුවෙන්න තියෙන ඉඩ අවමයි . හැබැයි ඉතින් යන්න කලින් මහන්සිවෙලා බාශාව එහෙම ටිකක් ඉගෙනගත්තොත් එහෙ ඉන්න මිනිස්සු ටිකක් දැන අඳුනගෙන සම්බන්ධතාවක් වගේ දෙයක් හදාගත්තොත් ඔය කාලේ ප්‍රමාණවත් වෙයි කෙනෙක්ට ..
ස්වීඩනයේ රැකියා කල හැකි පැය ගාන ගැන සීමාවක් නැහැ. පොඩ්ඩක් හිතන්න පුලුවන්නම් රස්සා ඕනෙත් නෑ .උදාහරණයක් විදියට රසට කෑම උයන්න පුළුවන් කෙනෙක්ට ලොකේෂන් එකක් හොයාගන සති අන්තේ කෑම උයල විකුනන්න පුලුවන්නම් රස්සාවකට වඩා වැඩි ගානක් හොයන්න පුළුවන් . තමන් ගියපු උපාධිය ඉවරකරාම ස්වීඩන් රජයෙන් මාස 6 ක විතර කාලයක් දෙනවා රස්සාවක් හොයාගන්න . මේ කාලේදී මොන මට්ටමේ රස්සාවක් හොයාගත්තත් ඊට පස්සේ රැකියා වීසාවක් ලබාගෙන යම් කාලෙකට පස්සේ ස්ථිර පදින්චියකට අයදුම් කරන්න පුළුවන් . ඒ වගේම කාලාත්‍රයෙක් ඉන්නවනම් ඔහුට හෝ ඇයටත් අයිතියක් තියෙනවා රස්සාවක් හොයාගෙන වර්ක් පර්මිට් එකක් ඉල්ලන්න .
ස්ථිර පදිංචියට අවස්ථා තියෙනවද ?

QcYK9Hz.jpg



වඩා හොඳ රටක පදිංචි වෙන එක අපි ගොඩක් අයගේ හීනයක්නේ . එහෙම අවශ්‍යනම් ස්වීඩනයේ ඒකට අවස්තාව තියෙනවා . සාමන්යෙන් අවුරුදු 5 ක් වත් රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න පුලුවන්නම් PR එකකට යන්නත් එතනින් පස්සේ අවුරුදු 5 කින් පුරවැසිභාවය ගන්න අයදුම් කරන්නත් හැකියාව තියෙනවා . හැබැයි ඉතින් භාෂාව කියන දේ ඉංග්‍රීසි මවු බස නොවන ඕනෑම රටක ඉතාම වැදගත් කියල මතක තියාගත්තොත් හොඳයි .


උපදෙස් චමල්ක අල්විස් සමරසිංහ මහතා (eduzone)
 
Last edited:

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    Thanks Bro.
    ගොඩක් වැදගත් වෙන නුලක්. මේ වගේම පුලුවන්නම් ජර්මන් ගැනත් දාන්නකෝ.:yes: අපි දෙන්නගෙම (ගර්ල් ෆ්‍රෙන්ඩ්):yes: ක්ෂේත්‍ර වලට අදාලව යන්න පුළුවන් රටක් වෙන්නේ ජර්මන්.:D ඒ නිසා ඒ ගැන පුලුවන්නම් නුලක් දාන්නකෝ.
     
    • Like
    Reactions: dilshan KASUNJITH
    Oct 3, 2008
    1,723
    437
    0
    Thanks Bro.
    ගොඩක් වැදගත් වෙන නුලක්. මේ වගේම පුලුවන්නම් ජර්මන් ගැනත් දාන්නකෝ.:yes: අපි දෙන්නගෙම (ගර්ල් ෆ්‍රෙන්ඩ්):yes: ක්ෂේත්‍ර වලට අදාලව යන්න පුළුවන් රටක් වෙන්නේ ජර්මන්.:D ඒ නිසා ඒ ගැන පුලුවන්නම් නුලක් දාන්නකෝ.

    Germany gana danna balannam mama ... :cool::cool::cool::cool: