තරුණියක් දිහා බැලූ ඉෂාන් අවුරුද්දක් තිස්සේ ඇඳේ
අම්බලන්ගොඩ ගලගොඩ නව ඡනපදයේ පදිංචිව ඉෂාන් කුමාරගේ වයස අවුරුදු 18යි.එයා ගිය අවුරුද් ජූලි මාසේ ඉදලා මේ වෙනකන් ඉන්නේ ලෙඩ ඇදේ.
ඉෂාන්ට මෙහෙම වෙන්න හේතුව 2015 වසරේ ඡූලී මාසේ දවසක තරුණියක් දිහා බලපු සිද්ධියකට පුද්ගලයින් හතරදෙනෙක් එකතුවෙලා පොල්ලකින් හිසට පහරදීමයි.මේ අවාසනාවන්ත සිද්ධියෙන් පස්සේ මේ තරුණයාට හිතාගත නොහැකි සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා.රෝහල් කිහිපයකදී අවස්ථා කිහිපයකදී ශල්‍යකර්ම කිහිපයක් කර ඇති අතර මේවනවිට මේ තරුණයාගේ හිසේ කටුවක් නැතිවයි ඡීවත් වෙන්නේ.එක් වතාවක් අනතුරින් හානී වූ හිස් කබල ඉවත්කර රු. ලක්ෂ 2.5 වියදමින් කෟතිම හිස් කබලක් දැමුවද එය සති දෙකක් යාමට පෙර නරක් වී තියෙනවා.පසුව නැවතත් ශල්‍යකර්මයක් කර කෟතිම හිස්කබලද ඉවත්කළා. මෙවනවිට හිස පවතින්නේ හම වලින් පමනක් සවිමත්වයි.
අවස්ථා කිහිපයකදී ශල්‍යකර්ම කර ඇත්තේ කිහිප දෙනකුගේ ආදාර මතයි.මේ අදුරු සිදුවීමට මුහුණ දෙන්න කළින් ඉෂාන් පපඩම් නිෂ්පාදන ආයතනයක සේවය කර දෙමාපියන් දෙදෙනාට ඇප උපස්ථාන කරමින් සිටියා.ඒත් දැන් සිද්ධවෙලා තියෙන්නේ දෙමව්පියන්ට ඉෂාන්ට ඇප උපස්ථාන කරන්නයි.
අනතුර සම්බන්දයෙන් අම්බලන්ගොඩ පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගත්තද මේ තරුණයාගේ වටිනා ඡීවිතය දැන් මැරී මැරී ඉපදීමක් වෙලා තියෙන්නේ.නමුත් අසරණ වී ඇත්තේ මේවනවිට දරුවන්ගේ සැලකිලි ලැබියයුතු වයසක සිටින මවත් පියාත් ය.දරුවා සුව කර ගැනීම මේ දෙමාපියන්ගේ එකම අරමුනයි. උදව්කරන්න කවුරුන් හෝ කැමති නම් මෙම ගිනුම් අංකයට හෝ මෙම ලිපිනයට ගොස් හමුවිය හැක.එම් පුෂ්පලතා ද සිල්වා නවඡන පදය ගලගොඩ අම්බලන්ගොඩ .ගිණුම් අංකය මහඡන බැංකුව .154-2-001-9-8089763.
