ශ්‍රී පාදයට ආ හෙලිකොප්ටරයේ ඇත්ත නැත්ත මෙ&#3505

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ශ්‍රී පාදයට ආ හෙලිකොප්ටරයේ ඇත්ත නැත්ත මෙ&#3505

    ශ්‍රී පාද අඩවියට හෙලිකොප්ටරයක් ගොඩබස්සවා ඇති බව දැක්වෙන ඡයාරූප පෙළක් මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වල සීග්‍රයෙන් හුවමාරු වෙමින් තිබෙනවා.

    එම ඡයාරූප වල දැක්වෙන අන්දමට අවට තේ වගා කළ ඉඩමක හෙලිකොප්ටරයක් නවත්වා ඇති අතර යම් පිරිසක් එතැන සාකච්ඡාවක නිරත වෙමින් සිටින අයුරු දැකගන්නට තිබෙනවා.

    කෙසේ වෙතත් nethgossip.lk අප මේ පිළිබඳව යම් සොයා බැලීමක් කළා.

    දැනගන්නට ලැබෙන පරිදි මෙම ප්‍රදේශය ශ්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන ප්‍රදේශයයි.

    මෙය නල්ලතන්නි පොලිස් වසමට අයත් ප්‍රදේශයකි.

    හෙලිකොප්ටර් යානයකින් මෙම පිරිස ගොඩබැස සිටින මෙම ඉඩම හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත්ව තිබූ බව පැවසෙනවා.

    අනතුරුව ඔහු අරාබි ව්‍යාපාරිකයින් පිරිසකට මෙම ඉඩම විකුණා ඇති බවයි වාර්තාවන්නේ.

    අදාළ ප්‍රබල අමාත්‍යවරයා මෙම ඉඩම මිලට ගෙන තිබුණේ දැවැන්ත සංචාරක හෝටලයක් ඉදිකිරීමේ අටියෙන් බවත්,මේ වන මෙම ඉඩම මිලට ගත් අරාබි ව්‍යාපාරිකයින් පිරිස මෙහි සංචාරක හෝටලයක් සෑදිමේ පිඹුරුපත් සකසමින් සිටින බවට සඳහන් වෙයි.

    මෙම ව්‍යාපාරිකයන් පිරිස මෙහි පැමැණි පළමු වතාව මෙය නොවන බවත් කිහිප වතාවක් පැමිණ තිබෙන බවත් සඳහන්.

    කෙසේ වෙතත් මවුසාකැලේ ජල පෝෂක කලාපය විනාශ කරමින් තැනෙන මෙම සංචාරක හෝටලයට එකළ සිටම ප්‍රදේශවාසීන් විරෝධය පලකර තිබෙන බවත්,ඊට විරෝධය පළකරමින් නල්ලතන්නි පොලීසියට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් වාර්තා වනවා.


    me ponna amathiya kawda kiyala pahala balanna;
     
    • Like
    Reactions: simpleboy

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ශ්‍රී පාදයේ බැසිල්ගේ හෝටලය කඩාදමයි


    ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය – නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.

    අක්කර 99 ක වපසරියක මෙම හෝටලයේ ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පැවැති අතර මෙය මහල් කිහිපයකින් සමන්විත කාමර 1500 කින් යුතු සුවිසල් හෝටලයකි. මෙම හෝටලයේ ඉහළ මහලේ සිට ශ්‍රීපාද උඩ මළුවට කේබල් කාර් ව්‍යාපෘතියක්ද ඇතුලත්ව තිබිණි.

    හෝටලය කඩා දැමීමට හේතුවී ඇත්තේ රාජපක්ෂ පාලනය පරාජයට පත් වීම බව මෙම කටයුත්ත සිදු කරමින් සිටින කණ්ඩායම් ප්‍රධානියකුගෙන් කළ විමසීමකදී දැන ගැනීමට ලැබිණි.

    නීතිවිරෝධී ලෙස ඉදි කෙරෙමින් පවතින මෙම හෝටලයේ කටයුතු තවදුරටත් ගොඩනැගීමට අවස්ථාව නොලැබෙනු ඇති බවට වූ පූර්ව නිගමනය නිසා බැසිල් රාජපක්ෂ විසින්ම මේ කඩා බිඳ දමන ලෙස උපදෙස් ලබා දී තිබේ.

    ශ්‍රීපාද රක්ෂිතයේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා පරිසරය සම්බන්ධ නීති සියල්ල උල්ලංඝනය කෙරිනි. නමුත් මේ සඳහා කැබිනට අනුමැතියද හිමිව තිබු අතර අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂයි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කර අනුමැතිය ලබා දී තිබිණි.

    මෙතෙක් කිසිවකුට හෝ ශ්‍රී පාද අඩවියෙහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදුකිරීමට නොහැකි වූයේ මෙම භුමිය අභය භුමියක් ලෙස පැවැතීම හේතුවෙනි.

    1940 ඔක්තොබර් මස 25 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනයට අනුව වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ අභය භුමියක් ලෙස නම් කොට තිබිණි.

    එයට අයත්වන මුළු භූමි ප්‍රමාණය අක්කර 12,329 වන අතර මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 99 රූඩ් 3 පර්චස් 04 ක ප්‍රමාණයක් මෙලෙස සංචාරක කලාපයක් වන ‘පූජා භුමියක්’ ලෙස නම් කර මෙම කටයුත්ත ආරම්භ කළේය.ඊට අනුව එල්ල වූ පරිසර හිතකාමීන්ගේ විරෝධය යටපත්වන්නට ඉඩ හැර මෙම භූමිය මුලින් හෙලිකොප්ටර් අංගනයක් ලෙස සකස් කෙරිණි.

    ශ්‍රී පාදස්ථානයට නව ඝන්ඨාරයක් සහිත කුළුනකුත් දොලොස් මහේ පහනකුත් සවි කිරිමට රාජපක්ෂවරු පසුගිය කාලයේ සිදු කරනු ලැබුවේද මෙම හෝටල් ව්‍යාපෘතියට එරෙහිව එල්ල වන විරෝධතා මැඩ පවත්වා ශ්‍රි පාදස්ථානාධිපති හිමිගේ කැමැත්ත ලබා ගැනීමත් වෙනුවෙනි. මෙම කටයුත්ත සඳහා හෙළිකොප්ටර් අංගනයක ලෙස යොදා ගනු ලැබුවේද ඉහත කී හෙලිකොප්ටර් අංගනයයි.

    වසර දහස් ගණනක් ‘සමන් දෙවියන්ගේ අඩවිය’ ලෙස සම්ප්‍රදාය විසිනුත්, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පාලන සමයේ අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද අඩවිය රාජපක්ෂවරු විසින් මෙලෙස විනාශ කර දෑමීම බෞද්ධයන්ට අනුවනම් මහා පාප කර්මයකි. ඒ පව් මේ ආත්මයේදීම පළ දෙනු ඇතැයි එදා බෞද්ධයෝ කීවෝය.

    කෙසේ නමුත් රාජපක්ෂවරු පිහි‍ටුවනු ලැබූ කළුගලින් නෙළූ දොලොස්මහේ පහන මේ වන විට පුපුරා ගොස් ඇත. එමෙන්ම ශ්‍රී පාදය වන්දනා කරන වරක් පාසා සම්ප්‍රදායයක් ලෙස හඬවන ඝනඨාරය දැන් හැඬවිය හැක්කේ අයෝම පුරුෂයන්ට පමණකි. මන්ද ඒ සෙලවීමටවත් විශාල ශක්තියක් වැය කළ යුතුව තිබෙන බැවිනි. මේ සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් එල්ල වූ චෝදනා නිස මේ වන විට කුඩා ඝන්ඨාරයක් පිහි‍ටුවීමටද සිදුව තිබේ.

    (ලංකා ඩේ )


    http://www.politics.lk/basil/
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    etisalat hambayo set eka

    ow, eth oya idam vikunapu ponnaya uda inne... rajapaksa la paradune thambiyonta me rata vikunapu nisa, eth thambiyo munva paradduva...mun ayemath avith thambiyonta rata vikunaida ? nattam danvath hadila athda?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේ සඳහා කැබිනට අනුමැතියද හිමිව තිබු අතර අදාල කැබිනට් පත්රිකාව ඉදිරිපත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂයි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කර අනුමැතිය ලබා දී තිබිණි.
    :( :( :(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    පිස්සුද අපේ රජතුමා කවදාවත් දෙමලට හම්බයට හ්ම්ම් කියන්න දුන්නෙ නෑ :no:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ow, eth oya idam vikunapu ponnaya uda inne... rajapaksa la paradune thambiyonta me rata vikunapu nisa, eth thambiyo munva paradduva...mun ayemath avith thambiyonta rata vikunaida ? nattam danvath hadila athda?


    එතකොට මචන් අර තම්බි වගයක් ඔය ඉඩම අරගෙන තියෙන්නේ ආයේ හොටෙල් එක ගහන්නද?
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    13043471_494692664053028_778874474759203785_n.jpg




    12993531_1319856281361677_7231067668747875865_n.jpg
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එතකොට මචන් අර තම්බි වගයක් ඔය ඉඩම අරගෙන තියෙන්නේ ආයේ හොටෙල් එක ගහන්නද?

    ow mchn, kiyanne mun muslim unta hotel ekak hadanna yanne, meka akramanayak...

    loke inna hama muslim ekama etekota mehe enawa..un kiyanne adam kiyala ekek ahasin polavata apu thanalu...danma mukut nokaraoth sri padeth un allagannawa kuragala vage..
     
    • Like
    Reactions: naleen rox

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    අම්මව ගහගෙන යද්දී බේර ගත්ත කියල, අම්මව දුෂණය කරන්න පුලුවන්ද කියල ඉස්සර කව්ද එකෙක් ඇහුවේ...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අම්මව ගහගෙන යද්දී බේර ගත්ත කියල, අම්මව දුෂණය කරන්න පුලුවන්ද කියල ඉස්සර කව්ද එකෙක් ඇහුවේ...

    me mokakda bn ? :eek:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    ඔය ඉඩම අරගෙන තියෙන්නේ ආයේ හොටෙල් එකක් ගහන්නද???? දෙයියනේ
     

    Similar threads