වාහන Service Station

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    ඔන්න අද කස්ටියට වාහන Service Station එකක් පටන් ගන්න ඉන්න යට වැදගත් වෙන ලිපියක් ගෙනාව.. රත්තරන් අයියගේ දියුණු වෙන රහස් ලිපියත් කස්ටිය කියවන්න ඇතිනේ .කියෙඋවේ නැති ය මෙතන පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් කියවන්න..හුගක් වැදගත් ලිපියක් ඒක..​


    http://www.elakiri.com/forum/showthread.php?t=1564346

    නිවැරදි උපකරණ සහ පරිශ්‍රයක් සමග මෝටර් රථ මෝටර් රථ අලුත්වැඩියා ස්ථානයක් ආ‌රම්භ කරන්නේ කේසේ ද?
    තමන්ගේම වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් ආරම්භ කිරීම ලෝකයේ සෑම හොඳ කාර්මිකයෙකුගේ සිහිනයකි.
    ඔබ දක්ෂ සහ බොහෝ දේ කලහැකි කාර්මිකයෙකු නම් සහ ඔබ වෙන කෙනෙකු යටතේ ඉතා සීමිත වැඩ කොටසක් කරන්නේ නම් ඔබට එයින් මිදී ඔබට ඔබගේම ව්‍යාපාරයක් ආ‌රම්භකර එම අවස්ථාවේදීම මුදල් ඉපයිය හැකිය.
    නිවැරදි උපකරණ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයක් විවෘත කිරීමට අත්‍යාවශ්‍ය වන අතර සියලු නිවැරදි තීරණ ගැනීමට එම උපකරණ පිලිබඳ හොඳ දැනුමක් සහ ඔබ ද නිවැරදිව විවිධ උපකරණ භාවිතා කිරීම සහ පවත්වාගෙන යාම ඉගෙන ගත යුතුවේ.
    හොඳ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයක් සඳහා වාහන අලුත්වැඩියා උපකරණ සපයන ආ‌යතන සතුවඔබ මිල දී ගන්නා හෝ බදු/කුලියට ගන්නා සියලු බර කාර්‍ය්‍යය උපකරණ සඳහා සේවා කිරීම් සහ අමතර කොටස් ඇ‌ති බවට සහතික කරගන්න.
    එම සමාගම ආරක්ෂිතව එක් එක් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පුහුණුවක් නොමිලයේ,ඔබ ආ‌රම්භ කරන සේවා ස්ථානයේදීම ලබාදීමට සමත් විය යුතුය.
    කුසලතා සහ හැකියාවන් යනු මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛ අංගයන් වන අතර වාහන අලුත්වැඩියා ස්ථානය නිවැරදි මාවතේ ආරම්භ කිරීමට නම් ප්‍රයෝජනවත් පෞද්ගලිකත්වය මෙන්ම ඔබේ රැකියාව සඳහා ඇල්මක් තිබීම පූර්ව කොන්දේසි වේ.
    ඔබ ඔබේ වැඩ කටයුතු ගැන සැලකිලිමත් නම් සහ පාරිභෝගිකයින්,ඔවුන්ගේ සියලු යාන්ත්‍රික අලුත්වැඩියා කිරීම් හා සේවා සඳහා,ඔබගේ සේවා ස්ථානය වෙත ඒ‌ම පිළිබඳව සැලකිලිමත් වන නිසා ඔබට පුලුල් පරාසයක වැඩ කිරීමට මෙවලම් හා උපකරණ අවශ්‍ය වනු ඇ‌ත.
    ඔබ ඔබ කරන දේට ආදරය කරන්නේ නම් හා ඔබට එය කිරීමට අවශ්‍ය නම්,ඒ සඳහා නොබියව යන්න!
    ඔබට වාහන අලුත්වැඩියා ස්ථානයක් පිහිටුවීම සඳහා ගොඩනැගිල්ලක් බදු ගැනීම,තීන්ත ආලේප කිරීම,සංඥා හෝ ලකුණු ඇ‌ති කිරීම ආදිය සඳහා ද යම් යම් උපකරණ මිලදී ගැනීමේ හෝ බද්දට ගැනීමට යම් මුදලක් අවශ්‍ය වනු ඇත.බටහිර රටවල නම් කුඩා ස්ථානයක සිට වාහන ඔසවා තැබීම්(lifts)4 දක්වා ඇ‌ති විශාල මෙහෙයුම වාහන අලුත්වැඩියා ස්ථානයක් පිහිටුවීම සඳහා සුපුරුදු පිරිවැය පරාසය $ 20,00 හා $ 100,000 පමණවේ.
    මේ වන විටත් ඔබ වැඩ කිරීමේ උද්යෝගය,දක්ෂතා සහ කුසලතා ඇති නිසා පරිශ්‍රයේ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ පිහිටුවීම පිළිබඳව දැන ගැනීම සඳහා ඉවසීම අවශ්‍ය වනු ඇ‌ත.
    එසේම ඔබේ ප්‍රතිලාභ මධ්‍යස්ථානය(Profit Center)පුලුල් පරාසයක ඇති විට වඩා හොඳ වෙළෙඳපොළ කොටසක් ආවරණය කළ හැකි අතර වඩා හොඳ පිරිවැටුමක් හා වැඩි ලාභ සමග ආරක්ෂාව සපයයි.ඔබ ඔබේ වෙළඳපල ප්‍රමාණයට වඩා වැඩිපුර යන්ත්‍ර සූත්‍ර සඳහා වියදම් නොකල කල යුතුය.
    හැම විටම පුලුල් පරාසයක පහසුකම් සැපයීමෙන් සහ නොමිලේ සේවා උපදෙස් සැපයීම මගින් පාරිභෝගිකයන් ඔවුන්ගේ A/C ගෑස් ගැසීම,බ්‍රේක් ඩිස්ක් මැෂින් කිරීම සහ වීල් අලයිමන්ට් කිරීම සඳහා වෙනත් තැන්වල යාමට ඇති හැකියාව වලක්වා ඔවුන් තම සේවා වෙත රඳවා තබා ගත හැකිය.
    වීල් අලයින්මන්ට් වැඩ එය කාලය නාස්ති කිරීමක් වන බැවින් එය පිටස්තර ආයතනයකට ලබාදී වාහනය ගෙන යාමට සහ ගෙන ඒ‌මට පමණක් යා හැකි ඒ‌ අතර කුඩා ලාභයක් ලබා දෙනවෙනත් වැඩ සඳහා ඔබේ කාලය වැය කල හැකිය.
    වාහන අලුත් වැඩියා පරිශ්‍රය:
    • වාහන පහසුවෙන් ඇ‌තුල් විමට සහ පිටවීමට හැකිවීම සහ පහසුවෙන් ලිෆ්ට් එකට දැමීමේ හැකියාව.
    • ඉතා උස් වහලයකින් සහ අඟල් 6 කින් යුක්ත ඝණ ශක්තිමත් කොන්ක්‍රීට් පොළවකින් සමන්විත වීම.
    * ලිෆ්ට් එකක් සඳහා පොළවේ සිට වහලයේ සිවිලිම දක්වා අඩි 15 පමණ උසක් අවශ්‍ය වේ.
    ප්‍රමාණවත් ඉඩ සහ පහසුකම්:
    වාහන අලුත්වැඩියා ස්ථානය විශේෂීකරණ එකක් නම් අඩුම තරමේ එක ලිෆ්ට් 2 ක් වත් තිබිය යුතුයි.
    ඔබ ලිෆ්ට් 4-6 ක් සහිත ව්‍යාපාරයක් පිලිබඳව සැලකිලිමත් නම් එහි පොදු අලුත්වැඩියා කටයුතු සහ සර්විස් සඳහා දක්ෂ කාර්මිකයන් සොයාගැනීමට ඔබට හැකියාව තිබිය යුතුය.
    පිලිගැනීම් කවුන්ටරය,කාර්‍ය්‍යාලය,වැසිකිලිය සහ කෑම කාමරය ඉතා විශාල විය යුතු නැති අතර වැඩකරන අයට සහ පාරිභෝගිකයන්ට එය පිරිසිදු සහ සුව පහසු විය යුතුය.
    ස්වාභාවික ආ‌ලෝකය:
    හොඳ ස්වභාවික ආලෝකය ප්‍රභවයක් තිබීම විශේෂයෙන් එන්ජින් යටින් ඔයිල් කාන්දු වීම් සහ පැල්ලම් පරීක්ෂා කිරීම සඳහා ඔබේ කාර්මිකයන්ට විශාල වාසියකි.හොඳ ආලෝක තත්වය මෝටර් රථ අලුත්වැඩියා කරන ස්ථාන අතර තවමත් මගහැරී ඇ‌ති ප්‍රධාන සාධක අතරින් එකකි.හොඳ හා වඩා පළපුරුදු කාර්මිකයන් ස්වභාවික ආලෝකය අවශ්‍ය බව අවධාරණය කරන අතර එය වඩා හොඳ ඉංජිනේරු අත්‍යාවශ්‍යතාවයකි.
    බලපත්‍ර,ඔයිල් හා තරල පද්ධති,කාණු ආදිය:
    බොහෝ රටවල්,ප්‍රාන්ත සහ ප්‍රදේශ වල වාහන අලුත්වැඩියා ස්ථාන ආ‌රම්භ කල හැකි රෙගුලාසි සහ කලාප ඇත(එම කලාප කාර්මික කලාප ලෙස හඳුන්වනු ලබයි)
    1)ඔබ ලීසිං හෝ මිලදී ගැනීමට සලකා බලන දේපල එම කලාප තුල ද යන්න පළමු කරණය බවට වග බලා ගන්න.
    2)විශාල තෙල් කාන්දු වූ අවස්ථාවක නිවැරදි ජලාපවහන පද්ධතියක් ස්ථාපනය කර තිබෙන බව තහවුරු කර ගන්න.(බොහෝ රටවල ඉවත් කරන එන්ජින් ඔයිල් සහ අනෙකුත් තෙල් වර්ග ගබඩා කල හැකි ටැංකි සවිකර තිබය යුතු අතර කිසිවටෙක අනෙකුත් ජල ප්‍රවාහන පද්ධති වලට හෝ පොලව තුලට නිදහස්කල නොහැකි අතර එය විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන වරදක් වේ)
    3)ඔබේ වෙළඳ කටයුත්තට අදාල හා සම්බන්ධ වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය ගබඩා කළ හැකි බව තහවුරු කර ගන්න.
    4)නීත්‍යායානුකූලව ඔබගේ සියලු යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමට හැකි බවට සහතික විය යුතුය.
    5)බොහෝ වාහන අලුත්වැඩියා ස්ථාන උපකරණ සඳහා විදුලි සැපයුම වෝල්ට් 400 යේ ත්‍රීෆේස් විදුලිය වන අතර එය සම්බන්ධ කර ඇ‌ති බවට සහ නිසි ලෙස ක්‍රියාකරන බවට සහතික විය යුතුය.
    6)එයාර් හෝස් හිසට ඉහලින්(overhead)ස්ථාපනය කරන්න.එවිට බිම දිගේ එයාර් හෝස්/නල ඇ‌දීමට අවශ්‍ය නොවේ.
    7)සමහර විශේෂ වැඩ සඳහා අවශ්‍ය වේ නම් වතුර නල ද හිසට ඉහලින් සවිකරන්න.ප්ලග් පොයින්ට් වැඩ මේසයට ඉහලින් සවිකරගන්න.මූලික වාහන අලුත්වැඩියා ස්ථානයකට වුවද මෙම ප්ලග් පොයිට් සෑහෙන ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇ‌ත.
    8)හදිසි කාන්දු කට්ටලය මිලදී ගැනීම් හා පවත්වාගෙන යාම.
    9)සැලස්මක් සහිත හොඳින් ඉදිකරන ලද සහ ස්ථාන කරා ඉතා ඉක්මනින් හා පහසුවෙන් ලඟාවිය හැකි ගිනි නිවන උපකරණ සවි කරන්න.
    10 වාහන පිටාර වායුව පිටකල හැකි නල පද්ධතියක් සහ එක්සෝස්ට් ෆෑන් පද්ධතියක්.
    බිම තීන්ත ආලේප කිරීම:
    අපිරිසිදු සිහින් සහ උණුසුම් තෙල් සඳහා පැල්ලම් ඔරොත්තු දිය යුතු නිසා.වාහන අලුත්වැඩියා ස්ථානයේ බිම ඉතා වැදගත් වේ.එය ඔයිල් මාරැකිරීම් සිදුකිරීමේ දී කාන්දු සිදු වන,නමුත් එය නතර කරන ආකාරය පිළිබඳ වැඩි සැලකිල්ක් දැක්විය යුතුය.
    ලිෆ්ට් සවිකිරීමට පෙර,බිම මට්ටම් විය යුතු අත ඝණ සහ ශක්තිමත් බව වඩාත් වැදගත් වේ.ඔයිල් සහ අනෙකුත් තෙල් කොන්ක්‍රීට් තුලට උරාගෙන පුපුරායාමට හැකි බැවින් හා විශේෂයෙන්ම ලෆ්ට් කණු අවට එය දුර්වල විය හැකි බැවින් එසේ නොවීමට නම් බිම් තීන්ත ආ‌ලේප සහ ප්‍රතිකාර ක්‍රම දැන ගැනීමට අවශ්‍ය වේ.
    මෙම තීන්ත ආ‌ලේප පොළොව මතුපිට ලිස්සා නොයන බවට හා පොළොව මත උපකරණ සුමටව තලුලු කිරීමට හැකි විය යුතු බව තහවුරු කරගන්න.ඒ‌ සඳහා ලිස්සා නොයන තීන්ත(non skid paint)භාවිතා කරන්න.
    සම්මත උපකරණ:
    ලිෆ්ට්
    ලාභ ලිෆ්ට් මිලදී නොගන්න!
    • වැඩ මේස
    • මූලික කාර්මික ටූල්ස්
    සර්ක්ලිප් ප්ලයර්ස්,බෙයාරිං පුලර්,සොකට්,අඬු,මිටි,පීරී,කපන කටු,ඇ‌ලන් කී,රිං ස්පැනර් සහ ඕපන් එන්ඩ් ස්පැනර් ආ‌දී වශෙයන්.ඔබ කරන වැඩ මත පදනම්ව එය වෙනස් විය හැකි නමුත් ඒ‌වා සම්පූර්ණ කට්ටල විය යුතුය.ඇතුළත සහ පිටත සර්ක්ලිප් ප්ලයර්ස් සම්පූර්ණ පරාසය ඇතුලත අත්‍යාවශ්‍ය වේ.
    හෑන්ඩ් ලයිට්,එයාර් ගන් සහ හෝස්,ඔයිල් ඩ්‍රේනර් ආ‌දියෙන් අඩුම වශයෙන් එක ලිෆ්ට් එකකට එක කට්ටලයක් බැගින් තිබිය යුතුය.
    වර්ගයන් හා මාදිලි සඳහා වෙනත් විශේෂ ටූල් අවශ්‍ය විය හැකි අතර අවම වශයෙන් හොඳ තත්වයේ දඬු අඩු දෙකක්වත් තිබිය යුතුය.එමෙන්ම තවත් බොහෝ අයිතමයන් තිබෙන අතර ඒ‌වා පිලිබඳ ලැයිස්තුවක් පහත ඇත.
    පොදු වර්ක්ෂොප් මැෂීන්:
    • ටයර් මාරැකරණය.
    • ටයර් මාරුකිරීමේ උපාංග
    • ටයර් පීඩන මානය
    • වායු පීඩන නියාමකය
    • ටයර් ලීවර්
    • ටයර් ලීවරයක් ආරක්ෂකයක්
    • වීල් බැලන්සර්
    • වීල් බලන්ස් උපාංග
    • වීල් වෙයිට් අඬු
    • බ්‍රේක් ලේත් මැෂීන්
    කාර් එකට සවිකල හැකි ඒ‌වා සහ බ්‍රේක් ලේත් කාර් එකෙන් පිට සවිකර ඇ‌ති ඒ‌වා.
    • වීල් අලයින්මන්ට් ලිෆ්ට්
    • එන්ජින් ඇ‌නලයිසර්
    • ලිෆ්ට්
    • SUV,වෑන් සහ සැහැල්ලු ට්‍රක් රථ සඳහා සමමිතික කණු දෙකක් සහිත ටොන් 4 ලිෆ්ට් එකක්
    • කණු 2 අසමමිතික ටොන් 4 ධාරිතාව සහිත ලිෆ්ට් 1
    කණු 4 සම්මත එක් ජැක් බීම් එකක් සහිත ලිෆ්ට් 1
    කණු 4 අලයින්මන්ට් ලිෆ්ට් 1
    විශේෂ වර්ක්ෂොප් මැෂීන්:
    • ප්ලයිවීල් ග්‍රයිනිඩර්
    • ඩයනමෝමීටර්
    • ලේත් මැෂීන්
    • ඉන්ජෙක්ටර් ක්ලීනින් මැෂීන්
    • පොදු වර්ක්ෂොප් උපකරණ
    • හෝස් රීල්,ග්‍රයින්ඩර්,කොම්ප්‍රෙෂර්,ග්‍රීස් ගන්
    • ඩ්‍රිල්,අධි පීඩන වාහන සෝදනයක්,එන්ජින් ක්‍රේන්,එන්ජින් ට්‍රොලි,වැකියුම්ක්ලීනර්.
    වීල් ඩොලී ජැක්,වීල් ට්‍රොලී,වර්ක් බෙන්ච්.ඈන්ගල් ග්‍රයින්ඩර්,ඔයිල් ඩ්‍රේනර්,ඔයිල් ෆිල්ටර් කැප්/චේන්,දඬු අඩු,ආ‌රක්ෂිත ලයිට් සහ අනෙකුත් අවශ්‍ය මැෂීන් සහ ටූල්ස්.
    ඔසිලොස්කෝප්,එයාර් ටූල්ස්,ඉම්පැක්ට් රින්ච්,රින්ච්,එයාර් කටර්,හෑන්ඩ් ඩ්‍රිල් සහ ටූල් බොක්ස්.
    විශේෂ උපකරණ:
    • ස්ප්‍රින් කොම්ප්‍රෙෂර්
    • ඉන්ජෙක්ටර් ක්ලීනර්
    • කූලින් සිස්ටම් ප්‍රෙෂර් ටෙස් කිට්
    • ඉන්ජෙක්ටර් ටෙස් කිට්
    • ප්‍රෙෂර් බ්‍රේක් බ්ලීඩර්
    • කොම්ප්‍රෙෂන් ටෙස්ටර්
    • හයිඩ්‍රොලික් ගියර් පුලර් සහ පුලර්ස්
    • ගෑස් වෙල්ඩිං සහ ආ‌ර්ක් වෙල්ඩිං කිට්
    • පොදු හෑන්ඩ් ටූල්ස්
    • මිනුම් ටූල්ස්-කැලිපර්
    • මයික්‍රෝමීටර්,ඩයල් ගේජ්ටැකෝමීටර්,ටැප් සහ ඩයි සෙට්.
    • විශේෂ හෑන්ඩ් ටූල්ස්
    ඉලෙක්ට්‍රොනික් පරීක්ෂණ උපකරණ:
    • බැටරි ටෙස්ටර් සහ බැටරි චාර්ජර්
    • බැටරි ජම්ප් ස්ටාර්ටර් සහ ජම්ප් කේබල්
    • මලිටිමීටර්,ටෙස්ට් ලයිට්
    එයාර්කන්ඩිෂනිං:
    • ලීක් ඩිටෙක්ටර්
    ආ‌රක්ෂිත උපකරණ:
    • ගොගල්ස්,ඉයර් ප්‍රොටෙක්ෂන් සහ ඉයර් ප්ලග්,ප්‍රථමාධාර කිට්,ගිණි නිවන උපකරණ,පිටාර වායු පිටර කරන ලයින්
    සේවා සහ සවිකිරීම්:
    • ලිෆ්ට් සවිකිරීම්/විදුලි කාර්මික/සවිකිරීම්
    • විදුලි ආ‌ලෝකරණ සැකසීම්.
    • විදුලි උපකරණ පරීක්ෂා
    කිරීම සහ ලේබල් කිරීම
    • මැෂීන් අලුත්වැඩියාව සහ නඩත්තුව
    වෙනත් උපකරණ:
    • ගෑස් ඇ‌නලයිසර්
    නවීන මෝටර් රථ සමග වැඩ කිරීම සඳහා විවිධ වර්ගයන් සහ මාදිලි සමග සම්බන්ධතා කිරීම සඳහා කේබල් සම්බන්ධතා හොඳ ස්කෑන් ටූල් එකක් සහ ගෑස් ඇනලයිසර් අවශ්‍යවේ.
    තවත් උපකරණ:
    මාර්ග-බැඳියාවන්(road-worthiness)සඳහා මෝටර් රථ පරීක්ෂා කිරීමට බලපත්‍රයක් ලබා ගැනීමට අදහස් කරන්නේ නම්.(මෙම බලපත්‍රය සමහර රටවල විවිධ නම් ඇත)තරමක් වැඩි උපකරණ අවශ්‍යවනු ඇත.
    • හෙඩි ලයිට් එජස්ටර්
    • විශාල වර්නියර් කැලිපර්
    • කොම්ප්‍රෙෂන් ටෙස්ටර්
    • ගෑස් ඇනලයිසර්.
    * මෙම ලැයිස්තුව ප්‍රාන්ත/ප්‍රදේශයන් සහ රටින් රටට වෙනස් වේ.
    ප්‍රතිලාභ මධ්‍යස්ථානය(Profit centres)
    වර්ක්ෂොප් තුල දී සියල්ල කළ හැකිවීම වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ශනය කරගනු ඇත.නමුත් එයට අවශ්‍ය උපකරණ හෝ යන්ත්‍රෝපකරණ නැති නම් ඔබට ඒ‌ සඳහා වෙනත් ස්ථාන වෙත යැවීමට සිදුවනු ඇ‌ත.
    කවදාවත් ඔබේ ගනුදෙනුකරුවන් පිටතට නොයවන්න.සෑම විටම ඔබ වෙනුවෙන් වැඩ කරන්න තවත් විශේෂඥයෙකු භාවිතා කරමින් විසඳුමක් තිබේනම් එය නිම වූ විට එය හොඳින් පරීක්ෂා කිරීමෙන් පසුව වටිනාකමක් එකතු කරන්න.
    ඔබේ වාහන අලුත්වැඩියා ස්ථානය ලාභදායී කිරීමට මාර්ග කිහිපයක්;
    ඉහළ ගුණාත්මක බ්‍රේක් ඩිස්ක් ලියවනයක් මිලදී ගැන්න සහ එය භාවිතා කරන ආකාරය ඉගෙනගන්න.මෙම උපකරණ සැපයුම්කරු ඔවුන් අලෙවි උපකරණ භාවිතා කිරීමට ඔබ හෝ ඔබගේ කාර්මිකයා පුහුණු කිරීමට හැකි විය යුතුය.
    එයාර්කන්ඩිෂන් අලුත්වැඩියාව:
    • සම්පූර්ණ කාර්‍ය්‍යයම කල හැකි බහු ඒකක මිලදී ගන්න.
    ටයර් මාරැකිරීම්,වීල් බැලන්ස් කිරම්:
    • ටයර් අලෙවිකරැවන් සමඟ ඒකාබද්ධ වන්න හෝ විශාල රෝද සහිත නව මෝටර් රථ ටයර් මාරැකිරීමට හැකි යන්ත්‍රයක් මිලදී ගන්න.
    වීල් අලයිමන්ට්:
    මේ සඳහා ඉහත සඳහන් පරිදි කණු 4 ක් සහිත අලයින්මන්ට් මැෂීන් එකක් අවශ්‍ය වන අතර මිලදී ගැනීම මිල අධික වේ.සාමාන්‍යයෙන් වීල් අලයින්මන්ට් කිරීමෙන් එතරම් ලාභයක් ලබාගත නොහැකි නමුත් එමගින් වෙනත් අලෙවි කරණයන් ඉතා හොඳින් ආකර්ෂණය කරගැනීමට හැකිය.
    LPG ගෑස් පරිවර්ථනය:
    ගෑස් ඇනලයිසර් හා ගෑස් පරිවර්ථක සවිකිරීම සඳහා බලපත්‍රයක් සහ අවශ්‍ය සියලුම උපකරණ තිබේ නම් පරිවර්ථනයන් හොඳ මුදල් ඉපයීම් මාර්ගයකි.නැවත ටියුන් කිරීම හා කැලිබ්‍රේෂන් කිරීම සඳහා ඔබේ කාලය ගන්න.
    අවසාන වශයෙන්:
    • පාරීභෝගික ගරැත්වය සහ විශ්වාසය දිනාගනිමින් වඩාත් හොඳින් කාර්‍ය්‍යයක්ෂම සහ ලාභ දායී ලෙස ඔබේ වාහන අලුත් වැඩියා ස්ථානය පවත්වාගෙන යාමට නම් බාරගන්නා වැඩ නියමිත දිනට නියමිත වෙලාවට ආ‌පසු බාර දෙන්න.
    • එකම අලුත්වැඩියාව සඳහා නැවත නැවත පැමිණීම අවම කරගැනීමට සෑම කාර්‍ය්‍යයක්ම අවංක ලෙස ප්‍රථම වතාවේ දීම නිවරදිව කරන්න.(Reduce repeat repair)
    • තමන්ටම ආ‌වේනික සාධරණ එකම වැඩ කුලී ගාස්තුවක්(Labour Hour rate)තබාගන්න.
    • තමන් යටතේ වැඩ කරන සේවකයන්ට හොඳින් සලකන්න.​

    උපුටා ගත්තේ මෝටර් කාර්මික දැනුම page එකෙන්.
    https://www.facebook.com/groups/Carindustrial/permalink/630828707079010
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕවා මුකුත් නැහැ ගොඩක් තැන් වල
    වාහනේ නග්ගන්න කොන්ක්‍රීට් එකයි, හයි ප්‍රෙෂර් පොම්පෙයි, ඔයිල් කෑන් ටිකයි තියෙන්නෙ :P
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    ඕවා මුකුත් නැහැ ගොඩක් තැන් වල
    වාහනේ නග්ගන්න කොන්ක්‍රීට් එකයි, හයි ප්‍රෙෂර් පොම්පෙයි, ඔයිල් කෑන් ටිකයි තියෙන්නෙ :P

    Sira katahawa machan..ath unta bussnes adui.balapan care point wage thanaka kohomada kiyala
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Sira katahawa machan..ath unta bussnes adui.balapan care point wage thanaka kohomada kiyala
    බිස්නස් තියෙනවා බන්, අඩුම නැහැ
    ලොකු ඒවගේ ගානෙන් කාලක්වත් යන්නෙ නැහැ සර්විස් එක කරන්න :):P