ගොඩක් කල් ජීවත් වෙන්න ආසද?
මම ලෙඩෙක්. මම මේ Thread එක දාන්න හිතුවේ තව එක්කෙනෙක් හරි ලෙඩෙක් වෙන එක නවත්තගන්න පුලුවන්නම් ඒක මට සතුටක් කියල හිතිච්ච හින්දා. ඉස්සර doctorsලා කියන සමහර දේවල් ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරපු එක මෝඩ කමක් කියලා දැන් හිතෙනවා. එත් ගොඩක්ම පරක්කු නොවී හරි, හරි දේ තේරුම් ගත්ත එක ගැන සතුටුයි.
උඹල අපි කන බොන දේවල් වල ප්‍රතිවිපාක එන්නෙ අද හෙට නෙවෙයි. තව අවුරුදු ගණනාවකින්. මම කාලයක් පරාට සහ බිතතර රොටී කන්න හරි පෙරේතයි. ඒවගේ තමයි results අද මගේ අසනීපෙට හේතු වෙලා තියන්නෙ. නමුත් පහල මම දාලා තියන දේවල් අනුගමනය කරලා මම අද ගොඩක් දුරට සුවය ලබලා තියනවා. ඉතින් උඹලාත් දැන්ම ඉඳන් පාලනයක් ඇතුව ජීවත් වෙනවානම් ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න පුලුවන් වෙයි.
1) ආහාර වේල් වල තියන පිටි කෑම අඩු කරන්න. නූඩ්ල්ස්, පරාට, ඉඳි ආප්ප, පාන්, බන්ස් වගේ පිටි කෑම සතියකට වේල් 2-3කට සීමා කරන්න. බත් කන එකත් දවල් වේලට සීමා කරන්න පුලුවන්නම් හොඳයි
2) තෙල් කෑම අඩු කරන්න. අපේ දිවවල් පුරුදු වෙලා තියන්නෙ හැම දේම බැදල කන්න. ඒ pattern එක වෙනස් කර ගන්න බලපල්ල. මාලු කෑල්ලක් කෑවත් උයල හරි සැලඩ් හදල හරි කන්න පුරුදු වෙයල්ල බැදලම කන්නෙ නැතුව.
3) රෑට පුලුවන් තරම් පිටි, තෙල් අඩු කෑම කන්න බලපල්ල. කඩල, කවුපී, මුං ඇට වගේ දේවල් හෝ කුරන්න්කන් පිට්ටු හෝ කුරන්න්කන් ඉඳි ආප්ප වගේ දෙයක් කන්න. එහෙම නැත්නම් මාලු සහ එලවලු වැඩි කෑම වේලක් ගන්න පුරුදු වෙයල්ලා.
4) ඇඟේ බර පාලනය කර ගන්න. උසට හරියන බර control කර ගන්න කරන්න. දවසට අවම මිනිත්තු 30ක් බැගින් සතියකට දින හතරක්වත් ව්‍යායාම කරන්න. youtube එකේ තියනව ඕනෙ තරම weight control exercises
5) අරක්කු බොන එකෙක්නම් බොන එක සතියකට දවස් 3කට වඩා කරන්න එපා
6) මාස 6යට වරක් වගේ විශ්වාසවන්ත lab එකකින් පහල තියන test ටික කර ගන්න. මොකද ඕනෙම ලෙඩක් මුල් අවධියේදී අඳුන ගත්තම සුව කරන්න ලේසියි
Fasting blood sugar : ඇඟේ සීනි මට්ටම බලා ගන්න
Lipid Profile Test : ඇඟේ cholesterol මට්ටම බලා ගන්න
Liver profile test : උඹ කන බොන දේවල් වලින් Liver එක damage වෙලාද කියල බලා ගන්න
Renal profile test : උඹ කන බොන දේවල් වලින් Kidney එක damage වෙලාද කියල බලා ගන්න
තව මේ ගැන හොඳට දන්න මිනිස්සු මේකෙ ඇති. විශේෂයෙනම් SAITM එකට විරුද්ධව කෑ ගහන අපේ වෙද්‍ය සහෝදර වරු
ඉතින් මේ ගැන උඹලාගේ දැණුමත් මේකෙ ඉන්න සහෝලත් එක්ක බෙදා ගන්න කියල ඉල්ලා සිටිනවා
මේ Post එකෙන් උඹලගේ ජීවිත වලට යමක් එකතු උනානම් rep එකක් දීපල්ල

, සිංහල තේරුම් ගන්න බැරිද බොට
?