Walpola Rahula-සත්යෝදය

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    සත්යෝදය කියවල, සත්‍ය වටහාගෙන්න!!

    aa-sathyodhaya.jpg

    කියවල නැත්නම් අදම කියවන්න...
    මෙන්න ලින්ක් එක...

    https://galpotha.wordpress.com/dhamma-books-දහම්-පොත්/?_e_pi_=7,PAGE_ID10,7522091345

    http://digitize.ess-enterprise.com/library/view/1
     
    • Like
    Reactions: NB Diamonds

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මෙ පොතෙ තියෙන කරුනු ධර්මයට එකගද කියල විස්වසද?

    බුදු සසුන
    අතුරුදහන් වන ආකාරය
    සද්ධම්ම පතිරූපක සූත්රය මගින්
    බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
    "මේ ශාසනයෙහි හිස් පුද්ගලයෝ උපදිති.
    මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින්
    සද්ධර්මය විනාශයට පත්ව
    අතුරුදහන් වෙයි.
    යම් කලෙක ජාතරූප ප්රතිරූපකයන්,
    පෙනුමෙන් දර්ශනයෙන් රත්රන් වැන්නක්
    ලෝකයේ පහලනොවන්නේ ද
    ඒ තාක් කල් රත්රන් අතුරුදහන් වීම සිදුනොවේ.
    ලෝකයේ යම් තැනෙක
    ජාත රූප පතිරූපකයා (සරුව පිත්තල) ජනිත වන්නේ ද
    අනතුරුව ජාතරූපයා (රත්රන්) අතුරු දහන්වීම සිදුවෙයි.
    යම්තාක් කල් වේ ලෝකයෙහි
    සද්ධර්ම ප්රතිරූපක
    හෙවත් (පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) නූපදීද,
    ඒ තාක් කල් සද්ධර්මයාගේ අතුරුදහන් වීමක් සිදුනොවේ.
    යම් තැනෙක
    සද්ධර්ම ප්රතිරූපකයන්
    (පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) උපදීද?
    එවැනි අවස්ථාවලදී සද්ධර්මයාගේ අතුරුදන්වීම සිදුවන බව
    බුදුන් වහන්සේ
    මෙම දේශනාව මගින් පෙන්වාදී ඇත.
    මේ ශාසනයෙහිම උපදින
    හිස් පුද්ගලයන් මගින්
    සද්ධර්මය විනාශයට පත්ව
    අතුරුදහන් වෙයි."

    බුදුරජාණන් වහන්සේ එහිදී කාශ්‍යප මහරහතන් වහන්සේට පෙන්වා දුන්නේ පඨවි ධාතුවට කවරදාකවත්, සද්ධර්මය අතුරුදහන් කළ නොහැක.

    ආපො ධාතුවට ද සද්ධර්මය අතුරුදන් කළ නොහැක. තේජො ධාතුව සද්ධර්මය අතුරුදන් නොකරයි. වායො ධාතුව සද්ධර්මය අතුරුදහන් නොකරයි. එමගින් පෙන්වා දෙන පරිදි මේ ශාසනයෙහිම සමාජය තුළම හිස් පුද්ගලයෝ හෙවත් මෝඩ පුද්ගලයෝ උපදිති. එම උපදින පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්වන අතර අතුරුදහන් බවට පත්වෙයි.

    නිදසුනක් වශයෙන් පෙන්වාදී ඇත්තේ නැවක් බඩුබාහිරාදිය පිරවීමෙන්ම දියඹේ හෙවත් ජලයේ පහසුවෙන් කිමිදීම කෙරේ. එමෙන් කාශ්‍යපය මේ සද්ධර්මය වනාහි එසේ පර්යාප්ති, ප්‍රතිපත්ති පුරනතාක් අතුරුදහන් නොවේ.

    මෙම සූත්‍රය මගින් පෙන්වාදෙන වැදගත්ම ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එහිදී බුදුන් වහන්සේ කාශ්‍යප හිමියන්ට වදාලේ සද්ධර්මය පිරිහෙන්නා වූ සද්ධර්මයාගේ විනාශවීම පිණිස හේතුවන්නා වූ ධර්ම කරුණු 5 කි. එම කරුණු අතර

    * කාශ්‍යපය මේ සසුනෙහි භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකාවෝ තම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නොමැතිව යටහත් පහත් බවක් නොමැතිව වාසය කෙරෙත්ද?

    * ධර්මය කෙරෙහි ගෞරව නොමැතිව යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද?

    සංඝරත්නය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද?

    *ශික්ෂා මාර්ගය හෙවත් ශික්ෂාපද කෙරෙහි ගෞරව නොමැතිව යටහත් පහත් පැවතුම නොමැතිව වාසය කරත්ද?

    සමාධිය කෙරෙහි යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරන තාක් සද්ධර්මයේ විනාශය අතුරුදහන්වීම පිණිස ඉවහල් වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

    සද්ධර්මයාගේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස හේතුවන්නා වූ කරුණු පහක් ඇති බව බුදුන් වහන්සේ වදාළහ. කාශ්‍යපය මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව පූර්වකව යටහත් පැවතුම් ඇතිව වාසය කරනතාක් ධර්මය කෙරෙහි ගෞරවය සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරන තාක්, සංඝරත්නය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරනතාක්, ශික්ෂාපද කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වසනතාක්, සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරත්ද? කාශ්‍යපය මේ කියන ධර්ම කරුණු පහ (5) සද්ධර්මයාගේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නා බව බුදුන් වහන්සේ පෙන්වා වදාළහ.

    සද්ධම්ම පතිරූපක සූත්රය සංයුක්ත නිකායේ කස්සප සංයුත්තයේ දහතුන්වැනි සූත්රයයි
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේක ඇත්තක් නොවෙන්නෙ ඇයි. සහතික ඇත්ත.

    සිවුරු දරාගෙන බුදුබණ වනසන දුර්ජනයින් ලංකාවේම කොපමණ ඇද්ද?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Oh... may be...
    Can you admit it?.

    Sathyodaya is written only using logic and seriously lacks in spiritual knowledge which can only be obtained by meditation. I'm not saying the points in Sathyodaya are 100% false but it is wise to admit that the logic without spiritual knowledge is not the way of the Triple Gem.
    I can elaborate when I'm free.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Sathyodaya is written only using logic and seriously lacks in spiritual knowledge which can only be obtained by meditation. I'm not saying the points in Sathyodaya are 100% false but it is wise to admit that the logic without spiritual knowledge is not the way of the Triple Gem.
    I can elaborate when I'm free.

    How do you know Rev. Prof Walpola Rahula used only logic to write this book? How do you know Rev. Prof Walpola Rahula did not meditate? or did not use knowledge obtained through meditation? What do you mean by "Spiritual Knowledge" ?? Is there a pali term for this "Spiritual Knowledge"?? Where did the Blessd One mention "Spiritual Knowlede" in Dhamma?
     
    I did not say anything about Rev. Prof Walpola Rahula. So, I don't have to answer everything you've asked.
    It's so obvious that there's only logic in the book Sathyodaya, nuke me but please wait till I elaborate and I apologize if it takes some time.
    My English vocabulary is somewhat poor so I used "Spiritual Knowledge" to mean "අධ්‍යාත්මික දැනුම". (Dhyana, Abhijna, Extra-sensory abilities etc.)
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    සත්යෝදය පොතේ තියෙන මුල්ම කරුණ "බුද්ධ පූජාව" ගැන පොඩ්ඩක් බලමුද, පල්ලෙහා උපුටාගත්තු ඡේදයක් දැම්මා.ඒකෙන් "බුද්ධ පූජාව" ගැන රාහුල හිමියන්ගේ අදහස සාරාංශයක් විදිහට කියවෙනවා කියලා හිතනවා.

    plvZrCP.png

    තර්කය

    ආහාර පාන වලින් බුදුරදුන්ට ගරු කිරීමට සිතීමට මෝඩකම (අභ්‍යන්තර ගුණ දහම් දියුණුවේ අඩුකම) මිස වෙනත් හේතුවක් නැත.

    තර්කය හැරුණු විට ඇතුලතින් ලබාගත් අවබෝධයකින් මේ කරුණ ගැන දුටුවා නම්.

    පල්ලෙහා ඡේදය ගත්තේ මහ රහතුන් වැඩි මග ඔස්සේ දහම් ලිපියකින්, ඒ මාතෘකාවෙන් ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ හට අධ්‍යාත්මික දියුණුවක් ඇති බව මා ඇතුළු බොහෝ දෙනා පිළිගන්නවා. උන්වහන්සේගේ දේශනා බුදුරදුන් වදාළ හේතු ඵල ධර්මයට අනුකුල බව මා ඇතුළු බොහෝ දෙනා පිළිගන්නවා. ඒ එසේ නොවේ නම් කාරුණිකව පෙන්වා දෙන්න කියලත් ඉල්ලනවා.

    "එමෙන්ම ලොව්තුරා බුදු රජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා මේ ලෝකය සංස්කාරයන් මුල්කොට ගනිමින් පවතින ලෝකයක් බව. මම මේ මොහොත වන විට යම් දෙයක් අත්විඳිනවා නම්, ඔබ මේ මොහොතේ යම් දෙයක් අත්විඳිනවා නම් ඒ සියල්ල සිදුවන්නේ අප සංසාරය තුළ කරගත්තා වූ සංස්කාර ධර්මයන් තුළින්මයි.”
    යමෙකු විසින් ස්වාමීන් වහන්සේ නමක් උදෙසා මලින්, සුවඳින්, පාවඩ සහ මඟුල් බෙර නාදයෙන් ගෞරවනීය ආකාරයට පූජාවන් පවත්වනවා නම් ඒ ආකාරයෙන් පූජා ලබන්නේ ස්වාමීන් වහන්සේ සංසාරයේ කළා වූ කුසල් විපාකයට ආනිශංසයක් වශයෙනුයි. වෙන කිසිවකුත් කළා වූ දෙයක් නිසා නොවෙයි.
    සංසාරයක් පුරාවට සම්බුද්ධ ශාසනවල ඉපදී මහා සංඝරත්නය අරමුණු කොටගෙන කළා වූ විචිත්‍රමය පිංකම් හි සංස්කාරයයි ඒ ස්වාමීන් වහන්සේ විසින් දැන් ලබාගෙන ඇත්තේ.
    එම ස්වාමීන් වහන්සේ එසේ කුසල් විපාකය භුක්ති විඳින විට ස්වාමීන් වහන්සේට ඒ පින්කම් කළා වූ පින්වතුන් අනාගතයේ දී සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා මේ ආකාරයේම විචිත්‍ර වූ ගෞරවයන්ට පාත්‍ර වීමට අවශ්‍ය කුසල් සංස්කාරයෙන් ජීවිතය තුළින් රැස්කර ගන්නවා."
    http://www.maharahathunwadimagaosse.org/nivan-maga-wetha-12/

    කවුරුන් හෝ විසින් ආහාර පාන හෝ වෙනත් පුද පූජා වලින් බුදුරජාණන් වහන්සේට ගරු කරනවානම් එම කරුණ මහා බෝසතාණන් වහන්සේගේ අතීත සංස්කාර වල ඵලයක් විදිහට දකින එක නෙවෙයිද වඩාත්ම බුදුරදුන් වදාළ හේතු ඵල ධර්මයට අනුකුල. ඒ දේ හුදෙක්ම කෙනෙක්ගේ මෝඩකම නිසා සිද්ධ වෙන දෙයක් හැටියට දකිනවා ඇරෙන්න.

    තෙරුවන ගැන කිසිම පැහැදීමක් නැතිව උනත්, නොවටිනා කුඩා දෙයක් පූජා කළා උනත් සුගතිගාමීවුනු අය ගැන ත්‍රිපිටකයේ බණ කතා බෞද්ධයෝ අහල ඇති කියලා හිතනවා. "බුද්ධ පූජාව" නිසා සකස් වෙන විපාකය සත්යෝදය පොතේ කතු හිමි නුවණින් දුටු බව සඳහන් වෙන්නෙ නෑ.

    බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ විෂමතාවය දැකල ඒ ඒ කෙනාට පුළුවන් විදිහට තමන් වහන්සේට ගෞරව පුද පූජා සිදු කරගන්න ඉඩ දීලා ඔවුන්ට කුසල් කරගන්න සැලැස්සුවා. ඒ කියන්නේ ගුණ දහම් වඩන්න හිත දියුණු නැති කෙනෙකුට තමන් ළඟ ඇති දෙයක් පූජා කරලා සුගතිගාමී වෙන්න පුළුවන් නිවන් අවබෝධ කරගත්තේ නැති උනත්. අනිත් එක තෙරුවන් පිදීමට සුදුසු මේවා පමණයි කියලා ලැයිස්තුවක් සකස් කරලත් නැහැනේ ධර්මයේ.

    ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බව ඇත්ත, බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ විෂමතාවය දැකල කරපු දේශනාවක් වෙච්ච ඒ කරුණ මතුපිටින් අරන් ලියවුන සත්වයන්ගේ තියෙන වෙනස්කම් නුවණින් නොදකින, ආමිස පූජාවට හේතුව වත් පැහැදිලි නොකරන පොතක් වෙච්ච සත්යෝදය බෞද්ධයන්ගේ නීති පොතක් විදිහට නිර්දේශ කරන එක නුවණට හුරු නැහැ නේද.

    ප්‍රතිපත්ති පූජාවේ ගැඹුරට කෙනෙක් යොමු කිරීම තමයි උතුම් නමුත් එකට කවුරුත් මැදිහත් වෙලා සමහර ආමිස පූජාවන් නවත්තන්න ඕනේ නැහැනේ. එහෙම කළාම සකස් වෙන විපාක අපිට හිතාගන්නත් බැහැ මොකද කර්ම විෂය අචින්ත්‍ය නිසා.

    අපිට නොපෙනෙන ලෝකයකුත් අප අතරේ තිබෙනවා. අපි අතර ඉන්න ඥාති දෙවියන් හෝ ප්‍රේතයන් වුනත් ඒ ගොල්ලෝ සම්ප්‍රදායානුකූලව කරගෙන ආපු පුද පූජා අපි දිගටම කරගෙන යනවා දැක්කහම සිතේ පැහැදීමක් ඇතිවෙලා ඒ හේතුවෙන් සැප විපාක සකස් කරගන්න පුළුවන් නිවන් අවබෝධ කරගත්තේ නැති උනත්.

    මේ ලිව්වේ මං තේරුම් ගත්තු විදිහ. වැරද්දක් තියෙනවනම් කාරුණිකව පෙන්වලා දෙන්න කියල ඉල්ලනවා.

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සත්යෝදය පොතේ තියෙන මුල්ම කරුණ "බුද්ධ පූජාව" ගැන පොඩ්ඩක් බලමුද, පල්ලෙහා උපුටාගත්තු ඡේදයක් දැම්මා.ඒකෙන් "බුද්ධ පූජාව" ගැන රාහුල හිමියන්ගේ අදහස සාරාංශයක් විදිහට කියවෙනවා කියලා හිතනවා.

    plvZrCP.png

    තර්කය

    ආහාර පාන වලින් බුදුරදුන්ට ගරු කිරීමට සිතීමට මෝඩකම (අභ්‍යන්තර ගුණ දහම් දියුණුවේ අඩුකම) මිස වෙනත් හේතුවක් නැත.

    තර්කය හැරුණු විට ඇතුලතින් ලබාගත් අවබෝධයකින් මේ කරුණ ගැන දුටුවා නම්.

    පල්ලෙහා ඡේදය ගත්තේ මහ රහතුන් වැඩි මග ඔස්සේ දහම් ලිපියකින්, ඒ මාතෘකාවෙන් ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ හට අධ්‍යාත්මික දියුණුවක් ඇති බව මා ඇතුළු බොහෝ දෙනා පිළිගන්නවා. උන්වහන්සේගේ දේශනා බුදුරදුන් වදාළ හේතු ඵල ධර්මයට අනුකුල බව මා ඇතුළු බොහෝ දෙනා පිළිගන්නවා. ඒ එසේ නොවේ නම් කාරුණිකව පෙන්වා දෙන්න කියලත් ඉල්ලනවා.

    කවුරුන් හෝ විසින් ආහාර පාන හෝ වෙනත් පුද පූජා වලින් බුදුරජාණන් වහන්සේට ගරු කරනවානම් එම කරුණ මහා බෝසතාණන් වහන්සේගේ අතීත සංස්කාර වල ඵලයක් විදිහට දකින එක නෙවෙයිද වඩාත්ම බුදුරදුන් වදාළ හේතු ඵල ධර්මයට අනුකුල. ඒ දේ හුදෙක්ම කෙනෙක්ගේ මෝඩකම නිසා සිද්ධ වෙන දෙයක් හැටියට දකිනවා ඇරෙන්න.

    තෙරුවන ගැන කිසිම පැහැදීමක් නැතිව උනත්, නොවටිනා කුඩා දෙයක් පූජා කළා උනත් සුගතිගාමීවුනු අය ගැන ත්‍රිපිටකයේ බණ කතා බෞද්ධයෝ අහල ඇති කියලා හිතනවා. "බුද්ධ පූජාව" නිසා සකස් වෙන විපාකය සත්යෝදය පොතේ කතු හිමි නුවණින් දුටු බව සඳහන් වෙන්නෙ නෑ.

    බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ විෂමතාවය දැකල ඒ ඒ කෙනාට පුළුවන් විදිහට තමන් වහන්සේට ගෞරව පුද පූජා සිදු කරගන්න ඉඩ දීලා ඔවුන්ට කුසල් කරගන්න සැලැස්සුවා. ඒ කියන්නේ ගුණ දහම් වඩන්න හිත දියුණු නැති කෙනෙකුට තමන් ළඟ ඇති දෙයක් පූජා කරලා සුගතිගාමී වෙන්න පුළුවන් නිවන් අවබෝධ කරගත්තේ නැති උනත්. අනිත් එක තෙරුවන් පිදීමට සුදුසු මේවා පමණයි කියලා ලැයිස්තුවක් සකස් කරලත් නැහැනේ ධර්මයේ.

    ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බව ඇත්ත, බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ විෂමතාවය දැකල කරපු දේශනාවක් වෙච්ච ඒ කරුණ මතුපිටින් අරන් ලියවුන සත්වයන්ගේ තියෙන වෙනස්කම් නුවණින් නොදකින, ආමිස පූජාවට හේතුව වත් පැහැදිලි නොකරන පොතක් වෙච්ච සත්යෝදය බෞද්ධයන්ගේ නීති පොතක් විදිහට නිර්දේශ කරන එක නුවණට හුරු නැහැ නේද.

    ප්‍රතිපත්ති පූජාවේ ගැඹුරට කෙනෙක් යොමු කිරීම තමයි උතුම් නමුත් එකට කවුරුත් මැදිහත් වෙලා සමහර ආමිස පූජාවන් නවත්තන්න ඕනේ නැහැනේ. එහෙම කළාම සකස් වෙන විපාක අපිට හිතාගන්නත් බැහැ මොකද කර්ම විෂය අචින්ත්‍ය නිසා.

    අපිට නොපෙනෙන ලෝකයකුත් අප අතරේ තිබෙනවා. අපි අතර ඉන්න ඥාති දෙවියන් හෝ ප්‍රේතයන් වුනත් ඒ ගොල්ලෝ සම්ප්‍රදායානුකූලව කරගෙන ආපු පුද පූජා අපි දිගටම කරගෙන යනවා දැක්කහම සිතේ පැහැදීමක් ඇතිවෙලා ඒ හේතුවෙන් සැප විපාක සකස් කරගන්න පුළුවන් නිවන් අවබෝධ කරගත්තේ නැති උනත්.

    මේ ලිව්වේ මං තේරුම් ගත්තු විදිහ. වැරද්දක් තියෙනවනම් කාරුණිකව පෙන්වලා දෙන්න කියල ඉල්ලනවා.

    e hamuduruwo meka liyala thinne saamanya awabodayak thiyna ayta mn hitnne nikanma namata boudda wecha ayt neme, podak balnna widarshana gnanayen issaraht yaddi awaboda wena godak dewal elpita kiynna epa kiyala apit kiynawa swaamin wahansela hethuwa shradhdhaawa yanthn thin aya ewa hala wardi weatahimak ganna puluwan.

    hoda ma de madhamaawathe yana eka thama nana pamanin mewa therun ganna, oya thawa dharamay gana hoyan gaman thawa awuruddakin witra oya potha kiyawanna oyata therey eda hithapu de neme ada therenne kiyala. apita poth wala wachana dannene api hithana widihata et eke theruma ekama neme

    ekata widharshana gnanaya oni eka labunama normali therun ganna puluwan kiyan de madha maawathe idhan tharaka karanna etakot watahey
     
    samanya awabodhayak thiyena ayata liyawuna ekak unata namata bauddhayage namath meka kiyewwoth nathi wenna puluwan neda.

    me potha gena meeta awurudu keepayakata kalin thibuna pahadeema den nathi welayi thiyenne eka newatha ethi wena ekak nehe.

    anika thamayi Rev. Rajagiriye Ariyagnana Swameenwahanse deshana karana widihata vidarshana nuwanin awabodha karana de kiyanna beri rahas thiyenna puluwan kiyala mata nam hithenne nehe. samatha bhawanawen nam dakina atham de atham wita minisunta nokiya inna eka honda wenna puluwan hariyata gijukulu pawwe prethaya wage.

    me pothe tharka herunama wena kisi deyak penne nehe. obata haki nam man nodakina deyak dakinna udaw karanna.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සත්යෝදය පොතේ තියෙන මුල්ම කරුණ "බුද්ධ පූජාව" ගැන පොඩ්ඩක් බලමුද, පල්ලෙහා උපුටාගත්තු ඡේදයක් දැම්මා.ඒකෙන් "බුද්ධ පූජාව" ගැන රාහුල හිමියන්ගේ අදහස සාරාංශයක් විදිහට කියවෙනවා කියලා හිතනවා.

    plvZrCP.png

    තර්කය

    ආහාර පාන වලින් බුදුරදුන්ට ගරු කිරීමට සිතීමට මෝඩකම (අභ්‍යන්තර ගුණ දහම් දියුණුවේ අඩුකම) මිස වෙනත් හේතුවක් නැත.

    තර්කය හැරුණු විට ඇතුලතින් ලබාගත් අවබෝධයකින් මේ කරුණ ගැන දුටුවා නම්.

    පල්ලෙහා ඡේදය ගත්තේ මහ රහතුන් වැඩි මග ඔස්සේ දහම් ලිපියකින්, ඒ මාතෘකාවෙන් ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ හට අධ්‍යාත්මික දියුණුවක් ඇති බව මා ඇතුළු බොහෝ දෙනා පිළිගන්නවා. උන්වහන්සේගේ දේශනා බුදුරදුන් වදාළ හේතු ඵල ධර්මයට අනුකුල බව මා ඇතුළු බොහෝ දෙනා පිළිගන්නවා. ඒ එසේ නොවේ නම් කාරුණිකව පෙන්වා දෙන්න කියලත් ඉල්ලනවා.

    "බොහෝ දෙනා" පිලිගන්නා පමනින් යමක් සත්‍ය වන්නේ නැත. ලෝකයේ බිලියන 1.8 ක් ජනතාව අල්ලාහ් දෙවියන් අදහති, කුරානයේ සියලු දේ ලියැවී ඇතැයි පිලිගනිති. එසේ වූ පමනින් අල්ලාහ් දෙවියන් සහ කුරානය ගැන ඔවුන් දරන විශ්වාසය සත්‍ය වනවාද? මීට අවුරුදු 1000කට පෙර "බොහෝ දෙනා" පිලිගත්තේ ලෝකය පැතලියි කියායි. එපමනින් එය නිවැරදි ද?.

    රාජගිරියේ අරියඥාන බුද්ධ චීවරය දරනවානම් දේශනා කල යුත්තේ බුදු බණයි. එහෙත් බුදු බණ විකෘති කරමින් ඔහු සාසනයට කරන ලද අවැඩ මෙතැනට ගොස් බලන්න.

    මෙවැන්නෙකුට " අධ්‍යාත්මික දියුනුවක්" ඇතැයි යමෙක් සිතන්නේ නම් ඒ මිනිය නොහැකි අඥානකම, ධරමය ගැන අල්ප වූ දැනුම සහ අසරන කම නිසා ඇතිවන වැරදි මතයකි. එවැන්නෙකු ගුරු තනතුරේ තබා ගැනීම, අනුගමනය කිරීම, ඔහු දෙසන විකෘති කරන ලද බුදු බණ පිලි ගැනීම, යමෙකුගේ මෙලොවත් පරලොවත් සුගතිය වලක්වන්නක් බව ඔබට අවබෝධ විය යුතුය.
     
    හ්ම්ම් මන් හිතුවා ඔයත් වචන ටිකක් අල්ලගෙන් කියවාවි කියල ඔයාගේ ගුරුතුමා වගේම.
    බොහෝ දෙනා පිළිගන්නවා කියන වචන ටික විතරක් අල්ලාගෙන එත් හේතු ඵල ධර්මයට අනුකූලයි කිව්ව එක දැකලා නෑ.
    ඔයත් ඔයාගේ ගුරුතුමාත් උතුම් ස්වාමීන්වහන්සේලාට ගර්හා කරලා පව් පුරවගන්න එක අඩු කරන්න මං මේ ගැන මුකුත් නොකියා ඉන්නම්
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    සත්යෝදය පොතේ තියෙන අනිත් කරුණු 95%ක් ගැනත් කියන්න තියෙන්නේ ඒවාට තර්කය හැරෙන්න කිසිම අධ්‍යාත්මික අවබෝධයක් පදනම් වෙලා නැහැ කියලා තමයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හ්ම්ම් මන් හිතුවා ඔයත් වචන ටිකක් අල්ලගෙන් කියවාවි කියල ඔයාගේ ගුරුතුමා වගේම.
    බොහෝ දෙනා පිළිගන්නවා කියන වචන ටික විතරක් අල්ලාගෙන එත් හේතු ඵල ධර්මයට අනුකූලයි කිව්ව එක දැකලා නෑ.
    ඔයත් ඔයාගේ ගුරුතුමාත් උතුම් ස්වාමීන්වහන්සේලාට ගර්හා කරලා පව් පුරවගන්න එක අඩු කරන්න මං මේ ගැන මුකුත් නොකියා ඉන්නම්

    බුද්ධ චීවරය දරාගෙන බුදු බණ විකෘති කරන තැන් පැහැදිලිව පෙන්වා තිබියදීත්, ඒ එකකට හෝ උත්තරයක් ගලපා ගන්න බැරුව, ඒත් මේ හාමුදුරුවෝ "ආධ්‍යාත්මික දියුණුවක්" ලැබූ උතුමෙක් කියාගෙන අන්ධ විශ්වාසයෙන් කටයුතු කරන ඔබට බුද්ධ වචනය කවරදාවත් නිවැරදිව අසන්නට නොලැබෙනු ඇත.

    ඔබට දහම් ඇස පහලවේවා, නිවැරදි ත්‍රිපිටක ධර්මයම අවබෝධ වේවා, බුද්ධ චීවරය දරාගෙන බොරු බන කියන වංචනිකයන්ගෙන් ගැලවේවා!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සත්යෝදය පොතේ තියෙන අනිත් කරුණු 95%ක් ගැනත් කියන්න තියෙන්නේ ඒවාට තර්කය හැරෙන්න කිසිම අධ්‍යාත්මික අවබෝධයක් පදනම් වෙලා නැහැ කියලා තමයි.

    ඔහොම කියන්නත් පුලුවන්, ඔලුවෙන් හිටගෙන කියන්නත් පුලුවන්. "ආධ්‍යාත්මික අවබෝදය" තියෙනවා කියලා මිනිස්සු මුලාකරන්නත් පුලුවන්.

    ඒත් කරුණු ගලපලා මෙන්න මේ නිසයි මේක වැරදි, මෙන්න මේ නිසයි මේක හරි කියල කියන්න නම් ධර්මය ගැන අවබෝදයක් තියෙන්න එපැයි.

    ආලාර කාලාම ගුරුතුමාට අටවැනි ධ්‍යානයත් තිබුනා නේද (ඔබ ඔය කියන ආධ්‍යාත්මික දැණුම )?? අනේ ඒත් නිවන් මඟට එන්නවත් බැරිවුනා.
     
    Last edited:

    Similar threads