හැම දේටම පිල් බෙදීම
අප රටේ සිට්න බොහෝ පිරිස් පුරුදු වී ඇත්තේ ඇති වන ඕනෑම කරුණක් සඳහා දේශපාලනය ගාවා ගැනීමයි. ලොකු කුඩා ඕනෑම දෙයක සිට කාළගුණ විපර්යාස දක්වා සෑම දෙයක්ම දේශපාලන ඇසින් බලන්නට තරම් විද්වත් පිරිසක් මේ රටේ සිටී. මෙහි වාසි ලබන්නේද දේශපාලකයෝමය. එක් අතකට, පවතින බලය, වාසි පතා ගෙඹි පිණුම් පණින ගෙඹි රැලට වඩා කැපුවත් අහවල් පාට යයි කියා ගනිම්න්, ඉර පෙන්නවා එය බිබික්කමක් යයි කීවද පිළිගන්නා පිරිස් මොළය අතින් කෙසේ වෙතත්, ප්‍රතිපත්ති අතින් ඉදිරියෙන් සිටී නොවේද?
මේ අයගේ ප්‍රතිපත්ති රැකීම තුලින් වාසි ලබන්නේ දේශපාලකයෝම වෙති. රූපවාහිනී ප්‍රවෘත්තියකින් පොල් බූරු කතාවක් කියා ආතල් දෙන්නේ මුලු රටටමය. කිසිදු වැදගත් කමක් ඇති දෙයක් පවසීමට එවුනට වෙලාවක් නැත. කියුවද එයද කිසිවෙකුට වගක් නැත. හැමෝටම අවශ්‍ය ආතල් එකම පමණි. ආතල් පිට ආතල් දෙන්නේ විවිධ චැනල් මගින් ප්රවෘත්ති තුලයි. ප්රවෘත්ති කාලයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇත්තේද ආතල් සඳහාමය. ඔවුන්ද මාකට් කරන්නේ එයමය. එකෙක් පරයා එකෙක් කියන මී හරක් ආතල් විවිධාකරයෙන් ඇසේ.. ඒ ආතල් ලබමින් අප සුවසේ සිටින්නෙමු.. ඒ පැත්තෙන් මේ පැත්තට.. මේ පැත්තෙන් ඒ පැත්තට දෙස් දෙවොල් තියමින් කාලය ගත කරයි. අපිද වගක් නැතිව බණින එකාට බණිමින් කාලය යවන්නේ කිසිදු වගක් නැතිවයි. අවසානයේ ප්‍රතිපල ලබන්නේ අනාගත පරපුරයි...
රටක් වශයෙන් දිගු කාලීන ප්‍රතිපත්ති අනුගමනය නොකොට බඩ වඩාගනිමින් රටේ සම්පත් විනාශ කරමින්, මුලාවෙන් ගෙවන යුගය අවසන් කල හැක්කේ, මේ පාට කණ්නාඩි ඉවත දමා රට ගැන සිතන බහුතරයක් බිහි වීමෙනි.
උපුටාගැනීම..
https://suduappu.blogspot.com/2016/11/blog-post_22.html

Last edited: