කවුද මේ ට්‍රම්ප්ගේ සහයට එන පිස්සු බල්ලා
ඇමරිකාවේ නව ආරක්ෂක් ලේකම් විදියට නම් කරලා තියෙන්නේ විශ්‍රාමලත් නාවික හමුදා janaral james n mattis . ඔහු තරු හතරක් පළඳින ජනරාල් කෙනෙක්.ගොඩක් අය මොහුව හදුන්වන්නේ ‘‘ මෑඩ් ඩෝග්‘‘ (පිස්සු බල්ලා) කියන අන්වර්ත නාමයෙන්.
1950 සැප්තැම්බර් 8 වොෂින්ටනයේ උපත ලැබූ James Mattis 1968 දී කොලොම්බියා උසස් පාසලෙන් ලබා ගත් උපාධියක් හිමි පුද්ගලයෙක්.
නාවික නිලධාරියෙකු ලෙස ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සේවය කරලා තියෙන ජේම්ස් මැටීස්, ඔබාමා පාලනය මැදපෙරදිග සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තීන් දැඩිව විවේචනය කළ අයෙක්.
හතළිස් එක් අවුරුද්දක් නාවික හමුදාවේ සේවය කළ මෑඞ් ඩෝග් ට සිවිල් සමාජය ගැන කිසිදු ප්‍රායෝගික දැනුමක් නෑ කියලත් කියනවා.
ඒ වගේම ඔහු තාම විවාහ වෙලත් නෑ. ඒ නිසා පවුල් වටිනාකම් ගැන හසරක් වත් දන්නේ නෑ කියලා තමයි තතු දත්තෝ පවසන්නේ.
ඔහු වොෂින්ටන් සරසවියේ උපාධිධාරියෙකු වන නිසා හමුදා සගයන් අතර ඔහුට යම්කිසි ගරුත්වයක් තියෙනවා. විශේෂයෙන්ම හමුදාව සහ ඉතිහාසය පිළිබඳ ඉතා හොඳ දැනුමක් ඔහුට තිබෙන නිසා ‘වොරියර් මොන්ක්’ වැනි නම්වලින් ද ඔහු ව හදුන්වනවා.
වොරියර් මොන්ක් ට අමතරව ඔහු ව ‘කෙයෝස්’ (අවුල් ජාලය) කියලත් හඳුන්වනවා.
මැදපෙරදිග සහ ඉරාක යුද්ධවලදී අණ දෙන නිලධාරියෙකු වශයෙන් ඔහු ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කලා. හමුදා දැනුම සහිත බුද්ධිමතුන් අතරින් ලොකුම පෞද්ගලික පුස්තකාලය තිබෙන්නේ ඔහුට.
“විනීත වෙයව්, වෘත්තීමය වෙයව්, හැබැයි මුණ ගැහෙන හැම එකාම මරන්න ප්ලෑන් එකක් තියාගනියව්!!’
මේ බව මැටීස් කියා තිබෙන්නේ ඉරාක යුද බිමේදී. ඉරාකයේදී ඇමරිකානු භටයන් විනීත ලෙස මිනී මැරූ බවත් සමූහ ස්ත්‍රී දූෂනවල යෙදුණු බවත් ලොවට නොරහසක්. මැටීස් මේ රීතිය කියා දී තිබෙන්නේ ඉරාකයේ ජීවත් වනවා නම් සිටිය යුත්තේ ඒ අන්දමින් බව සොල්දාදුවන්ට පැහැදිලි කර දෙන්නට.
2003 මාර්තු මාසයේ ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළ දිනට පෙර දා මැටීස් සිය මැරීන් භටයන්ට ලිපියක් ලියමින් කීවේ, “නුඹලා ලෝකයේ වඩාත්ම විශ්වාසය තැබිය හැකි සහ බියගන්වන හමුදාවේ කොටස්කරුවන් ය.” යනුවෙන්. ඒ වගේම 2014 වසරේදී මැරින් භටයන්ගේ විශ්වවිද්‍යාල පදනම අමතමින් ඔහු කියා ඇත්තේ, “ඇමරිකානු හමුදාවේ බිහිසුණු බව පිළිබඳ අගනා උරුමය රැකගන්න ඕනේ කියලා.
2001 වසරේ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල් කයිඩා ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව ඇමරිකාව ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ට පෙරමුණ ගත්තා. ඒ අනුව ඉරාකයේ පමණක් නොව ත්‍රස්තවාදීන්ට සෙවණ සදන මර්මස්ථානයක් ලෙස සැලකුණු තලෙයිබානයට ද පහර දීම සිදු උනා. 2005 වසරේදී මෙම තලෙයිබාන් ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් මැටිස් කියා තිබුණේ “ඇත්තටම උන් එක්ක සටන් කරන එක විනෝදයක්. සමහරුන්ට වෙඩි තියද්දි හරිම විනෝදයි’ යනුවෙන්.
ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන්න මැටිස් කියන්නේමෙහෙම . “..ඇෆ්ගනිස්ථානයට ගියාම වේල් එක දාගෙන නැති නිසා තමන්ගෙ ගෑනුන් ට අතුල් පහර දෙන පිරිමින්ව නුඹලාට මුණ ගැසෙනවා. දන්නවනෙ, මේ වගේ එවුන්ට කවදාවත් පිරිමිකමක් නෑ. ඒ හින්දා උන්ට වෙඩි තියද්දි මාර ෆන්!’ ගැහැනුන්ට පහර දෙන පිරිමින් ගැන ඔහු දරනනේ ඒ වගේ ආකල්පයක්.
මෑඞ් ඩෝග් ව ‘පෙන්ටගනයේ පොලිස් කාරයා’ බවට පත්කිරීම පිණිස කොංග්‍රසයට මෙතෙක් පවතින නීති සම්ප්‍රදායක් වෙනස් කරන්නට ද සිදුවෙනවා. ඉන්පසු සෙනෙට් අනුමැතිය ද ඒ සඳහා උවමනයි.
සාමාන්‍යයෙන් ඇමරිකාවේ ආරක්ෂක ලේකම්වරයා බවට පත්වන්නන්ට හත් අවුරුද්දක් ආපස්සට බලන විට සක්‍රිය හමුදා
සේවයේ යෙදී සිටීම තහනම්.
තේරෙන භාෂාවෙන් කියනවනම් හත් අවුරුද්දක සිවිල් ජීවිතයක් උවමනා යි. ඒත් මේ මෑඞ් ඩෝග් ට සිවිල් ජීවිතයක් තබා පවුල් ජීවිතයක්වත් නෑ.
ඔහු මෙයට සිව්වසරකට පෙරත් සක්‍රිය හමුදා සේවයේ යෙදී සිටි අයෙක්. ඔහු විශ්‍රාම ගියේ 2013 වසරේ. කෙසේ නමුත් මීට පෙර ඇමරිකානු කොංග්‍රසය 1950 වසර දී ද ජනරාල් ජෝන් සී. මාෂල් ව ආරක්ෂක ලේකම් බවට පත්කර ගැනීම සඳහා මේ නීතිය මේ ආකාරයෙන් ‘නමා’ ගෙන තියෙනවා.
(සමහර පටු අරමුණු මුදුන්පත් කරගැනීමට ලංකාවේ විතක් නෙවෙයි ලෝකයේ කොයි රටේත් නීතිය නමනවා නේහ්)
මේ බිහිවන්නට යන්නේ ඇමරිකානු ඉතිහාසයේ අන්තවාදීම පාලකයාගේ අන්තවාදීම ආරක්ෂක ලේකම්වරයා වන්නට බැරි නෑ.
ඔහු දැනටමත් කියා තිබෙන අන්දමට මැදපෙරදිග සාමයට තිබෙන ලොකුම බාධකය ඉරානයයි. මෑඞ් ඩෝග් මෙසේ කියන්නේ ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් දරන ආකල්පය පිලිබඳ විශ්‍රාම යන සී අයි ඒ ප්‍රධානියා අනතුරු අඟවා තිබෙන වාතාවරණයකුත් තිබියදීයි.
ට්‍රම්ප් ගැන මෑඩ් ඩෝග් ගැන කිරියේ අයියලා මොකද හිතන්නේ?
(මේකට ඊශ්‍රායලයත් ගාව ගන්නවනම් මං කැමතියි
)
විස්තර හොයාගත්තේ අන්තර්ජාලයෙන්.[/SIZE][/CENTER][/COLOR][/INDENT][/COLOR][/SIZE]
“විනීත වෙයව්, වෘත්තීමය වෙයව්, හැබැයි මුණ ගැහෙන හැම එකාම මරන්න ප්ලෑන් එකක් තියාගනිව්!!
’

)විස්තර හොයාගත්තේ අන්තර්ජාලයෙන්.[/SIZE][/CENTER][/COLOR][/INDENT][/COLOR][/SIZE]
Last edited: