පව්කාරයෝ

hitter

Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    ඉස්සුවේ : https://www.facebook.com/alokaeldershome.org/?hc_ref=NEWSFEED


    දරුවන් එකොලොස් දෙනෙක් වැදූ මවකගේ ඉරණම මෙසේ විසඳුනි...
    දේහය භූමිදාන කරන විටවත් කිසිම දරුවකු පැමිණියේ නැත...
    සියලු කටයුතු වැඩිහිටි නිවාසය මගින් හැකි පමණින් සිදු කළෙමු......
    දිනය 2012. 08. 02.
    මෙම මාතාව දරුවන් එකොලොස් දෙනෙක් වැදුවාය. බලන්ගොඩ දුෂ්කර ප්‍රදේශයක සිට එම දරුවන් උස් මහත් කලේ මහත් දුෂ්කරතා මැදනි. අවසානයේ වැඩිහිටි නිවාසයේ හුදකලා වීමට ඇයට සිදුවිය. මේ මාතාව මිය යනවිට දරුවන් එකොලොස් දෙනාගෙන් නම දෙනෙකු ජීවතුන් අතර විය. මිය යන විට වයස අවුරුදු අසූ හතරක් පමණ විය. වැඩිහිටි නිවාසයේ ගතකල කාලය තුල එකම දරුවෙක් පමණක් එකම වතාවක් පමණක් පැමිණ ගියේය. විටින් විට බර පතල ලෙස අසනීප වී අවස්ථා කීපයකදී ම රෝහල් ගත කෙරුණි. ඒ කිසිදු අවස්ථාවකදීවත් එකම දරුවකුවත් පැමිණියේ නැත. මේ සියලු කටයුතු වැඩිහිටි නිවාසයට සම්බන්ද දායක දායිකාවන් විසින් සිදුකරන ලදී. අවසානයේදී වැඩිහිටි නිවාසයේදීම මේ මවගේ මිය ගියාය. දේහය සම්බන්ද සියලු කටයුතුද අප විසින්ම සංවිධානය කළෙමු. මේ කතා පුවතේ විශේෂිතම සිදුවීම වූයේ මරණ කටයුතු වලින් පසුව දරුවන් කීපදෙනෙක්ම පැමිණ මවගේ මරණ සහතිකය ඉල්ලා සිටීමයි. ඒ මක් නිසාදයත් තමන් වැඩකරන ආයතන වලින් සහ වෙනත් සමිති සමාගම් වලින් මුදල් සහ වරප්‍රසාද ලබාගැනීමටයි. මවකගේ මරණ සහතිකයෙන් පවා මුදල් ඉපයීමට දඟලන දරුවන් සිටින සමාජයක් බව අප සියලු දෙනා දැනගත යුතු කරුණකි.
    මෙවන් අසරණ වැඩිහිටියන් තවත් පනස් දෙනෙකු පමණ අපගේ රැකවරණය ලබයි. මොවුන්ගේ දෛනික නඩත්තු වියදම සපුරා ගැනීම ඉතා දුෂ්කර කාර්යකි. මේ සඳහා මානුෂික හදවත් ඇති මිනිසුන්ගේ කාරුණික දායකත්වය බලාපොරොත්තු වන්නෙමු...
    මහමගට වැටෙන අසරණ දෙමව්පියන්ට පිහිට වීමේ අදහස ඇතිවූ කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් 2012.6.11 වන දින ආලෝකා මානව සංවර්ධන පදනම ආරම්භ කළෙමු. මේ වන විට පානදුර පින්වත්තේ පිහිටි සද්ධර්මාකර පිරිවනේ බදු පදනමින් ආලෝකා වැඩිහිටි නිවාසය පවත්වාගෙන යන්නෙමු. මෙහි වැඩිහිටියන් 50 දෙනෙකු පමණ සිටින අතර ඔවුන්ගෙන් 40 දෙනෙකු පමණ දූදරුවන්ගේ රැකවරණයක් නොලබන වැඩිහිටියෝ වෙති. වැඩිහිටි නිවාසය සමඟ අත්වැල් බැඳගෙන සිටින සීමිත දායක පිරිසකගේ අධාරයෙන් දෛනික නඩත්තු කටයුතු සිදුකරන්නෙමු. නමුත් දිනෙන් නඩත්තු වියදම් අධික වන නිසා එය සපුරා ගැනීම සඳහා ඔබගේ අධාරය පතන්නෙමු. මේ පිලිබඳ විස්තර කාර්යාලය - 0383399155 හෝ ප්‍රධාන පාලක - 0714788556 යන දුරකථන අංක වලින් විමසන්න.

    We solicit your love and compassion in support to make these helpless mothers and fathers live
    With the initial participation of a few who offered to alleviate the suffering of helpless mothers and fathers who are left destitute on the road, we commenced ALOKA HUMAN DEVELOPMENT FOUNDATION on 11.06.2012. At present Aloka Elders Home is being maintained at SaddharmakaraPirivena situated at Pinwatta, Panadura. There are approximately 50 elders under our care and nearly 40 of them are elders who failed to get care and protection from and had been neglected and overlooked by their children. We manage our daily commitments of maintaining these elders with the support of a limited few of committed benefactors. It is, however, to supplement the ever increasing expenditure that we aspire to seek your support and contribution.

    Office : +94383399155 or +94768783456
    Chief Director : +94714788556

    http://alokaeldershome.org


    13879430_1086876594694089_2782795532918341905_n.jpg


    14068104_1086876088027473_5442952616019650258_n.jpg


    14192025_1086876184694130_3180360046500787252_n.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් පහුගිය කලේ තත්ත අසනීප වෙලා ඉස්පිරිතාලේ එයත් එක්ක ඉන්නකොට දැක්ක වයසක සීයා කෙනෙක් ඔහොම ගෙනල්ල පාන්දර පණ ඇදල ඇදල නැතිවුණා,
    පවු,:sorry::sorry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මාත් පහුගිය කලේ තත්ත අසනීප වෙලා ඉස්පිරිතාලේ එයත් එක්ක ඉන්නකොට දැක්ක වයසක සීයා කෙනෙක් ඔහොම ගෙනල්ල පාන්දර පණ ඇදල ඇදල නැතිවුණා,
    පවු,:sorry::sorry:

    Apitath oya sethe thama.kawadawath lamayi gen salakili balagena inna hoda naha.mokatada gaanita lamayinta unath baaldu wenne.