Just read. This is the sad truth about our country

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන්ලා මම මේ පෝස්ට් එක දැක්කෙ ෆේස්බුක් එකේ. ඇත්තටම අපේ රටේ තත්වෙ මේක තමයි. උබලා ඇල්ල පැත්තෙ, හික්කඩුව පැත්තෙ හරි ගිහින් තියේ නම් මේවා දැකල ඇති. වැඩිය ඔනෙ නෑ කොටුව ස්ටේශන් එකේ සුදෙක් ඇවිල්ල බැස්ස ගමන් උන්ගෙ බෑග් උස්සගෙන යන්න මිනිස්සු පස්සෙන් එන හැටි උබල දැකල ඇතිනේ ටිකක් මේක කියවලා බලන්න මේකෙ ටුඅරිස්ම් වලට සම්බන්ද අයට විශේෂයෙන් වැදගත් වෙයි.

    15380553_1214377495283193_1813594324834146022_n.jpg

    දිනක් මම කඩයට ගිය වෙලේ එහි සිටියේ සුද්දෙකි. ඔහු මුදලාලි සමඟ ලොකු කතාවකය. මම ඔහුට සමීපව සුව දුක් විචාරිමි.

    "මම නෙදර්ලන්ත පුරවැසියෙක්. මං අවිවාහකයි. මට වයස අවුරුදු 35යි. මගේ තාත්තා නෙදර්ලන්තයේ රෝහල් ගණනාවක් හිමි ධනපතියෙක්. මං කුඩා කල කරපු වරදකට ඔහු මාව කාමරයක හිර කරා. මං තරුණයෙක් වෙනතුරුම ඒ කාමරේ හිරවෙලා හිටියා.මං කවුළුවෙන් ඈත පේන දේවල් කාමරයේ අඳිනවා. මං ඒ පින්තූර එක්ක ජීවත්වුනා. ඒ රටේ රජයට අනුව මං තරුණයෙක් වූ පසුව එසේ සිර කරගෙන ඉන්නට බෑ. අවසානයේ මානව හිමිකම් කාර්‍යාලයක සහයෙන් මට එලියට එන්න අවස්ථාව ලැබුණා. මං මුලින්ම කළේ මගෙ තාත්තාට විරුද්ධව ණඩු කියපු එක.අධිකරණයෙන් කිව්වා මං කැමති වන්දියක් ඉල්ලන ලෙස. අවසානයේ සෑම මසකම ඔහුගේ ආදායමෙන් කොටසක් මගේ ගිණුමට බැර කරණ ලෙස නියෝගකළා. මගේ ගිණුමට මුදල් බැර වුවත් මට හිතාගන්න බැරිවුනා ඊළඟට මං කළ යුතු දේ.මට ඕනි වුනා ඇවිදින්න. මං හිතුනා මං හිරවෙලා හිටපු කාලයේ මඟහැරුණු පරිසරය හොයාගෙන යන්න. මං රටින් රටට ඇවිද්දා.එහිදී මට විවිධ මිනිසුන් හමුවුනා. එහෙමයි මට මේ කඩේ මුදලාලිව හමුවුනේ.

    ලංකාවේ ඇවිදිනකොට මං දැක්කා මිනිසුන් පේමන්ට් දිගේ නිදියනවා. මං එයාලට සල්ලි දුන්නා. කෑම දුන්නා. මං වෙරළේ ඇවිදිනකොට මං දැක්කා දුප්පත් ළමයි. එයාලා බඩගින්නේ අඬනවා දැක්කාම මං එයාලට රස කෑම අරන් දුන්නා.ඒත් එයාලා ස්තූති කළේ නෑ. දවසක් මං එහෙම මිනිස්සුන්ට උදව් කරනකොට කීපදෙනෙක් ඇවිල්ලා මට ගැහුවා. මගේ සල්ලි මගේ මාලය වගේම මගේ කමිසයත් ගලවගෙන ගියා. මේ රටේ ඉන්නේ නරක මිනිස්සු.

    ලංකාවේ මිනිස්සු බුදුහාමුදුරුවන්ට වඳිනවා. ඒත් එයාලා අපිට වඳින්න දෙන්නෑ. අපි බුදුහාමුදුරුවො වඳින්න ගියාම සල්ලි ඉල්ලනවා. සල්ලි නොදුන්නොත් එලවනවා. මං සුදු නිසා එක විදිහක් ඔයා කළු නිසා එක විදිහක්. ඒ ඔයාලගෙ රටේ මිනිස්සුන්ගෙ හැටි. බුදුහාමුදුරුවො ඉන්න ඕනි හිතේ. ඔයාලගෙ බුදුහාමුදුරුවො ඔයාලගෙ හිතේ නෑ. මාලිගාව ඉස්සරහා මිනිස්සු රංඩු වෙනවා. පරවුනු මල් විකුණනවා. දළඳා වැඳලා ඉස්සරහා හෝටලෙන් සිගරට් අරන් බොනවා. ඔයාලගෙ හිතේ බුදුහාමුදුවෝ නෑ. ඔයාලගෙ මිනිස්සු වන්දනාවේ ගියාම බුදුහාමුදුරුවන්ගේ බුදුපිළිමෙට,වැඳලා ඒක පිටපස්සටම ගිහින් මූත්‍රා කරනවා. වටේ බුලත් කෙල ගහනවා. බීලා බෝතලේ පූජා භූමියේම දාලා එනවා. ඔයාලාගේ හිතේ ආගමක් තියනවා කියලා මං දැකලා නෑ. මට එක ආගමක් නෑ. මං ලංකාවට ආවාම බුදුහාමුදුරුවන්ගේ චිත්‍ර අඳිනවා. පන්සල් ගිහින් වඳිනවා.මං ඉන්දියාවට ගියාම කෝවිල් යනවා. ගිහින් පොට්ටු තියාගෙන දෙවියන්ට වඳිනවා. එයාලා ඉන්නේ මගේ හිතේ. මං එයාලට වඳින්නේ හදවතින්.

    ලංකාවේ පොලීසියට විනයක් නෑ. හදවතක් නෑ. මට හිතුනාම මං නොමිලේ එයාලට කෑම දෙනවා. දවස්ගාණකින් එයාලට ඒවා මතක නෑ. නොමිලේම බනින්න හේතු හදාගන්නවා. එයාලාගේ නීතිය තමයි අවිනීතිය. මං මේ කඩේට ආවේ මුදලාලි නිසා. මං ලංකාවට ආවාම මිනිස්සු මට බඩු විකුණන්නේ වැඩි ගානට.ඔයාලට සීයට විකුණන බිස්කට් එක මට දෙසිය පනහක් කියනවා. මං මේ මුදලාලිගෙන් විතරයි අඩුවට බඩු දෙන මනුස්සකමක් දැක්කේ. මං මේ නරක රටෙන් යනවා.මේ මං ලංකාවට ආව තුන්වෙනි වතාව. ආයෙමත් එන්නේ නෑ.

    ඔයාලගෙ රටේ දහයක් මිනිස්සු ඉන්නවා නම් නවයක්ම නරකයි. එක්කෙනෙක් හොඳයි ඒත් හොඳ අය හොයාගන්න අමාරුයි. මං දෙසැම්බර් විසිතුන් වෙනිදා ඉන්දියාවට යනවා. මං එහෙ ළමා රෝහල ළමයින්ගේ නත්තල් සීයා වෙන්න හිතුවා. මං එහෙ ගෙනියන්න රෝහලට අවශ්‍යය ප්ලාස්ටර් බැන්ඩේජ් වගේ දේවල් ගොඬාක් ලංකාවෙන් ගත්තා. ළමයින්ට දෙන්න තෑගි ගොඬාක් ගත්තා. විසිපස්වෙනිදා රෑට එයාලට නත්තල් අරන් මං යනවා. මං සතුට ලබන්නේ අනිත් අයගේ සතුට දැකලා. මට තියෙන්නේ කමිස දෙකයි. කලිසම් දෙකයි. වෙන ඔරලෝසුවක දෙයක් මං ගාව නෑ. මං හරි සරලයි"

    මං කොහොමද ඔයාව හොයාගන්නේ? මට ඔයාගේ දුරකතන අංකය facebook නම දෙන්න.

    "මට දුරකථනයක් නෑ. මට ෆේස් බුක් ඊමේල් නෑ. කොටින්ම මට ලිපිනයක් නෑ. මං රටින් රටට යනකොට එ මොහොතේ හමුවෙන කෙනා මගෙ යාළුවා. ඊට පස්සේ කවදාවත් එයාව ආය මුණගැහෙන්නේ නෑ. මට හිතුනොත් මං එයාලා බලන්න යනවා. ඒත් මාව කාටවත් හොයාගන්න බෑ. මටම කියලා නෑයෝ යාලුවෝ නෑ. මං ඇවිදගෙන ඇවිදගෙන යනවා. ලංකාවෙන් අරගෙන යන්නේ මං නිසා සතුටුවෙන අයගේ හිනාව විතරයි"

    (උපුටාගැනීමකි)

    මේගැන උබලගෙ අදහසුත් මෙතන කියපල්ලා...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පිස්සෙක්නේ බන්.. මේක මම හිතන්නේ ගොතපු බයිලාවක්. මූ සන්චාරෙකට නෙමෙයිනේ ඇවිත් ඉන්නේ වොලන්ටියර් සර්විස් එකකටනේ..
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලංකාවෙ ගොඩක් සංචාරක ආකර්ශණය දිනාගත්තු තැන් නැරඹීමට මුදල් අයකරනවනේ... සත්ව උද්‍යාන, උද්භිද උද්‍යාන, අලි අනාථාගාර වගේ තැන්වල දේශීය සංචාරකයින්ගෙන් අයකරන ගානට වඩා ගොඩක් ඉහල මිලක් විදේශිකයන්ගෙන් අයකරනවා. ඒක ටිකක් අසෝභනයි. අපි රු 50/- ක් දීල නරඹන දේට විදේශිකයෙක් රු 450/-ක් විතර දෙන්න ඕනෙ. කඩේකට ගියත් සුද්දෙක් නම් ගාන වැඩියි. විදේශිකයින්ගෙන් විතරක් නෙවි හොඳ කාර් එකකින් ගියොත් ලංකාවෙ මිනිස්සුන්ගෙන් පවා මිල සඳහන් නොකල ද්‍රව්‍ය වලට වැඩි මිලක් අයකරනවා. මම දවසක් ගාලු පාරෙන් මාතර යන ගමන් හික්කඩුව හරියෙ කඩේකට ගියා කෙසෙල් ඇවරියක් ගන්න. කෙසෙල් අරගෙන යන්න හදන කොට මම කාර් එකකින් ආපු බව දැකපු කඩේ තව කෙනෙක් මුදලාලිට බනිනවා ඔය ගානට කෝලිකුට්‍ටු දෙන්න පුලුවන්ද.. අරකද මේකද කිය කියා. ලෝකයේ ගොඩක් දියුණු රට වල මම ගිහින් තියෙනව. ඒ රටවල මල්වතු, සත්තුවතු බලන්න සල්ලි ගන්නෙ නෑ. ගත්තත් තමන්ගෙ රටේ මිනිස්සුන්ගෙන් එක ගානකුත්, පිටරට මිනිස්සුන්ගෙන් තවගානකුත් ගන්නෙ නෑ.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    අැත්තම තත්ත්වය ෙම්ක ෙන්ද? කැළණියට ගියාම මල් ෙතල් පහන් විකුණන එෙක් ඉදන්ම තිෙයන තත්ත්වය ෙම්ක ෙන්ද? කතරගම, බෙල්ලන්විල, මහනුවර සහ අෙනකුත් සියලුම තැන්වලත් ෙම් තත්ත්වය තිෙයනවා ෙන්ද? හික්කඩුව මීගමු ෙවරල අාදී තැන්වල පටන් දැන් බිහිෙවලා තිෙයන පාදඩ සංස්කෘතිය අෙප් තිබුණු ෙද්ශීය අාගන්තුක සත්කාරයට අයුෙබාන් කියලා ෙන්ද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවෙ ගොඩක් සංචාරක ආකර්ශණය දිනාගත්තු තැන් නැරඹීමට මුදල් අයකරනවනේ... සත්ව උද්‍යාන, උද්භිද උද්‍යාන, අලි අනාථාගාර වගේ තැන්වල දේශීය සංචාරකයින්ගෙන් අයකරන ගානට වඩා ගොඩක් ඉහල මිලක් විදේශිකයන්ගෙන් අයකරනවා. ඒක ටිකක් අසෝභනයි. අපි රු 50/- ක් දීල නරඹන දේට විදේශිකයෙක් රු 450/-ක් විතර දෙන්න ඕනෙ. කඩේකට ගියත් සුද්දෙක් නම් ගාන වැඩියි. විදේශිකයින්ගෙන් විතරක් නෙවි හොඳ කාර් එකකින් ගියොත් ලංකාවෙ මිනිස්සුන්ගෙන් පවා මිල සඳහන් නොකල ද්‍රව්‍ය වලට වැඩි මිලක් අයකරනවා. මම දවසක් ගාලු පාරෙන් මාතර යන ගමන් හික්කඩුව හරියෙ කඩේකට ගියා කෙසෙල් ඇවරියක් ගන්න. කෙසෙල් අරගෙන යන්න හදන කොට මම කාර් එකකින් ආපු බව දැකපු කඩේ තව කෙනෙක් මුදලාලිට බනිනවා ඔය ගානට කෝලිකුට්‍ටු දෙන්න පුලුවන්ද.. අරකද මේකද කිය කියා. ලෝකයේ ගොඩක් දියුණු රට වල මම ගිහින් තියෙනව. ඒ රටවල මල්වතු, සත්තුවතු බලන්න සල්ලි ගන්නෙ නෑ. ගත්තත් තමන්ගෙ රටේ මිනිස්සුන්ගෙන් එක ගානකුත්, පිටරට මිනිස්සුන්ගෙන් තවගානකුත් ගන්නෙ නෑ.

    එකගයි. මේ යක්කු සීගිරියෙන් පුදුම ගැරිල්ලක් ගරන්නේ. ඒකේ විනීතව ගිහින් බලලා එන්නෙත් පිටරට් උන් විතරයි ලන්කාවේ උන් ගිහින් වන කරනවා උදේම. එහෙව් උන්ගෙන් ගන්නේ සොච්චමයි. මම ගිය වෙලේ දෙපාරක්ම මට් ඔක උනා. එක සැරයක් මගේ නොනා ගියාම එයාගෙන් ඩොලර් 30 ගනේ ඉල්ලුවා. එයාට සින්හල බැරි නිස විදේශික කියලා. මම ගිහින් සින්හලෙන් කතා කරපුවහම ඩොලර් 30ට වෙච්ච දෙයක් නැ. ලන්කාවේ ඔය වගේ තැන්වල උන් එක්කො පාස්පොට් එක බලන්න ඔනා. මූනබලලා ගනන් කියන්නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන් හොඳ උනාට රටේ ලෝකේ මිනිස්සු එහෙම නොවෙන බව දැනගෙන තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න ඕනේ. ලංකාව විතරක් නෙවේ ලෝකේ කොහේ ගියත් ඔච්චර තමයි. අනික තමන්ගේ පෞද්ගලික අත්දැකීම් මුළු රටකටම ආදේශ කරන එකත් වැරදියි. :oo:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    එකගයි. මේ යක්කු සීගිරියෙන් පුදුම ගැරිල්ලක් ගරන්නේ. ඒකේ විනීතව ගිහින් බලලා එන්නෙත් පිටරට් උන් විතරයි ලන්කාවේ උන් ගිහින් වන කරනවා උදේම. එහෙව් උන්ගෙන් ගන්නේ සොච්චමයි. මම ගිය වෙලේ දෙපාරක්ම මට් ඔක උනා. එක සැරයක් මගේ නොනා ගියාම එයාගෙන් ඩොලර් 30 ගනේ ඉල්ලුවා. එයාට සින්හල බැරි නිස විදේශික කියලා. මම ගිහින් සින්හලෙන් කතා කරපුවහම ඩොලර් 30ට වෙච්ච දෙයක් නැ. ලන්කාවේ ඔය වගේ තැන්වල උන් එක්කො පාස්පොට් එක බලන්න ඔනා. මූනබලලා ගනන් කියන්නේ..

    Lankawe ona thenaka foreigners lata ticket eke gana wedi ban.

    Hebei me higanno wage ena suddangen nan lankawata wedak na. Mu police karayinta kanna aran deela neethiya kadanna wage hadanne.

    Muta India wata giyama therei Lankawa kochchara hodada kiyala.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    Lankawe ona thenaka foreigners lata ticket eke gana wedi ban.

    Hebei me higanno wage ena suddangen nan lankawata wedak na. Mu police karayinta kanna aran deela neethiya kadanna wage hadanne.

    Muta India wata giyama therei Lankawa kochchara hodada kiyala.
    වැඩි ගානක් ගත්තට අවුලක් නැ මචන්. ඒක පිලිවෙලකට. පින්නවල එහෙම ක්‍රමේ සාර්තකයි, ඒක පාස්පොට් එක බලල දෙනවා. සීගිරියේ හෙන ගේමක් යන්නේ සමහර ගයිඩ් උන් සුද්දට එක ගානක් ටිකට් කවුන්ටරේට තව ගානක්.