Lokaye Lokuma Building Eka Lankawe hadanawa

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    ලංකාවේ ඉදිවෙන ලෝකයේ ලොකුම ගොඩනැගිල්ලේ විස්තරේ මෙන්න



    ලංකාවේ උසම ගොඩනැගිල්ල කිව්වම අපිට එකපාරටම මතක් වෙන්නේ තට්ටු 40 ක් තියන කොටුවෙ ලෝක වෙළද මධ්‍යස්ථාන කුළුනු දෙකනේ.මේ වගේ හතර ගුණයක් උස ගොඩනැගිල්ලක් ගැන කිව්වොත් ඔබට එක පාරටම හිතාගන්නත් බැරි වෙන්න පුළුවන්.ඔබට ඒ හිතාගන්නවත් බැරි උසක් තියන ඒ ගොඩනැගිල්ල ඔන්න ලංකාවේ හදන්නයි යන්නේ. 2017 අවුරුද්දේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න ලහි ලහියේ සූදානම් වෙන WCC එහෙමත් නැත්නම් World Capital Centre ගැන තමයි මේ කියන්න යන්නේ.

    මීටර් 625 ක් උස මේ ගොඩනැගිල්ල මහල් 117 කින් සමන්විත වෙනවා.දැනට ලංකාවෙ උසම ගොඩනැගිල්ල වෙන ලෝක වෙළද මධ්‍යස්ථානයෙ උස මීටර් 152 ක්.ඒ වගේම දැනට ඉදිකෙරෙන නෙළුම් කුළුනෙ උස මීටර් 350 ක්.ඒ ඇරුනම කොළඹ තැනින් තැන අහස උසට ඉදිවෙන දැනට ඉදිකිරීම් ආරම්භ කරපු හැම ගොඩනැගිල්ලක්ම වගේ මීටර් 300 සීමාවෙන් ඉවර වෙනවා.දැන් එතකොට හිතාගන්න පුළුවන් නේද මීටර් 625 ක් උස WCC සද්දන්තයාගෙ තරම. ඒ වගේම තමයි WCC ගොඩනැගිල්ල ලොව විශාලතම භූමි වර්ග ප්‍රමාණයක් සහිත ගොඩනැගිල්ලද වනවා. WCC ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය 800,000 ක් වන අතර කුළුණක් වශයෙන් ගත් කල ලොව විශාලතම වර්ගඅඩි ප්‍රමාණය සහිත ගොඩනැගිල්ල ද වන්නේ WCC ගොඩනැගිල්ලයි.

    හදලා ඉවර උනාම ලංකාවෙ ලොකුම ගොඩනැගිල්ල බවට පත් වෙන WCC කුළුන ඒ ගමන්ම තවත් වාර්ථාවක් තියනවා.ඒ තමයි ලෝකයේ උසම ගොඩනැගිලි අතරින් 9 වන ස්ථානයට පත් වීම. මුළු ලෝකයටම පේන්න ලංකාවෙන් අහසට නගින මේ ගොඩනැගිල්ල ලංකාවෙ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වෙන්න තමයි නියමිත.

    මුළු කොළඹ නගරය වගේම මුහුදත් ලස්සනට පේන විදිහට ඉදිවෙන මේ WCC කුළුන තරු හතේ හෝටලයක්,නේවාසික කළාප වගේම සාප්පු සංකීර්ණ ඇතුළු ආර්ථික කේන්ද්‍රස්ථානයකට අවශ්‍ය හැම පහසුකමකින්ම සමන්විත වෙනවා. බැංකු,අධ්‍යාපනික ආයතන,නිමි ඇදුම්,සම්මන්ත්‍රණ ශාලා,විනෝදාස්වාදය වගේ තේමාවන්ට අනුව කළාප 50 කට වෙන් කරලා තියන WCC කුළුන ඇතුලෙ සාප්පු 3000 ක් තියන ලංකාවෙ ලොකුම වෙළද මධ්‍යස්ථානයත් ඉදිවෙනවා.

    ලංකාවෙ අභිමානය ලෝකයට කියාපාන ලංකාව කිව්ව ගමන් ලෝකෙ ඕනම කෙනෙකුට මතක් වෙන විදිහෙ අපූරු හැඩයකට ඉදිවෙන්න නියමිත මේ ගොඩනැගිල්ල ගැන වැඩි දුර විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.



    wcc-inside.png
     
    • Like
    Reactions: TaskManager

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    මෙකත් අර ලංකාවෙ හැදෙනවා කිව්ව ලැම්බොගිණියට වඩා වෙගවත් ඉලෙක්ට්‍රික් කාර් එක වගෙද දන්නෙ නහැ .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ උබලා දන්න එක ඔක හැදුවම සුද්දෝ එනවා ඔක බලන්න සංචාරක කර්මාන්තය දියුණු වෙනවා ,ඔය ආශිතව පොඩි පොඩි වෙලද සැලවල් හැදෙනවා කඩල කා‍රයෝ එනවා එතකොට ඒ අයගේ ආර්තිකය දියුණු වෙනවා ව්‍යපාර අවස්ථා වැඩිවෙනවා‍.