Honda CB250F Jade - Carb removal

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න ජේඩ් එකේ කාබ් එක පැත්තට තමා දැන් යන්නෙ. කාබ් එක බයික් එකෙන් අයින් කරගන්න ව්දිහ, ඒක ක්ලීන් කරන විදිහ, ටියුන් තියන විදිහ සහ බැලන්ස් කරන විදිහ ගැන දාන ත්‍රෙඩ් ටිකේ මුල්ම එක හැටියට කාබ් එක බයික් එකෙන් අයින් කරගන්න හැටි දාන්නම්

    [FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ටික ඕන[FONT=&quot].

    afezp2.jpg


    [FONT=&quot](1) ටිකක් දිග මල් ඉස්කුරුප්පු නියනක්
    [FONT=&quot][FONT=&quot](2) 10mm [FONT=&quot]යතුරක්[/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT][/FONT]

    මේකට සීට් එක ගලවල කවුලින් අයින් කරල ටෑන්ක් එක ගලව ගන්න ඕන. ඒටික කරන හැටි මෙන්න මේ පොස්ට් එකේ උඩින්ම බලාගන්න පුලුවන්.

    හරි ඒ ටික කලාට පස්සෙ air box එක දෙපැත්තෙ ඇති cover දෙකක්. අන්න ඒ දෙකත් ගලවල අයින් කරගන්න. ඒක ඇත්තෙ air box එකේ තියෙන පොඩි කෑලි තුනකින්. ඒ ටික පන්නල ගන්න තියෙන්නෙ.


    1416rzd.jpg



    ඊලටග air box එක උඩ ඇති එයා ෆිල්ටර් එක කවර් කරන පියන. අන්න ඒකත් ඇණ හතරකින් ඇත්තෙ, ඒ ටික ගලවගන්න.

    2i0dnkn.jpg




    ඒ ඇණ ටික ගලවල පියන හිමින් පස්සට ඇදල උස්සන්න. එතකොට ගැලවෙයි.

    eknnfn.jpg




    ඊට පස්සෙ ඒ පියනට සම්බන්ද වෙලා තියෙන හෝස් එකත් ගලව ගන්න. මේ හෝස් එක තමා කාබ් එකේ උඩ කොටසෙ ඉන්දල ඔය පියනෙ තියෙන sub filter එකට සෙට් වෙන්නෙ.

    qxm0wm.jpg




    ඊට පස්සෙ කාබ් එකට් air box එක සෙට් වෙලා තියෙන තැනට යන්න. එතන ඇති clamp හතරක්. ඒ හතර සම්පූර්ණෙන් ගලවල ගන්න ඕනෙ නෑ ඒ හතරෙ ඇණ හතර සෑහෙන ප්‍රමාණෙකට බුරුල් කරහම හොදටම ඇති. ( clamp දෙකක ඇණ දෙකක් එක පැත්තකටත් අනික් clamp දෙකේ ඇණ දෙක විරුද්ධ පැත්තටත් තමා මූණ දාල ඇත්තෙ )

    2mydkw5.jpg




    දැන් ඔක්කොම බුරුල් කරගත්තට පස්සෙ air box එක දෙපැත්තෙන් අල්ලල හිමින් උඩට අදින්න. එතකොට ඒක ගැලවෙයි කාබ් එකෙන්.

    t6w6mu.jpg




    ඒ එක්කම air box එකේ උඩ හරියෙන් තවත් හෝස් එකක් හයි වෙලා ඇති. ඒකත් ගලව ගන්න. ඒක තමා crankcase breather එක. crankcase එකේ වැඩි ප්‍රෙශර් එකත් එක්ක එන oil fumes ටික air box එකේ එකතු වෙන්නෙ ඕකෙන් තමා. ඒ ඔයිල් පොඩ්ඩ තමා ඔය අපි ගොඩක් පැදල air box එක ඇතුල ඇරල බැලුවහම පේන්න තියෙන්නෙ.

    10zxq3m.jpg




    ඊට පස්සෙ carb boots හතරෙ කාබ් එක හයි වෙන තැන තියෙන clamp හතරෙ ඇණ හතර බුරුල් කරගන්න. මේකත් කලින් විදිහටම තමා තියෙන්නෙ.

    2wrnkg7.jpg




    ඊට පස්සෙ කාබ් එකත් ඒ carb boots තියෙන angle එකට සමාන්තරව වගේ උඩට අදින්න. එහාට මෙහාට ගොඩක් අඹරන්න එහෙම යන්න එපා carb boots තුවාල වෙයි. එහෙම කරල ගත්තම දැන් ඒක නිදහස්.

    2hqdzeo.jpg




    දැන් කාබ් එක throttle cable, choke cable ඇවිත් තියෙන පැත්තෙන් හිමින් එලියට ගන්න යම් ප්‍රමාණයක්. ගන්නවත් එක්කම කාබ් එකේ overflow හෝස් දෙකයි, සබ් ෆිල්ටර් එකට සෙට් වෙන හෝස් එකයි තව පෙට්‍රොල් හෝස් එකයි අනවශ්ය විදිහට හිර වෙන්නැතිව නවන්නෙ නැතිව එලියට ගන්න බලන්න.

    6r83gp.jpg



    අරගෙන මුලින්ම ඉස්සරහම තියෙන throttle cable එකේ නට් එක 10mm යතුරෙන් බුරුල් කරල ඒක රදවල තියෙන තැනින් පන්නගන්න.

    skyoh3.jpg




    ඒ වගේම පිටි පස්සෙ throttle cable එකෙත් lock nut එක 10mm යතුරෙන් බුරුල් කරල ඒකත් ඒ රදවල තියෙන තැනින් පන්නගන්න.

    2qltz4z.jpg




    එතකොට ඉස්සරහ cable එකේ ලොකු බුරුලක් හිටල තීයෙයි. ඒ බුරුල උදව් කරගෙන ඔය කොල පාට ඊතලෙන් පෙන්නල තියෙන තැන ඇති පොඩි කට්ටයක් වගේ කපල, අන්න ඒකෙන් cable එක පන්නල වම් පැත්තට අදින්න. එතකොට cable එක release වෙනව.

    34e4208.jpg




    throttle cable දෙක සෙට් වෙන තැන රවුම් කොටසෙ ඇති පොඩි කෑල්ලක් ඔය යට පික්චර් එකේ වගේ.

    2wecf0h.jpg



    අන්න ඒකට ඇගිල්ල තියල පහලට උපරිම කරකව ගන්න. එතකොට අනික් cable එකේ බුරුල හැදිල තියෙයි ගානට. ඒකත් කලින් එක වගේම පන්න ගන්න.

    2eanx4h.jpg




    තව තමා choke cable එක රදවල තියෙන ඇණෙත්(A) බුරුල් කරගන්න. කරල ඊට එහා තියෙන තැනින්(B) cable එක පන්න ගන්න.

    k1cbxf.jpg




    දැන් කාබ් එක බයික් එකෙන් නිදහස්. මේ තියෙන්නෙ ගලවල ගත්ත කාබ් එක.

    10xzxug.jpg




    ඒ වගේම අපේ කාබ් එක VP21A මොඩ්ල් එකනෙ. ඔය 21A කියන එක ගහල තියෙනව හරියටම air box එක පැත්තෙන් float bowls වලට ටිකක් උඩින්

    15hl4zc.jpg



    අඩු පාඩුවක් තියෙනවනම් කියන්න. කාබ් එක ගලවල ක්ලීන් කරන හැටියි. ටියුන් කරන විදිහයි තව බැලන්ස් කරන විදියයි ඊලගට දාන්නම් වෙලාවක් ආවම.
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනිත් ටිකත් දාපන් මචන් හිමීට
    කුකුලෝ උබට රේප් දෙන්න විදිහක් නැහැ ඊයේ දුන්න හින්දා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බම්ප් :D:D
    :):):)
    11.gif

    පට්ට ,,,,
    +24
    ADooooo NIyamai Bn :love: :) :nerd:
    ජාඩි පියා :cool::cool:
    නියමයි :cool: +18
    අනිත් ටිකත් දාපන් මචන් හිමීට
    කුකුලෝ උබට රේප් දෙන්න විදිහක් නැහැ ඊයේ දුන්න හින්දා
    නියමයි මචං

    thx machanla kattiyatama :)