ඔන්න දැන් අපි කාබ් ක්ලීන් කරල සෙටින්ග්ස් ටිකත් හදල හින්ද දැන් තියෙන්නෙ බැලන්ස් කරන්න 
කාබ් හතර බැලන්ස් කරනව කියන්නෙ කාබ් හතරම ගත්තම ඒ හතරෙම සාපේක්ෂ vacuum pressure එක සමාන කරන එක තමා. ඒ කිව්වෙ relative vacuum pressure එක සමාන කරන එක.
මේකට තමා මැනෝමීටර් එකක් යොදාගන්නෙ. කඩේ හදපු ඒවත් ගන්න තියෙනව. ඒ ඇරෙන්න ගෙදරදිම හදාගන්නත් පුලුවන් සරලව. දැනට ගොඩක් බාවිතා කරන මැනෝමීටර් තමා ඔය යට තියෙන්නෙ
Tube manometer
Bottle manometer
Vacuum gauge
මීට අමතරව තව electric manometer එකකුත් බාවිතා වෙනව.
ඔය ටිකෙන් අපිට ගෙදරදිම හදා ගන්න පුලුවන් එක තමා tube manometer එක හෝ bottle manometer එක. ඒකෙනුත් කාබ් ගොඩක් unbalance නම් tube manometer එක පාවිච්චි කරද්දි පොඩි පොඩි අපහසුතා එන්න පුලුවන්. එකක් තමා එක කාබ් එකක vacuum වැඩීනම් එයා tube එක හරහ හරිම ඉක්මනින් fluid එක ඇදල ගන්නව එන්ජිමට. අපි කඩෙන් ගන්න tube manometer එකේ ඔය ඔක්කොම කන්ට්‍රොල් කරල එවන්නෙ valve යූස් කරල. නමුත් මේක අපි ගෙදර හදන හින්ද තමා මෙහෙම වෙන්නෙ. හැම බයික් එකේම මෙහෙම නොවෙන්න පුලුවන් මොකද කලින් කෙනා බැලන්ස් සෑහෙන දුරට හදලනම් tube manometer එකත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ. ඒ කොහොම වෙතත් අපි ඒක දන්නැති හින්ද තමා මෙතනදි bottle manometer එක පාවිච්චි කරන්නෙ.
දැන් jade වල කාබ් 4ක් තියෙනවනෙ. ඉතින් මේක සමහරු කාබ් දෙකින් දෙක මුලින් බැලන්ස් කරල අන්තිමේට කාබ් හතරටම ගහල බැලන්ස් බලනව. මාත් මුලින්ම කලේ ඒ ක්‍රමේ. ඇත්තටම ඒ ක්‍රමේ ගොඩක් හොදයි වගේ මොකද දෙකින් දෙක බැලන්ස් කරල හතරම ගැහුවහම පොඩි fine tune එකකින් හතරම බැලන්ස් කරගන්න පුලුවන්. මේකෙත් මන් ඒ ක්‍රමේටම කරන්නම්
හරි මුලින්ම කාබ් හතර නම්බර් වෙන්නෙ මෙහෙම. අපි බයික් එකේ ඉදන් ඉන්දි පිලිවෙලින් left to right තමා නම්බර් වෙන්නෙ. ඒ කියන්නෙ left side කෙරෝලෙම එක #1. එතන ඉදල අනික් කෙරවලට එනකන් #2 -> #3 -> #4 තමා නම්බර් වෙන්නෙ.
දැන් අපි හදන මැනෝමීටරේට මෙන්න මේව ඕන වෙනව.
හීනි දිග flat නියනක් ( balance screws කරකවගන්න )
carb adapters 3ක් ( හදාගන්න හැටි පහල තියෙනව )
bottles 4ක්
clear tube 4.5m වගේ
කිරල ඇබ හෝ rubber stoppers 4ක්
silicon gum
මොකක් හරි ඩයි එකක් ( මන් දැම්මෙ තීන්ත පෑන් වලට දාන ink ) කලවම් කරගත්ත වතුර

හරි මේ තියෙන්නෙ මුලින්ම බොතල් දෙකක් අරන් මම එහෙම හදා ගත්ත එකක්.
1) මුලින්ම අපි අර පාට කරගත්ත වතුර බෝතල් දෙකට දාන්න. ගොඩාක් පිරෙන්න දාන්න එපා සාමාන්‍ය ගානට දාන්න.
2) ඊට පස්සෙ කිරල ඇබ දෙකේ හිල් දෙක ගානෙ විද ගන්න. විදල බෝතල් දෙකට හයි කරන්න.
4) ඊට පස්සෙ 1m වගේ දිග තියෙන clear tube දෙකක් (A1, A2) අපි ගෙනාපු ටියුබ් රෝලෙන් කාපගෙන කිරල ඇබ දෙකට හයි කරන්න. මේක හයි කරද්දි බෝතලේ ඇතුලටම දාන්න එපා බටේ. ඔය රතු පාටින් මාක් කරල තියෙනව වගේ කිරල ඇබේ පොඩ්ඩක් පාස් කරන් යනකන් දැම්මනම් හරි.
5) ඊට පස්සෙ තව tube කෑල්ලක් (B) අරගන්න. අරන් ඔය කහපාටින් ලකුණු කරල තියෙනව වගේ එක බෝතලේක අඩියෙ ඉදල අනික් එකේ අඩියට යනකන් වගේ දල වශයෙන් දාගන්න. tube එකේ හිල අවහිර වෙන විදිහට අඩියටම තදවෙන්න දාන්න එපා.
6) අන්තීමේට කිරල ඇබේ ලග බට සෙට් වෙන තැන් වලට silicon gum දාගන්න. ඒ වගේම කිරල ඇබේ බෝතලේ කටට සෙට් වෙන තැන වටේටමත් silicon gum එක දාගන්න.
හරි ඒක දැනට ඔහොම තියා ගන්න.

දැන් අපිට මෙන්න මේ විදිහෙ කාබ් ඇඩැප්ටර්ස් තුනක් ඕන.
මේ තියෙන්නෙ මගෙ ඇඩැප්ටර්ස් වල දිග පලල දලවශයෙන්.
මේ විදිහටම ඕන්නෑ. ඒත් ඕකෙ පොට තියෙන කෑල්ලෙ දිග බයික් එකේ හයි වෙලා තියෙන නෝමල් ඇණේ පොට තියෙන කෑල්ලෙ දිගම වගේ ගන්න. වැදගත්ම දේ තමා ඕකෙ පොට 5mm වලින් ලියව ගන්න. ඒ ඇරෙන්න ඒකට හරියන O ring එකයි nut එකයි ගන්න. ඔය වගේ රූපයක් පෙන්නල පට්ටලේකට දෙන්නෙ. ඒ ගොල්ලො වැඩේ කරල දෙයි.
හරි දැන් මුලින්ම කාබ් එක බැලන්ස් කරන විදිහ කියන්නම්.ඔය පහල පින්තූරෙත් බලන්නකෝ.
ඕකෙ "D" තමා idle adjuster එක."A", "B", "C" කියන්නෙ අපිට දීල තියෙන balance screw තුන. ඉස්සෙල්ලාම අපි බැලන්ස් කරද්දි පටන් ගන්න ඕන #3 සහ #4න්. හේතුව තමා අපේ reference carb එක වෙන්නෙ #3 කාබ් එක. මොකද ඒක ඩිරෙක්ට් ත්‍රොට්ල් එකට සම්බන්ද නිසා. ඒ අනුව තමා අපි "A" balance screw එක වෙනස් කරල $4 සහ #3 එකට සමාන කරගන්නෙ. ඊලගට අපි #1 සහ #2 කාබ් වල බැලන්ස් එකත් සමාන කරගන්නව "C" balance screw එක යූස් කරල. අන්තිමේට
#1+#2 කාබ් වල වැකුම් "B" balance screw එක යොදාගෙන #3+#4 කාබ් වල වැකුම් වලට සමාන කරගන්නව.
එහෙනම් මන් මුලින්ම් #3 සහ #4 කාබ් දෙක බැලන්ස් කරන්න ගන්නම්.
ඔක්කොටොම කලින් පෙට්‍රොල් ඩිරෙක්ට් දෙන්න ටැන්කිය අයින් කරල මෙන්න මේ වගේ.
ඊලගට බයික් එකේ එන්ජින් එක warm up කරගන්න හොදට ( මේක අනිවාර්යයි ). standard idle එක 1500rpm ( මේක සුලු ප්‍රමාණයක් අඩු හෝ වැඩි උනාට කමක් නෑ ). දැන් ටැන්කිය අයින් කරල හින්ද petcock එක activate කරන හීනි බටේ උඩ කෙලවර නිකන් ඇත්තෙ. ඒක රබර් එකකින් වගේ වහල හොදට සීල් කරගන්න. එක්කො අතින් තද කරගන්න මේ කාබ් දෙක බැලන්ස් කරල ඉවර වෙනකන්ම. ඕක වැහෙන්න ඕන මොකද ඕක තමා #2 කාබ් එකේ වැකුම් ලයින් එක.
එහෙම උනාට පස්සෙ කාබ් ඇඩැප්ටර්ස් සෙට් වෙන තැන් දෙකේ ඇණ දෙක ගලව ගන්න. මෙන්න මෙහෙම ඇණයක් ඇත්තෙ washer එකත් එක්කම.
ඊට පස්සෙ මැනෝමීටර් එක බයික් එක ලගට අරන් ඒකේ නිදහස් tube දෙකේ (A1, A2 ) කෙරවලවල් දෙක කාබ් ඇඩැප්ටර්ස් දෙකට සෙට් කරන්න.
මේ තියෙන්නෙ #3 කාබ් ඇඩැප්ටර් එක යන තැන. ( මේකනම් #3 carb boot එකට යටින් එන්ජිම අස්සෙ තියෙන්නෙ )
මේ තියෙන්නෙ #4 කාබ් එකේ ඇඩැප්ටර් එක සෙට් වෙන තැන.
ඔහොම කරල ස්ටාර්ට් කරන්න. කාබ් දෙක බැලන්ස්නම් water level එකේ movement එකක් පෙන්නන්නැතිවෙයි. unbalance නම් එක බෝතලේක level එක ඉහල නගී. එතකොට අපිට කරන්න තියෙන්නෙ ඔය මන් උඩ කියපු "A" කියන balance screw එක කරකවල water level එක යන විදිහ බලල ඒක move නොවෙන තැනට හදාගන්න එක තමා.
"A" balance screw එක throttle cable දෙක ලග යටින්ම වගේ ඇත්තෙ.
මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ balance screw එකේ කරකැවීම water level එකට බලපාන හැටි.
මේකෙන් පෙන්නන්නෙ fine tune කරගත්ත කාබ් දෙකක්.හොදට බලන්න water level එක එක තැනමයි තියෙන්නෙ.
දැන් ඔය ඇඩැප්ටර්ස් දෙක ගලවල ඔතන තිබ්බ ඇණ දෙක ආයෙ දාගන්න. දාල අපි යමු #1 සහ #2 කාබ් දෙකට. ඒකෙ #2 කාබ් එකට ඇඩැප්ටර් එකක් ඕන වෙන්නෑ මොකද පෙට්කොක් එක activate කරන වැකුම් ලයින් එක යන port එකටම අපිට බටේ ගහන්න පුලුවන්.
මේ තියෙන්නෙ කාබ් #1 එකේ ඇඩැප්ටර් එක
මේ තියෙන්නෙ මන් කලින් කියපු කාබ් #2 එකේ port එක.
මේකත් කලින් විදිහට වගේම බැලන්ස් කරගන්න "C" balance screw එක යොදාගෙන. .බැලන්ස් කරන්න කලින් අයිඩ්ල් එක චෙක් කරන්න. බැලන්ස් උනාට පස්සෙත් චෙක් කරන්න.
"C" balance screw එක choke slider එක අස්සෙන් බැලුවහම පේනව ටිකක් මේ වගේ.
හරි දැන් හතරම චෙක් කරන්න තමා ඉතුරුවෙලා තියෙන්නෙ. ඒකට තව බෝතල් දෙකක් අරන් ඔය කලින් විදිහටම හදා ගන්න. හැබැයි T joint දෙකක් වගේ පාවිච්චි කරල බොතල් අඩියටම යන බට හතර මෙහෙම සම්බන්ධ කරගන්න. හයි වෙන තැන්වලට silicon gum එක දාගන්න.
එහෙම කරල නිදහස් බට හතර අර වගේම පිලිවෙලින් බයික් එකේ ඇඩැප්ටර්ස් වලට ගහන්න.
ගහල start කරල idle එක බලන්න. ඒක හොදයිනම් ඊට පස්සෙ වෝටර් ලෙවල් එක move නොවෙන තැනකට එනකන් "B" balance screw එක යූස් කරල හදා ගන්න. මේ තියෙන්නෙ හයි කරල start කරපු ගමන්ම ගත්ත එකක්. බලන්න සෑහෙන දුරට බැලන්ස් ඒත් water level එක හිමින් move වෙනව. ඕක balance කරගන්න පුලුවන් "B" balance screw එකෙන්.
"B" balance screw එකත් choke slider එක අස්සෙන් තමා පේන්නෙ. පොඩ්ඩක් එහෙන් මෙනෙන් බලන්න වෙනව. එක පාරට පේන්නෑ.
4රම බැලන්ස් එකේ තියෙද්දි ආයෙ idle එක චෙක් කරන්න. එහෙම කරල ඔක්කොම හරිනම් ඇඩැප්ටර්ස් ටික ගලවල බයික් එකේ ආපු නෝමල් ඇණ ටික එතෙන්ට හයි කරල ටැන්කියත් නෝමල් විදිහටම හයි කරගන්න.
අඩු පාඩුවක් තියෙනවනම් කියන්න. බොහොම ස්තූතියි.

Last edited:

kohomada machan owa igena gaththe?