paw neh aiyandiman mokatada lide wetennea
![]()

Man gena Dianne Tikai![]()


මල්ලිගෙ කැරැට්ටුව මෙතන දිගඇරල මල්ලිව නිර්වස්ත්‍ර කරන්න හොද නැහැ.. කාගෙ හරි මල්ලි කෙනෙක්ගෙ...
යකෝ මූත් සමනලයා වෙලා ද?කිඹුලාණනි.. නැතිදෝ දන්නේ...මාගේ සුපෙම් සිහිනේ.....



යකෝ මූත් සමනලයා වෙලා ද?
නෙද්දකිං අවලං රට පාත්තයා!!!![]()






මල්ලිගෙ කැරැට්ටුව මෙතන දිගඇරල මල්ලිව නිර්වස්ත්‍ර කරන්න හොද නැහැ.. කාගෙ හරි මල්ලි කෙනෙක්ගෙ...
![]()

ආදායම් මාර්ගයත් අවුල් නිසා රොටුන්ඩාගෙ මාර්ගයෙම ගිහින් ආදායමක් හොයන්න බැලුවෙ...![]()
Mawa alla ganna EPA do owata


....ඇත්තටම මේකෙ කොටන පලවෙනි කතාව වගේම ඇත්තටම එදා තමා මම පලවෙනිපාරට බිව්වේ
මම ඉතිං තාම වැඩි වයසක් තියන එකෙක් නෙවෙයි (තාම 21යි)ඔය සිද්ධිය වෙනකොට මට වයස 17ක් වගේ ඇති
මම ඉස්කෝලෙ ගියේ UNKNOWN city එකේ ජනප්‍රියම පිරිමි පාසලකට කියමුකෝ
ඒ ඉස්කෝලෙ AL පන්ති පටන් ගත්ත මුල් කාලෙ ස්පෝට්ස් මීට් එකට ලෑස්ති වෙන කාලෙ....ඉතිං පන්ති පිට්න් ඇදන් ගිහිං දානවා පිට්ටනියට අර මගුලේ මාච් පාස්ට් එකට දවසම අව්වෙ තැපිල්ලක් තියෙන්නෙ ඕකෙන් බේරෙන්න පුලුවන් ක්‍රීඩාවකට පැන ගත්තොත් තමා ඔන්න මම යන්තන් සෙට් උනා අපේ හවුස් එකෙන් දුර පනින්න මගෙ අතිජාත පාප මිත්‍රයො දෙන්නත් සෙට් වෙලා තුන් පිම්මට උන් වෙන හවුස් එකක ඔන්න ඉතිං අපි සෙට් එක දෙතුන් පාරක් ප්‍රැක්ටිස් ජම්ප් ටිකක් දැම්මා...ටිකකින් ක්‍රීඩා භාර සර් කාරයා කොහෙටද මාරු ප්‍රැක්ටිස් කරවන්න හිටපු අයියලාත් සී සීකඩ ගිහිං පිස්සු කෙලිනවා....අපේ පන්ති වල අහිංසක එවුන්ටික නං පිට්ටනිය මැද පට්ට අව්වෙ දාඩිය පෙරාගෙන කලන්තෙ හැදිලා වැටෙන්න ඔන්න මෙන්න සයිස් එකෙන් මාච් පාස්ට් එකේ ගාටනවා...අපි තුන්දෙනත් ඉතිං පිට්ටනිය අයිනෙ නෙල්ලි ගහ අයියේ වාඩි වෙලා පහන් සංවේගයෙන් යුතුව නෙල්ලි කකා
අරුන් දිහා බලාගෙන ඉන්නවා....ඔන්න ඔය වෙලාවෙ තමා අපේ මඩයා (මූ තනිකර පිස්සු ඩයල් එකක් ඕන ගොන්ත වැඩක් කරනවා දෙපාරක් නොහිතා හැබැයි හිත හොද එකා)ඇග කිලිපොලායන කතාව කිව්වෙ "අඩෝ ඊයෙ අපෙ අයියාගෙ පාටියක් තිබ්බා තොපි දන්නෑ යකෝ ගෙනත් තිබ්බ බ්‍රෑන්ඩ්....බ්ලා බ්ලා බ්ලා... " අපි "අනේ නිකං පල පල ඩෝ අනික ඉතිං තොපෙ අයියා මොන මොන බ්‍රෑන්ඩ් ගෙනාවත් අපිට පාන්ද??"ඌ "තොපිට එපානං නිකා හිටපං ඉතුරු උන බියර් ටින් එකක් මම අද ඉස්කෝලෙත් ගෙනාවා" අපි " ඈ බොල හිකනලෝ බියර් කෑන් බෑග් එකේ දාගෙන එන්න තොට අමු කැව්ලද??කරුමෙට බෑග් චෙක් කරානං අනික තෝ දැන්ද යකෝ කියන්නෙ බියර් එකක් ගෙනාවා කියලා"
ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි අපි තුන්දෙනා ඒකමතිකව තීරණය කරා බියර් එක ගසන්න ඒ උනාට මඩයායි මමයි කලින් බීලත් නෑ පැණියානං බීලා තියනවා කියලා හතර අතේ පොර ටෝක් දෙනවා
ඊලගට ආව ප්‍රශ්නෙ තමා ගහන්න තැනක්??අන්තිමට කල්පනා කරලා කල්පනා කරලා කෘෂිකර්මෙට හදලා තියන ගෙවත්තට රිංගන්න අපි තීරණය කරා මොකද මේ කාලෙ ඕකෙ මෙලෝ යකෙක් ඇත්තෙත් නෑ ඕක අස්සෙ රිංගන්න මොකෙක්වත් එන්නෙත් නෑ...අපෙ පූරුවෙ පිනකට 12M2 ක්ලාස් එක තිබ්බෙත් ගෙවත්තට ආසන්න හරියෙ ඉතිං හෙන ගේමක් ගහලා එකෙක් පන්තියට රිංගලා අරූගෙ බෑග් එකෙන් පහේ බෑග් එකක ඔතපු බියර් කෑන් එක අරගෙන ජනේලෙන් පාස් කරා( මේ වෙද්දි පන්ති වල බලු බල්ලෙක් නෑ ඔක්කොම පිට්ටනියෙ) ඒකරලා ශේප් එකේ ගෙවත්තට ගෙනාවා බාණ්ඩෙ...ඔන්න දැන් ගසන්ඩයි සූදානම "කෝ බන් මේක බොන්ඩ බයිට්??" මඩයා තවත් වැදගත් අන්තර්ජාතික මට්ටමේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා.දැන් මොකෝ කරන්නෙ කෝ බයිට් ඒ වෙලාවෙ තමා මම දැක්කෙ ඉස්සරහ තිබ්බ මිරිස් පැලේක මිරිස් කරල් හැදිලා තියනවා (නෑ නෑ රතුමිරිස් නෙවෙයි අමු මිරිස් 
)අමු මිරිස් ටිකකුත් කඩාගත්තා බයිට් එක විදිහට බියර් එක කඩන එක බීලා පලපුරුදු පැණියට භාර දීලා අපි දැන් කට බලියාගෙන ගැහෙන මානව දයාවෙන් යුතුව බලාගෙන ඉන්නවා..."චටස්" ගෑවා එතකොටම පැණියා මූන බෙරි කරගෙන "අඩෝ වැඩේ දෙල් උණා බං" කිව්වා බලද්දී මේකා අනිප්පැත්තට කරකවලා ඇදලා බියර් එකේ අදින්න තියන කෑල්ල ගැලවිලා බියර් එක කැඩිලා නෑ...දැන් කොහොමද බියර් එක කඩන්නෙ....අපි " අනේ ගොන් @#$% දන් නැත්තං දන්නෑ කියකො ගොන් වැඩ නොකර කයියනං කොහොමද බෝතල් පිටින් කටේ තියන් ගහන්න ඒත් බියර් එකක් කඩාගන්න බෑ නද්දකිං...අරූට කට උත්තර නෑ අපි ඉතිං ගෙවත්ත පීර පීර කෝටු කෑලි ගල් කෑලි හොයලා හොයලා බියර් එකේ කැඩෙන කෑල්ලට ඇනලා බැලුවා කඩන්න පුලුවන්ද කියල මොන කඩාගන්න බැරි උණා...මඩයට දැන් අසූහාර දාහට මලපැනලා ඇයි යකෝ මෙච්චර ගේමක් ගහල අතේ තියන බියර් එක බී ගන්න බැරි උනාම මල පයින්නැද්ද...අපි හිටපු තැන එහා පැත්තෙ ගල් බැම්මක් තියනවා ඒකෙ එක තැනක උල් ගල් කෑල්ලක් එලියට පැනලා තිබ්බා මඩයා කිව්වා ඒකෙන් වත් බලමු කියලා අපිත් එතෙන්ට හොට දැම්ම කිව්වා විතරයි මේකා කෙලියා කියහන්කො බියර් එකේ කැඩෙන පැත්ත අර උල් ගල් කෑල්ලෙ චූස් ගාලා බියර් එක කැඩිලා අපි තුන්දෙනාම යුනිෆෝම් පිටින්ම බියර් වලින් නෑවුණා (නෑවෙන් නැතුව තියෙයිද බං ඒක සුපිරියටම හෙල්ලෙලා තිබ්බෙ අපි ඒක කඩාගන්න නටලා නටලා) දැන් කුණුහරපාලංකාරය වනන්නෙ මඩයට "ගොන් හු#@$ ගොන් වැඩ කරන්න එපා හැ@#$ පක@ බලකො දැන් පන්තියට යන්නෙ කොහොමද ගදේ බෑ..." පස්සෙ බලනකොට බියර් එකේ තව තුන්කාලක් විතර ඉතුරුයි අපි නෑවුන විදිහට අපි හිතුවෙ බියර් එකම ඉවර ඇති කියලා...ප්‍රශ්න සේරම පැත්තක තියලා අපි මුලින්ම මෙච්චර ගේමක් දීලා කඩාගත්ත බියර් එකේ ඉතුරු තුන්කාල ගසල ඉන්න තීරණේ කරා
කෙහෙල් පදුරක් අස්සට රිංගුවා.බියර් උගුරක් ගසනවා අමු මිරිස් කරලක් හපනවා ඔහොම ඔහොම ඉවර වෙනකං ගැසුවා තුන් දෙනාම...
නාගත්තා යුනිෆෝම් එකත් හේදුවා...පස්සෙ තමා මතක් උනේ යකෝ බිව්වට මොකද වෙරි උනේ නෑනෙ කියලා
ඒකාලෙ ඉතිං දන්නෑනෙ බියර් වල තියන 8.8% ට වෙරි වෙන්නෑ කියල අරුන් දෙන්නටත් මැසේජ් දාල බැලුවා උන්ටත් වෙරි නෑලු...පස්සෙ අපි හිතුවා අපි පට්ටම බොනපාට්ලා( බෝතල් කටේ තියන් ගහන්න පුලුවන් කොච්චර බිව්වත් වෙරි නැති ඩයල්) වෙන්න ඇති ඒකයි බිව්වට වෙරි නැත්තෙ කියලා 
ඔන්න ඔහොමයි ඉතිං පලවෙනිපාරට බිව්ව දවසෙ මට වෙච්ච සංතෑසිය තාම මතක් වෙනවා යුනිෆෝම් පිටින් බියර් නාගෙන කෙසෙල් පදුරක් අස්සෙ ඉදන් අමු මිරිස් කකා ස්ට්‍රෝන්ග් බියර් ටින් එක ගහපු හැටි ඕවා තමා ඉතිං කවදහරි මතක් කරන්න ඉතුරු වෙන පාසැල් ජීවිතේ සොදුරු මතක තව බීපුවාම වෙච්ච ආතල් සිද්ධි සෑහෙන්න තියනව හිමීට දාන්නං......උබලත් මතකනං දාහල්ලා බලන්න උබලා මුලින්ම බීපු දවසෙ සීන් එකඔන්න එහෙනං බීපුවාම වෙන ආතල් සිද්ධි නූලට මගෙ පලවෙනි කථාව කොටනවා ඈ....ඇත්තටම මේකෙ කොටන පලවෙනි කතාව වගේම ඇත්තටම එදා තමා මම පලවෙනිපාරට බිව්වේ
![]()





අනේ යකෝ වයසටද වැඩ බොලාගේ....
ඔහොම බීපු උන් තමයි දැන් බෝතල් කටේ තියන් බොන්නේ හැබැයි.... එල කතාව.... තව සීන් තියෙනවනම් දාපං...
රෙප්+16

එල එල අනිත් කතා ටික හිමීට දාන්නං 
