අළුතෙන් හදනවා නම් මෙච්චරයි කරන්න තියෙන්නේ.
1. ගෙදරට අනිවාර්යෙන්ම වහලක් ගහන්න, ස්ලැබ් දාන්න එපා. වහලට උළු දාන්න. උළු වලට යටින් ෆොයිල්ස් දාන්න. ෆොයිල්ස් දාන්න ඕනේ ලී පටි වලට උඩින්.
එතකොට රේඩියෙට් හීට් එක ඇතුලට එන්නේ නෑ. උළු දාන්න බැරි නම් ෂීට් දැම්මත් කමක් නෑ ෆොයිල්ස් ඊට යටින් දාන්නවා නම්.
2. වහළට සිවිලිමක් ගහන්න ලී වලින්.
3. බිත්ති වලට ගඩොල් දාන්න. ඊට පස්සේ බිත්ති කපරාරු කරලා ඉවරවෙලා බිත්ති වලට ගාන්න හීට් රිෆ්ලෙක්ටිව් පෙයිට් එකක්. සාමාන්‍යයෙන් ඒවා ෆෝටර් පෘෆ්, වෙදර් පෘෆ් එතකොට අව්වෙන්, වැස්සෙන් බිත්ති වලට හානි වෙන්නෙත් නෑ, පෙයින්ට් එක යන්නෙත් නෑ, හීට් එක එන්නෙත් නෑ.
4. ජනෙල් වලට මේ වගේ කවර් එකක් දාන්න.
http://i.imgur.com/jf2YNHu.png
ඉර එළීය ගෙදරට වැටුනම ගේ රත් වෙනවා. ඉර එළීය එන්නේ ජනෙල් වලින්, ඒ වගේම උඩින්. මේ වගේ කවර් එකක් දැම්මම ඉර එළීය එන්නේ නෑ නමුත් හුලං එනවා.
5. හැම තිස්සේම හුළං ගේ ඇතුලට එන්න ජනෙල් දාන්න. හුළං එන්නේ නැති පැතිවලට ජනෙල් දාන්න එපා.
6. ඉර එළීය එන පැත්තෙන් ගස් වවන්න. නැගෙනහිරින් නේ ඉර එළීය උදේට එන්නේ? ඒ පැත්තේ ගස් ටිකක් වවන්න, ඒ වගේම බස්නාහිර පැත්තේනුත් ගස් වවන්න බහින ඉරෙන් එන එළිය වලක්වන්න. කැලෑව වගේ වවන්න එපා. ඉර එළිය පොඩ්ඩක් ගෙදරට වැටෙන්නත් ඕනේ ගෙදර තියෙන මුඩු ගතිය ,පාළු ගතිය යන්නත්. නැත්නම් පෙරේත ගද වගේ එනවා ගේ ඇතුලෙන්.
7. ගේ වටේ තාප්පේ බැන්දම. තාප්පෙන් හීට් එක රේඩියේට් වෙන්න පුලුවන්. දවල්ට තාප්පේ හීට් එක උරා ගන්නවා හිමින්, ඊට පස්සේ මේක හවසට වගේ ටික ටික එළීයට එනවා පාන්දර වෙනකම්ම. තර්මල් මෑස් කියන්නේ මේකටයි. මේ රස්නේ ගේ ඇතුලට එන්න පුලුවන් ඊට පස්සේ. ඒක නිසා තාප්පේ ඇතුල් පැත්තට ඉර එළිය වැටෙන්න දෙන්න එපා. එළියේ පැත්තට හිට් රිෆ්ලෙක්ටිව් පෙයින්ට් එකක් ගන්න. එතකොට හිට් එක බිත්ති වලින් උරාගන්නේ නෑ. තාප්පේ ඇතුලට පැත්තට ඉර එළිය වැටෙන්නේ නැති වෙන්න පදුරු වවන්න මේ වගේ.
8. කුස්සියේ කෑම උයනකොට, වතුර රත් කරනකොට ලොකු හිට් එකක් නිපදෙනවා. ඒවා යවන්න චිමිනියක් හදන්න. කුකර් එක , හීටර් එක තියන්න ඒක යටින්. රත් වෙච්ච වාතය ඉහළට යනවා. රස්නේ ඊට පස්සේ චිමිනිය දිගේ ගෙදරින් එළියට යනවා. චිමිනියෙන් යන්නේ රත් වෙච්ච වාතය විතරක් නෙවෙයි, ජල වාෂ්පත් යනවා. ජල වාෂ්ප ගේ ඇතුලේ එකතු උනාම අර්ද්‍රතාව වැඩි වෙනවා, අර්ද්‍රතාව වැඩි උනාම අපිට දැනෙන උෂ්ණත්වය වැඩි වෙනවා. උදාහරණයකට, ආර්ද්‍රතාව 70% නම්, අවට උණුසුම 30c නම්, අපිට දැනෙන උණුසුම 41c වගේ.
9. ගේ ඇතුලේ බල්බ් දානකොට. පරණ සුත්‍රිකා බල්බ් අයින් කරන්න ඒ වලින් ලොකු හීට් එකක් නිපදෙනවා. CFL හරි, LED බල්බ දාන්න.
LED බල්බ් නම් ගොඩක් හොදයි නමුත් පොඩ්ඩක් ගණන්.
10. බාතෲම් එකේ ගොඩක් ජල වාෂ්ප එකතු වෙනවා. ඒවා එළියට යවන්න. එක්සෝස්ට් ෆෑන් එකක් දාන්න.
11. රෑට 6 පැන්න ගමන් එළිය ගොඩක් සිසිල් වෙන්න ගන්නවා. මේ සිසිල් ගතිය එළියේ වැඩි වෙනවා නම් ඇතුලට වඩා. ඒ කූල් හුලං ඇතුලට ගන්න එක්සෝස්ට් ෆෑන් එකක් දාන්න අනෙක් පැත්ත හරවලා. නමුත් මේක නිවන්න මතක ඇතුව දවල් වෙනකොට. පාන්දර 1 ඉදලා 7 වෙනකම් එළීය මාර කූල්. මේ කූල් හුළං ඔක්කොම එළියේ ඉදලා ඇතුලට ගන්න පුලුවන් මේ ෆෑන් ටෙක්නික් එකෙන්.
12. දවල්ට ජනෙල් අරින්න එපා. ඉර එළිය එන්නේ නැති උනත්, රත් වෙච්ච වාතය එන්න පුලුවන්. දවල්ට එළීය ගොඩක් රස්නෙයි, ඇතුලේ සිසිල්. එතකොට රත් වෙච්ච වාතය එළියේ ඉදලා ඇතුලට එනවා.ඒක නිසා ජනෙල් වහන්න. හුළං එන්නේ හවසට වගේ, ඒ වෙලාවට විතරක් ජනෙල් අරින්න අනික හවසට එන හුලං ගොඩක් සිසිල්, කාමරය සුද්ද කරනකොට ජනෙල් අරින්න, විෂබීජ /ගද වගේ අරින්න ඕන උනාම ජනෙල් අරින්න, හැමදාම පැයක් විතරක් 9 ඉදලා 10 වගේ වෙනකම් ජනෙල් අරින්න නැත්නම් කාමරය පල් ගද ගහයි ඒ හොදට ඇති.
13. ගොඩක් පරණ කොම්පියුටර් යූස් කරන්න එපා. ඒවලින් ලොකු හිට් එකක් නිපදෙනවා. පොඩි ගාණක් හරි වියදම් කරලා, අළුත් කොම්පියුටර් එකක් ගන්න. Skylake ප්‍රෝසෙසර් ගොඩක් හොදයි ගොඩක් අඩු හිට් එකක් නිපදෙනවා, ග්‍රැෆික් කාඩ් එකක් හැටියට nvidia එකේ මැක්ස් වෙල් කාර්ඩ් හොදයි.
මේවා තමයි මගේ ක්‍රම. තව මතක් උනොත් දාන්නම්.