නයි කූඹි එනවට මොකෝ කරන්නෙ?
අනේ මන්දා බන් අපේ ගෙදර දැන් මාස කීපයක ඉදන් නයි කූඹි බෝ වෙලා. හැමතැනම ඉන්නව. කොච්චර අතුගාල දැම්මත් අර ස්ප්‍රේ කරන එකෙන් විදල මැරුවත් උන් ආයි එනව. මොන මගුලක්ද මන්දා. බත් හට්ටි වලටත් වහනව. කන්න ගියාම දැන් නම් බල බල ඉන්නෙ නෑ උන් එක්කම කාල දානවන්
ඇදුමක් වත් තියාගන්න බෑ ඒවයි අස්සෙත් ඉන්නව. කොහෙහරි පුටුවක ඇවිත් වාඩි උනොත් ඇවිත් පිට කනව. කුස්සියේ කරවල කෑල්ලක් තිබ්බ පත්තර කොලේක ඔතල ශොපින් බෑග් එකක දාල. මුන් බෑග් එකත් හිල් කරන් ගිහින් කරවල එකෙන් බාගෙකට වැඩේ දීල. මෙහෙම බලන් හිටියොත් නම් මුන් පෝලිමට ඇවිත් මාවත් උස්සන් යයි ඕයි.

මොකක් හරි විසදුමක් කියපල්ලකෝ

nathnam ara choke ekenma gula wate adapan.

එහා ගෙදර පොඩි එකාට දියන් වැඩේ ලෙසටම කරාවි
(කටේ දාගන්න එපා කියපන්