බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි


    ~සෙටමෝල් කළමනාකාරීත්වයේ තීරණය අවසාන තීරණය වේ~
    :rofl::shocked::cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි



    1.රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.

    2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.

    3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.

    4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.

    5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.

    6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.

    7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.

    8- කා බී අඬා වැලපීම සපුරා තහනම් ය.

    9- කොකා කෝලා පමනක් පානය සපුරා තහනම් වන අතර බීර සමඟ සැන්ඩි මිශ්‍ර කර පානය කිරීම වැනි එලොවටත් නැති මෙලොවටත් නැති කුජීත ක්‍රියා සිදු කිරීමද තහනම්ය.

    10- බීගත් පසු මූද මැදට අරන් ගියා,බඩ පැලුවා මූදට දැම්මා, කඩුවෙල ට්‍රැෆික් ඕඅයිසී මාරු කෙරෙව්වා, ටින්ටඩ් ග්ලාස් පර්මිට් එක ගත්තා වැනි පට්ට කෙබර ඇද බෑම තහනම්ය.

    11- සෙටමෝලේදී කතා කරන හැම මාතෘකාවකටම හෝ ස්ථානයකටම හෝ පුද්ගලයෙකුට තමන්ගේ "නෑකමක්, ඇඳුරුම් කමක්, බැචෙක්, ක්ලාස් මේට්, එක ඩෙස්ක් එකේ හිටි එකා, පොඩි කාලේ ජිල් ගහපු එකා" වැනි සම්බන්ධකම් ප්‍රකාශ කිරීම සපුරා තහනම්ය.

    12- සෙටමෝලේදී වීදුරු බාගයක පමන පරිමාවක් ඇල්කොහොල් පානය කර පසුදාට බොතල් ගනන් අමුවෙන් බීවා සේ එලකිරියේ හෝ වයිබරයේ රැඟීම සහ පොර ටෝක්ස් දීම සපුරා තහනම් වේ.

    13- පදම පැන්න පසු “අඩේ මම අරකට ගහල තියනව“ වැනි ඩස්පි කතා පැවැත්වීම තහනම් ය.

    14- බීගත් පසු නව ව්‍යාපාර සැලසුම් කිරීම, විනෝද ගමන් යාමට සූදානම් වීම, සෙරෙප්පු දමා කාන්තාවන්ගේ කකුල් ඡායාරූප ගැනීමට ප්ලෑන් ගැසීම නිෂ්ඵල ක්‍රියාවන් බැවින් ඒ කාලය ප්‍රයෝජනවත් යමක් සාකච්ඡා කිරීමට යොදා ගැනීම මැනවි.

    15- සොන්නලු බීමතින් සිටින අවස්ථාවේ ටූත් පේස්ට්, හර්බල් ටී වැනි දෑ නොමිලයේ බෙදා දී "බ්‍රෑන්ඩ් ප්‍රොමෝශන්" කිරීම ඉඳුරාම තහනම් වේ.

    16- නරි නාටක රඟ දැක්වීමට ඉල්ලීම සහ බලෙන් රඟ දැක්වීම තහනම් වේ.

    17- සියලූ දෙනාම උදෑසන 9.30-10.00 අතර පැමිණීම අනිවාර්ය වන අතර එසේ නොපැමිනෙන අයවලුන්ගේ පීසා කෝටාව 80%කින්ද සොසේජස් කෝටාව 100%කින් ද කපා හරින බව සෙටමෝල් කළමනාකාරිත්වය දැනුම් දී ඇත.

    18- ඇති තරම් මස් මා‍ංශ ආහාර සෙටමෝලේ ඇති බැවින් නිර්මාංශි උන්ගේ ආහාර කෝටාවට අත නොතැබීමට මස් මා‍ංශ අනුභව කරන අය වග බලාගන්න.

    19- සෙටමෝල සොන්නලු දොලොස් දෙනාටම විවෘත අතර සෙටමෝලට පැමිනීම සඳහා ඔබගේ මවගෙන්/පියාගෙන්/බිරිඳගෙන්/පෙම්වතියගෙන්/පෙම්වතාගෙන්/බොඩිමෙ අයියාගෙන්/බල්ලාගෙන් අවසර ලබා ගැනී තමන් සතු කාර්යක් වන අතර භාරකාරීන්ට දුර ඇමතුම් ලබා දී අවසර රැගෙන දීමට සෙටමෝල් කළමනාකාරිත්වය කටයුතු නොකරන බව කරුණාවෙන් සලකන්න.

    20- කාබී ගත් පසු කිඹුල් විලාවේ නවාතැන් ඉල්ලීම තහනම් වන අතර එසේ ඉල්ලීමෙන් ඔබට සිදුවිය හැකි කායික අනතුරු පිලිබඳව කළමනාකාරිත්වය වගකියනු නොලැබේ. ඒ නිසා කාබී / ඔතාගෙන හැකිතාක් ඉක්මනින් තම තම්න්ගේ ගෙවල් බලා යෑමට සියල්ලෝම වගබලාගත යුතුය.

    ~සෙටමෝල් කළමනාකාරීත්වයේ තීරණය අවසාන තීරණය වේ~

    බොන්න ඕන ප්‍රශ්නයක්. . :P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    සිරීපාදේ ගියැයි?
    ඔව් ඔව්.
    මම රිප්ලයි එකක් දැම්ම ත්‍රෙඩ් එකේත්
    කිතුල්ගල රාෆ්ටින් වලට යන්න දන්න කියන් තැනක් තියේද:confused: