සිරියාවේ මොකද වෙන්නේ-6
සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ්ට ළඟ එන සාම සාකච්ඡා අමතක වූ බව පෙනේ.විදේශීය ජිහාඩ් සටන්කාමීන් ඉඩ්ලිබ් පළාතට යැවීම සම්බන්ධව සිදුවෙමින් පවතින කතිකාව යටතේ සටන්කාමීන් ඉවත් කිරීමෙන් පසුව එම ප්‍රදේශ නැවත ගොඩනැංවීම සහ ප්‍රදේශවාසීන් යළි පදිංචි කිරීම සිදුකිරීමට නියමිතය.නමුත් ඉඩ්ලිබ් පළාත සිරියාව තුල ජිහාඩ් සටන්කාමීන්ට ස්ථීර භූමියක් ලෙස පරිත්‍යාග කර බලා සිටින්නට අෂාඩ් සූදානම් නොමැති බව ඔහුගේ ප්‍රකාශවලින් පැහැදිලිවේ.ඔහුට අවශ්‍යව තිබෙන්නේ සම්පූර්ණ සිරියාවම නිදහස් කරගැනීමටය.
ඔහුට අනුව සාම ගිවිසුමක තිබෙන ප්‍රබලම තර්ජනය වන්නේ බටහිර සහ පර්සියන් බොක්ක ආශ්රිත රටවල සහාය ලබන ත්‍රස්තවාදී සංධානයයි.තමන් මෙම ත්රස්තවාදීන් සමග හෝ ඔවුන්ගේ උදව්කරුවන් සමග කතිකාවකට සූදානම් නොමැති බව අෂාඩ් කියා තිබේ.
ඔවුන් අද යම් ජයග්‍රහණයක් ලබා සිටින්නේ නම් ඒ රුසියාවේ මැදිහත්වීම නිසාය.ප්රශ්නය නම් රුසියාව නොමැතිව මෙම ජයග්‍රාහී ගමන පවත්වාගෙන යෑමට අෂාඩ්ට හැකියාව තිබේද යන්නයි.මන්ද සිරියානු යුද්ධයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවශ්‍ය බව රුසියාවේද අදහසයි.රුසියාව සිරියානු යුද්ධයට සම්බන්ධව වී දැන් වසරකුත් මාස දෙකකට වැඩි කාලයක් ගත වී තිබේ.ඉරාකයේ මෝසූල් නගරය මුදා ගැනීමට ඉරාක හමුදාව මෙහෙයුම් ආරම්භ කලේ පසුගිය වසරේ අග භාගයේදීය.ඊට ඇමෙරිකාවේ සහායද ලැබේ.නමුත් ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ජෙනරල්වරයෙක් කියා සිටියේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් පරාජය කිරිමට නම් තවත් වසර දෙකක් පමණ ගත විය හැකි බවයි.ඒ අනුව සිරියාව සම්පුර්ණයෙන්ම කැරලිකරුවන් සහ ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට නම් රුසියාවට තවත් දිගු කාලයක් සිරියාවේ රැදීමට සිදුවන බවයි.නමුත් එතරම් කාලයක් යුද වැදීමට තරම් ආර්ථික අතින් රුසියාව ශක්තිමත්ද යන්න සැක සහිතය.
සිරියානු රජයේ හමුදාව ඇලැපෝ නගරයේ නැගෙනහිර ප්‍රදේශය මුදාගත්තේ පසුගිය වසරේදීය.එය සිරියාවේ දෙවන විශාලතම නගරයයි.ඇලැපෝ නගරය කැරලිකරුවන් අතට පත්වූයේ 2012 වර්ෂයේදීය.රුසියාව සහ තුර්කිය යන දෙරටේ මැදිහත්වීම මත ඇතිකරගත් සටන් විරාමයකින් පසුව ඇලැපෝ නගරයේ කොටුවී සිටි සටන්කාමීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ආරක්ෂිතව ඉවත් කරන ලදි.
කසක්ස්ථානයේ අස්තානා නගරයේ පවත්වන සාම සාකච්ඡාවලදී ඊට සහභාගී විය යුත්තේ සිරියානු විරුද්ධ පක්ෂයේ සැබෑ සාමාජිකයින් මිස සෞදි හෝ ප්‍රංශ හෝ බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත කැරලිකරුවන් නොවේ.සිරියාවේ විරුද්ධ පක්ෂය වෙනුවෙන් සටන්වදින බොහෝදෙනා බටහිර සහ අරාබි රටවල වැටුප් ලබන විදේශීය කුලී හමුදාවන් වේ.ඔවුන්ගේ සංඛ්‍යාව දහ දහස් ගණනක් බව සඳහන් වේ.
ජනවාරි මස 8 වෙනිදා එක්සත් ජනපදයේ විශේෂ බලකා සෙබලුන් විසින් සිරියාවේ ඩීර් එස්සෝර් පළාතේ ගොඩබිම් මෙහෙයුමක නිරත වූ බව වාර්තාවේ.ඒ ප්‍රදේශයේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායකයින් අල්ලාගැනීමට බවයි මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ.හෙලිකොප්ටර් වලින් අදාල ප්‍රදේශය ගොඩබැස තිබෙන සෙබලුන් එහි මිනිත්තු 90ක කාලයක් ගත කර පණපිටින් සහ ඝාතනය කර ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් රැගෙන ගිය බව නම් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.එක් ඇමෙරිකානු නිලධාරියෙකුට අනුව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී නායකයින් ගමන් කල රථයක් ඇමෙරිකානු හමුදාව විසින් අතරමගදී වටලා තිබේ.නමුත් ත්රස්තවාදීන් මරා දැමුවාද පණපිටින් අල්ලාගත්තාද යන්න පැවසීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.මෙහෙයුම සඳහා යොදාගෙන තිබෙන්නේ ඉරාකයේ සිටින කාර්ය සාධන බලකායේ සෙබලුන්ය.
නමුත් තහවුරු නොකල මාධ්‍ය වාර්තාවලට අනුව මෙම මෙහෙයුමෙන් ත්රස්තවාදීන් 20කට වැඩි පිරිසක් මියගොස් දෙදෙනෙක් පමණ අත් අඩංගුවට ගෙන තිබේ.නමුත් එම වාර්තා තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක්(ඡායාරූප ,වීඩියෝ පට)මාධ්‍යට මුදා හැර නොමැත.මෙහෙයුම සම්බන්ධව නිල වාර්තාවක් එක්සත් ජනපදය විසින් නිකුත් කර නැත.
රජයේ හමුදා සහ ජබාත් ෆාටාහ් අල්-ෂාම් කණ්ඩායම මෙහෙයවන සටන්කාමීන්ගේ එකමුතුව අතර එකිනෙකා ඉලක්ක කරගෙන මහා පරිමාණයෙන් කාලතුවක්කු සහ රොකට් ප්‍රහාර එල්ල කරගැනීමක් ජනවාරි 9,10 දෙදින තුල දකුණුදිග ඇලැපෝ ප්‍රදේශයෙන් වාර්තා විය.මින් පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ඇලැපෝ නගරයේ ජනඝනත්වය අධික ප්‍රදේශවලට සටන්කාමීන්ගේ කාලතුවක්කු ප්‍රහාර එල්ල වීම නවතාලීමට නගරයේ බටහිර සහ නිරිතදිග ප්‍රදේශවල මෙහෙයුම් දියත් කර අවරෝධක කලාපයක් ඇතිකිරීමට සිරියානු හමුදාව ක්‍රියා කල යුතුබවයි.
ඒ අතරතුර ලැබෙන වාර්තාවලින් කියවෙන්නේ ජබාත් ෆාටාහ් අල්-ෂාම් සහ අනෙකුත් සටන්කාමී කණ්ඩායම් සැලකිය යුතු සටන්කරුවන් ප්‍රමාණයක් සහ අවි ප්‍රමාණයක් ඇලැපෝ හි නිරිතදිග ප්‍රදේශයට කැඳවා ඇතිබවයි.මෙහි ප්‍රධාන අරමුණ රජයේ හමුදාවල ශක්තිය ඇලැපෝ නගරයට කේන්ද්‍ර කිරීම ඔස්සේ රටේ අනෙකුත් ප්‍රදේශවල මහා පරිමාණ මෙහෙයුම් දියත් කිරීමෙන් වළක්වාලීමයි.රජයේ හමුදා මේවන විට සිරියාවේ දකුණුදිග ප්‍රදේශවල ඉතිරිව තිබෙන කැරලිකරුවන් යටතේ පවතින කුඩා භූමි ප්‍රදේශ මුදාගැනීම සිදුකරමින් තිබේ.
ජනවාරි මස 3 වනදා සිරියාවේ ඉඩ්ලිබ් පලාතට ඇමෙරිකානු ගුවන් හමුදාවේ බී-52 බෝම්බ හෙළන යානයකින් බෝම්බ හෙළීම නිසා සිවිල් වැසියන් 20 අධික පිරිසක් මියගිය බව රුසියානු ජෙනරල්වරුන්ගේ ප්‍රධානී වැලරි ජෙරාසිමොව් ප්‍රකාශ කරන ලදි.
"පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ගුවන් හමුදාව ඩීර් එස්සෝ පළාතේ සිටින සිරියානු හමුදා ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාරයක් එල්ල කල බව අපට මතකයි.ප්‍රහාරයෙන් පසුව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සිය ප්‍රහාර වේගවත් කරන ලදි.ආසන්නතම උදාහරණය වන්නේ ජනවාරි මස 3දා බී-52 යානය රුසියානු පාර්ශ්වයට අනතුරු ඇඟවීමක් නොකර ඉඩ්ලිබ් පළාතේ සර්මාඩා නගරයට එල්ල කල ප්‍රහාරයයි." යනුවෙන් වැලරි ජෙරාසිමොව් තවදුරටත් කියා සිටියේය.
2015 සැප්තැම්බර් 30 වෙනිදා පටන් සිරියාව තුලදී රුසියානු ගුවන් හමුදාව ගුවන් ගමන් වාර 19,160 එකකදී ගුවන් ප්‍රහාර 71,000ක් එල්ල කල බව ජෙනරල් වැලරි ජෙරාසිමොව් විසින් අඟහරුවාදා(ජනවාරි 9) සඳහන් කරන ලදි.ඔහුගේ ප්‍රකාශයේ සඳහන් පරිදි රුසියානු යුද ගුවන් යානා ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ පුහුණු කඳවුරු,උණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා සහ නීතිවිරෝධීව ඛනිජ තෙල් ලබාගැනීමේ පහසුකම් රැසක් විනාශ කරන ලදි.ඒවා අතර තෙල් පිරිපහදු 174ක් සහ තෙල් ප්‍රවාහන රථ සමූහ 111ක්ද තිබේ.මේ ඔස්සේ ත්රස්තවාදීන්ට අවි ලබා ගැනීමට මුදල් උපයා දෙන ප්‍රධාන මූලාශ්‍රය කඩාකප්පල් කරන්නට හැකිවූ බව ඔහු පවසයි.
සිරියානු ගුවන් හමුදාව සිරියාවේ හෝම්ස් පළාතේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ඉලක්ක වෙත පහරදෙන බව අලුතින් ලැබෙන වාර්තාවල සඳහන් වේ.වාර්තාවලට අනුව පැල්මයිරා පෞරාණික නගරය ආසන්නයට සහ ටයාස් ගුවන් කඳවුර ආසන්න ප්‍රදේශවලට එල්ල කල ගුවන් ප්‍රහාර 20කට වැඩි ගණනකදී ත්රස්තවාදීන්ගේ යුදෝපකරණ ඒකක 7ක් විනාශ වී ගණන නොදන්නා ත්රස්තවාදීන් පිරිසක් මරණයට පත්වී තිබේ.ඒ අතරතුර සිරියානු හමුදාව සහ ජාතික ආරක්ෂක හමුදා ටයාස් ගුවන් කඳවුරට එල්ල වූ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ තවත් ප්‍රහාරයක් ව්‍යර්ථ කරන ලදි.රජයේ හමුදාවල අරමුණ වන්නේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ගුවන් කඳවුර සහ එහි සැපයුම් මාර්ග ත්රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂ කිරීමට විශාල ප්‍රමාණයේ අවරෝධක කලාපයක් නිර්මාණය කිරීමයි.නමුත් ත්රස්තවාදීන්ට අවශ්‍යව තිබෙන්නේ එම ක්‍රියාදාමය වළක්වාලීමය.පසුගිය දිනවල දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුම් වලින් ත්රස්තවාදීන් 23 දෙනෙක් මරණයට පත්වූ බව රජයට පක්ෂපාතී මූලාශ්‍ර කියයි.
රුසියාව අලුතින් සුකොයි-25 ප්‍රහාරක යානා 12ක් සිරියාවේ ලැටකියා පළාතේ කමෙයිමිම් ගුවන් කඳවුරට ගෙන ආ බව රුසියානු මාධ්‍ය සහ බ්ලොග් අඩවි වාර්තා කරයි.අවම වශයෙන් රුසියානු සුකොයි-25 ප්රත්යාසන්න-ගුවන්-සහායක යානා 4ක් සහ IL-76 ප්‍රවාහන ගුවන් යානයක් බටහිරදිග සිරියාවේ හමා නගරය ආසන්නයේදී කැමරා ඇසට ලක්ව තිබෙන්නේ කමෙයිමිම් ගුවන් කඳවුර බලා පියාසර කරද්දීය(ජනවාරි 10දා).ඒ අනුව අමතර ප්‍රහාරක ගුවන් යානා යෙදවීමේ වාර්තා ඒ ඔස්සේ සනාථ වේ.මෙහි තේරුම නම් සාම සාකච්ඡා අසාර්ථක වුවහොත් ත්රස්තවාදීන්ට එරෙහිව රුසියා-ඉරාන-සිරියා සන්ධානය සිදුකරන මහා පරිමාණ මෙහෙයුම් යළි ඇරඹීමට සූදානම් ශරීරයෙන් සිටීමයි.
Source:southfront.org
-HarshaLulzSec-

"අනිවාර්යෙන්ම එය අපේ මෙහෙයුමයි,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිවලට අනුව සිරියාවේ සෑම බිම් අඟලක්ම අපි නිදහස් කරගත යුතුය" අෂාඩ් සිටින්නේ මෙම ස්ථාවරයේය.

සිරියානු යුද වාර්තාව - 2017 ජනවාරි 10
Source:southfront.org
-HarshaLulzSec-