ලෙකෙක් වෙන්නේ කොහොමද?
අඩේ ලංකාවේ ලෙක්චර් කෙනෙක් වෙන්නේ කොහොමද මචං? මට හරි ප්‍රශ්නේ බං ඕක...

wena job ekakata yana widihatama thama itn apply karapn qualification thiyanwanan
දන්න විදියට Msc එකක් ඕනි.
විශ්වවිද්‍යාලක ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න නම් ඔබට පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය ඉතා ඉහළින් සමත් වන්නට සිදුවනවා. කවදාහරි කථිකාචාර්යවරයෙක් (Lecturer) වන්නට ඕනෑනම් සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක්, පළමු හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමර්ථයක් (1st Class or 2nd Upper Honours) හා අවසන් වසර පර්යේෂණයක් සමග අවශ්‍ය වෙනවා.
කොහොම වුනත් ඔබට උපාධිය ගත් ගමන් බැඳෙන්න වෙන්නේ සහය ආචාර්ය මණ්ඩලයට, ප්‍රදර්ශක (Demonstrator) හෝ උපදේශක (Instructor) ලෙස. මීට පසු සහය කථිකාචාර්ය (Assistant Lecturer) තනතුර සඳහා සලකා බැලෙනවා. පුරප්පාඩු ඇත්නම් පමණක්, වසරක පලපුද්දක් සහිත ඔබට පරිවාස කථිකාචාර්ය (Probation Lecturer) තනතුරට පත්වෙන්න හැකියි, හැබැයි මේක බොහේ විට කණ්ඩායමේ වැඩිම ලකුණු ගත්තා කෙනා (Batch-Top) ට විතරක් උදා වෙන දුර්ලභ අවස්ථාවක්. ඒත් ඔබට විශ්වාසයක් තියෙනෙව නම් මේ අරමුණ උදෙසා කැප වෙලා ජයග්‍රහණය කරන්න පුළුවන්.
සියලුම පරිවාස කථිකාචාර්යවරු වසර 8ක් තුළ සිය පූර්ණ කාලීන පර්යේෂණයක් මත පදනම් වූ පශ්චාත් උපාධිය (M.Phill.) සම්පූර්ණ කළ යුතුයි. (ඉස්සර නම් M.Sc.-Master of Science භාර ගත්තා. දැන්නම් M.Sc.එච්චර ගණන් ගන්නෙ නෑ.) එවිට ඔහු හෝ ඇය ජෙය්‍යෂ්ඨ කථිකාචාර්ය II ශ්‍රේණියට උසස් කෙරෙනවා. (අවම වශයෙන් වසර 6ක පළපුරුද්දත් සමග.)
මින් පසු ආචාර්ය උපාධිය (Ph.D.) සම්පූර්ණ කළ යුතුයි. ආචාර්යවරයෙක් (Doctor) වන්නේ ඉන් පසුවයි.(ඔය නම ඉස්සරහට Dr. කියල දාන්නෙ කට්ටිය.)
හැකිනම් ප්‍රථම උපාධියට පස්සෙ සෘජුවම ආචාර්ය උපාධිය කළ හැකියි. (M.Phill. කරන්නෙ නැතුව). හැකිනම් කිව්වෙ ඔය කළින් කියපු පරිවාස කථිකාචාර්ය වෙන්න දක්වපු සුදුසුකම් (සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක්, පළමු හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමර්ථයක් (1st Class Honours OR 2nd Upper Honours) හා අවසන් වසර පර්යේෂණයක් - Research Component සමග) සියල්ලම සපුරා තිබේනම්.
අවම වශයෙන් වසර 12 ක දිගුකාලීන අත්දැකීම් හා පශ්චාත් - ආචාර්ය උපාධි පර්යේෂණ මත පදනම් කරගෙන තමයි මහාචාර්ය (Professor) පදවියක් ලැබෙන්නෙ. මේක ඉතාම දුලබ අවස්ථාවක්.
මේ ක්ෂේත්රයේ යන්න පුළුවන් ඉහළම තනතුර තමයි (අධ්‍යයන අංශ ප්‍රධානී, පීඨාධිපති, උපකුලපති වගේ පරිපාලනමය තනතුරු හැරුණු කොටගෙන.) ජෙය්‍යෂ්ඨ මහාචාර්ය (Senior Professor). හැබැයි මෙහෙම තනතුරක් තියෙන්නෙ ලංකාවෙ විතරයි. ඉන්නෙත් 50ට අඩු ගණනක්.