Mathews is going to resign from the captaincy

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    අප‍්‍රිකානු දැවැන්ත පරාජයෙන් පසු ක‍්‍රිඩකයින් කිහිපදෙනක් අතුරුදහන්.. නායකත්වයෙන් මැතිව්ස් ඉවතට.. ක‍්‍රිකට් පෙරලියක්..


    කුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරඟාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල තවත් විස්සයි 20 තරග 3 කට සහ එක්දින තරඟ 5 කට මුහුණ දීමට නියමිතය.

    ඉන් අනතුරුව විස්සයි 20 තරඟ 3 ක් සඳහා ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.

    පවතින තත්ත්වය අනුව ඉදිරි තරඟවල දී පවා ශ්‍රී ලංකා පිලේ දස්කම් ගැන විශ්වාසයක් තැබීම අපහසු වී තිබෙන පසුබිමක මෙම සංචාරයෙන් අනතුරුව පැවැත්වෙන ශ්‍රී ලංකා පිළේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

    මේ අනුව සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපති ධූරයෙන් සහ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර කණ්ඩායමේ පුහුණුකරුවන් වන ග්‍රැහැම් ෆෝඩ් හා නික් පොතාස්ගේ ප්‍රතිඵල පිළිබඳව ද මේ වන විට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. විශාල මුදලක් ගෙවා මොවුන් තබා ගැනීමෙන් ලැබූ ප්‍රතිඵල මොනවාදැයි යන ප්‍රශ්නය මේ වන විට පැන නැඟී ඇත.

    තවද කණ්ඩායම තේරීමේ දී මැතිව්ස් විසින් කරන ඇතැම් කටයුතු හේතුවෙන් ක්‍රීඩකයින් ගණනාවකගේම අනාගතය තර්ජනයකට මුහුණ දී ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි .

    පළමු ටෙස්ට් තරඟයේ අංක 3 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ කුසල් ජනිත් ගේ අසාර්ථකත්වයෙන් පසු ඔහු වෙනුවට ආදේශ කළ උපුල් තරංග අංක 3 පිතිකරුවා ලෙස නොයොදවා අංක 7 පිතිකරු ලෙස යොදා ගැනීම ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බව විචාරකයින්ගේ අදහස වී තිබේ.

    එහිදී කුසල් මෙන්ඩිස් අංක 3 හා ධනංජය සිල්වා අංක 4 ස්ථානවල ක්‍රීඩා කරවීමෙන් මෙම ක්‍රීඩකයින් තිදෙනාගේම ක්‍රිකට් අනාගතය අනතුරේ හෙළීමට මැතිව්ස් පියවර ගෙන ඇත. ඒ කිසිවකුත් අදාළ ස්ථානවල සාර්ථක නොවූ බැවිනි.

    එමෙන්ම විස්සයි 20 තරඟ සඳහා ප්‍රහාරාත්මක පිතිකරුවන් වන කුසල් ජනිත් හෝ චාමර කපුගෙදර නම් නොකිරීම ද මේ වන විට මතභේදයට තුඩු දී තිබේ. තවද තුන් ඉරියව්වේ දක්ෂයෙකු වන දසුන් ශානකද මේ වන විට ආගිය අතක් නොමැති අතර පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේ දී, එම සමයේ දකුණු අප්‍රිකානු සංවර්ධන පිලක් සමග දකුණු අප්‍රිකාවේ දී සාර්ථක ලෙස ක්‍රීඩා කරමින් සිටිය දී ශ්‍රී ලංකාවට ගෙන් වූ අමිල අපෝන්සු ද අතුරුදහන් වී ඇත.

    එමෙන්ම ඕස්ට්‍රේලියානු එක්දින සංචාරයේ දී කණ්ඩායමට හදිසියේ කැඳවූ අවිශ්ක ප්‍රනාන්දුට යළිත් වරක් 19 න් පහළ කණ්ඩායම දක්වා පසුබසින්නට සිදුව තිබේ.


    – Adaderana
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    jayasuriyath waga kianna ona sahenna. kusal janith hari nathi bawa dana dana ai damme. jayasuriya thamai illa as wenna ona. matthews ge captaincy awul kiamuko batsmen la ta gahanna bari ekata eke sambandayak naha ne.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    757
    113
    88
    ඔක්කොම මැතිව්ස්ට තමා වැරැද්ද. අනික් උන් ඔක්කොම හරියට වැඩ කරල වගේ කතාව :(

    බූරුවො... අනිත් උන්ගෙන් හරියට වෑඩ ගන්න තමයි හොද නායකයෙක් ඔන...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    jayasuriyath waga kianna ona sahenna. kusal janith hari nathi bawa dana dana ai damme. jayasuriya thamai illa as wenna ona. matthews ge captaincy awul kiamuko batsmen la ta gahanna bari ekata eke sambandayak naha ne.

    migamuwe club wala kabbanwa ringanawata kawuda kamathi umba kamathida :baffled:
    match paraddalaa matthe karayawa pajatha karanna :yes:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    පිස්සුද යකෝ.. මැතිව්ස් එහෙම කරන්නේ නැ. හැබැයි ළඟදීම ආබාදයකට ලක්වෙයි..:yes::yes: australia එකත් ඉවරවෙලා මාස 2 ක් 3ක් යනකොට සනීපවෙලා .අයෙත් එයි කැප්ටන් විදිහට .. මැතිව්ස් විතරක් නෙවේ තව එකෙක් 2 ක් වගේ එහෙම වෙයි.:lol::lol::lol: