වාහ ණයක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,612
    13,286
    113
    වාහ ණයක්
    කඩවසම් දුරකථනයක් ඇරුණු විට මීලඟට ජන ජීවිතයේ අත්‍යවශ්‍යම අංගය වන ‘වාහන කට්ටක්‘ ගැනයි මේ කතාව.


    මට අවුරුදු නවයක් පමණ වන කාලයේ දවසකට පැය කාලක් පමණ තිස්සේ අපේ ආච්චම්මා වැලි බෝතලයෙන් ‘සබර රොටී‘ තැලුවේද තාර පාරේ දමාගෙනය. අද ඒ පාරේ ඇති වාහන කන්දරාව අනුව කල්පනාවක් නැතුව පාරට බහින ඕනෑම කෙනෙක් තප්පර කාලෙන් රොටියක් වනවා ඇත. දැන් සෑම ගෙදරකම මොටෝ සයිකලයක් හෝ වීල්ලෙකක් හෝ ඒ දෙකම තිබේ. මෙතැන වීල්ලෙක යනු ත්‍රී රෝද රථය - ත්‍රීවිලරය - ටීවිල්ලෙක - වීල්ලෙක ආදී වශයෙන් පරිණාමය වූ තෙසක් රියම බව දැනගත යුතුය.


    මඩ්ගාඩ් නැති, පොල්ලෙලි සීට්ටෙකක් ඇති පුබ්බයිසිකල් වල නැගී ගමේ තැන් තැන්වල රස්තියාදු ගැසූ කොල්ලන්ගේ කකුල්දෙක අස්සෙන් මොටෝ සයිකල් මතුවන්නට පටං ගත්තේ ඉන්දියානු බයිසිකල් ආනයනය සමගය. ජපං බයිසිකල් වල මිලට වඩා සෑහෙන අඩු මිළකට ඉටිකිරිස් බයිසිකල් ලබාදී රතගාය සනීප කිරීමට දායක වූ ‘ජම්නාලාල් බජාජ් නානාජී‘ සහ ‘ටී.වී. සුන්දරම් ලිංගම් නානාජී‘ලාගේ සමාගම් වලට අපි අපේ උත්තමාචාරය පුදකළ යුත්තෙමු. එකල හොන්ඩා සීඩී නයින්ටි, තැපැල් නයින්ටි ආදිය අතහැර බජාජ් බොක්සර්, කැලිබර් ආදියට වහවැටී අපේ ගමේ සිටි ළමිස්සියෝ විවාහ ජීවිතයට සැපත්වූවෝය. නමුත් පසු කාලෙක කුණු කොල්ලයට විකුණුන අලුත්ම අලුත් චයිනීස් මෝට සයිකල් වලට ඒ තැන ගන්නට නොහැකි විය. ඒ චීන මෝටර් සයිකල් නාකි පාට ජපං බයිසිකල් වල කොපි වූ නිසාය. ඒවා මිලට ගත් නහරකාරයෝ කීපදෙනාද වැඩිකල් නොගොස් සිය බයිසිකල් අටපට්ටං කර යකඩවල විකුණා චීන බයිසිකල්වල හෙඩ් ලයිට් එකේ දැලිගෑවෝය.



    තෙසක් රිය අපේ ගම් රටවල් ආක්‍රමණය කළ ආකාරය මා විසින් කලින් ලියා ඇති නිසා දැන් ඒ ගැන නොලියමි. දැනට ලංකාවේ සාමාන්‍ය ගෙදරක රස්සාවල් කරන පිරිමි අය ගණනට මෝටර් බයිසිකල්ද, රැකියා කරන හෝ ළමයින් පාසල් යවන කාන්තාවන් ගණනට ස්කූටර්ද, පවුලේ අයට ගමනක් බිමනක් යන්නට තෙසක් රියක්ද ඇත. මෙයට අමතරව පවුලේ නම්බුව පෙන්වීමේ ආභරණයක් වශයෙන් ගෙදර දොරකඩ හරස්වන පරිදි ප්‍රධාන පාරට මුහුණලා නැවැත්වූ අලුත්ම අලුත් කාර් රථයක් ඇති නිවෙස්ද නැතුවාම නොවේ. මා දන්නා එවැනි කාර් රථයක් භාවිතා කෙරෙන්නේ මිදුලේ බිම දමා හෝ වැලක වනා වේලීමට නොහැකි කොට්ට, මෙට්ට ආදිය එහි වහලය සහ බොනට් එක උඩ වනා වේලිමටය. කලාතුරකින් මිරිස්, ගම්මිරිස්, පොල් කුඩු ආදියද කුල්ලක දමා ඒ මත තබා වියලන්නේ සත්තුන්ගෙන් බේරා ගැනීමටය. මෙයට අමතරව සමහර පොහොසත් අයගේ නිවෙස්වල පමණක් පාපැදියක්ද ඇත්තේ තමුන් ව්‍යායාම කරන බව පෙන්වීමට ඉඳහිට අහල පහල අතුරු මාර්ගවල රවුමක් දෙකක් යාමටත් තමුන් "බොහොම හොඳට කන බොන නිසා ඇඟ මහත්වී ඇති බැවින් ව්‍යායාම කරන බව" ගෙදරට එන අයට පෙන්වීමටත් පමණි.


    මොටෝ සයිකලය යනු බොහෝ ප්‍රයෝජනවත් වාහනයක් නමුත් එය හරියට පාවිච්චි නොකලොත් මේක ගත්තෙ මොටෝ කියා හිතෙන්නට පුළුවන. ගමනක් යන්න ලෙහෙසිම සහ ලාබම වාහනය මොටෝ සයිකලය වන්නේය. අබලන් මාර්ග මෙන්ම පටු මාර්ග වලද යා හැකි වීමත්, ගමනට දෙදෙනෙක් සහභාගි වන්නේ නම් බස් වියදමට සමාන හෝ එයටත් අඩු ගාස්තුවක් වැයවීමත් මෙයින් ප්‍රධානය. නමුත් මරදන්කඩවල වෙදමහත්තයාගේ කිර්තිය දසත පැතිරවීමටද මෙයින් ලැබෙන අනුග්‍රහය සුළුපටු නොවේ.


    ඔබට බයිසිකලයක් ගන්නට ඕනෑ නං මුලින්ම කළ යුත්තේ


    "මචංලා. මට බයික්කෙක් ගන්න ඕනෑ. මගෙ යාළුවෙක් ළඟ තියෙනවා **** 180 එකක්. ඒක හොඳයිද? පාට්ස් තියෙනවද?"


    කියා බුකියේ තත්වයක් උඩුගත කිරීම (Status update) කිරීම පමණි. ඔබ මෙය බුකියේ කියා පෑවත්, රස්සාව කරන තැන අයගෙන් ඇසුවත්, ලොතරැයි කූඩුවකින් ඇහුවත්, සාමාන්‍ය පෙලට පන්ති යන ළමයෙක්ගෙන් ඇහුවත්, සිස්සත්වෙ පාස් වෙච්චි ළමයෙක්ගෙන් ඇහුවත් ලැබෙන්නේ මේ වගේ උත්තර පමණි.


    "අපෝ ඔව්ව ගන්නෙපා. සේෆ්ටි පේල්"

    "මගෙ ළඟත් තිබුනා. ඒකෙ සීඩීයයි යුනිට්ටෙකෙං පෙට්‍රල් ලීක්වෙනවා. ජරාවක්. ලොවෙත් ගන්නෙපා"

    "ඔව්ව හදන්නෙ නාඩාර්ල එක්කහු කරන ටකරං, සැමැන්ටිං උණුකරල"

    "ඔව්වයෙ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නෙ පදින කෙනාගෙ උරිස්සට උඩිං. වංගුවක් එහෙම ගනිද්දි ගම්‍යතාවය අවස්ථිතියට සමානුපාතික නොවීමෙන් ඇතිවන අඛණ්ඩ වාතය නිසා බල ඝූර්ණයට වියුක්ත ඝර්ෂණයක් ප්‍රේරණය වීමෙන් ...................... වෙලා පෙරලෙනවා. මේ වීඩියෝ එක බලන්න"


    සියලු දෙනාගෙම නිර්දේශය වන්නේ


    "ජපන් බයික්කෙකක් ගන්න. පරණ එකක් වුනත් ඔයිට වඩා හොඳයි. කවදාවත් කැඩෙන්නෙ නෑ. එන්ජින් පාට්ස් ගෙවෙන්නෙ නෑ. කොටිම්ම ටයර් එකත් පරම්පරා දෙකකටවත් ගෙවෙන්නෙ නෑ. ඔය ඉන්දියන් ප්ලාස්ටික් පපඩං වලට වඩා පරණ ජපන් බයික්කෙක් අරං හදාගන්න එක හොඳයි."


    "ජපන් බයික් එකේ බර අදින්න පුලුවං. බලන්නකො තැපැල් නයින්ටියෙ පිටි මුට්ට දෙකක් දාගෙන ඕන කන්දක් යනව."


    මේ විදිහට ලැබෙන උපදෙස් වලින් ඔබේ මොලය කුරුවල් වී හිස කරකැවෙන ගතියක් එනවා ඇත. ජපන් නොවන සේරම බයිසිකල් යමපල්ලන් මෙන් පෙනෙන්නට පටන් ගන්නවා නම් ඔබට සාර්ථක උපදෙස් ලැබී ඇත. දැන් ඉතිං ඔබ ජපං බයිසිකල් සොයාගෙන යනවා ඇත. ඉරිදා පත්තරවල ලුහුඬු දැන්වීම් පීරමින්, අන්තර්ජාලයේ අහුකොන් අතර රිංගමින් ජපං බයිසිකල් සොයන ඔබට කොළඹට නුදුරින් තෙකලා විදුලිය, නළ ජලය, පිරිසිදු ඔප්පු, ජනප්‍රිය පාසල් අතළඟ ඇති පර්චස් දහයක ඉඩමක් ගන්නා මිලට ලැබෙන්නේ ඔබගේ ලොකුතාත්තාගේ වයසේ බෙන්ලි, රෝඩ් මාස්ටර්, තැපැල් නයින්ටි ආදියයි. කලාතුරකින් හෝ අඩු මිලට ලැබුනොත් ඒවා පොත නැති, ශතවර්ෂයක් පුරා ලයිසන් නොකළ, පිළිකන්නක දිරා යමින් පවතින හෝ මකබාස් මහත්මයෙක් විසින් අවසන් කටයුතු සිදුකළ එකක් පමණි.


    මෙවැනි අවස්ථාවක ඔබ නැවතත් පිළිසරණක් පතා ඔබගේ උපදේශකයන් සොයා යතොත් ඔබ දිරිමත් කිරීමට ඔවුන් මෙසේ කියනු ඇත.


    "හොඳ බඩු ගණං තමයි ඉතිං."

    "ආයි ඉතිං ගත්තා පැද්දා ඉතරනෙ."

    මෙන්න මෙතැනදීවත් ඔබගේ මොලේ පෑදුනොත් හොඳාය. නැත්තං ඔබ පරම්පරාවෙන් හම්බවෙන දේපලක් විකුණා හෝ අම්මා අප්පාගේ අර්ථසාධකය පැහැරගෙන හෝ රෑට හොරෙං තැඹිලි, පොල්, පුවක් ආදිය බෑමෙන් හෝ මුදල් උපයාගෙන මෙවැනි මිළ අධික එකක් ගන්නවා ඇත. එහෙමත් නැත්තං කුමක් හෝ ජපානයේ නිපදවන ලද ලංකාවට ආපසු දරහැවක් වූ යමක් අඩු මිලට ගන්නවා ඇත.


    අපිට අට ඉස්බක් පමණ දුරින් නෑයෙක් වන මාමෙක් මේ ආකාරයේ දහමංමුලාවක වැටුනු අන්දරය මේ ගැන පංකාදු නිදසුනකි. ඔහුට දිගං මාමායි කියමු. දිගං මාමා මට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල්ය. අම්මා අප්පා දෙන්නා මිය පරලොව යෑමත් අනෙක් සහෝදර සහෝදරියෝ විසින් පිටිවහල් කරනු ලැබීමත් නිසා දිගං මාමා තමුන්ගේ වැඩිමහල් සහෝදරිය සමග කුලී නිවසක ජීවත් වේ. දිගං මාමා කියවීමේ ප්‍රවීනයෙකි. බඩු තුණ්ඩුවේ, දං සීට්ටුවේ, පොතේ, පත්තරයේ පටං ඕනෑම දෙයක් ඔහු කියවයි. අහක දමන පොතක් පත්තරයක් වුවත් ගෙදර ගෙනෙයි. ඔහුගෙන් බේරී නිදැල්ලේ තියෙන්නට හැක්කේ සෙල්ලිපියක් හෝ ටැම් ලිපියක් පමණි.


    දිගං මාමා කියවා ඇති පතපොතේ සමහර කරුණු අපිටද කියයි. වොක්ස්වාගන් කාර් රථයේ චැසිය පදං කිරීමට ගංජා පුච්චා දුං අල්ලන කතාවත් මට කිව්වේ දිගං මාමාය. ඔය විදිහෙං පුදුමාකාර කාර්මික ඥානයක් ඇති දිගං මාමාට සිය අක්කණ්ඩියද සමග දළු කඩන්නට යන්නටත්, පෝර මිටි අදින්නටත්, තවත් නොයෙක් දේවල් කරන්නටත් බයිසිකලයක් ගන්නට ඕනෑ විය. දිගං මාමාගේ දැනුමැති මොලය ඉල්ලා සිටියේ ජපං බයිසිකලයකි. සාක්කුව කියාපෑවේ දහපාලොස්දාහකට වඩා දෙන්නට බැරි බවකි. ඒ අනුව දිගං මාමාගේ අතිජාත මිත්‍රයෙක් තැපැල් නයින්ටියක් සාක්කුවට සරිලන මිලකට හොයා දුන්නේ ඒ තත්වේ බයිසිකලයක් ලේසිවට හොයාගන්න අමාරු බව කියමිනි.


    ඒ බව පසක් කරමින් ගෙදර ගෙනා බයිසිකලයේ ලයිසන් ඉන්ෂුවරන්ස් තියා ලියාපදිංචි පොතවත් නැති බව දැනගන්නට ලැබුණි. ලෑලි කෑලිවල ලැකර් වලින් ලියා එල්ලා තිබූ අංක තහඩු දෙක ඇත්තද බොරුද කියා දන්නා කෙනෙක් නැත. බයිසිකලේ පොඩි අඩුවකට තියෙන්නේ එක කෑල්ලක් නැතිකම විතරය. ඒ කෑල්ල වනාහි ගියර් එකට යටින් තියෙනා එන්ජිමේ වම් පැත්ත වහන කෑල්ලය. බයිසිකලේ ඉස්ටාට් කළ විට ඒක ඇතුලේ තිබෙනා සියළු ආයිත්තම් කැරකෙන හැටි හොඳහැටි පෙනෙන්නේය. මේ කෑල්ල නැති හංදා ඒ බයිසිකලය පදින්න පුළුවන් වන්නේ රික්තකයක් තුළ පමණි. දැනටත් සතියකට වතාවක් දිගං මාමා සිය සහෝදරිය සමග ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර බයිසිකල් වැඩපොලවල් වල යන්නේ ඒ කෑල්ල හොයන්නටය. මේ කෑලි හෙවීමේ වන්දනා ගමනට දැං අවුරුදු දෙකකට වඩා වැඩිය. ඒ කෑල්ල සොයාගත් දවසක වුනත් බයිසිකලය පදින්නට වන්නේ කැලෑ පාරවල්වලය. මහපාරේ යනවා නම් පොලීසිය ඉන්නවාදැයි බැලීමට පෙරගමන් රථයකුත් උවමනාය. මේ කෑල්ල පංචිකාවත්තෙන් දවසින් හොයාගන්නට පුළුවං වනු ඇතැයි අපි කී විට දිගං මාමා කියන්නේ පංචිකාවත්තේ ඉන්නේ කාක්කන් බවත් උං දෙන්නේ ඔරිජිනල් කෑලි නොවන බවත්ය. නමුත් සැබෑ හේතුව දිගං මාමාගේ ලෝබකම බව දිගං මාමාද ඇතුළුව අපි හැම කෙනාම දන්නෙමු. තව කල්පයක් යනතුරුත් දිගං මාමා අසුවල් කෑල්ල හොයමින් ගරාජ් වන්දනාවේ යෙදෙනු ඇත්තේ


    "ජපං බයිසිකලේ ඇනෙයක් තරං ඉංදියම්බයිසිකල් වටින්නෑ"


    යන සටන්පාඨය කියමිනි.


    මේ විදිහටම අනෙක් තවත් දුක් විඳිනා බයිසිකලයක් අපේ ගමේ තිබුණි. ඒ හේමිචන්දර මාමාගේ බයිසිකලයයි.


    හේමිචන්දර මාමා පෙජෙට්ටෙකේ වැඩට ගියේ අමතරව කීයක්හරි හොයාගැනීමටය. මේසන් බාසුන්නැහැ කෙනෙකුටවත් ග්නනට බැරි තරම් පඩියක් ඒ කාලේ පෙජෙට්ටෙකේ වැඩට යාමෙන් හොයාගන්නට පුළුවන. මේ විදිහට ගොඩගහගත් සල්ලි වලින් තමුන්ගේ එකම පුත්‍රයාගේ අනාගතයට ඕනෑවන භාණ්ඩයක් හේමිචන්දර මාමා එකපාරම ගෙවා ගෙදර ගෙනාවේය. ඒ චීනෙන් ලංකාවට ගෙනැත් ලංකාවේදී නමක් හංවඩුව ගසා විකුණන මොටෝ සයිකලයකි. ඒ කාලයේදී ලංකාවට මේ විදිහට ගෙන්වූ චීන බයිසිකලයක් ඒ වර්ගයේ ජපං බයිසිකලේක මිලෙන් තුනෙන් පංගුවටත් අඩු ගණනකට විකිණුනි. මොටෝ සයිකලයක් ගෙනාවාට හේමිචන්දර මාමාට බයිසිකලයක් තබා ලාඩප්පා කෝට්ටකින් ටයර් එකක්වත් පදින්නට බැරිය. ඒ වුනාට ඒක ගෙනාවේ පුතාට බවත් පුතා ලොකු උනහම බයිසිකලේ පදිනු ඇති බවත්, දැං ඉතිං අපේ කාලෙ ඉවරවේගන යන්නෙ බවත් හේමිචන්දර මාමාගේ තීරණය විය. එතෙක් සාලේ කොනක බයිසිකලය ගාල්කර ඒ වටේට පුටුසැට්ටෙක අහුරා මාගලකින් වසා දැම්මේ ආරක්සාවටය.


    මාසෙකට හමාරකට දවසක් මේ ආරක්ෂක විධිවිධාන පැත්තකිං තියා බයිසිකලය එළියට ගනු ලැබේ. ඒ හෝදන්නටය. මිදුලේ හෙවන ඇති ගහක් යට වතුර පිරවූ බාල්දි, කොරස්, හට්ටි, ලබුකැට, ආදිය වටකරගෙන සුවඳ සබන් ගාගෙන නෑමේ අවස්ථාව එදාට බයිසිකලයට ලැබේ. බයිසිකලේ අහුමුලු අස්සේ රිංගා සිටින කරදලින්ට එදාට කොට්ට පැදුරු අකුලාගෙන බයිසිකලෙන් බැස යන්නට සිද්ද වන්නේය. බයිසිකලේ හෝදන තෙක් 'කොළු පැටියා' බලාගැනීමේ වගකීම කොල්ලාගේ අක්කලා තිදෙනාටය. දූවිලි බිංදුවක් නැතිවෙන්න නාවන ලද බයිසිකලය දොරකොඩ හුඩ්ඩෙක යට සිමෙන්ති පොලවට ගෙනත් ටයර්වල ඇති මඩ යන්නට නැවතත් හෝදනු ලැබේ. ඊළඟට හේමිචන්දර මාමා බයිසිකලය ඉස්ටාට් කරන්නේ කකුලේ යටිපල්ලත් සබන් ගා හෝදාගෙනය. යතුර නොයෙක් අතට කරකවමින් පැය ගානක් ගතවනතෙක් "හුටස් ටස්" ශබ්දය හැර වෙන යමක් නොලැබෙන බයිසිකලේ ඉස්ටාට් කිරීමේ යෙදෙන හේමිචන්දර මාමා ඒ අතරතුර තේ බීම සහ දවල්ට කෑමද සිදුකරයි. අන්තිමට බයිසිකලය ඉස්ටාට් කරගන්නා විට අහල පහල අයද වටවී හමාරය. ඉස්ටාට් වූ පසුව බයිසිකලය අවුරුද්දකට හරියන්න බිරුසන් දෙන්නේ 'කොළු පැටියා'ද බය කරවමිනි. පැය බාගයක් පමණ හොඳහැටි කෑ ගසන තෙක් බයිසිකලේ බොටුව මිරිකාගෙන අල්ලාගෙන සිටින හේමිචන්දර මාමා තවත් පැයක් පමණ බයිසිකලේ 'නිමෙන්නට' හැර නැවතත් එය පරණ පුරුදු වාසභවනටම දමා පුටු සැට්ටෙක ඒ වටේ අහුරා ආරක්ෂාව තර කරන්නේය.


    දිගං මාමාගේ බයිසිකලය පිලිකන්නේ දිරායන්නාක් මෙන්ම හේමිචන්දර මාමාගේ බයිසිකලයද අකාලයේ වයසට යන්නේය.


    නාහෙට නාහන දඩබ්බරයෙක් වන පීටර ආතලාගේ ගෙදර වසන්තද පෙජෙට්ටෙකේ ගොස් සාක්කුව සරුකර ගත්තෙකි. වසන්තටද ටේලක් ගන්න උවමනා වෙලාවේ අහල ගං හතකටම විකුණන්නට තිබුනේ එකම ටේලකි. නෑ බෑ නොකියා වසන්ත ඒ ටේලට ලංසුව තියා බයිසිකලය ගත්තේය. වසන්ත බයිසිකලය ගත්ත ගමංම සයිඩ් කන්නාඩි දෙක ගලවා අකුලකට විසිකල බව කිව්වේ එගොඩහ සෝමෙ මාමාය. ඒ දෙක අහලපහල හිටිය පිරිමි අය අහුලාගත්තේ රැවුල කපන්නට මූණ බැලීමට ගන්න හොඳ නිසාය.


    වසන්තට බයිසිකලේ උවමනා වුනේ ගමං යන්නට නොව යකා නටන්නටය. ගමේ මිනිස්සු පුබ්බයිසිකලයකින්වත් නොගිය නියරවල් දිගේ පවා වසන්ත තමුංගේ ටේලෙන් ගියේය. දොම්පෙ නැන්දා දොලේ නානවිට වසන්තයා ටේලෙන් දොලදිගේ උඩහට ආ බවත් දොම්පෙ නැන්දා දිය රෙද්ද පිටිං ගෙදර දිවූ බවත් දවසක් ආරංචි විය. අපේ පුංචම්මාගේ කඩේ ළඟ සිට පන්සලට හැරෙන තැන දක්වා පාර කෙලින් තිබෙන කොටස වසන්තගේ කෙලිබිම වූ අතර ගමේ මිනිස්සුන්ගේ මරුකට විය. විදිලි වේගෙන් යන ගමන් බයිසිකලේ මිනිස්සුන්ගේ කණ ළඟින් ඇල්ලීම වසන්තයාගේ වීරක්‍රියාවක් වූ අතර වසන්තයා බයිසිකලෙන් එනවිට පාර අයිනේ ගහකට මුවාවීම ගමේ අයගේ පුරුද්ද විය. සමහර දවස්වලට උදයංගයා, චතුරයා ඇතුළු රෑනක්ම වසන්තයාගේ ටේලට නැගී වීර චාරිකාවල නියැලුනහ. එක් දවසක් බයිසිකලේ ටැංකිය උඩ චතුරයාද, පිටිපස්සේ උදයංගයා සහ බයෙන් වෙවුලන උදයංගගේ මල්ලීද දමාගෙන කොස්සක නැගී යන බටකොල ආච්චිගේ කාර්ය මණ්ඩලය මෙන් පුංචම්මාගේ කඩේ අසලින් නික්මුණු වසන්තයාගේ ටේල නිර්භීත බලුකුක්කෙකුගේ පාර පැනීම හමුවේ ලාම්පුතෙල් පහර කෑ ගැරඬියෙක් මෙන් දෙපැත්තට වැනී ගුවංගතවී පිචොක් ගාලක් කඩාගෙන දොලට වැටුනු අතර අල්ලාගන්න තැනක් නොමැති නිසා උදයංගගේ මල්ලී එයිටත් බඹ දෙක තුනක් එහා බටගාලට ඇදවැටී තිබුණි. ඒ මාරක ගමනින් බයිසිකලය දෙකට කැඩුනු අතර ගමේ මිනිස්සුන්ට අවුරුද්ද ලැබුවාක් මෙන් විය.


    වාහන ඇත්තේ ලොකුකම් කියන්නටවත්, වත්කමක් විදිහට ගෙදර තියාගන්නටවත්, පණ නහගන්නටවත් නොවේ. වාහනයක් ගත යුත්තේ ගමන් යන්නටය. ඔබ අලුතින්ම වාහනයක් ගත්තත්, පරණ වූ වාහනයක් ගත්තත් වාහනයට උවමනා නඩත්තු නියම පිළිවෙලට කරන්නේ නම්, එයින් කරන්නට පුළුවන් සහ බැරි දේ ගැන දැනුමක් තිබේනම් වාහනය ඔබට යාදෙනවා ඇත. එවැනි වාහන වලට ආදරය කරන මිනිස්සු අත්තා මුත්තා කාලේ වාහනවලිනුත් හයිවේ එකේ යනවා දකින්නට පුළුවන.

    source http://yanhella.blogspot.com/2017/01/blog-post_17.html
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :lol::rofl:


    Praසන්னJanuary 17, 2017 at 3:48 AM

    දැං බොලා මොකටද පරණ ජපං බයිකෙයක් ගන්නැතුව ඔය ඉංදියන් ප්ලාස්ටික් පපඩමක් ගත්තෙ.



    surangamlrJanuary 17, 2017 at 5:41 AM

    මං ගත්තෙ ටැංකිය තැලිච්ච පරණ ඉංදියන් පපඩමක්. ආං ඒකයි ඒකෙ විසිස්ටත්වය.

    Reply

    ලොකු පුතාJanuary 17, 2017 at 4:18 AM

    මරු කතාව මචං...
    අවශ්‍යතාවය අනුව ගත්තත් මට වාහන යා දෙනවා අඩුයි...

    Reply


    surangamlrJanuary 17, 2017 at 5:42 AM

    ඒකට හේතුව ලොක්කයියට විවේකෙ නැතිකම. වාහනේ හදන්න දෑවහම එතන ලැගගෙන ඉන්න ඕනි. එතකොට තමයි වාහනේ හරියට හැදෙන්නෙ. නැත්තං වාහනේ මොකක් හරි ලාන්තරස් එකක් වෙනව. ඉං පස්සෙ යා දෙන්නේ ගැරිජ්ජෙකේ බුවාට.

    එල ද බ්‍රා මෙන්ඩාJanuary 17, 2017 at 6:30 PM

    අපි රා බොන්න ගිය ලොකුගේ කාර් එකට මම ආසයි

    Reply

    SDCJanuary 17, 2017 at 6:29 AM

    ඔයිට නරකද ලීසින් කොල්ල හිට ඩිමෝ බට්ටෙක් ගත්තනන්...දලු අදින්නත් ඇහැකි.. පවු ගෙවනව වගේ ගෙවන්නත් ඇහැකි..

    Reply

    DudeJanuary 17, 2017 at 6:39 AM

    සීඩීයයි යුනිට්ටෙකෙං පැස්ටෝල් වැක්කෙරෙනවනං පස්සෙ සොකැබ්සෝපර් ගිහිං ඇති ටක්කෙටම. නැතිනං ඩස්කැප්පෙකක් බුරුල් වෙලා ඇති

    Reply

    ඇණයා Nut ManJanuary 17, 2017 at 7:50 AM

    සුපිරි ලියවිල්ල; මමත් පරණ පවක් ගෙව්වා අවුරුදු 5-6ක්ම, පළාතේ ගැරේජ්කාරයෝ ඔක්කොලාම පොස්ත් කොලාට පස්සේ හිත හොඳ මල්ලියෙක් යෝජනා කළා නරකද අවුරුද්දකට ගැරේජ් වලට ගෙවන ගාන එකතු කරලා ඉන්දියන් එකක් ගත්තතොතින් කියලා, ඌ තමයි මගේ ජීවිතේටම හම්බුවුනු එකම අවංක ගැරේජ් කාරයා.

    Reply

    ගස් ලබ්බJanuary 17, 2017 at 9:57 AM

    මාස දහයක් විතර ඉඳන් දිරාර් වෙන සීටී 100 කස්ටක් ගස්ලබ්බ අහත් තියනවා.ඒ එක්කම මහින්ද මාත්තියාගෙ ඉස්කූටරයක් ඇවිත් ගමන් පහසුව සලස්සනවා.ජපං වාහන පදින්න ආසාව තිබුනට ඉංදියන් බයික්කෙකම තමයි අන්තිමට පිහිටට ඉඳල තියෙන්නෙ බලං යනකොට.. හෙහ් හෙහ්
    ජයවේවා..!!



    :lol::lol::lol::lol:
     
    Last edited: